මේ මගේ හිතවතෙකු ගේ නිර්මාණයක්
පෑන්තුඩට මුවාවෙලා
හිතේ තියෙන
සිහින ගෙනත්
ධවල වර්ණ
පැහැති කොලේ
කුරුටු ගාලා
කුරුටු ගාලා
කවි ලියන්න මම හිතුවා...............
කොහේ තියෙන සිහිනද...
කවුරු කොහෝම මැව්වද
කෝ...කවි
මගෙ හිතින් මම ඇසුවා.....
ඈත ඉදන් අතවනලා
ඈ ... මා හට කතා කළා
කවි ලියන්න දුවලා එන්න
අතිතයේ එක් දවසක
පාළු නිසල අහසක් යට
ඇයත් මමත්
ඇවිද.. ගියා ..ඇය කියනවා
මට ලියන්න
ඇය ගැන කවි රස මවලා
කවියන් මිහිපිට හිටියලු
ගැහැනුන් ගැන කවි ලිව්වලු,
ඒ අය අද පස් යට හිද අපි දෙන්ට හිනා වේවි.....
මොනවා ගැනද කවි ලියන්නේ
කවි කොහොමද මම
ලියන්නේ
සේකර ,
රමණි ගැන
හැමදාමත් කවි ලිව්වා
ඔහු මළ පසු සොහොන් කොතේ
කවි ලියන්න ඇයට කිව්වා
ඇය දන්නෑ කවි ලියන්න
රමණි ....නෑ
සොහොන් කොතේ
කවි ලිව්වේ කිසිම දිනෙක
මම කොහෙමද කවි ලියන්නේ
දෙනො දහක් අතර ඉදන්
ඇය මා හා සිනා සුනා
ඒ සිනාව තුරුළු කරන්
කවි
ලියන්න ඇය කියනවා
කොළඹ කොටුවේ බෝ ගහ යට
දුම් දම දම
පිම්මේ දුවන වාහන අස්සේන්
එබේමින් යාචකයින්
හිනා වෙනවා
උන් කොහොමද දැන ගත්තේ
ඇය ගැන මම කවි ලියනවා..
සිනිදු සීත අතගිලි වල
සිනිදු කමට කවි ලියද්දි
යාචකයන් හිනා වෙනවා
මම කොහොමද
කවි ලියන්නේ...........

දුන්හිද අද්දරට වෙලා
හිනා වේවි අපි හිටියා
දුන්හිද අපි පසු කරගෙන පල්ලම් බැස
යන්න ගියා
ඈත සිහින කොදෙව්වකට
ඇවිද යන්න පාර දිගේ
අපි දෙන්නම ගලින් ගලට
පැන පැන විත් ....
නතර වෙලා බලා උන්නා
කන්න බොන්න විදියක් නෑ
දින දෙකින් කැවෙත් නෑ
කෑස්ස වමනය
බඩේ අමාරුව.......දැන් හොදයි
බඩගිනි පිංසිද්ධ වෙයි
කියක් හරි දිලා යන්න
මම කොහොමද කවි ලියන්නේ
.............................

පොතක් ඇතුලේ
ලියලා තිබුනා කවියන් ගැන
සුන්දරළු කවි
කොහේද
කොතනද,කොහොමද
සුන්දර වුනේ
ඒ කවි පද
කොච්චියෙන් ගමට යද්දි ටිකට්
ලියාපු කවි
ඩකස් ....ඩකස් ...
මහා සද්දෙන් ඇදි ඇදි යද්දි
ලියවුන කවි,
සුන්දරළු ඒ කවි පද
මම කොහොමද,
මම මොනවද,
මට කියද්දි,
මම දන්නා
ලග හිදිනා ඇය ගැන
කවි පද ලියන්නේ
කොච්චියෙන් කොළඹ එද්දි
අතර මගදි හැම තැකදිම
දත් තිස්දෙක එකතු කරලා
හිනා වෙලා ඉන්නා අය කටවුට් වල...............
කොච්චියේ හඩ අස්සේන්
ඩකස්...............ඩකස්
“අලියත් අද නෑ
අතකුත් අද නෑ
පිල් මාරුව
උන් හැමොම ..මෝඩවෙලා අපි හැමෝම
බඩුත් මිළයි...අහස උසට
වයිමා ඇවිත් ලගදිගියා
බඩු මිළදැන් අඩු වෙලා ලු...
හම්.......................................

කොච්චියේ හඩ අස්සෙන්
තවත් එකේක් කෑ ගහනවා
ජන්දේ හින්දා ..ජන්දේ හින්දා
අපි අහුවෙයි
අපි අහුවෙයි,
ඕව් ..ඕව්...
අපි අහුවෙලා ....ජන්දේ දෙන්නේ අපි හැමොම
ජන්දේ ගන්නේ උන් හැමෝම
ලගදි ඉදන් හිනාවෙන්නේ
අපි කොහොමද ජන්දේ දෙන්නේ,
කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල් පාට වෙලා
ඇය කියනවා මට ඇහෙනවා.........
මම කොහොමද කවි ලියනනේ
සීගිරියේ ගල මුදුණේ
සුන්දර වු පැලක් හදන්
කටු මැටි ගා පිරිමැදලා
අපිත් ඉමුකෝ තුරුල් වේලා
ගලෙන් බැහැලා අප්සරාවෝ
පවන් සලයි අපි දෙන්නට
කැටපත් පවුරේ හැම තැන
කවි ලියවී උන් හැමෝම
අපි කොහොමද
එහෙම ඉදන්නේ
කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල්පාට වෙලා,
ඇය කියනවා මට ඇහෙනවා
මම කොහොමද කවි ලියන්නේ
ඉතිහසයේ පෙර දවසක
අපි ආවළු කැලේ මැදින්
ඒ එනකොට කැලේ මැදින්
වැද්දේක් විත් උරන වේලා
මත් එක්ක අතින් පයින් කදෙන් ඇගෙන්
සවි ශක්තිය බලනා විට
ඔබේ අතේ සුරකිව තිබු අසිපත ගෙන
දුන් හින්දා
ඒ ..............වැද්දට,
මම මැරුනා...මට වැරදුනා....
ඒ මනමේ මම නොවේයිනේ
ඒ කුමරිය ඇය නොවේයිනේ
අපි දෙන්නම කොහෙද හිටියේ
ඉතිහසයේ පෙර දවසේ.....................
මම කොහොමද කවි ලියනේ
ඇය අඩනවා
ඇය කියනවා ..
““කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල් පාට වේලා,
ඇය කිනවා මට ඇහෙනවා..........
තරු එළි වැට පාර කියයි හෙට දවසට එන්න කියයි
සෙවනැලි නැති ඝණ අදුරේ
තවත් වරක්,
හද පායයි
ඉර පායයි,
කවි ලියනේ කොහොමද මම
කවි කම දැන පන අදිනවා
අතිතයක්
නැති කවිකම මා ලග
ඉද තනි රකිනවා...
ඇය..ඔහු ලග....
.........................
චන්දන ලියනාරච්ච්
සේකරගේ කවි වගේ . ලස්සන නිර්මාණයක් . ටයිප් කරද්දී යම් යම් අකුරු අඩු වැඩි වීම් තියනව . ආයේ කියවලා බලන්න
ReplyDeleteඇත්ත බින්දි අකුරුවල අවුලක් තියනවා නේන්නං. මං කිසි සංස්කරණයකට ගියේ නැ මේක.
Deleteකවියකට වඩා නිසදැසක් වගේ.. කවුරු ගැනද මේ කියන්නෙ ? මට එක එක පද පේළියට එක එක අය ගැන හිතෙනවා...
ReplyDeleteමේකට උත්තරය චන්දන ම දේවි...
Deleteචන්දන හොද අදහස් ටිකක් දීලා තියෙන්නේ ලෙසටම. මට හිතෙන්නේ අර අශෝකේ කොල්ලෙක්ට දුන්නනං ඕක ලේසියෙන්ම සුපිරි ගීතයක් කරන්න තිබුනා.. නලින් උඹ තව එකෙක්ට බ්ලොග් ඇඩික් කරන්න හදනවා වගේ පේනවා.... හෙහ්...
ReplyDeleteදේශක මේ චන්දන මට හමුවූ දක්ෂ කොල්ලෙක්. දස්කම් විවිධ පැතිවලට පැතිරිලා තියන කෙනෙක්. ජීවත් වෙන්නේ දිගාමඩුල්ලේ.එයගේ හැකියාවට අවස්ථාවක් ලබා දීම වරදක් නොවේ නේ.
Deleteඅනිවා ඒක තමා හරි දේ..
Deleteදැන් නම් මට හොයා ගන්න ඕනේ කවුද මේ චන්දන ලියනාරච්චි කියලා. ..
ReplyDeleteඔන්න නියම චන්දන පහළ ඉන්නවා ළිහිණියෝ
Deleteලස්සන නිර්මාණයක්. චන්දන කියන්නේ ඔබේ බුකියේ සිටින මිතුරාද??
ReplyDeleteබුකියෙත් ඉන්නවා තමා...
Deleteඇත්තටම කවියට සිතුවිලි උපදින්නේ කලාතුරකින් කෙනෙක්ට.ඒ හිමිකම මට නැති නිසා,මුලින්ම එය පිහිටා ඇති අයට මම ගරු කරමි,අගය කරමි.ඇත්තටම සටහනක් වගේ නෙමෙයි කවියක,නිසදැසක අමුතුම හැඩයක් ලස්සන තියෙනවා.
ReplyDeleteඔබත් උත්සාහයක් ගන්න ගයනී බැරි වෙන එකක් නෑ...
Deleteසමාවෙන්න දන්නේ නැති නිසා අහන්නේ මේ චන්දන ලියනාරච්චි කියන ගායකයාද නැත්තනම් වෙන
ReplyDeleteකෙනෙක්ද ?
නෑ නෑ මේ එයා නොවෙයි..
Deleteකවියත් මරු.
ReplyDeleteනලියගෙ වැඩේ ඊටත් මරු.
අර අත් දෙකේ පින්තූරෙත් මරු බං.
ස්තුතියි ඩූඩ්
Deleteමේක කවියක් නෙමෙයි නිසදැසක් නේද...... මොක වුනත් ලස්සනයි.... මම නම් රස වින්දා........
ReplyDeleteඑහෙම නං මේ කමෙන්ටුව නිර්මාණකරුට සතුටක් ගෙන දෙයි..
Deleteහොඳ නිර්මණයක්. ටිකක් කෙටි වුනා නම් මම තවත් කැමතියි!!!
ReplyDeleteඔබත් නව පරපුරේ පේරාදෙණි කවියෙක්නේ. මටත් වඩා හොදට කවි ගැන දන්න කෙනෙක්නේ... මේ සටහන චන්දනට වටීවි.
Deleteමං මේ බැලුවේ මේකට මොකක්ද දාන්න ඕනා කමෙන්ට් එක කියලා...
ReplyDeleteඅර බුකියේ ඇන්ද වගේ චිත්රයක් ඇන්දනම් හරිනේ
Deleteසීතල වු අහස් ගැබේන් මතුවෙන
ReplyDeleteහිරු මට කියනවා ....
ජිවිතයේ සුන්දර බව මේ සසරේදි
ලැබෙනවාලු....
පිංකර ඇති මිනිසුන් මැද
කවි කම මට ලැබෙනවාලු...
සතුට අරන් එන සුවදට
තුරුළු වෙලා මට ඉන්නලු
ගොරවන මහ අකුණු අතර
නොසැලි මට ඉන්න වෙයිලු,
වෙහෙස වෙච්ච සීත් යායක්
මේ දිවියෙදි හමු වෙනවලු
ඒ සිත්වල දැවෙන තැවෙන
සිතුවිලි ටික මට ගන්නලු
දෙවියෙක් නැතිනම්
මිහිපිට කවියෙක් වී මට ඉන්නලු....................
LASSANAI
Deleteහරිම ලස්සනයි චන්දන. අකුරු අඩුපාඩු ටික හදාගන්න නලින් මල්ලි. චන්දනගෙ හැකියාව අගය කරනවා. නලීන් ඔබටත් තුති ඔහුට දිරි දීම ගැන.
Deleteමට ලියන්න ඉඩක් දෙන මගේ හිත කියවන්න ඉඩක් දෙන නලින් මහත්තයා ගත්ත උත්සහයට ස්තුති. පත්තරකාරයෙක් වෙනකොට පාර පෙන්නුව මුල්ම ගුරුවරයා ගැන මම කියන්න ඕනැ, මම දිනමිණට එනකොට පුවත් පත් සමාජයේ සැරිසරන්න කියලා දිපු ගුරුවරයා තමයි මේ , ඒක නිසා මට නලින් මහත්තයා ගුරුවරයෙක් ....... මේ නිර්මාණය විදින්න පුළුවන් නම් එකට ලැබෙන ප්රතිචාර තුල මම තවත් දිරිමත් වෙනවා...ඒ ප්රතිචාර දුන්න හැමෝටම ස්තුති ....මම චන්දන ලියනආරච්ච්
ReplyDeleteචන්දනගේ සිතිවිලි පද වලට පෙරෙළෙද්දී හරිම අපූරුයි.. ඉදිරියේදීත් මේ වගේ අපූරු නිර්මාණ අපි බලාපොරොත්තු වෙනවා...
Deleteමේ වගේ පද පේළි හිතට එන්නෙ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ; හරිම සුන්දරයි චන්දන. සුබ පැතුම්!
Deleteස්තුති අගෙකරාට අක්කේ
Deleteතවත් සේකරයන් කෙනෙක්ද.....??? ඇත්තටම රැවටුනා.....
Deleteඑළකිරි.. මේ නලින් ගොයියා බොට අනිවා බ්ලොග් රෝගයත් දෙනවා...
Deleteමම කැමතියි මේ කවියට..හරි අගෙයි..
Deleteඒයි දේශකයා ඊරිසියා කරන්න එප බං අහින්සක කොල්ලන්ට
Deleteහැක්.. හැක්... බොරුවට බං. උඹ ඉතිං අවංකව බැලුවොත් වදින්න ඕන බුවෙක් තමා... අපි බැන්නට...
Deleteකවි ටිකත් නියමයි. තව කෙනෙකුට අවස්ථාව දීලා නලින් අයියා මේ කරන වැඩෙත් නියමයි.
ReplyDeleteමෙන්න තවත් චන්දන කෙනෙක්..... ස්තුතියි මලයා...
Deleteඅපූරු වැඩක් නලින්.
ReplyDeleteසේකරගේ නිසදැස් වල එක ආරයක්.කියවනකොට එහෙමයි හිතුනේ. තව ටිකක් edit උනානම් නියමයි.
ඇත්තටම මම මෙය සංස්කරණයකට ලක්කළේ නෑ...
Deleteමට නම් කවි සිතුවිලි පහල වෙන්නේ නෑ. නමුත් නලීන් අයියටනම් ෆට්ටෙට කවි ගොතන්න පුලුවන් නේද?
ReplyDeleteලස්සන කවියක්. මට නම් කවි ලියන්න බෑ.
ReplyDeleteරසවිඳින එක විතරයි කරන්න පුලුවන්
ඇත්තටම ලස්සනයි... සුභ පැතුම්.. චන්දන ලියනාරච්චි ගැන දැනගන්න තියෙනවනම් සතුටුයි..
ReplyDeleteඅදුර ගන්න කැමති දිගාමඩුල්ලේ මම ජිවත් වෙන්නේ පත්තරෙට ලියන එක රැකියාව
Deleteසේකර තාම අපි එක්ක ඉන්නවා කියලා හිතුනා...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමට සේකර වෙන්න බැරි වෙයි නමුත් ඒ ආරට මගේ හිත හිලැයි.උත්සහ කරනවා තවත් ඔබලාව රසවත් කරන්න.
Deleteආරේ විතරයි ගත යුත්තේ අදහස් නවමු වීම තමා විය යුත්තේ.. ජය වේවා.. (අඩේ මං මේකට දෙපාරක් ජය වේවා කිව්වා.. කියන්නම එපායැ මං ජෙනරල් නෙමේ හොදේ)
Deleteලස්සනයි...තව තවත් ලියන්න ශක්තිය නොමදව ලැබේවා !
ReplyDeleteතවත් ලියනවා ස්තුති අශිර්වාදයට
Deleteදිග කවියක්.
ReplyDeleteපිංතුරත් මරු
දිගා.........................යි.ඒත් පට්ටා................යි.
ReplyDeleteස්තුති........ඔයාල් කියන හැම දෙයකින්ම මම තවත් නිරිමාණශිලි වෙනවා
Deleteහ්ම් ඉතාම අපූරුයි කියලා තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. චන්දන ඔබ වගේම ,නලින් ඔබත්.
ReplyDeleteස්තුතියි නලින් මේ බෙදාගැනීමට..
ReplyDeleteසේකරගේ ශෛලිය තියනවා මේ පද වැලෙත්..දිගටම ලියන්න චන්දන..
පද පේලි බෙදීම ගැන තව ටිකක් අවධානය යොමු කරන්න..
චන්දන කිව යුතුමයි... ප්රතිචාරයකින් ගන්න ඕන දේ ගන්න. ඊට එහා හිතන්න එපා.. ඒ කිව්වේ ඔබේ කවි ලිවීම සුපිරිමයි කියල කිව්වට (ඒක එහෙම උනත් විස්වාස කරන්න එපා). තේරුනාද මන්ද.. තව තව ලියන්න හොද හොද විදියට බලල.. මාත් ආසයි හොදයි කියනවට. ඒත් ඒකෙන් වැරදි හොයාගන්න බැරිව මත් වෙන්වා... හිකිස්.. තරහට නෙමෙයි අරිය.... ඔන්න ඔය නලිනය කියාවි මේ පදුරු දේශකයා මොන වගේ පිස්සෙක්ද කියලා...
ReplyDeleteස්තුති යමක් මම වෙනුවෙනු කිවවුට අගය කරනවා. මේ හැම දෙයක්ම මගේ ගමනට ඔයාලා ශක්තියක් දේශකයා මාත් එක්ක ඉන්න එක මට හයියක් ගග හරවන්න හොද පැත්තට සරු කරවන්න නම් මේ පොළොව ගලනවා ඒ දිසාව බලා
Deleteචන්දන අයියාගේ නිර්මාණශීලි උත්සාහය වගේම බෙදා හදාගත් නලින් අයියාගේ අරමුණත් සාර්ථකයි කියල මට හිතෙනවා.. දිගටම නිර්මාණ කරන්න...අපි අතර රැඳෙන්න....
ReplyDeleteඉර සේවය ඉවර වෙලා
ReplyDeleteඉර පැමිණෙයි ඔබව සොයා
සඳ සාවුන් සමගින් සඳ
එනවාමයි ඔබව සොයා
එහෙම ඇවිත් ඔබ ළඟ ඉඳ
ඔවුන් කියයි මේලෙසටම
චන්දන ..මා ගැන කවියක්
ලියනු මැනවි
මා මලපසු සොහොන් කොතේ නොව
ජිවත් වන මගේ හද තුල
එවිට ඔබේ කවිවැල් මට
ලබාදේවි ලොකු සතුටක්.
This comment has been removed by a blog administrator.
Deleteමේ කමෙන්ටුව මෙතැනින් කියවන්න
Deleteලස්සනයි...තව තවත් ලියන්න ශක්තිය නොමදව ලැබේවා !
Delete