අත්දැකීම් නැති, ජීවන දෘෂ්ටියක් නැති, දේශපාලනයක් හෝ කලාවක් හෝ නොදන්නා ගැහැනු පිරිසක් සිංහල නවකතාවට කඩා වැදී එම කලාව නාස්ති කරති. ඔව්හු ඇස්, කකුල්, ඇඟිලි ආදිය තේමාකොට නවකතා ලියති. ඔවුන් ඊළඟට අක්මාව, පිලාව, වකුගඩු ආදී අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ගැන ද පොත් ලියනු ඇත. ඊටත් පසු සාරි කටු, හැට්ට කටු, කොණ්ඩ කටු ආදිය ගැන ද පොත් ලියනු ඇත. අනේ අපොයි! සිංහල නවකතාවට වෙච්ච දෙයක්!
දේශපාලන විඥානයක්, ජීවන දෘෂ්ටියක් හා කතා කලාව පිළිබඳ පරිචයක් නැති අය නවකතා ලියන්නට ගත් කල; එම කලාව පිරිහෙයි. එහි ප්‍රමිතිය බිඳ වැටෙයි. පාඨකයා නන්නත්තාර වෙයි. බටහිර සාහිත්‍යයේ ප්‍රමුඛ ගද්‍ය නිර්මාණ විශේෂය වූ නවකතාවේ මූලික ආධ්‍යාශ දෙකක් පවතී. පළමුවන්න පාඨකයාගේ වින්දනයට අදාළ විස්මිත කතා වස්තු ගොඩනැඟීම ය. දෙවැන්න පාඨක සමාජය නො දන්නා ජීවන යථාර්ථ හෙළිදරව් කරමින් ඔවුන්ගේ ජීවිත පරිඥානය පුළුල් කිරීම ය. මේ දෙකෙන් එකක් හෝ ඉටු නො වන කල ඒවා නවකතා ගණයට නො වැටේ.
රසවින්දනය ඇති කිරීම, හා ජීවිත පරිඥානය ලබාදීම පහසු කාර්යයක් නො වේ. පළමුව කතුවරයා ඒ සඳහා සුදුසුකම් ලබාගත යුතුය. ජීවිතය ගැනත්, සමාජය ගැනත් මෙලෝ හසරක් නො දන්නා මෝඩ ස්ත්‍රීනට නව ප්‍රබන්ධ ගෙතිය හැකි නො වේ. සමාජයට වැඩදායක නවකතාවක් ලියන තැනැත්තා පළමුව කලාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය වැනි විෂයයන් හදාරා දැනුමක් එකතු කර ගත යුතු ය. දෙවනුව සිද්ධි ගළපා කතා වස්තුවක් ගොඩනැඟිය යුතු ය. තෙවනුව චරිත අධ්‍යයනය කරමින් තමන්ගේ අත්දැකීම් ප්‍රති-නිර්මාණය කළ යුතු ය. ඒ කිසිවක් නො කොට හිතට නැඟෙන බහුභූත සියල්ල නවකතා ලෙසින් එළියට දැමීම බලවත් අපරාධයෙකි.
තොත්ත බබෙකු විසින් ලියන ලද “උක්කුං” කතාවක් කියවන්නට ලැබිණි. එම පොත “ඇස්” ලෙසින් නම් කර ඇත. කතුවරිය තාරකා වාසලමුදලිආරච්චි යැයි දක්වා ඇත. ඇයට තොත්ත බබා යැයි කියනුයේ මනුෂ්‍ය ජීවිත ගැන ශත පහක අවබෝධයක් නැති බැවිනි. “මොන්ටිසෝරි” යන ළමයින් ජීවිතය ගැන මීට වඩා ගැඹුරින් සිතනු ඇත. ඇගේ කතාව උක්කුං කතාවක් වන්නේ නවකතාවක දක්නට ලැබෙන කිසිදු ශිල්ප-ධර්මයක් එහි නැති බැවිනි. එය අමු බේගල්වලින් ද, කුණුහරුපවලින් ද පිරී පවතී. කතාරසයක් ඉන් මතු නො වේ. ජීවිතයට වැද්ද ගත යුතු කිසිවක් ද එහි නැත.
මෙබඳු ජරා පොත් ගැන සටහන් තැබීම සඳහා පුවත්පතක ඉඩ නාස්ති කිරීම තවත් අපරාධයෙකි. එහෙත් එම අපරාධය සිදු කළ යුත්තේ සිංහල පාඨකයා මේ මඩ ගොහොරුවෙන් බේරාගැනීම සඳහා ය. මේ පොතේ පිට කවරයෙහි එන ආකර්ෂණීය පින්තූරවලට පාඨකයා රැවටීමට පුළුවන. රැවටී මිලක් ගෙවා මේ පොත ගන්නට පුළුවන. එහෙත් එහි ඇතුළ හිස් ය. කඩදාසි, තීන්ත පමණක් නො ව මිනිස් ශ්‍රමය ද අපතේ යවා සිදු කර ඇති මේ බොරුව සිංහල නවකතාවට කරන ලද අපහාසයක් සේ හැඳින්විය හැකි ය.
කිංකිණි නම් රූපවාහිනී ශිල්පිනියක හා “ජේ” නම් අමෙරිකන්කාරයකු අතර ගොඩනැඟෙන පැණි බේරෙන ආදර කතාවක් මේ පොත පුරා ම එයි. කිංකිණි දරුවන් ඇති මවකි. ඇගේ වෘත්තිය ප්‍රවෘත්ති නිවේදිකා හෝ වැඩසටහන් නිෂ්පාදිකා විය හැකි ය. ජේ නම් අමෙරිකන්කාරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පරිසරය පිළිබඳ ව්‍යාපෘතියක් නිමා කිරීමට ය. එහෙත් මේ කිසිවක් හරියට සිදු වන්නේ නැත. දිගින්-දිගට ම විස්තර කෙරෙන්නේ කිංකිණිගේ හා ජේගේ පැණි හැළියයි.
“you are so beautiful honey”
ජේ කිංකිණිට හෙමින් කිව්වා
“I love my American honey”
කිංකිණි එහෙම කියල ඇස්වලින් හිනාවුණා.
(පිටුව - 155)
මේ කතුවරිය ලැජ්ජාව, භය, ජුගුප්සාව ආදී හැඟීම් නො දැනෙන කෙනකු ලෙස ද, දරුවන් වදා ඇති’මුත් දාරක ප්‍රේමයක් නො දන්නා කෙනකු ලෙස ද අපට හැඟී යයි. කතුවරිය සිටිනුයේ එක්තරා හීනයක ය. ඒ සිහිනයේ කුමාරයා අඩි හයක් උස නිල් ඇස් ඇති යෝධ අමෙරිකන්කාරයෙකි. මේ යෝධ මිනිසා සමඟ තොදොල් වීමත්, යහන්ගත වීමත් හැර වෙනත් අභිප්‍රායයක් ගැහැනියට නැත. බලාගෙන යන විට එය මානසික රෝගයකි. පොත කියවන සියලු ගැහැනුන්ට මේ රෝගය වැළඳුණහොත්; එතැනින් ම ශ්‍රී ලංකාව ඉවර වනු ඇත.
ඇතැම් විට මෙය විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නට ද පුළුවන. කිංකිණි නම් කාලකන්නි ගැහැනිය අපේ සමාජ හර පද්ධතියට ගරහයි. පවුල් සංස්ථාව බිඳ ගනියි. තම දරුවා ලවා හොර මිනිහාට තාත්තා කියවයි.
“අත්තම්මේ...”
සනීප පුටුවෙ හෙමි - හෙමිහිට පැද්දෙන
අතරෙ රෝස පෙත්තා අත්තම්මා දිහා බැලුවා.
“මං එයාට ගොඩාක් ආදරෙයි”
“කාට ද?”
අත්තම්මා නොදන්නා තාලෙන් ඇහුවා.
“ජේ තාත්තිට”
ඔයා එයාට අලුත් නමකුත් දුන්න ද?”
රෝස පෙත්තා හුරතලේට හිනාවුණා.
“ඒ නම ලස්සනයි. එයා ඔයාට ගොඩාක් ආදරේ වේවි...”
අත්තම්මාත් ඇස්වලින් හිනා වුණා.
(211 – 212 පිටු)
මේ නවකතාවේ එන මිනිසුන්ට හා ගැහැනුන්ට කටවල් නැත. ඔව්හු ඇස්වලින් ම සිනා සෙති. ඇස්වලින් ම කතා කරති. ඇස්වලින් ම පෙම් කරති. නාකි අත්තම්මා පවා ඇස්වලින් ම සිනාසෙනු දකින්නට ලැබේ. මේ නිරූපණවලින් පෙනී යන්නේ කතුවරිය පෙළන මානසික ව්‍යාධිය මිස අන් දෙයක් නො වේ.
“ඇස්” නමැති මේ පොත බලවත් සමාජ හානි හතරක් සිදු කරයි.
(I) පවුල් සංස්ථාවේ හරය විනාශ කරයි.
(II) දරුවන් නොමඟ යවයි. අත්තම්මලා නොමඟ යවයි.
(III) භාෂාව ඉතා නරක ලෙස විකෘති කරයි. විනාශ කරයි.
(IV) ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ගැන බොරු කප්පරක් වපුරයි.
ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ පවුල යන සංකල්පයට විශාල බරක් තිබේ. එය සැමියා - බිරිය, දරුවන් යන සාමාජිකයන්ගේ බැඳීම්වලින් ද ඉන් ඔබ්බෙහි සිටින ඥාති පරපුරෙහි බැඳීම්වලින් ද ශක්තිමත් ය. ආක්‍රමණිකයකුට එම ඒකකය වෙත පහසුවෙන් කඩාවැදිය නො හැකි ය. පවුලේ බැඳීම් පහසුවෙන් - ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නො හැකි ය. කතුවරිය කිංකිණිගේ නිත්‍යානුකූල සැමියා පොන්නයකු බවට පත්කර තිබේ. අත්තම්මා කෘත්‍රීම තැනැත්තියක බවට ද, දරුවා මෝඩයකු බවට ද පත් කර තිබේ.
අප්‍රිකානු කතා කලාවේ නූතන පුරෝගාමියා ලෙස ගෞරවයට පාත්‍රවන්නේ චිනුවා අචෙබේ ය. ඔහු වරක් කියා ඇත්තේ ස්වකීය සංස්කෘතියට, භාෂාවට හා හර පද්ධතියට හානි සිදුකරන ලේඛකයා කතා කලාවට පමණක් නො ව මුළු මහත් ජාතියකට ම ද්‍රෝහිකමක් සිදු කරන බව ය. මේ කතුවරිය ද සිංහල නවකතාවට පමණක් නො ව; අපේ ජාතියට ම ද්‍රෝහිකමක් සිදු කරයි.
මේ පොත දරුවකු අතට පත්වුවහොත් ඔහු ජීවිතය මල් - මල් යැයි සිතන්නට පුළුවන. හොර තාත්තලා ගැන සිහින මවන්නට පුළුවන. වරදෙහි බැඳෙන අම්මලාට ආදරය කරන්නට පුළුවන. ජීවත්වීම යනු දුෂ්කර ක්‍රියාවලියෙකි. ඒ සඳහා බොහෝ කැපවීම් කළ යුතු ය. දුක්ඛ - දෝමනස්ස ඉවසිය යුතු ය. “ඇස්” නම් කතාවේ පිළිවෙළට ජීවිතයට ඇත්තේ හොර සැමියන් කැටුව ප්‍රේම කිරීම පමණි. එම ප්‍රේමය මත්තේ හැපෙමින් ජීවිතය මල් - මල් කර ගත හැකි ය. මෙබඳු බේගල්වලින් පාඨකයා මුළාවේ දැමීම කෙතරම් පාපයක් ද?
කතුවරිය භාෂාව ඉතා නරක අන්දමින් විකෘති කරයි. එහි සම්ප්‍රදාය ආඛ්‍යාන රටාව හා ලාලිත්‍යය විනාශ කරයි.
“මොකක්දෝ නොතේරෙන තිගැස්මක් කිංකිණිගේ හිත අවුල් කළා... ඒක ඇපැහැදිලි... පැහැදිලි... ආයෙත් අපැහැදිලි වෙන ජාතියේ පුංචි තිතක් වගේ හැඟීමක්. දැන් ආයෙත් හිත වෙන තැනකට සංක්‍රමණය වුණා. ඉක්මනින් ම, News line channel එක. Live updates කාර් පාක් එකේ කාර් එක දාලා lift එකේ ඇවිත් 12 වැනි Floor එකේ එකට එන ටිකට හමුවුණු හැම කෙනාම කලබලේක. channel 9 එකේ වෙනදා උදේට තියෙන අලුත් නැවුම් ඒත් හරි ම ක්‍රියාශීලී කලබල ගතිය අද වෙනස්. කලබල ගතිය තිබුණා. ඒත් හැමෝගෙම මුහුණුවල තිගැස්මක්.”
“Traffic jam එකේත් ළතැවිලා lift එකේ තදබදයටත් මුහුණ දීලා කිංකිණි දැන් නම් ඔන්න News line එකේ.”
(පිටුව - 248)
කතුවරියට සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ නිවැරැදි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට පුළුවන්කමක් නැත. ඇය සිටිනුයේ බලවත් ආරවුලකය. ඒ හැරෙන්නට මේ තරමින් භාෂාව විකෘති කිරීමට ඇයට අයිතියක් නැත. භාෂාව ඇයට පමණක් සීමා වූ බූදලයක් ද නො වේ.
මේ පොත් කබලෙන් හෙළිදරව් වන ලෙස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීනට ඇත්තේ කුමාර ජීවිතය. ඔව්හු කාර්වල යමින්, හෝටල්වලින් කමින්, එකිනෙකාට පෙම් කරමින් ආශික් ජීවිත ගත කරති. එබඳු තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නැත. ජනමාධ්‍ය රැකියාවලට වෘත්තීය මට්ටමක් පවා තව ම ලැබී නැත. මේ ක්ෂේත්‍රයට සම්බන්ධවූවෝ තෝසෙ කඩවලින් වඩේ කමින්, ණයට ප්ලේන්ටි බොමින් ඉතා දුක්බර ජීවිත ගත කරති. ඔව්හු පවුල් සංස්ථාව තුළ නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙති. දුක් විඳිති. සැනැසිල්ලක් ඇතොත්; ඒ සත්‍යය හෙළිදරව් කිරීමෙන් ලැබෙන තෘප්තිය පමණි.
තාරකා වාසලමුදලිආරච්චිගේ කතාවේ එන කිංකිණි සුනාමියකින් බේරීම සඳහා අමෙරිකන් හොර සැමියා ද කැටුව හෙළිකොප්ටරයකින් නුවරඑළියට යති. එම හෙළිකොප්ටරය ලබා ගන්නේ ද මහ පාරේ වාහන තදබදය නිසා ය. හෙවත් කතුවරිය කියන ලෙස “ට්‍රැෆික් ජෑම්” නිසා ය. මහ පුදුමයකි. ඔය හදිසියට හෙළිකොප්ටරයක් හයර් කිරීමට මේ අමෙරිකාව නො වේ.
කුමක් වුව සිංහල නවකතාවේ පෝෂණයට හරවත් දායකත්වයක් ලබා දෙන ලේඛිකාවන් පිරිසක සිටින බව ද ගෞරවයෙන් යුතු ව සිහිපත් කළ යුතු ය. තාරකා වාසලමුදලිආරච්චි වැනි අය එබඳු ලේඛිකාවන්ට ද අයුක්තියක් කරන බව සටහන් කරන්නට කැමැත්තෙමි.
මෙන්න තවත් බ්ලොගක් ගොඩවැදිලා බලන්නකෝ මෙතැනින් සුවිසැරියට
දේශපාලන විඥානයක්, ජීවන දෘෂ්ටියක් හා කතා කලාව පිළිබඳ පරිචයක් නැති අය නවකතා ලියන්නට ගත් කල; එම කලාව පිරිහෙයි. එහි ප්‍රමිතිය බිඳ වැටෙයි. පාඨකයා නන්නත්තාර වෙයි. බටහිර සාහිත්‍යයේ ප්‍රමුඛ ගද්‍ය නිර්මාණ විශේෂය වූ නවකතාවේ මූලික ආධ්‍යාශ දෙකක් පවතී. පළමුවන්න පාඨකයාගේ වින්දනයට අදාළ විස්මිත කතා වස්තු ගොඩනැඟීම ය. දෙවැන්න පාඨක සමාජය නො දන්නා ජීවන යථාර්ථ හෙළිදරව් කරමින් ඔවුන්ගේ ජීවිත පරිඥානය පුළුල් කිරීම ය. මේ දෙකෙන් එකක් හෝ ඉටු නො වන කල ඒවා නවකතා ගණයට නො වැටේ.
තාරකා |

රන්ජන් අමරරත්න
පොත නම් කියවලා නැහැ... ඒ හින්ද පොත ගැන සමස්ත අදහසක් දක්වන්න අමාරුයි. උපුටලා දක්වල තියෙන කොටස් ගැන නම් කියන්න තියෙන්නේ
ReplyDelete'සැක් විතරක්.... ලියන්න වෙන විදියක් තිබ්බෙම නැද්ද? රැඩිකල් වෙනවා කියන්නේ මේක කියල හිතුවොත් නම් විනාසයක්. '
උපුටල තිබ්බේ නරකම කොටස්ද මන්ද...
මාධ්‍යවේදිනියක් විදියට මම තාරකා ඉස්සර 'හොඳයි' කියන ගොඩට දාගෙන හිටියා. ඒත් ඒ ප්රෝෆෙෂන් එකයි, මේකයි වෙනස්.
එයාගෙ කලිං ලියපු එක පොතක් තිබුණ ඒක නං පට්ට
Deleteමේ කතුවරිය ලැජ්ජාව, භය, ජුගුප්සාව ආදී හැඟීම් නො දැනෙන කෙනකු ලෙස ද, දරුවන් වදා ඇති’මුත් දාරක ප්‍රේමයක් නො දන්නා කෙනකු ලෙස ද අපට හැඟී යයි. කතුවරිය සිටිනුයේ එක්තරා හීනයක ය. ඒ සිහිනයේ කුමාරයා අඩි හයක් උස නිල් ඇස් ඇති යෝධ අමෙරිකන්කාරයෙකි. මේ යෝධ මිනිසා සමඟ තොදොල් වීමත්, යහන්ගත වීමත් හැර වෙනත් අභිප්‍රායයක් ගැහැනියට නැත. බලාගෙන යන විට එය මානසික රෝගයකි. පොත කියවන සියලු ගැහැනුන්ට මේ රෝගය වැළඳුණහොත්; එතැනින් ම ශ්‍රී ලංකාව ඉවර වනු ඇත.//
ReplyDeleteවෙලා තියෙන්නෙ ඒක තමයි.කතුවරියගේ මනෝ ලෝකයේ සිටින අඩි හයක් උස සැම දේම විශාල මිනිසා ගැන සිහින මවමින් ඒ පිස්සු මනස්ගාත ලියල .ඒකට පොතක් කියල නමකුත් දාගෙන.
මේ කතාවෙ එන ගෑනි දරුවො ඉන්න අම්ම කෙනෙක් .එහෙම කෙනෙක් මෙහෙම වල් ඇමරිකානුවෙක් එක්ක වල් කමේ යනවද
මොකක්ද මේකෙන් ගන්න තියන ආදර්ශෙ.එහෙමනම් ලංකාවෙ ඉන්න හැම ගණිකාවකටම පුලුවන්නෙ පොතක් ලියන්න.
ගෑනුන්ගෙ ඔළු දූෂනය කිරීමක් මිස වෙන මොකුත් නෑ.යෝධ ඇමරිකානුවෙක් එක්ක යහන් ගතවීමේ කතුවරියගෙ හීනය ඇර වෙන කිසි දෙයක් මේ පොතේ නෑ.
ඇතැම් විට මෙය විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නට ද පුළුවන. කිංකිණි නම් කාලකන්නි ගැහැනිය අපේ සමාජ හර පද්ධතියට ගරහයි. පවුල් සංස්ථාව බිඳ ගනියි. තම දරුවා ලවා හොර මිනිහාට තාත්තා කියවයි.//
ReplyDeleteමේ කතුවරිය අපේ සමාජයටම සමච්චල් කරල.මේක විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න ඉඩ තිබෙනව.අපේ පවුල් ඒකකය විනාශ කරල හොර මිනිස්සු සොයා යාම පැෂන් එකක් කරන්න මේ නීච කතුවරියට ඕන බව පේනව.
කතුවරියගෙ ඉංග්‍රීසි දැනුම නම් නිල්.මෙහෙම ඉංග්‍රීසි බැරුවනම් ඇමරිකන් කාරයො අල්ලගන්න කිංකිණිට හම්බවෙන්නෙ නෑ.
//මෙබඳු ජරා පොත් ගැන සටහන් තැබීම සඳහා පුවත්පතක ඉඩ නාස්ති කිරීම තවත් අපරාධයෙකි. //
ReplyDeleteඉතිං ඔය වගේ වැඩ කරන්නේ ඇයි එහෙනං... මේවා විචාරයන් නොවෙයි...
ඔක්කොම කියෙව්වෙ නැද්ද?
Delete///එහෙත් එම අපරාධය සිදු කළ යුත්තේ සිංහල පාඨකයා මේ මඩ ගොහොරුවෙන් බේරාගැනීම සඳහා ය.///
හරියට සමීකරණය තුලනය කරන්න දාපු එකක් නේ බං ඒක..
Deleteවල් ඇමරිකානුවො හා මෙරට සිංහලත් බැරි ඉංග්‍රීසිත් බැරි කතුවරියන් ඔවුන්ට ඇතැයි හිතා ගෙන හීන දකින ඊනියා මහා පුරුෂ ලිංගය යනු මිත්‍යාවකි.මෙම සිහිනය තුලට සියළුම කාන්තාවන් අනුගත කිරීම කතුවරියගේ පවිටු උවමනාවයි.
ReplyDeleteශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ පවුල යන සංකල්පයට විශාල බරක් තිබේ. එය සැමියා - බිරිය, දරුවන් යන සාමාජිකයන්ගේ බැඳීම්වලින් ද ඉන් ඔබ්බෙහි සිටින ඥාති පරපුරෙහි බැඳීම්වලින් ද ශක්තිමත් ය. ආක්‍රමණිකයකුට එම ඒකකය වෙත පහසුවෙන් කඩාවැදිය නො හැකි ය. පවුලේ බැඳීම් පහසුවෙන් - ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නො හැකි ය. කතුවරිය කිංකිණිගේ නිත්‍යානුකූල සැමියා පොන්නයකු බවට පත්කර තිබේ. අත්තම්මා කෘත්‍රීම තැනැත්තියක බවට ද, දරුවා මෝඩයකු බවට ද පත් කර තිබේ.//
ReplyDeleteඅපේ සාහිත්‍යයට ගිය කළ .
කිංකිණි වගෙ වල් ගෑනු, වල් ඇමරිකානුවො ඊනියා උත්තම යෝධ පුරුෂ ලිංගය ගැන හීන දකින මෙන්ටල් කතුවරියො .අනේ අපොයි
හෆොයි මෙහෙමත් මඩ ගහනවද දැන් ඉතින් ඔය ජරා පොත කියවන්නමයි හිතෙන්නේ ඔය තරම්ම චා ද කියලා බලන්න
ReplyDelete^ මේ ලිපියේ ලින්ක් එකක් මගේ අලුත් පෝස්ට් එකේ දැමීමෙන් ඔබතුමා අදහස් කලේ කුමක්දැයි දැනගන්න පුලුවන්ද?
Deleteහපොයි බස්සිට අතවරයක් කොරලනේ මේ රාළ ගොයියා
Deleteමගේ කමෙන්ට් එක කෝ ?
ReplyDeleteඒක අමරේ ගත්තා. තව ටික දවසකින් දිනමිණ පත්තරේ බලහං අයියේ තරහ නැතිව..
Deleteනැවත ලියමි. ටෙලි නාට්‍ය නිලියක් මුදල් ටිකක් එකතු කර තමන්ම නාට්‍යක නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරනු අප දැක ඇත්තෙමු. මෙයද එවැනි ක්‍රියාවකි. පොතක් මුද්‍රණය කරන්නට අවශ්‍ය බරපැන තිබූ පමණින්ම ඇය ග්‍රන්ථ කතෘවරියක් වනවා යයි සිතනවානම් මුලාවකි. මේ ප්‍රසිද්ධ නම් නිසා මේවා තෝරා ගන්නවා නම් එවැනි පාඨකයන් ගැන කිව හැක්කේ කුමක්ද ? බහුතරය එසේය. බොහෝ දෙනෙකුට අද අවශ්‍ය එවැනි රසයකි. ඇය මෙය සාහිත්‍ය මාසය ඉලක්ක කරගෙන මුද්‍රණය කර ඇති බව පැහැදිලිය. රැල්ලට පොත් ප්‍රදර්ශනය බලන්නට එන අය බුරුතු පිටින් මෙය මිලදී ගන්නවා ඇත. මෙම විචාරය මුළු පාඨක සමාජයටම නොයන දෙයක් බව සහතිකය. එනිසා තොත්ත බබාට හෙලිකොප්ටරයේ යාමට අවශ්‍ය ඩොලර් 800 සොයා ගැනීමට පහසු වනු ඇත.
Deleteස්පැම් ගොඩෙත් නෑ සුදික...
Deleteකියවා නැති නමුත් උපුටා ගැනීම් දැක්කාම පොත ගැන තරමක් දුරට හිතා ගන්න පුළුවනි.විශේෂයෙන්ම අර හෙලිකොප්ටර් කතාව දැක්කාම.
ReplyDeleteලංකාවෙදි "හිටපු ජර්මන් චාන්ස්ලර්ටවත්" සුනාමියෙන් බේරෙන්න හෙලිකොප්ටර් හොයාගන්න බැරිඋනා. අනේද කියන්නෙ.
Deleteඅප්පට සිරි එහෙමත් එකක්ද?හැබැයි සුනාමියෙන් බේරෙන්න අරුගම්බේදී බන්දුල ගුණවර්ධන සහා පවුලේ අයට නම් හෙලිකොප්ටර් එකක් ලැබුණායි කියන්නේ..:D
Deleteපික්සු හැදිලා ආයෙත් හැදෙනවා ! මම හිතාගෙන හිටිය කෙනා නෙවෙයිද කොහෙද පොත ලියලා තියෙන්නේ.
ReplyDeleteසිංදුවා ++++++
Deleteඒකමයි මටත් කියන්න හිතුණේ..:D
නිර්ධය විවේචනයක්. නමුත් උපුටා දක්වලා තියෙන කොටස් දැක්කම ඒ විවේචනය සාධාරණ බව කියන්න පුලුවන්. ඒත් පොත කියවන්නැතිව අපේ අදහසක් කියන්න අමාරුයි. කොහොමත් ගෙවී යන යුගය සිංහල සාහිත්‍යයේ මළගම කරා ලංවන යුගයක් වෙලා තියෙන්නෙ. ඒක කෙටිකතා, නවකතා, සමස්ථයක් වශයෙන් ගද්‍ය සාහිත්‍යයට මෙන්ම, කවි ගීත යන පද්‍ය සාහිත්‍යයටත් අදාළයි.
ReplyDeleteඅනේ...!! අපොයි...!! පමණක් කිවහැක.
ReplyDeleteyela'' yela''
ReplyDeleteඅප්පොච්චියේ................දීලා නේද අමරරත්න උන්නැහැ තාරකාට තාරකා විසිවෙන්න. කමක් නැහැ වැරදි හදාගන්නේ නැතෑ තව කලක් දිගටම ලියනකොට.
ReplyDeleteනියම පබ්ලිසිටි පාර...දැන් නම් පොත අරන් කියවන්න මයි හිතෙන්නේ...
ReplyDeleteවිචාරය ලියපු විචාරකය නම් එලටම පොතට පබ්ලිසිටි පාර දීල තියෙනවා...
පට්ට marketing strategy එක...
සුබ පැතුම්...
//මේ පොත් කබලෙන් හෙළිදරව් වන ලෙස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීනට ඇත්තේ කුමාර ජීවිතය. ඔව්හු කාර්වල යමින්, හෝටල්වලින් කමින්, එකිනෙකාට පෙම් කරමින් ආශික් ජීවිත ගත කරති. එබඳු තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නැත. ජනමාධ්‍ය රැකියාවලට වෘත්තීය මට්ටමක් පවා තව ම ලැබී නැත. මේ ක්ෂේත්‍රයට සම්බන්ධවූවෝ තෝසෙ කඩවලින් වඩේ කමින්, ණයට ප්ලේන්ටි බොමින් ඉතා දුක්බර ජීවිත ගත කරති. ඔව්හු පවුල් සංස්ථාව තුළ නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙති. දුක් විඳිති. සැනැසිල්ලක් ඇතොත්; ඒ සත්‍යය හෙළිදරව් කිරීමෙන් ලැබෙන තෘප්තිය පමණි.//
ReplyDeleteමේ ටික නලිය ගැනද කියල තියෙන්නේ.
එතකොට කව්රුවත් නැද්ද සුජීව ප්‍රසන්න ආරච්චිල ගැන කතා කරන්න ?
ReplyDeleteපවුල් ජීවිත විතරක් නෙමේ අද කලේ කෙල්ලොන්ගේ මුළු තරුණ ජීවිතේම නාස්ති වෙනවා.
මේ ස්වර්ණ පුස්තකයට නිරෙදේශ වෙච්චි පොතක් ලියාපු, "හොඳ" යැයි සම්මත පොත් ලියන්නියක විදියට ප්‍රතිරූපයක් ඇතිකරගත් චරිතයක්. අන්න ඒකයි මේගොල්ලො සුජීවලට වඩා භයානයක.
Deleteමුන්දැගෙ පොත් නම් කරල තියෙන්නෙ ජයසේකර අපොන්සුගෙ නාට්‍ය වගේ. කළු, දෙහි, මැටි සහ අලුත්ම එක් ඇස්!
ආයි ඉතිං ඕක ඔච්චර සැරෙං කියන්ඩෝනැයි රංජන් බොස්.. ආදරෙං කීවනං අහවරනෙ ඈ … !!!! :D
ReplyDeleteසිරාවට...මටත් හිතුනේ එහෙම :D
Deleteනිර්මාණයක් කිරිම නිර්මාපකයාගේ වැඩක් එවන් නිර්මාණයක් විචාරයට ලක් කිරිම එය පරිශීලනය කළ අයගේ කාර්යයක්.මේවාට තහංචි දාන්න බැ නේද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකතාව සම්පූර්ණයෙන්ම කියවන්නෙ නැතිව උත්තරයක් දෙන්නම් බැහැ ඇත්තටම.
ReplyDeleteඒත් මේ රන්ජන් අමරරත්න, තාරකා ගැන ලොකු අවුලකින් ඉන්නව වගෙයි පේන්නෙ නම්.
අපේ රටේ දැන් ඉන්න සමහර විචාරකයින්ගෙ විචාර කියවල පොත් තෝර ගන්න ගියොත් නම් අපිම තමයි අමාරුවෙ වැටෙන්නෙ.
මේ රන්ජන් අමරරත්න කීයෙන් කී දෙනෙකුටද පොත් වලට හොඳ කියන්නෙ. ඔහුත් සමබර විචාරයක් කරනවා දකින්නෙ නම් අහම්ඹෙන් දවසක තමයි.
කොහොමෙයි හොඳ කියන්නෙ පිස්සු මනස්ගාතවලට.දැන් මේකෙන් වෙන්නෙ ගණිකාවො පොත් ලියන්න ගනියි.ඒ අයටත් හීන තියනවනෙ යෝධ ඇමරිකානුවො එක්ක යහන්ගත වීම වගෙ ඒව. යෝධ පුරුෂ ලිංග ගැන හීන දකින කතුවරියන් ලියන හැම විකාරෙම පොත් නොවෙයි.
Deleteපොත ගැනනම් අදහසක් නැතත් විචාරය නම් නියමයි..
ReplyDeleteඇයි නලින්, මේ වගේ දේවල් ඔබගේ බ්ලොගයේ පළ කරන්නේ?න මෙය පොත් විචාරයක්ද? නැත්නම් වෙනත් ක්‍රෝධයකින් ඉන්න මනුස්සයෙකුගේ යාංහෑල්ලක්ද?
ReplyDeleteලෝකයේ පොත් ලියපු (විතරක් නොවේ වෙනත් කළා නිර්මාණ අපට ඉදිරිපත් කරපු), පාදඩයන්, ලිංගික සේවා වෘත්තිකයන්, කුඩු කාරයන් හිටියා. එම කෘතීන් වලට අත්දැකීම් සපයන්න ඇත්තෙත් ඔවුනගේ ජිවිතයමයි. යහන් ගත වීම්, සම්ප්‍රදායික නොවන සම්බන්දතා හා නොයෙක් සාමාන්‍යයට වෙනස්ව යන දේවල් කරන පිරිස් ඕනේ තරම් සමාජයේ ඉන්නවා. අපගේ විවේචනයට අසු වෙන්න ඕනේ, මෙවැනි දේවල් ඉදිරිපත් කරන විදිහ මිසක්, ලියපු කෙනාගේ යටි සිත් දිව්‍ය ඥානයෙන් කියවීම නොවේ. ඒ වගේම කෘතීන් කියන්නේ ජිවිත අත්දැකිම්ම වෙන්න ඕනේ නැහැ, මිනිස් සිතේ මැවෙන කල්පනායි.
මෙවැනි පොත් පළ වීම එක දෙයක්. එයටත් වඩා අපේ කල්පනා වට එන්න ඕනේ ජනමාධ්‍ය අරක්ගෙන ඉන්න අවිචාරවත් වෛරක්කාරී පිරිසයි.
වෙන තැනක නම් මෙවැන්නක් ලියන්නට වෙහෙසෙන්නේ නැහැ. ඔබගේ බ්ලොගයේ නිසා නොලියා යාම සිත් දෙන්නේ නැති නිසා ලියුවේ!
//ඇයි නලින්, මේ වගේ දේවල් ඔබගේ බ්ලොගයේ පළ කරන්නේ?න මෙය පොත් විචාරයක්ද? නැත්නම් වෙනත් ක්‍රෝධයකින් ඉන්න මනුස්සයෙකුගේ යාංහෑල්ලක්ද?//
Deleteමගේ ඔලුවටත් ආවේ මේ දේමයි නලීන්. මම මේ කතුවරියගේ හොඳ පොතක් කියවලා තියනවා.
මම හිතන්නේ 'මැටි' .
රයිගම් යම් කෘතියක් එළිදක්වපු පසු ඒ කෘතිය ගැන සංවාදයක් ඇතිවෙනවා නම් එය මා හිතන අයුරින් නිර්මාණකරුට උත්තේජයක්. එහෙත් ඒ සංවාදය ගුණ ගයන එකක්ම විය යුතු නැ නේද, විවේචනය විවේචකයාගේ අයිතිය. අසැබි වදනින් තොරව තම මතය පැවසිම වරදක්ද?
Deleteමා දන්නා පරිදි රන්ජන් පුද්ගල ප්‍රතිරුප අනුව විචාරයේ යෙදෙන්නෙක් නොවේ. ඔහුගේ නිර්දය විවේචනයන්ට තම හොදම මිතුරන්ගේ පොත් දැවැන්ත නම් ගොඩනගාගත්තවුන් පවා ලක් වුණා. ඇතැම් විට ආධුනික ලේකකයන් ඔහුගේ ඇගැයුමට ලක් වුණා. අද සමාජයේ බොහෝ විට වන්නේ පිට කසාගන්නා විචාරකලාවක් පැවතීම. සුචරිත ගම්ලතුන්ගේ විචාර ජයවිලාල් විලේ්ගොඩගේ විචාර අරන් බලන්න ඔවුන් ඔවුන්ටම ආවේනික මතවාදි තලයක සිට විචාරයේ යෙදුනා. ඇතැම් අය එය හැදින්වුයේ දෙන්නං බැටේ විචාර කලාව කියලයි. එත් ඒ විචාර හේතුවෙන්ම නිර්මාණ කරුවන් තම නිර්මාණ දිශානති වෙනස් කරන්නට පෙළඹුණා.
එයිට අමතරව ඉතාමත් සාර්ථක විචාර කලාවක පසු කාලිනව දිප්ති කුමාර ගුණරත්න වැන්නවුන් යෙදුණා. ඔවුන් ප්‍රශ්චාත් නුතනවාදි තලයෙන් විචාර ගොඩනැගුවා. ඇතැමුන්ට අනුව ඒවාත් මංඤං විචාර. ඒ පාට කන්නඩි පැළඳ ඒ දෙස බලන නිසයි.
@ පොඩ්ඩි - අතිදක්ෂ නවකතා කරුවන්ගේත් හැම කෘතියම උත්තම ගනයේ වුණේ නෑ. මේවා සාපේක්ෂ දේවල්.
Deleteගම්පෙරළිය යනු නරක චිත්‍රපට අතර හොඳ එකක් නොව අඩු නරක එකක් බවයි එදා ජයවිලාල් විලේගොඩ කිව්වෙ. නිර්මාණයක් බිහිකරාට පසු එය අයිති නිර්මාපකායට නොවේ. ඒ නිසා මේ විචාරකයාගෙ විචාරයේ අයිතිය මෙන්ම එය විචාරයෙහි ඇති අනෙකගෙ අයිතියද එක සේ ගරු කල යුතු, සුරැකිය යුතු වේ.
Deleteඔව් විය යුත්තේ එයයි ඉන්දික
Deleteමෙයා කාලයක් හොඳට හිටියා නේද? දැන් ටිකක් අවුල් වගේ වෙන්ටැ..මාත් කියෝලා තියෙනවා දෙහි සහ කළු නම්...එයාගේ කතාවල එච්චර මොකද්දෝ මහ අවුල් ගතියක් තියෙනවා..අභව්‍ය සහ සංකීර්ණ මනෝ විකාර හිතට ආවගමන් ලිව්ව ගතියක් තියෙනවා..
ReplyDeleteඅනේ මංද...
ReplyDeleteමං දන්න තරමින් තාරුකයි නදියි කියන්නෙ හොදටම ලියපු දෙනේනෙක්...
සමහර විට පල්ලම් බහින කාලෙ ඇවිත්ද දන්නෙ නෑ නෙව...
උපුටා දැක්වීම් ටික පොත ගැන හිතාගන්න ප්‍රමාණවත්.
ReplyDeleteතරහට විචාරය කරනව කියන උදවියට,
විචාර කියන්නෙ අහවල් විදියට ලිවියයුතුයි කියල නීතියෙන් නියම කරල තියන දෙයක් නෙවේ. ඒ වගේම විවිධ විචාරකයන් මනින්නෙ විවිධ කෝන වලින්. නමුත් අවශ්‍ය වෙන්නෙ ලේඛකයාගේ හිතවත්කම් අාදිය නොසලකා කරන ලිවීම.
අමරෙ ගැන කියනව නං ටිකක් විවේචනාත්මකව විචාරය කරන කෙනෙක්. එයාගෙ විචාර වෛරී සහගතයි කියල කාටහරි දැනෙනව නං එයා විචාර කියවපු නැති කෙනෙක් වෙන්න ඕන.
අමරේගේ විචාර වල ගත යුත්තක් නැහැ කියන්නේ ඔහු හිතනවා ඔහු ඉන්න ලෝකයේ මේවා වෙන්න බැහැ කියලා. ඔහුගේ ලෝකයේ එහෙම උනත් අපේ ලෝකයේ නම් ඔවැනි දේවල් වෙනවා.. මේ ලෝකේ නොවෙන දෙයක් කියන්නයි ඔහුට අවශ්‍ය. අනික පොතක් දෙකක් සිංහල හෝ ඉංගිරිස් මරල පල වෙන එක මේ අද පටන් ගත් එකක් නෙමෙයි. ඒත් තාමත් මේ භාෂා පවතිනවා.. ඒක නිසා මේක අමරේ ගේ වෛරී විචාර කලාවක්. රාජ් විචාරයන් සදහා ප්‍රමාණවත් ක්‍රමවේදයන් තිබෙනවා. මා එවැනි බර පොතක් කියෙව්වා ඒ වී සුරවීරගේ. ඒත් මෙලෝ දෙයක් මතක හිටියේ නං නැහැ.. හැක්..
Delete//මේ කතුවරිය ලැජ්ජාව, භය, ජුගුප්සාව ආදී හැඟීම් නො දැනෙන කෙනකු ලෙස ද, දරුවන් වදා ඇති’මුත් දාරක ප්‍රේමයක් නො දන්නා කෙනකු ලෙස ද අපට හැඟී යයි. කතුවරිය සිටිනුයේ එක්තරා හීනයක ය. ඒ සිහිනයේ කුමාරයා අඩි හයක් උස නිල් ඇස් ඇති යෝධ අමෙරිකන්කාරයෙකි. මේ යෝධ මිනිසා සමඟ තොදොල් වීමත්, යහන්ගත වීමත් හැර වෙනත් අභිප්‍රායයක් ගැහැනියට නැත. බලාගෙන යන විට එය මානසික රෝගයකි. //
Deleteනිර්මාණයක් නිර්මාණකරුවාගේ පෞද්ගලික ජීවිතය හා සැසඳීම කොතරම් දුරට සාධාරණද මන්දා නේද? මම ඔය විචාර කලාව ගැන දන්නේ නැහැ වැඩියෙ. ඒත් මගෙ මෝඩ මොලේට නිකමට වාගෙ හිතෙනවා විචාරය කලයුත්තේ නිර්මාණය මිසක් කතුවරයාව නෙමෙයි.
අමරේට පොත් විවේචනය කරන්න ඇති අයිතියම අමරේව විවේචනය කරන්න ඔබ සැමටත් තියනවා. නමුත් ඔහු කරුණු අනුව පෙන්වා දෙන දේ ගැන අවධානය යොමු කරන්න.
Deleteදේශකයා
Deleteඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ විචාරයක් කියන්නෙ කවුරුහරි තනි කෙනෙක් යම් නිර්මාණයක් ගැන දරන මතය. එක එක්කෙනාට ඕක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කෙනෙක් තමන්ට අනුව 'පරිපූර්ණ' ලියමනකට ලකුණු දහයක් දීල පටන් ගන්න කොට තවත් කෙනෙක් ඒ නිර්මාණයටම ලකුණු සීයක් දීල පටන්ගන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නෙ තමුන් ලකුණු දෙන ස්කේල් එක නෙවේ. තමන්ගෙ ස්කේල් එකෙන් එක එක්කෙනාට වෙනස් විදියට සලකනව නම් තමයි.(උදා:හිතමිත්‍රකම්, පරණ තරහවල්...) මම කියන්නෙ එක හැන්දක් තියාගතයුතුයි විචාරයේදි. කෙනා අනුව හැන්ද වෙනස් වෙන්න බෑ.
ඔය කියන තඩි පොත මාත් ටිකක් කියවල තියනව. නමුත් ඒක එයාගෙ මතය නෙව. විචාරය කරන්න අහවල් ක්‍රමය කියල එකක් නෑ. ඔය සමහර වාමාංශිකයන් පොත් බලල ඒකට සමාජවාදී විචාරයන් කරන්නෙ. අමරෙගෙ විචාරය මට නං මහලොකු දෙයක් නෙවේ. මේ ජාතියෙ විචාරකයන් ඕන තරම් ඉන්නව. අනෙක විචාර බලල මිනිස්සු පොත් ගන්නෙ නැහැ නෙව. හැබැයි මම නං නිකං දුන්නත් මේ පොත ගන්නෙ නෑ!
බස්සි
ඕක අමුතු දෙයක් නෙවේ. සාහිත්‍ය තුල ඕනෑ තරම් තියන දෙයක්. ලෝක ප්‍රසිද්ධ ලේඛකයන්ට/පොත් වලට තියන විචාර හොයාගෙන බලන්න පුළුවන් නම්,....
ඒ පොත හිටහං හොයල නම දාන්න. ඒකේ තිබුනේ එයාගේ මතය නෙමෙයි ඕනම දෙයක ක්‍රමයක් තියෙනවා නේ.. ඒ වගේ විචාරයන් කිරීමේ එක් එක් ක්‍රමවේද (මුුලික හරයන්) තියෙනවා. ඒ වගේ මෙතෙක් කලක් භාවිතා වූ විචාර ක්‍රම පිළිබදව තිබුනේ.. කරුමෙට එක නමක් වත් මතක් වෙන්නෑ නේ බං.. නලියා කිව්ව වගේ අමරෙට කියනන වගේම අපිටත් කියන්න අයිතිය තියෙනවා. ඒ වගේම අමරේ කියන එක නොපිළිගන්නත් අපට අයිතිය තියෙනවා අනිත් පැත්තට අමරේටත් තියෙනවා.. හැක්..
Deleteදැං මේ නලියා වෙෂ්ෂන්තර අප්පුහාමි වෙලාද?? yela yela'''
දේශකයෝ සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකයත් කියවලා බලන්න.
Deleteඅර පොත නවකතා නිර්මාණ හා අවබෝධ පොතද මචෝ
Deleteඑහෙම නැත්තං සාහිත්‍ය විචාර ප්‍රදීපිකා කියන පොත ද
Deleteතාරකා වාසලමුදලිආරච්චිගේ පොත් දෙකතුනක් කියවල තියෙනව නමුත් ඒ හැමෙකක්ම මගේ අදහසට අනුව නම් "හොඳ පොත්". මගේ කණ්නාඩියට අනුව රන්ජන්ගෙ විචාර මට අපුලයි, නමුත් තාරකා හොඳ ලේඛිකාවක්.
ReplyDeleteහැබැයි හරියටම අදහසක් ගන්න නම් කණ්නාඩිය ගලවලා මේ පොතත් කියවන්න ඕනෙ.
ඔබත් නව ආාරක නිර්මාණ බිහි කරන්නියක්නේ. ඉතින් පොතත් කියෝලම කණ්ණාඩිය අයින් කරලා අමරේ කියල තියෙන්නේ මොකද්ද කියලා හිතන්න.
Deleteමේ නවකතාව ගැන පෝස්ට් එකේ විවේචන මාත් පිළිගන්නවා. තාරකා වාසල මුදලිආරච්චි කියන්නේ අධීපතිවාදී පුරුෂයාගේ සම්ප්‍රදායික මෝඩ පෙම්වතියගේ චරිතය හිතට ගත්තු තවත් මෝඩ කාන්තාවක් කියලයි කියන්න තියෙන්නේ. මේ වගේ අය නූතන කාන්තා පරපුරටම නිගාවක් දෙනවා. මෙතන මෙයා ඇමරිකන් කාරයෙකුට පෙම්කරන මෝඩ චරිතයක් වටා කතාව ගොඩනගා තියෙන්නේ සුදු අධිපතිවාදී පිරිමියාගේ කාම තෘප්තියට ජීවිතය කැප කරන එක මහ ලොකු දෙයක් කියලා හිතාන. මේකෙන් පේනව සම්ප්‍රදායික කාන්තාවන් නූතන කාන්තාවගේ සිතුම් පැතුම් වලට කරන හානිය. ඇත්තෙන්ම මෙයා සාර්ථක උසස් ගනයේ ලේඛිකාවක්නම් කරන්න තිබුණේ නූතන යුගයේ පිරිමින්ට යටත් නැති ශක්තිමත් කාන්තා චරිතයක් ගැන කතාවක් ලියන එක. පුරුෂාධිපත්‍යට හොඳ අතුල්පහරක් දෙන චරිතයක් මම කියන්නේ. පිරිමියා සමග හරි හරියට හැප්පෙන වැඩ කරන පිරිමින්ට බය නැති ඔවුන් පිරිමි සමග සටන් කර ඔවුන්ට පහර පිට පහර දී බිම දමන්න හැකි කාන්තා චරිත ගැනයි ලියන්න ඕනේ. මේ එළදෙන කළේ සම්ප්‍රදයික ලෙස පිරිමියෙකුගෙන් කාම තෘප්තිය පතන චරිතයක් මතු කිරීම.
ReplyDeleteවනිතා අක්කට අදත් මල පැනල. ශැහ්
Deleteමගේ වනිතා මට වාසනා!!!
Deleteවනිතා ඇන්ටිට ආඩම්බර නැතෙයි අර වාරියපොළ ගෑල්ලමය ගැන සෝට් පිලුමකුත් හදල, පෝස්ටර් වැහිවැහැල. වනිතා ඇන්ටි කොලර් එක උස්සගන්න අනී ඉක්කනට.
DeleteME UNMATHTHAKA PISSU KAANTHAAVAGE KOMENT VAARANAYA KARANA LESA NALIN GEN ILLAMY.
Deleteනලින් මේ කාන්තාව මානසික සමබරතාව ගිලිහුන ප්‍රතිකාර අවශ්‍ය කෙනෙක්.මෙයාට කාගෙන් හරි අතවරයක් වෙලා මේ තත්වයට වැටුනනම් මම කණගාටු වෙනවා.මෙයාව පුනරුත්ථාපනය කළ යුතුයි.මෙයාට පුලුවන් උදව්වක් බ්ලොග්කරුවන් ලෙස කිරීම වෙනම දෙයක්.නමුත් නලින් මෙයාගෙ කොමෙන්ට් පළ කිරීමෙන් ඔබ වලකිනවානම් හොඳයි.මෙයා කියන්නෙ පිස්සු කතා බව පේන්නෙ නැද්ද.බ්ලොග්කරුවන් මෙයාව වර්ජනය කරමු.
Deleteබස්සි දේශකයා ඔබ දෙපොළ පිස්සොත් එක්ක කතා කරන්න යාම ගැලපෙනවද.බලන්න මේ පිස්සි දාගෙන ඉන්න ප්‍රොෆයිල් පොටෝ එක.අපේ ටවුන් එකෙත් ඉන්නව මෙහෙම පිස්සු ගෑනියෙක්.කොල්ලො ඒකිව අවුස්සනව.ඊට පස්සෙ කුණුහරප කියල බනිනව.රෙද්ද උස්සනව.දවසක් ටවුමට ආව හෙළුවෙන්.වනිතා හඩ කරන ගෑනි දකිද්දි කකුල් කෙටියෙන් අල්ලගෙන පොලේ ගහන්න හිතෙනව.අර වාරියපොල ගෑනි වගෙ පිස්සු ගොන් බඩුවක් වෙන්න ඇති.නලිනුත් මේ ගොන් බඩු ප්‍රොමෝට් කරනව වගෙ මට පේන්නෙ.
Deleteමේ ගෑනිගෙ කොමෙන්ට් ආයෙත් පළ කළොත් ඔබේ හිට්ස් අඩුවෙයි නලින්
ඇනෝනිමස් කට්ටිය මගේ කතාවට උත්තර දෙන එකයි තියෙන්නේ පිටකොන්දක් තියෙනවනම්. එහෙම කරන්න බයේ කමෙන්ට් වාරනය කරවන්න ඔයගොල්ලො කවුද?
Deleteබස්සී
Deleteඔවු වාරියපොල කෙල්ල ගැන මම ආඩම්බර වෙනවා නූතන කාන්තා පරපුර වෙනුවෙන්. ඒ වගේ අය තවත් දහස් ගනනින් රටට අවශ්‍යයි.
පිස්සි තොට මීට පස්සෙ කිසිම බ්ලොග් එකක කොමෙන්ට් කරන්න ලැබෙන්නෙ නැහැ.ඇඩ්මින්ල පිස්සි ප්‍රොමෝට් කරනවනම් පිස්සිට උත්තර දෙන අයගෙ කොමෙන්ට් වල මොනව තිබුනත් ඒවත් ඩිලීට් කරන්න බැහැ.
Deleteමචංලා මං කිසිම දාක අදහස් වාරණයකට කැමැත්තක් නෑ. ඒත් හැමෝගෙන්ම මා ඉල්ලා සිටින්නේ කුණුහරුප හෝ තුන්වන පාර්ශ්වයකට අපහාස පරිභව කරන්න නම් එපා. ඕනම නං මට බැනපල්ලා. මං කාවවත් ප්‍රෙමා්ට් කරන්නේ නෑ. කොටින්ම මං වනිතා දරන මතයට ඉදුරාම වෙනස් මතයක් දරන ස්ත්‍රිවාදය පෙන්නන්න බැරි කෙනෙක්.
Deleteකරුණාවෙන් ඉල්ලා සිටිනවා අපහාසයෙන් තොරව කමෙන්ට් කරන ලෙස.
Deleteවනිතා උනත් අපි අතර ඉන්න කෙනෙක් නෙව. එයාටත් කියන්න අදහසක් තියෙනවා නං කියපුවාවේ.. හැබැයි වනිතා පොල්ල අරගෙන මරාගන්න විත්තියක් මම දැකල නැහැ. ඇය හෝ ඔහු තම මතයයි ඉදිරිපත් කරන්නේ.. අපිට පිස්සු උනත් එයාට පිස්සු නැති නිසා ඒක අවුලක් නැහැ..
Deleteවනිතාහඩ පවසන ආකාරයේ අධීපතිවාදී පුරුෂයා මතුකරන බ්ලොග්අඩවියක්
Deleteමගෙ ගාව තියෙනව අමරෙගෙ පොතක්... වෙලාවකට හිතෙනව ඒක විචාරය කරන්න... කොහෙද.... පොත අතට ගන්නකොටම මහා......... නිදිමතක් එනව.... හි හි....
ReplyDeleteසමකය වටේ යන ගමනට ඔන්න මමත් ආවා.
ReplyDeleteතාරකා වාසල මුදලි ආරච්චි මුලින්ම සිරස නාලිකාවේත් පසුව ස්වර්ණවාහිනියෙත් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වගේම පසු කලෙක නිෂ්පාදකවරියක් විදියටත් වැඩ කලා...එකල ඇය ඉදිරිපත් කරපු ඉතාම ජනප්‍රිය වැඩසටහනක් තිබුනා දැන් මට නම මතක නෑ. ඇගේ නැගණිය නදී වාසලමුදලිආරච්චි. සිරසෙ ස්ටූඩියෝ එක ඇතුලෙම ගංජා ගැහුවා කියලයි ක්ෂේත්‍රයේ ඉන්න මම අදුනන අය මට කියලා තියෙන්නෙ.
ReplyDeleteතාරකා මීට කලිනුත් පොතක් හෝ දෙකක් ලියලා තියෙනවා. අද කාලෙ ගීතයට වෙලා තියෙන වින්නැහියම මේ පොතටත් වෙලා තියෙන බවක් මට පේන්නෙ. පොත පුරාම ලිඛිත භාෂාව වෙනුවට කථන භාෂාව තමයි යොදාගෙන තියෙන්නෙ.
නදී සිරසෙ ඉදිරිපත් කරපු වැඩසටහන තරු මංසල
Deleteපොත කියවලා නැති නිසා මුකුත් කියන්න බෑ..
ReplyDeleteපොත මුලින්ම කියවන්න ඕනෑ මොකුත්ම කියන්න කලින්...මේ පෙන්නලා තියන කොටස් හැදිලා තියන පසුබිම මොකක්ද දන්නේ නෑනෙ...හරියට දේශපාලන කතාවක අවශ්‍ය කොටස් අයින් කරලා මඩ ගහන්න පුළුවන් වෙන විදිහට තව කතාවක් හැදුවා වගේ වෙන්නත් බැරි නැහැ....තාරකාගේ වෙනත් පොත් නම් කියවලා තියනවා...ඒවායෙ නම් ගතයුත්තක් තිබුණා...ඒත් දෙයක් කිව යුතුයි...සමහර අය එක දිගට ලියලා ජනප්‍රිය වෙද්දී ඒ අයට තමන් කලයුතු මෙහෙවර අමතක වෙනවා...ඉතින් ඊට පස්සෙ ලියන්නෙ තමන් තමයි මේ ලෝකෙම ඉන්න ලෝකෙම හදන්න පුළුවන් මහදැනමුත්තා වගේ....රටේ ජනතාව මෝඩ රැළක් විදිහට හිතාගෙන තමන්ට ඕන දේ ලැජ්ජාවක් විමසීමක් නැතුව එළියට දානවා...
ReplyDeleteපොත කියවීමට ආසාවක් නැත. මේ විචාරකයාගේ විචාර කියවීමට ඊටත් වඩා අකමැත්තක් ඇතිවිය. පොතෙ පෙන්නා ඇති අභව්ය දේට වඩා බොලඳ දේ විචාරයේ ඇත. උදා. දරුවන් ඇති අම්මලාට අනියම් සබඳතා අපේ සමාජයට අලුත් දෙයක්යයි පෙන්වීම. මේ විචාරකයා ලන්කාවේ වෙසෙන හෝ විසූ කෙනෙක් දැයි සැක හිතේ.
ReplyDeleteඇයි මේවා දාන්නෙ නැතුව නලීන් විචාර ලියන්නෙ නැත්තෙ? නලීන්ට පුලුවන්නෙ මීට දාස් ගුණයකට වඩා හොඳ විචාර ලියන්න.