2012-12-27

18 වංගුව මාර්ගය ගමනා ගමන කටයුතු සදහා යලි විවෘත කෙරේ



 තාවකාලිකව වසා තිබු 18 වංගුව මාර්ගය අද (27) දින උදැසන සිට යළි මගි ප්‍රවාහනය සහ ගමනා ගමන කටයුතු සදහා විවෘත කර ඇත.








පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් A26 මහියංගන මහනුවර 18 වංගුව මාර්ගය පස් කදු නාය ගොස් මාර්ගය අවහිර වීමෙන් ගමනා ගමනය සදහා මාර්ගය තාවකාලිකව සතියකට වැඩි කාල සිමාවක්  වසා තිබිනි.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරී මහතුන් හා සේවක මණ්ඩලය මැදිහත් වී මේ වන විටත් මාර්ග අවහිර වී ඇති පස් කදු හා ගල් ඉවත් කරමින් සිටී.
 ----------------------------------------------------------------------------------------------------------------
                                   එච් එම් ආර් කරුණාවීර                 


1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.