2012-12-26

සිරිපා සමය අරඔමින් ප්‍රතිමා වඩමවයි


සිරිපා වන්දනා වාරය හෙට(27) ආරම්භ කෙරේ. සිරිපා වන්දනාව ආරම්භ කිරීම සඳහා සධාතුක කරඩුව සමන් දෙවි පිළිරුව සහ දේවාභරණ රැගත් පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහාවිහාරයෙන් අද (26) පිටත් විය.


ශ්‍රි පාදස්ථානාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනයෙන් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් සිදු කරමින් ඊයේ සමන් දෙවි පිළිරුව වැඩම කරවන ලදී.






සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහිපාල හේරත්, ඇමැති ඩබ්ලිව්.ඩි.ජේ සෙනෙවිරත්න පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

සිරිපතුල සදුන් දියෙන් දොහොවා ප්‍රථම බුද්ධ පුජාව සිදු කිරිමට නියමිතය. උඩමළුවට වැඩම කරන කොත් වහන්සේ පැළදවීම හා දොළොස් මහේ පහන දැල්විමද අද දින සිදු කෙරේ‍.
----------------------------------------------------------------------------------------
ලසන්ත නිරෝෂණ සහ චන්දන ජයවීර

8 comments:

  1. හෙට ඉදන් ආයෙත් සිරිපා සමය..

    ReplyDelete
  2. මට තාමත් යන්න බැරි උනානෙ..

    ReplyDelete
  3. මටත් තාම යන්න බැරි වුනානේ..මම ඉපදෙන්න ඉන්නවා තියලා අපේ අම්මා දන්නෙ නැතුව සරි පාදේ ගිහින්ලලු..

    ReplyDelete
  4. මම නම් එකම එක වතාවක් සිරිපා කරුනාකර තියෙනවා.. ඒ පින හොදටම ඇති.

    ReplyDelete
  5. හොයාගත්ත දිවා ගුහාවට මක්ක වුනාද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන තාම වාද විවාද කරනවා කට්ටිය

      Delete
  6. මාත් තාම ගිහින් නෑනේ...ලබන අවුරුද්දේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා.බලමුකෝ.....

    ReplyDelete
    Replies
    1. එහෙම නම් මේ වාරේ යමු සමනළියේ

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.