පිංතුරය ගත්තේ මෙතැනින් |
අනෙක් ගමක් හා අප මේ කියන ගම අතර ඇති ලොකුම වෙනස නම් මේ ගමට භූමි පුත්‍රයන් නොමැති වීමයි. ලොව කොතැනක සිටිනා කෙනෙකුට වුව මේ ගමේ ඉඩං කෑල්ලක් තමන් සතු කරගන්න ට එක සතයකුදු වියදම් නොවේ. ගමේ පදිංචියට කැමැති ඕනෑම කෙනෙකු කළ යුත්තේ ඕනැම තැනකින් ඉඩං කට්ටියක් කොටු කර ගෙන තම අනන්‍යතාව හැගවෙන පුවරුවක් එල්ලා ගැනීම පමණයි. තම ඉඩං කට්ටිය තමන්ට කැමැති ඕනැම තැනකින් වෙන්කර ගන්නට ද හැකියාව ඇත. එසේ තම තමන්ට ඉඩං කට්ටි වෙන්කොට ගත් බොහෝ දෙනෙක් සතුටින්, සාමයෙන්, වලියෙන්, මේ ගමේ දිවි ගෙවති.
මේ ගමේ දිවි ගෙවන ජනී ජනයා ගේ එකම විනෝදාංශය වගාවයි. සමහරු මල් වවති, සමහරු මහානර්ඝ ඔසු පැළ වවති, තවත් අය විෂ පැළෑටි ද වවති. තවත් අය මනරම් ලතාවන් වවති. තමන්ට රිසි සේ හැමෝම හැකි පමණනින් මොනවා හෝ වවති. වගාවෙන් පෝෂිත මෙ'ගම ලස්සන වීම ඉතින් අරුමයක් ද?
කවුරුන් කොහොම වගා කළත් ඒ වගාවන් ට සාත්තු සප්පායම් කරන්නට සෙස්සෝ සැහැදී පැහැදී සිටිති. ඇතැම්හු අනෙකා ගේ වගාවට පොහොර දමති, ජලය ඉසිති. ඇතැමෙක් අනෙකකු ගේ වගාවට මිනිස් වසුරු දමා යන අවස්ථා ද නැත්තේ නොවේ. බොහෝ විට එවන් දෑ කරන්නේ සැඟවී සිටිමින් ය.
මෙ'ගම් හි වැස්සන් සතු තවත් සුවිශේෂී ම ලක්ෂණය නම් නොපෙනී සිටින්න ට ඇති හැකියාවයි. කැමැති අය පෙනෙන්න ට ආවත් ඇතැම්හු නොපෙනී සිටිති. නොපෙනී සිටිමින් වගාවන් හි පෝෂණයට උර දෙන්නෝ ද සිටිති.
මේ අතර ගම් වැස්සන් නොවන පිරිස් ද පැමිණ වගාවන්ට අත හිත දෙන අයුරු ද දැක ගත හැකි ය. ඒ අතර වගා වනසන්නන් ද නැත්තේ නොවේ.
බොහෝ විට වන්නේ ගම් වැස්සන් නොවන පිරිස් වගාවන්ට උදව් පදව් කරමින් සිට පසුව මෙ'ගමේ ඉඩම් කට්ටියක හිමි කරුවකු හෝ කාරියක බවට පත් වීමයි. එසේ සාර්ථක වූ බොහෝ පිරිස් මේ ගමේ දී අපට අද ද දැකගත හැකි ය.
වගාවට ආධුනිකයන් ට පරිණත වගාකරුවන් බොහෝ ආධාර උපකාර කරන අවස්ථා ද ඇත. එවන් උදව් පදව් ලද අය පසුව තමනට උදව් කළ උන්ගේ වගාවකට තෙලක් පෝරක් ඉසිනවා තබා කොරටුව දෙසවත් නොබලන අවස්ථා ද තිබේ. කොහොමත් මේ වගාව සහජීවනයෙන් යුතුව කළ යුතු දෙයක් බව වටහා ගත් ගම් වැස්සෝ සාර්ථකව වගා කටයුතු කරගන කල් ගෙවති.
දැන් ඔබට මහත් වූ කුතුහලයක් ඇති බව මම දනිමි. මොකද්ද මේ ගම.... ඔව් ඔබ මේ කියෙව්වේ බොගලේගම අන්දරයයි......
බොගලේගම????
ReplyDeleteබ්ලොගර් ලාගේ ගම...
Deleteමේ සයිබරේ නෙව
ගමේ නම අවුල් වගේද පොඩ්ඩියේ.....
Deleteඔන්න මහේෂ් උත්තරය දාලා...
Deleteමොන චක්‍රාවාටයේ මොන විශ්වයේ තියෙන එකක්ද බං ඔය බොගලේ ගම...
ReplyDeleteඋබට වැඩක් නෑනේ... කෑවා නං බීවා නං දෙයියනේ කියලා ගෙදර පලයං
Deleteමේ පෘථිවියේ තියන එකක් දේශෝ
Deleteඋඔ පලයන්කෝ ඇනෝ
Deleteපසුව තමනට උදව් කළ උන්ගේ වගාවකට තෙලක් පෝරක් ඉසිනවා තබා කොරටුව දෙසවත් නොබලන අවස්ථා ද තිබේ. ///
ReplyDeleteඅම්මේ හා....
හිහි... බොගලේගම අන්දරය නං පට්ට
ඔහේ නිකං හිතුණට ලිවවා මහේෂ්
Deleteලංකාවේ ද?
ReplyDeleteඕන තැනක රෙප්...
Deleteරෙපා මලා. දැන් ඉන්නේ අරුණ :D
Deleteඇයි ඌව මැරුවේ අපරාදෙනේ මචං..
Deleteපැත්ත පළාත කිව්වනම් ...... ගෝලයෙක් යවල කොටු කරගන්නව මාත් කෑල්ලක්......
ReplyDeleteවෙරළු ගහ යන ඉඩං කට්ටියක් තියනව නේද කෙන්ජිටත්
DeleteThis comment has been removed by the author.
Deleteඒකෙ වගා කරන වැල් බෝග ජාති නැගල යනව, කෙන්ජි!
Deleteප්‍රා ජේ හැමදාම අපට වතුර පෝර දාල යන කෙනෙක් නේ.... ස්තුතියි.....
Deleteමේක නම් මහා පුදුම ගමක් තමයි. ටික කාලයක් යනකොට තමයි ගමේ සුවඳ දැණෙන්න පටන් ගන්නේ.
ReplyDeleteටික කලක් වගාව කරනකොට ගුණ සුවද දැනෙනවා අරූ
Deleteබූමි පුත්‍රයෝ නෑ කියන්නෙ කොහොමද ඉන්නව.මම ඇහැටම දැක්කනෙ.
ReplyDeleteහෑ ඇහැටම දැක්කත් විශ්වාස කරන්න එපා... එහෙම අය නෑ....
Deleteඅහ් මේ අපේ සයිබර්ගම නෙව
ReplyDeleteනැතුව නැතුව...
Deleteපලිබෝධ නාශක අනතුරු සහිතයි.. ප්‍රවේෂමෙන් පරිහරණය කරන්න...
ReplyDeleteමිනී ඔළුවයි, ඇටකටු දෙකයි යටින්...
Deleteමේ දවස්වල මාතා බොහොම ප්‍රෙව්සමෙන් නේද වගාව කරගන යන්නේ. වැට කඩොලු එහෙම දාගනනේ ඉන්නේ.
Deleteහපොයි ඔව් ඔව්.. මම දරුණු කෘමි නාසකයක් ඉහලා වැටක් ගහලා තියෙන්නේ. මේ වල් සත්තුන්ගෙන වගාව ආරස්සා කොර ගන්න.
Deleteදැන්නම් වැට නෑ වගේ මං ගිහින් එන ගමන් ඒ පැත්තේ..
DeleteISP කෙනෙක් කොක්ක දැම්මොත් ගමත් එක්ක තියෙන සියලු සබඳකම් බිඳ වැටෙනව.
ReplyDeleteඅනිවා ඇනෝ...
Deleteබොගලේගම තමා ගම....
ReplyDeleteඇත්තටම ඇත දුන්න කස්ටියගේ බ්ලොග් පැත්තට ගිහින් වගාවට උදවු කරන්න බැරි වෙච්ච තවත් එකෙක් මම. පුළු පුළුවන් විදිහට පෝර වතුර ගහන්නම්, හරිය?
ඕවට ඉතිං වෙලාව විවේකය එහෙමත් තියෙන්න එපැයි...
Deleteඉඩං කට්ටිය පාළුවට ගිහින් නලින්. යන්න ඕන ඒ පැත්තේ වල් ටික උදුරලා දාන්න.
ReplyDeleteඉතිං වවමුකෝ ආයිමත්... අපි එන්නං පෝර තෙල් අරං.
Deleteමරුනෙ… මේ තියෙන ඔක්කොම ඇත්ත නොවෑ.
ReplyDeleteඅපිත් එහෙනම් ඉඩම් හිමි වැවිලි කරුවො ආ… ලේසි වෙන්නෑ. :D
හොද වගාවක් තියනවනේ ඔයාට ප්‍රියා..
Deleteබොගලේ ගම අන්දරය ඇත්තටම මේකෙනුත් නිකන් අර මල්ගුඩි දවස වගේ මරු ෆිල්ම් සෙට් එකක් කරන්න පුළුවන් නැද්ද නලින් අයියේ
ReplyDeleteමේ දවස්වල නං තිර පිටපත් තියනවා නොසැහෙන්න..
Deleteමට කියල ඉඩම් කෑල්ලක් තියෙනවමයි මේ
ReplyDeleteමං දැක්කා අද පොඩි වගාවක් දාල තියනවා ඉඩමේ..
Deleteඅඩා..... මටත් ඕනේ ඉඩං කෑල්ලක්....
ReplyDeleteඉඩං දෙකක්ම තියනවා නේද නිමෝට
Delete//සමහරු මල් වවති, සමහරු මහානර්ඝ ඔසු පැළ වවති, තවත් අය විෂ පැළෑටි ද වවති. තවත් අය මනරම් ලතාවන් වවති. තමන්ට රිසි සේ හැමෝම හැකි පමණනින් මොනවා හෝ වවති.//
ReplyDeleteනලින් මේවට උදාහරන දෙමුද
මාව අමාරුවේ දාන ප්‍රශ්න අහන්න එපා බං ඇනෝ... මේකට උත්තර දුන්නොත් කන්නයි වෙන්නේ මට..
DeleteDo you have any video of that? I'd care to find out more details.
ReplyDeleteLook at my blog :: scrap car Harpenden (vengefulva453.livejournal.com)
මෝසම් වැසි නැද්ද? ග්‍රීස්ම සෘතුව සහ වසන්තය කවදාද?
ReplyDeleteහිටපු ගමන් ඔය සුළි කුණටු එහෙමත් ඇතිවෙනවා... කාලෙකට ඉඩෝරත් ඇතිවනවා..වසන්තයත් ඇතිවෙනවා අප්‍රියල් මාසෙ වගේ කාලෙදි....
Deleteමාත් ලගදි පදිංචියට ආවෙ.ඇවිත් අමාරුවෙන් පර්චස් 10ක් කොටු කරගත්තා.වගාව පටන් ගත්තට තාම පැල තමා තියෙන්නේ.මාතලන් ගොය්යලගෙන් පොහොර සහනාදාරේ හම්බුනා.ප්‍රියාගෙන් අටම් ගෙන් වගා උපදෙස් හම්බුනා.වැඩේ නැගලා යනවා.හැබැයි අස්වැන්න ගන්න තව කල් යයි වගෙ
ReplyDelete.//මේ ගමේ දිවි ගෙවන ජනී ජනයා ගේ එකම විනෝදාංශය වගාවයි. සමහරු මල් වවති, සමහරු මහානර්ඝ ඔසු පැළ වවති, තවත් අය විෂ පැළෑටි ද වවති. තවත් අය මනරම් ලතාවන් වවති//මෙතෙන්ට වැල වරකා වගාව අඩුයි නේ
ඔව් ඒවා දිර්ඝකාලිනව කවුරුවත් වවන්නේ නෑනේ. හොද වගාවන් දෙක තුනක් අතරට මාත් ඔය වගේ වගාවන් දානවා. ඒ වෙනසකට. ඔයත් එහෙම දේවල් අත්හදා බලන්න.මාතා අටා බොහොම හොදින් උදව් පදව් කරන දෙන්නෙක්....
Deleteමරු ඉමජිනේෂන් එක...දැන් කවුද අනේ ඔය විස පැලෑටි වවන්නේ?
ReplyDeleteනම් කරලා කියන එක හරි නැනේ සයුරි. ඔයා බොහොම පැරණි වවන්නියක් නිසා මං කියන්න දෙයකුත් නෑනේ දන්නවානේ ඔයා....
Deleteමරු සංකල්පනාව නලී .....
ReplyDeleteඅඩේ මෙහෙම හරි ඉඩම් කෑල්ලක් තියනවා මදැයි මගේ කියලා ....හික්
ඕකේ මොනව හෝ හිිටෙව්වාම හිතට දැනෙන සතුට කොහොමද?
Delete///නොපෙනී සිටිමින් වගාවන් හි පෝෂණයට උර දෙන්නෝ ද සිටිති./// ඇයි නොපෙනී ඇවිත් වස දාලා ,වගාවට පළිබෝධකයෝ දාලා යන අය එහෙම ..... හොද බිජ වපුරලා ගියාම හොරෙන් ඇවිත් කිරිදී වපුරන අය එහෙම,,,
ReplyDeleteඒ ගැනත් කියවිලා තියනවා නේද අන්දරයේ..... මේ ඔහේත් දැන් වගාවන් කරන්නේ නෑ නේද, වපුරපං මොනව හරි.
Deleteකුඹුර හාල තෙල් ගහල තියෙන්නෙ නලියෝ.
Deleteතවාන් දාලා තියෙන්නේ හිටවන්න ඕනේ ඉදගෙන
Deleteමමත් යන්තම් ඉඩම් කැල්ලක් අල්ලගත්ත ඔය බෝගලේගමින්.
ReplyDeleteතාම ඉතින් පල හිටවන ගමන්. අස්වැන්න ගන්න තව ටික කාලෙකින් පුළුවන් වේවි.
අලුත් ජාතියක් හිටවපු ගමන් නලින් අයියත් ඇවිල්ල බලල යනවනේ.
ඉඩ කඩ තියන හැම වෙලාවකම මං ඉතින් යනවා ඔය වගාවන් බල බල...
Deleteමාත් කෑලි හතරක්ම කොටු කරගෙන බං තියෙන්නේ. ඩෙනිමේගම තමයි පදංචිය
ReplyDeleteහැබැට බොට එහෙම එකක් තියෙනව කියල මතකෙයි
Deleteහෙන්රි වගා කටයුතු කරන්නේ දැන් ඉදල හිටල තමා.. ඒ වුණාට අනිත් ඒවට සාත්තු සප්පායම් නම් කරනවා.
Deleteඩෙනිමේගම....පට්ට නම ඒක....
Deleteමාවත් ඔය ගමට ගෙනැත් පදින්චි කොලා එකෙක්.දැන් උ නිකම්වත් හොයල බලන්නෙ නැ මම නෙද මෙ යකා ගෙනැවෙ කියල.මට අහුවෙයි නෙ ඔකව කවද හරි
ReplyDeleteහැබැටම මොකාද ඒකා....
Deleteහැමදාම සහජීවනය බෙදාගෙන මැරෙනතුරු මේ ගමේ ඉන්නයි මමත් හිතාගෙන ඉන්නේ.
ReplyDeleteඔව් ඔව් මොන මොන දේවල් වුණත් කදිම තැනක් මේ
Deleteබොගලේගම නම් ඇත්තටම සුන්දරයි...
ReplyDeleteවිඩාව කාන්සිය නිවාගන්න හොදම තැනක්
Deleteලෝකයේ හැම තැනකම හැම දෙනෙකුගේම සංකේතයකි බොග ලේ ගම
ReplyDeleteඅනිවා සරත් අයියා....
DeleteBOGALEGAMA EKEK ADA SIYA DIVI NASAGENA LU
ReplyDeleteඒ කවුද බං ඇනෝ මචං
Deleteකකා... ගැනයි මේ කැපිටලයා කියන්නේ..
Deleteඔව් මට හිතාගන්නත් බැරිව ගියා ඒ සටහන දැක්කේ මේ ටිකකට කලින්... මොනව කියන්නද කියල හිතාගන්නත් බැරිව හිටියේ ඒ ගැන.
Deleteමූ පඹයට බයවෙලා.
Deleteහම්මෙ ...මමත් ඔය ගමේ කොණක පැල් කොටයක් අටව ගත්ත එකෙක් නොවෑ ...මෙක නම් නියමයි ...දිගටම වගා කටයුතු වල යෙදෙන එක තමයි කරන්න අමාරුම :D...
ReplyDeleteඅමාරුවෙන් හරි වගා කරමු..
Deleteබෝගලේගම වගාවන්ට හොර රහසේම පොහොර ටිකක් දමන එකෙකි මා නම්.
ReplyDeleteස්තුතියි මචං
ReplyDeleteනිතර නොවැව්වත් මටත් බෝගලේගම කොටසක් තියේ එහෙනම්...:)
ReplyDeleteනැතුව නැතුව... අපි අපට...
Deleteහිටවලා වතුර දැම්මේ නැතත් පැලවෙනවා නේද....
ReplyDeleteවෙන අය වතුර දානවා වෙන්න ඇති.... :)
පැළ වෙනවා එත් වතුර ටිකක් පෝර ටිකක් දාල තියනවා දකිනකොට පුදුම සතුටක් ඇතිවෙනවා.
Deleteමේ ගමේ ඉඩම් කට්ටියක් ගත්තට මොකද පදිංචිකාරයො හරි අඩුයි නෙව. වැඩි දෙනෙක් ඉතින් නිවාඩු ගතකරල යන්න තමා එන්නෙ යන්නෙ.
ReplyDeleteවගාව පවත්වාගන යන්න ටිකක් කැපවෙන්න ඕන තෙළිදිය
DeleteKAKA KIYANA BOGA LIYALA THIBBA HE IS COMITTING SUICIDE
ReplyDeleteඔව් කැපිටල් ඇනෝ..... බලමු කකා අලුත් දෙයක් කරාවි අනිවාර්යෙන්ම...
Deleteනලීන්ටත් කෘමිනාශක ඕනෑ වෙයි වගේ!
Deleteඅන්න නලියා ගම.............
ReplyDeleteෂුවර් ඉඩං කෑල්ලකට වග කිව්වා නේද???
කුඹුර පැත්තෙ මටත් යන්න බැරි උනා බං............!වී ටිකක් පැලරගෙනම යන්ටයි ඕන..!
ReplyDeleteවස විසෙන් තොර වගාවක් හැමෝම එකතු වෙලා කරමු නේ අය්යා..?
මං ඉතිං ඉඩංකෑල්ලක් නැති අසරණයා නෙවැ.. කුඹුරු හාන්ඩ එහෙම නගුල අදින්නේ මං තමා :D
ReplyDeleteඋඹ ඔන්න ඔහේ අපේ පැත්තේ වරෙන් , රුසියන් හන්දියේ තියෙන්නේ .... හැබැයි පුතෝ මැරෙන්න බලාගෙන වරෙන්
Deleteහා .. හා රුසියාවෙද. රුසියාවට නෙමෙයි හඳට හරි එනවා උඹ කියනවනං..
Deleteඉඩං කෑල්ලකුත් කොටුකර ගත්ත කියමුකො.වගා කොරන්ට වෙලාවක් නෑ බොලං.දැන් හිතාන ඉන්නෙ කුලියක් මලියක් දීල කාට හරි කියල වගා කොර ගන්ට
ReplyDeleteI was suggested this blog by my cousin. I'm not sure whether
ReplyDeletethis post is written by him as nobody else know such detailed about
my difficulty. You're wonderful! Thanks!
Here is my web site - Shin Splints
මමත් ඔන්න පුංචි කුඹුරු කෑල්ලක් වවනවා. අලුතින් අඳුර ගත්ත ගොයි මහත්තුරුයි ඇඹුල අරං යන මැණිකලයි සෑහෙන උදව් කරා වැඩේට . ආදා ඉඳන් සතුටින් තමයි ඉන්නේ . පුංචි හිතේ අමාරුවකට තියෙන්නේ මේ බාරගත්තු (අල්ලපු ගමේ) මේසන් වැඩ ටික නිසා වගාව හරියකට කර ගන්ටත් ගමේ කාටවත් උදව්වක් පදව්වක් කරනටත් බැරි වෙච්ච එක
ReplyDeleteකමක් නෑ කමක් නෑ හැකි විදියටනේ සේරම කරන්න ඕන...
Deleteගී පවුරෙන් ලියපු අල්මඩිත්ත ගම මතක් උනා.
ReplyDeleteහැබෑටම කෝ ඒක දැන්
Deleteමට තියෙන එකම ඉඩන් කැල්ල තියෙන්නේ ඔතන තමයි.......
ReplyDeleteමේක කියෙව්වම අර කියුබානු විප්ලවය මතක් උනා
කියුබාවේ නවෝදය නෙද ඒක
Deleteඅපූරු ලිපියක්....මේ වගේ ඔබ විසින්ම ලියන ලිපි හැකි තරම් මෙහි පල කරන්න.
ReplyDeleteවිවේක ඇති විදියට ලියනවා සිරා...
Deleteකතන්දර කොරටුව තව සෑහෙන කස්ලයක් යනතුරු පුරන් වෙන් එකක් නෑ. බොගලේගම අනිත් වගාවලින් drip irrigation සිදුවෙන්න ලින්ක්ස් දාලා තියෙන නිසා.
ReplyDeleteමෙගම් වැසියන්ගේ සදා මතකයේ තියන ඉසව්වක්නේ ඔබ නඩත්තු කළේ.... එය කෙසේ අමතක කරන්නද අපි..
DeleteMeta Description - Meta description plays the role of
ReplyDeleteattracting viewers to reach particular pages. It also ensures that the website is SEO friendly, W3C Validated, and runs smooth on all web browsers.
Website Designing Company Create Your Web Identity in just minutes, Brain - Guru offers you so much with.
Here is my web-site ... Better Jacksonville Everglade State Site Designers
බොග පිරි බොගලේගම. මම හිතා ඉන්නෙ පදිංචිය වෙනස් කරන්න ඉඩමත් විකුනල දාල.
ReplyDeleteඔබේ තියනා වටිනා ඉඩම විකුණන්න නම් එපා ඉන්දික...අනික ඔබෙන් ලැබෙන වතුර පෝර කෘමිනාශක මොන තරම් වටිනවද මේ ගම් වැසියන්නට
DeleteKidzworld has put together some safe however
ReplyDeleteenjoyable April Fools' pranks you possibly can pull in your friends and
family. Received Milk?
Stop by my web site - affordable legal ecstasy
පොඞ්ඞක් පරක්කු වුනා. ඇවිත් ගියා.
ReplyDeleteඑල ද බ්‍රා.
කියුබාවේ නවෝදය නෙද ඒක
ReplyDeleteහැබෑටම කෝ ඒක දැන්
ReplyDelete