රජවාසලේ කවටයා හෙවත් අන්දරේට ලොකු කුඩා කවුරුත් ආදෙර්ය. ඒ ඔහු හා බැඳුණු කතා අද ද ජනපි‍්‍රය හෙයිනි. අන්දරේගේ නාමය කටින් කට පතළ වූයේ කන්ද උඩරට රජවාසලේ රාජාධිරාජසිංහ රජුගේ සමීපතමයෙකු ලෙසිනි. ඔහු කවි කතා කීමෙහි, බිණීමෙහි උපන් සමතෙකි. රජු සෘජුවම උපහාසයට ලක් කළ ද, මැති ඇමැතිවරුන්ගේ මෝඩකම් හෙළා දැක්ක ද, ඔහු කෙදිනකවත් රාජ උදහසට ලක් වූයේ නම් නැත. ඒ, ඔහුගේ කතාවකින් හිත රිදවා ගත් අයෙකු වුවද, එසැණින්ම යළි හිනැස්සීමේ උපාය ඔහු දත් හෙයිනි.
අන්දරේ සිංහල නමකි. එහෙත්, ඒ නම බිඳී ආවේ පෘතුගීසි භාෂාවෙහි “ඇන්ඩෲ” යන්නෙනි. ඔහු මාතර කිරලවැල්ලේ ගුරුන්නැහැගෙවත්තේ දී උපත ලැබුවෙකි යැයි කියති.
අන්දරේ කුඩා කල පටන්ම අලසයෙකු බව කියැවේ. එහෙත්, ඔහුගේ පියා ගෙදර දී ඔහුට බුද්ධ ගජ්ජය ඉගැන්වීය. එනමුත්, එය ද ඔහු නියමාකාරව උගත්තේ නම් නැත. ඔහුගේ කවීත්වයත්, දක්ෂතාවයත් එවකට කවි කලාවන්හී ලෝලියෙකු වූ රාජාධි රාජසිංහ රජුට දැනගන්නට ලැබෙයි. ඒ හා බැඳුණු රසවත් කතාවකි.
අන්දරේ රජවාසලට කැඳවාගත් රජු තමාට මුහුණ දීමට සිදුව ඇති කරදරයක් පිළිබඳ ඔහුට කීවේය. ඒ තම නින්දට බාධා කරමින් කෑ ගසන මැඬියෙකු පිළිබඳවයි. ඊට නොවලහා ඉදිරිපත් වූ අන්දරේ, රැයක් නිදිවරමින් හිඳ මැඬියා මරා දැමුවේය. ඉන් සතුටට පත් රජු ඔහුට “සද්ද විද්ද පළඟ පතිර” යන නාමය ද ප්‍රදානය කර රජවාසලෙහි රඳවා ගත්තේය.
අපේ මතකයේ රැඳුණු රසවත් සිද්ධීන් ගණනාවකට උල්පත වූයේ එයයි. අන්දරේ හිටිවන කවියෙකි. පොතපතින් ලත් දැනුමක් නැති වුවද මුඛරිකම ඔහුට ආභරණයක් විය. අන්දරේ හුදෙක්ම විනෝදකාමී චරිතයකි. එබැවින් මඟ තොටදී දුටු රුසිරු ළඳක් ගැන ඔහු මෙසේ හිටිවන කවියක් කීවේය.
“පල ඇත්නම් වවුලොත් එල්ලෙති පේනූ
රුව ඇත්නම් අපටත් බහ දෙති ගෑනූ
දෑසින් එන කඳුළු පිස දමමින් මූණූ
ඉතින් මොට ද මේ වයසට නැති ගෑනූ”
අන්දරේ සතු වූ රසඥතාව ඉමහත්ය. පරිසරය හා බැඳුණු, රස කල්පනා ඔහුගේ කවීත්වය ඔප මට්ටම් කළේය. ඉන් සිංහල ජන සාහිත්‍යයට ද ලැබුණේ සුළුපටු මෙහෙවරක් නොවේ. ඔහුගේ කියුම් කෙරුම් අදට ද අප රසවිඳින්නේ එහෙයිනි. “අන්දරේ සීනි කෑවා වගේ”, “ හරකුන්ට සී සාන්නට එන්නට කීම”, අන්ත:පුර ස්ත්‍රීන්ට කියූ කවි” මේ සියල්ල අපේ වහරට අද ද සමීපය.
“අලුත් පිටට බෑනා ගෙදර එනකොට
මලුත් පුදා දුව කැඳවා දෙයි ළඟට
කලක් ගොසින් බෑනා පරණ වෙන කොට
බලුත් නොවටීය බෑනා නැන්දාට”
මේ ඔහු සිය නැන්දණියට කියූ කවියකි. සිය බිරියගේ වියෝවෙන් ඔහුගේ කවි සිත ශෝකයෙන් බර විය. එහෙත්, ඒ නිහඬ බව, වියෝව ඔහු දරා ගත්තේ ද කවියෙන්ම ය. කලක් නිහඬවම පසු වූ ඔහු කැඳ වූ රජු සිය මාලිගයට යාබද නිවසක් ද, නිලමේ පදවියක් ද ඔහුට ප්‍රදානය කළේය. යළිත් දෙවන විවාහයක් කරගත් ඔහු සිය පුතු ද කැටුව නිතර රජවාසලට ගිය බැව් කියැවේ.
කලක් යත්ම ඔහු රෝගාතුර විය. නැවත ගමට යා යුතු බව ඔහු තීන්දු කළේය. ඔහු රජුට පැවසුයේ තමන්ට ද රජෙකු මෙන් ගමට යා යුතු බවකි. රජු ඔහුට දෝලාවක් ද, රාජපුරුෂයන් ද, රාජ ඇඳුම් ද, ඔටුන්නක් ද ලබා දුන්නේය. සබරගමුවේ පැල්මඬුල්ල හා උඩවලව හරහා යමින් සිටි ඔහුට තද පිපාසයක් දැනිණි. තමන් රෝගාතුර වූ බවත්, තමා මේ ළඟා වන්නේ මරණය කරා බවත් ඔවුට පසක් විය. ඔහු සෙමෙන් පලු ගසක් යට හිඳ ගත්තේය. හුස්ම ගැනීමේ අපහසුතාවක් ද ඇතිවිණි. දෑත් දෙපා දෙපසට විහිදාගත් ඔහු, කවියකින්ම තම ජීවිතයේ අවසන් හුස්ම හෙළුවේය.
“රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකන් කළේ දිය නැති විය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණු මට
මෙහෙමත් කල යාද පලු වීර ගස් යට”
අන්දරේගේ මරණය රජුට ගෙන ආවේ ශෝකයකි. එහෙත්, එතැනට පැමිණි රජුට අන්දරේගේ ඉරියව්ව දැක සිනා පහළ විය. “අන්දරේ නුඹ මා හැමදා සතුටින් සැනසුවා” යැයි රජු පැවසූ බව කියැවේ. මිය ගොස් සිටි ඉරියව්වෙන්ම රාජ්‍ය ගෞරව මැදින් අන්දරේ අවසන් ගමන් ගියේය.
ඔහුගේ සොහොන උඩමලල ග්‍රාමයෙහි දී අදත් දැක ගත හැකියි. එහි ස්මාරකයක්ද වෙයි. රටක් සැනසූ, රාජසභාව සිනා රසයෙන් කුල්මත් කළ අන්දරෙද තවත් රුහුණු පුතෙකි.
නදීෂාණී පි‍්‍රයංගිකා
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
පට්ට නලීන අයියේ.... වැදගත් යමක්....හිනත් යනව අන්දරේගෙ කතා මතක් වෙද්දි...
ReplyDeleteඅපේ ඉහිහාසයේ තවත් එක් සුවිශේෂ චරිතයක්නේ අන්දරේ
Deleteඅන්දරෙත් මාර ඩයල් එකක් බෑලුවහම.මම හිතන් හිටියෙ අන්දරෙ දුප්පත් මනුස්සයෙක් කියල.බලනකොට එහෙම නෑඅනෙ.
ReplyDeleteගොඩක් ස්තුත්යි මෛ කරුනු කියල දුන්නට.
අන්දරේ දුප්පත් චරිතයක් ලෙස නොවේ රාජ සැලකිල්ල ලද චරිතයක් ලෙසයි ප්‍රකට
Deleteඅන්දරේ කියන්නේ හිතලුවක් නේද? කොහොම උනත් අනගතේ නම්, අන්දරේ සොහොන් කීපයක්ම බලාගන්න වාසනාව හිමිවෙයි.
ReplyDelete//අන්දරේ කියන්නේ හිතලුවක් නේද?//
Deleteඅපේ අම්මා ඉගෙන ගෙන තිබුනෙ මාතර නගරයෙ තිබුනු බාලිකා පාසලක. අපි පොඩි කාලෙ දවසක් ඔය අන්දරේ ගැන කියපු වෙලාවක අම්මා කිව්වා අන්දරේට තිබුනය කියන ගෞරව නාම එහෙම සහිත ඔය දිග නාමය තිබුනු ළමයෙක් අම්මලගෙ පන්තියෙ හිටියා කියල. මට මතක හැටියට නම අගට මුතුකුමාරණ කෑල්ලකුත් කිවුවා. ඒ කිව්ව හැටියට නම් එයාගෙ පරපුරේ අය තව ඉන්න ඇති.
ඔය නමනේ බං රන්ජන් රාමනායෙකටත් තියෙන්නේ , මාතේ ඇයි බං හිතලුවක් කියලා කියුවේ
Deleteරන්ජට ඇහෙන්න ඕව කියනවා නොවේ. ඌ හිතයි අපි ඌටත් අන්දරේ වගේ කියනවා කියලා.
Deleteලියන්න ගොඩක් හිතට එනව.එත් නලියගෙ බොගේ ඒව අකුරු කොරන්න බැහැ.
ReplyDeleteඅවුලක් නෑ කෙන්ජ් අයියා ලියලා දාන්න ඔන්න ඔහේ.
Deleteනවතම අන්දරේ නම් >>සින්දු කියන අලියා<<
ReplyDeleteදැන් අලියා කියන්න බැරිවෙනවා..
Deleteමේ සටහන බෙදා ගැනීම ගැන නලියටත් නදිශානිටත් ස්තූතියි..
ReplyDelete“රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකන් කළේ දිය නැති විය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණු මට
මෙහෙමත් කල යාද පලු වීර ගස් යට”
මේකනම් ඇත්ත කතාව..
ඇයි උඹ අන්දරේගේ වද පුංචි අම්මගේ පුතාද???
Deleteමේ කවිය මගේ ජීවිතේට සම්බන්ධයි.
Deleteඇයි සහන් මොකද ගැටලුව. ඔබ කුමක්දෝ හිතේ දෝමනස්සයකින් ඉන්න ආකාරයක් විටින් විට පෙනෙන්න තියනවා.
Deleteබොහොම අගෙයි. මේ වගේ එකක් කලිනුත් කියවලා තිබුනා. ඒත් මතකය අළුත් උනා. අපි යමුද නලියෝ ප්‍රසාගේ තිප්පොලටත් ගිහිල්ල අන්දරේ ගේ සොහොනත් බලන් එන්න..
ReplyDeleteවර වර බොලාට අන්දරේ කොහොම වෙතත් වෙන දේවලුත් බැලියහැකි. :D
Deleteහෙක් ...හෙක්...හෙක්...
Delete//ප්‍රසාගේ තිප්පොලටත් //
Deleteයනවානං ඉස්සෙල්ලම කඩුලු තහංචියක් කඩන්ඩ වෙනවා . අරගන යන බෝතලයක් කඩලා පාරෙම කොනදෙමළ මහත්තයට ෂොට් හත අටක් අන්නලා කඩුළු තහඃචිය කඩන්ඩ වෙනවාමයි, බොන්නැතුව ඕකගෙන් වචනයක් ගන්න එක අපේ ලොකු කෙල්ලගෙන් උම්මා එකක් ගන්න එකටත් වඩා අමාරුයි , බොරුනං අහපං මාරයාගෙන් හරි සුදීකයාගෙන් හරි.
ගොඩකවෙලින් එහාට යාගන්න වෙන්නේ නෑ.
Deleteබයවෙන්න දෙයක් නෑ අටමො, තිප්පොල ඉස්සරහම තමයි අනික් ඒවත් තියෙන්නෙ. :D
Deleteස්තුතියි දෙන්නටම.
ReplyDeleteමේ තව එකක්..
http://sancharacamerawa.blogspot.com/2013/02/tomb-of-andare.html
ස්තුතියි චන්දන. මේකත් බලන්නං
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි.
Deleteරජවාසල කවටයන් අදත් එමට සිටී. හා බොරුද?
ReplyDeleteනැතුව නැතුව , ඔයා සීයට දාහක් හරි . ඒක පැත්තකින් තියන්නකෝ , නොදන්න තැන්වල නොදන්න දේවල් ගැන දන්නවා වාගේ පොර ටොක් දෙන කට්ටිය කොච්චර ඉන්නවද.
Deleteරජ කාලෙත් හිටියා. සර්වජන ඡන්ද බලය තුළත් හිටියා මතුවටත් ඉන්නවා. රජා කවුරුවුව මේ අන්දරේලානම් නොවරදිනු ඇත.
Deleteමාත් එකපාරක් කතරගම යන ගමං ඔය පොට් එක බලන්න ගියා. ඒ දවස්වලනං යන්න හරි හමං පාරක් තිබුනෙත් නෑ.
ReplyDeleteදැනටත් නෑ සොහොන කිස්ටුව පාර අබලං
ReplyDeleteඅම ගියාද බං ලගකදි
Deleteදැන් ඒතරම්ම අවුලක් නැත දේශකයා
Deleteඒ චරිතය සදාකාලිකයි මිනිස්සු අතරේ.
ReplyDeleteඅදටත් ජීවමානයි.
Deleteඅදටත් අපි අන්දරේ ගෙ කතා රස විඳිනව නේ.
ReplyDeleteනැතුව නැතුව
Deleteඅන්දරේත් ගරු සරුවට ඉඳලා තියන පාටයි රජ වාසලේ
ReplyDeleteරජවාසල කේවට්ටයෝ කොහොමත් මූනිච්චාවට හෝ ගරු සරු විදිති.
Deleteනම දකිනකොටත් හිනා යනවා.... අමුතුම මනුස්සයෙක්... ගොඩක් වැදගත් අයියේ ..මං දන්නැති ගොඩක් දේවල් තිබ්බා
ReplyDeleteකිට්ටුයි නේද ඔයාලට මේ ඉසව්ව
Deleteවැදගත් ලිපියක් අංකල්..අන්දරේ වරකා කාපු පැත්තේ තමා මං ඉන්නේ
ReplyDeleteරූ ලා දෙන්නෙක් ඉන්නවද ...?
Deleteමේ උඩරට රුවා සහන්. අපටත් වරකා තියන්න.
Deleteහැබෑ රසවත් ලිපියක්නේ. ඇත්තටම අන්දරේ කියන්නේ ප්‍රදුමාකාර චරිතයක් කියන එක නැවතත් සිහියට ආවා. නිතර මට මේ ඉසව්වලට එන්න හැටියක් නැ. සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
ReplyDeleteඉඩ ලැබෙන හැටියට වරෙං මලයා..
Deleteඅන්දරේ ගැන අප්‍රසිද්ද වෙනත් කතා ගොඩක් තියෙනවා, මේ බ්ලොග් වල ලියන්න බැරි. මම හිතන්නේ කවුරුත් දන්නවා.
ReplyDeleteලියහං බං දැන් ඉන්න ළමයි ඔව්වා දන් නැ
Deleteසූදීක මේ කියන්නේ ඇම්ඩගේ කතා සෙට් එකවගේ කතා ටික ගැන අටං
Delete//රාජසභාව සිනා රසයෙන් කුල්මත් කළ අන්දරෙද තවත් රුහුණු පුතෙකි.//
ReplyDeleteපව් බන් උඹ.... රස්සාව වෙනුවෙන් කඩේ යන කඩේ යෑම.....
අනේ ගොනෝ උපහාසය තේරුම් ගනිං මේ ලියලා තියෙන දේ මොකක්ද කියලා.
Deleteඋඩ ඇනෝ සහෝ මං කියන්න ඕන දේ පහළ ඇනෝ කියල ගිහින්නේ.
Deleteඅන්දරේ හිතලුවක් වුනත්, හැබෑවක් වුනත් උපහාසය කියන වචනයට නියම අර්ථය දෙන්න පුළුවන් චරිතයක්, වීහිලු කාරයින් හෝ කවටයන් යනු අන්දරේ නොවේ.
ReplyDeleteඔබ හරියටම හරි ඉවාන්
Deleteමම දන්න අන්දරේ කතා ඔක්කොම මට කියා දීලා තියෙන්නේ අපේ තාත්තා.
ReplyDeleteපෘතුගීසි නම් ඇන්ඩෲ නෙවෙයි අන්ද්‍රේ.
ඔන්න ඕකනේ හෙන්රි උඹලත් එක්ක බැරි .ඉදල ඉදලා අපි පංඩිත කතාවක් කියන්ඩ එනකොට උඹලා ඒකටත් කෙලලා
Deleteපුවක් ගහට නැංගත් දෙබලක් කියන්නේ ඕකටනේ අටං.
Deleteහි හි මෙහෙත් දැන් ඉන්නවා බන් අන්දරේලා...... හැබැයි උන් ඔක්කොම ලංකාවෙන් අපු එවුන් .....
ReplyDeleteලෝකේ අනිත් දේවල් එක්ක බලද්දී අපි තවමත් අන්දරේගේ රෝල් එක තමා බං කරන්නේ.
Deleteමේ දවස්වල රුහුණු පුතෙකුත් අන්දරේ වගේ හැසිරෙනවා උඹ දැකලම නැද්ද
ReplyDeleteමට පේන විදියට රුහුණු පුතා නොවේ අන්දරේලා සෙට් එකක් අනික් පැතිවල ඉන්නවා පේනවා
Deleteඅන්දරේගේ කතා අපිට පොඩි කාලේ ඉදන්ම මුහුණට සිනාවක් එක් කලානේ.
ReplyDeleteමම ඔය කියන තැනට ගිහිල්ලනම් නෑ...
කතරගම පැත්තේ යනවනං බලන්න ට්‍රයි එකක් දෙන්න
Deleteමේ කතා නලින්, අර්ධ සත්‍ය සහිත පුරාවුර්ත වෙන්න ඉඩ තියනවා නේද? එකෙන් කාරියක් නම් නැහැ. කවදාටත් රස විඳින්න පුළුවන් කතා. මා ගාව පොඩි ළමා කතා පොතක් තියනවා අන්දරේ හා එයාගේ කතා එක්ක. එය අපේ "ඇන්ඩ්රුට" තේරෙන්නේ නැති හින්දා මා සමහර දාට නින්දට පෙර ඉංගිරිසියට පෙරලනවා. එයට ඔහු හරි කැමතියි.
ReplyDeleteඅප දන්නා කාලයේ ඒජේආර් වැනි අයත් හිටියනේ. ඉතින් ඒ කාලෙත් ඉන්න ඇති. ඒවා අතිශයෝක්තියෙන් මුඛ පරම්පරාවෙන් මේ වනවිට අපේ අතරට ඇවිත්. මොනවා වුණත් ඒ හැම කතාවක්ම උපහාසාත්මකයි රසවත් ලස්සනයි. ඔබේ ආදරණිය ඇන්ඩෘට සිංහල කතාකිරීමටත් නොහැකිද? යන්තමට හෝ හුරුකරවන්න.
Deleteමේ තැනට යන්න ඕන කියලා හිතා ගෙන ඉන්නවා..එත් තවමත් නම් බැරි උනා...ස්තුතියි නලින් ..මේ කරුණු මගේ පොඩි උන් ට කියාදෙන්න පුළුවන් මට...
ReplyDeleteට්‍රිප් එකක් යන වෙලාවක යන්න තැන මතකයේ රඳවගන්න
Deleteබොහෝම ස්තුතියි විස්තරයට.
ReplyDeleteඉස්සර රජ සභාවට අන්දරේ කෙනෙක්, දැන් දියුණුයි (රජ ඌශ්ණය ඇති හැම) සභාවකම අන්දරේලා විතරමයි.
නලින් මේ කතාව මම ලංකාවෙ ඉද්දි ලියල තිබ්බනං කතරගම ගිය වෙලේ යන්න තිබුණා.
ReplyDeleteඅන්දරේ කවටයෙක් වුනත් ඉගනගන්න දේ බොහෝ තිබුණා අදටත් එසේමයි.
ReplyDeleteගොඩක් දේවල් දැනගත්තා ඈ.. වැදගත් ලිපියක්..
ReplyDeleteපොඩි කාලෙ ඉඳන් ගොඩක් ආසාවෙන් කියවපු කතා පෙළක් තමයි අන්දරේගෙ කථා
ReplyDeleteඅර වට කරලා තියෙන්නේ සොහොන වෙන්න ඇති. ස්තුතියි ලිපියට
ReplyDelete