2012-12-02

සිරිපා හිමේ ඉන්දුනීසියන් කරුවන්ගේ සුවඳ ජාවරමක්

වල්ලාහපට්ටා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික වූ වටිනා ශාකයකි. මේ ශාකය වැවෙන්නේ සිරිපා රක්ෂිත ප්‍රදේශයේයි. මම ශාකයේ කොටස් මගින් ලබා ගන්නා තෙල් මගින් ඉතා වටිනා සුවද විලවුන් වර්ගයක් නිපදවෙයි. එහි මිල බොහෝ ඉහළය. අද අලුයම වල්ලාහපට්ටා කිලෝ සියයක් පටවා ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් නෝර්ටන් බ්‍රිජ් හිදි පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙහි වටිනා කම රු. ලක්ෂ ගණනකි.





ඒ සමගම ඉන්දුනීසියන් ජාතිකයෙක් හා ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. 
මොවුන් මේ ශාක කොටස් මගින් මෙරට දී තෙල් නිශ්පාදනය කොට එම තෙල් ඉන්දුනිසියාවට යවන්නට කටයුතු යොදා තිබුණේ යැයි පොලිසිය හෙළිකරගෙන ඇත.සිරිපා රක්ෂිතයේ සිදු වූ මහ පරිමාන ජාවාරමක් අද මෙසේ හෙළිදරව් කර ගන්නට පොලිසිය සමත්විය. පහත දැක්වෙන්නේ එම සිද්ධියේ දසුන් කිපයකි.






-------------------------------------------------------------------------------
Ranjith rajapaksha - රන්ජිත් රාජපක්ෂ

3 comments:

  1. ලංකාවෙ උමුත් ඒත් එක්ක ඉඳලද?.. ජාතිය විකුණගෙන කන හිඟන්නු..!!!

    ReplyDelete
  2. අනිවා, මේකට නම් දේශපාලනේ කරන උන් සම්බන්ඳ නෑ..
    (සම්බන්ධ උනා නම් ඔහොම අහු වෙන්නෙ නෑ_හික්ස්)

    ReplyDelete
  3. මුන්ට ගහන්න ඕන අග ඉඳන් පට්ට.
    Visit Hatharavaram

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.