2013-02-22

අලි දෙදෙනෙක් අදත් විදුලි රැහැනට බිලි

හබරණට නුදුරු පුවක්පිටිය පරණ ගම්මානයේ ගොවිබිමක යොදා තිබූ සූර්ය කෝෂ මගින් ක්‍රියාකරන විදුලි රැහැනකින් විදුලිසැර වැදීමෙන් මියගිය වනඅලි දෙදෙනෙකුගේ සිරුරු ගනේවැල්පොල ගජමිතුරෝ වනජීවී කාර්යාලයේ නිළධාරීන් විසින් අද (22 ) සොයාගෙන ඇත. මෙම විදුලි රැහැන් වලට අයථා ක්‍රමයකින් අධිබලැති විදුලි සැපයුමක් ලබාදී ඇති බවට වනජීවී නිළධාරීන් සැකකරන අතර ඒ සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන කැකිරාව අධිකරණයට ඉදිරිපත්කර ඇත. 



හබරණ ගුණවර්ධන


4 comments:

  1. හදා ගන්න ඕන දේවල් අසූහාර දාහක් තියෙද්දී, ඒවා වෙනුවෙන් පත් කරගත්තු අමාත්‍යාංශ සහ NGO ඕනෑවටත් වැඩියෙන් තියෙද්දී කළ යුතු දේවල් නොකර කිසිම ඵලකට නැති දේවල් ගැන වලි ... ඔහෙ විතරක් නෙමෙයි මේ දවස්වල මෙහෙත් එහෙමයි. හේතුව ඕවා හදාගන්නයි කියලා පත්කර ගෙන තියෙන්නෙ චන්ද දිනාගන්න අවශ්‍ය බොරු සෝබනේට මිසක් ඇත්තෙන්ම වැඩක් කරන අභිප්‍රායෙන් නෙමෙයි.

    ReplyDelete
  2. අලින්ව පලවා හරින්න තියෙන අලි වැට ඇයි අලිනව මරන්නෙ ????

    ReplyDelete
  3. වන අලි මිනිස්සු මරනවා ,මිනිස්සු වන අලි මරනවා ,මේ ප්‍රශ්නයට තාම සාර්ථක විසදුමක් නැද්ද ?..

    ReplyDelete
  4. අලින්ට නම් හරිම අපල කාලයක් කාලයක් තමයි මේ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.