2017-10-24

The tomb of Adam and Eve's ආදම් සහ ඊවා සොහොන සොයා ගමනක්

ලංකාවේ තියන අද්භූත ස්ථාන අතරින් එකක් සේ සැලකෙන ආදම් සහ ඊවාගේ සොහොන් කොත් ගැනයි අද මේ වීඩියෝව.
මෙහි සත්‍ය තාව ගැන ගැටලු අපට ඇතත් අදටත් එම ස්ථානය හදුන්වන්නේ මේ නමින්.
තලේමන්නාරමේ මැද කොටසේ මේ සොහොන් දෙක එකිනෙකට සමාන්තරව පිහිටා තියනවා. 
ලොව දිගම සොහොන් දෙක ලෙසට අදටත් වාර්තා පොත් අතර රැඳිලා තියෙන්නේ මේ සොහොන් දෙක. 
මේ බිම මුස්ලිම් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවන තැනක් හැටියට පැවතුණත් සංචාරකයන් මේ ස්මාරක දෙක නරඹන්න යනවා.
ආදම්ගේ පාළම සේ සැලකෙන ඉන්දියාවේ දනුෂ්කොඩි හා තලේමන්නාරම අතර තීරයට ආසන්නවයි මේ සොහොන් දෙක පිහිටලා තියෙන්නේ. 

7 comments:

  1. ජීවහත්ත - දිසාලා , ජාලිය - ක්‍රිෂ්ණජිලා වගේම ආදම් හා ඊවා ද මෙරට අතීතයේ වැදගත් චරිත දෙකකි. කෙසේ වෙතත් මෙරට ඇති දහසකුත් පුරාවිද්‍යා ස්මාරක වලින් මෙම ස්ථානය ද සුවෙශේෂි වේ.
    විචරක දියණිය

    ReplyDelete
    Replies
    1. පුදුමයි [අ] විචාරක ගැන ගාව නොගෙන කොමන්ට් කරලා අප්පාගේ නම නොදා ගොඩ ඒමක් නෑ මෙයාට

      Delete
  2. නලින් මිථ්‍යාවක් බිඳල තියෙනවා :). "මැරුණම කාටත් ලැබෙන්නේ අඩි හයයි" කියන එක. කලින්ම ආපු අයට එයත් වැඩියෙන් ලැබිල තියෙනවා.

    ReplyDelete
  3. මේ අර ඇපල් ගෙඩිය කාපු ආදම් ද? එයාල හිටියේ ලංකාවේද? ඒ කතාව මට එච්චර මතකයක් නෑ

    ReplyDelete
  4. This is a fascinating insight into the history and significance of these ancient tombs.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.