2015-09-07

හුදකලාව


තුන් මසකුත් ගෙවී ගියා
සේයාරුව ගූගල් වෙතිනි
ටිකිරි සිනා හඬ
දෙසවන තුළ හිතලුවක්ය, 

කාලය යයි ඉගිල ඉගිල
රුවවත් නෑ
නෙත ගැටුණේ,

පෙර කල අකුසල් මහිමය
කියා හිතට ගෙන සැනසුම
සුසුම් සමග අද තනියම
දැස් කෙවෙණි වී තෙතමන.......

සිටින තැනක වි සතුටින
ඉන්නවනං එයයි සැපත
සීමා මායිම් කුමටද?
දවසක වැටහේවි ඔබට....


15 comments:

  1. කියවාගෙන යනවිට හිත බර වන්නාක් මෙන් දැනින.

    ReplyDelete
  2. නිදහස් කුරුල්ලෙකුගේ වගතුග.. හැක්..

    ReplyDelete
  3. පින්තූරය පද වැල් වල අදහස තවත් තීව්‍ර කරලා වගේ දැනුනේ..

    ReplyDelete
    Replies
    1. අර පින්තුරෙ හිස්තැන තමා පබැඳුමේ අරුත

      Delete
  4. දුක තැවරුණ කවියක්..
    මංද මක්ක කියන්නද කියල

    ReplyDelete
  5. දුක දන්නේ වෙන කවුද?........ තරම්..

    ReplyDelete
  6. ෆොටෝවේ හිස්තැන ?????????????????????????????????????????????????

    ReplyDelete
  7. මේ කියන්නේ අකාලයේ දිවියෙන් සමුගත්ත උඹේ හිතවතෙක් ගැනද?

    අනිත් ප්‍රශ්ණය, ඇයි මේ බ්ලොග් එකේ සම්පාදනය නලීන් දිල්රුක්ෂ කියලා තියෙන්නේ. ඇයි ලිව්වේ නලීන් දිල්රුක්ෂ කියලා නොදාන්නේ මේක උඹේ බ්ලොග නම්?

    ReplyDelete
  8. හිස්තැන තමා ප්‍රශ්නය. ඒත් එහෙනම් ඇයි ටිකිරි සිනා හඬ හිතළුවක් වෙන්නෙ?

    ReplyDelete
  9. ??...................?..?...?.......?????........?

    ReplyDelete
  10. හිතට දැනුනු පද පෙලක්. අද්දැකීමකට අනුව ලියැවුනු කවියකැයි සිතේ.
    ජය වේවා නලියයියෙ

    ReplyDelete
  11. එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
    මත වුනත් අමිල සතුටකී.................

    එහෙම නේද?

    ReplyDelete
  12. අඩේ කවිය පට්ට.... අපි ඉතින් මේවට උඩින් ම සපෝට්නේ... ජයවේවා

    ReplyDelete
  13. දිනක හිරු බස යන වෙලාවක
    සයුරු වෙරළක "හුදකලාවක"
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.