2013-01-07

මි ගස් ජාවාරම් කරු අත්අඩංගුවේ


අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දේවාලහිද මී ගහ පල්ලම මී ගස් අරේ මී ගස් තුනක් කැපු පුද්ගලයෙකු අම්පාර වන සංරක්ෂන දෙපාර්තමේන්තුව මගින්( 6) දහවල් අත් අඩංගුවට ගන්නා ලදි.




මෙම පුද්ගලයා විසින් එක් ගසක් ඉරා විකුණා ඇත.දෙවාලහිද ග්‍රාම සේවා නිළධාරි සුසිල් රාජපක්ෂ මහතාට ලැබුන තොරතුරක් මත වන සංරක්ෂන නිළධාරින් හට මේ බව දැනුම් දිමෙන් පසුව මෙම දැව තොගය අත් අඩංගුවට ගැනිම හැකි වී ඇත.
මෙම මී දැව තොගයේ වටිනා කම රුපියල් ලක්ෂ පහක් පමන වන බව වන සංරක්ෂන නිළධාරින් ප්‍රකාශ කර සිටි .පුද්ගලයා (7) අම්පාර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
--------------------------------------------------------------------------------------------
චන්දන ලියනආරච්ච්

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.