දිස්ත්‍රික්කය - අනුරාධපුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - මිහින්තලේ
මැතිවරණ කොට්ඨාසය - මිහින්තලේ
ග්‍රාමසේවා වසම - 565, ඉහළගම තුලාන
පොලිසිය - මිහින්තලේ
ගමන් මාර්ගය - මිහින්තලේ -
ත්‍රිකුණාමලය මාර්ගයේ දී හමුවන මහකනදරාව වැවට සමගාමීව දිවෙන නෑපියගම මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ යා යුතුය .
සිතුවිලි එකිනෙක පොර බඳියි . හාත්පසින් ගස් කොළන් වේගයෙන් පසු වෙයි . සියල්ල අභිබවමින් ජල තටාග , වැව් අමුණු ද පසුවෙයි . නිල් කැට වන් පිරිසුදු , පැහැදිලි ජලාශ කොතෙක් පසු වූවාදැයි කිව නොහැකියි . ඒ , මෙහි එතරම්ම ඇත්තේ වැව් අමුණු වන බැවිනි . මේ අන් කිසිදු ඉසව්වක් නොව වැව් බැඳි රාජ්‍යය හෙවත් අනුරාධපුරයයි .
සිතේ පොර බඳින සිතුවිලි ගොන්නට රිසි සේ සරන්නට ඉඩ හරීමි . දුටුගැමුණු නරපතියාගේ යෝධයෙකු හිටි ගමන් මනසේ රැඟුම් දක්වන්නේය . ඔහුගේ තේජස , කාය ශක්තිය , බල පරාක්‍රමය විහිදූ ඔහු ජීවත් වූවා යැයි ජනප්‍රවාදයේ පැවසෙන ඉසව්ව ඔබ වෙනුවෙන් සොයා යෑම අපගේ අරමුණයි .
මේ අප දැන් ඔබව කැටුව යන්නේ වේළුසුමන යෝධයා ජීවත් වූ ගම්මානයටයි . ඒ වෙරුප්පන්කුලම නැමැති ගම්මානයයි . වෙරුප්පන්කුලම යන්නට මේ ගමට නම් වත් වීම පිළිබඳ අපූරු කතා වස්තුවක් ජනප්‍රවාදයෙන් පැවැසෙයි . දුටුගැමුණු නරපතියාණන්ට සිටි දස මහා යෝධයන්ගෙන් එක් අයෙක් වන වේළුසුමන යෝධයාට මේ ප්‍රදේශයේ වැවක් නිර්මාණය කිරීමට සිත් විය . ඔහු ඒ සඳහා තෝරා ගත් බිම් කඩෙහි උණ පඳුරු රැසක් ගහනව තිබුණේලු . උණ පඳුරු දමිළ බසින් මුංගිල් මරම් යන නමට අමරතව වේලු යන නමින් ද අරුත් ගැන්වෙයි . වැව යන්නට කුලම් වචනය අරුත් ගැන්වෙන බැවින් කාලයාගේ අවෑමෙන් වෙරුප්පන්කුලම යන නම මේ ගමට ආරෝපණය විය . මෙහි වෙරුප්පන් + කුලම් යන්නෙහි අදහස වන්නේ පී‍්‍රතිය සතුට ගෙන දෙන වැව ය .
හිරු රැස් මහ පොළොව සිප ගන්නට සූදානම් නිමේෂයේ දී අපි වෙරුප්පන්කුලම බලා පිටත් වූයෙමු . හාත්පස තැනිතලාවකි . ගම මධ්‍යය යැයි කිව හැකි ස්ථානය තුන්මං සන්ධියකි . ගමට ඇති එකම කුඩා ක්‍රීඩා පිටිය ආසන්නයේම ගමේ කුඩා දරුවන් උදෙසා ඉදිකළ ළදරු පාසලකි . අප සොයා ආ ඓතිහාසික කතාන්දරයේ පිළිරුව හෙවත් වේළුසුමන යෝධයාගේ පිළිරුව ඒ ආසන්නයේම දිස් වෙයි . ගැමියෝ තවමත් වේළුසුමන යෝධයා ගැන මහත් ගර්වයෙන් කතා බහ කරති . වේළුසුමන යෝධයාගේ මාලිගය තිබුණා යැයි සැලැකෙන ස්ථානය ද ඒ ආසන්නයේම වෙයි . අද වල් බිහිව ඇති එම ස්ථානය එදා පැවැති මාලිගයේ නටඹුන් යැයි සිතිය හැකි ගල් කණු ආදී සලකුණු තවමත් මෙහි දක්නට ලැබෙයි . තව ද මාලිගාව තිබූ තැන සිට මීටර් 200 ක් පමණ බටහිර දෙසින් යෝධයා පාවිච්චි කළ ළිඳෙහි නටබුන් තවමත් දැකිය හැකියි . ගම්මානය හරහා වැටී ඇති මාවතේ දිවෙන එකම බස් රථය එනතුරු කල් මරන මඟීන් කිහිපදෙනෙකි . උක්කු අම්මා මාතාව බස්තමක් රැගෙන ඉදිරියට එන්නේ බස් රථයේ නැඟී ගමනක් යෑමටයි . අප හා දොඩමලු වූ ඈ ගමට ආ අමුත්තන් වූ අපව සෙනෙහෙ සිතින් පිළිගත්තාය . යන ගමන මඳක් පසු කරමින් ඈ තුරු සෙවණක් වෙත අපව කැටුව ගියේ ගමේ වත ගොත දෙඩීමටයි . ඇගේ උපන් ගම වන වෙරුප්පන්කුලම වෙත ඈ දක්වන්නේ මහත් ස්නේහයකි . වයස අවුරුදු 80 ද ඉක්ම වූ ඈ තවමත් නිරෝගීය . ඉතාම සරල ඇවැතුම් පැවැතුම් සහ ජීවන ශෛලියකට මුහුණ දුන් ඇය එදා පටන් තවමත් ජීවත් වන්නේ කටු මැටි ගසා තැනූ නිවසකය . නගරයේ අහස උසට මන්දිර මැවෙද්දී මොවුන්ගේ ජීවන රිද්මය කොතරම් පරස්පර විරෝධී දැයි සිතේ . මොවුන්ට ඇත්තේ දෑතේ සවියත් , සිතේ දිරියත් පමණකි . ගම හරහා දිවෙන එකම බස් රථය නොපැමිණෙන බව මඟීන් වටහා ගන්නේ වෙනදාට බස් රථය පැමිණෙන කාල හෝරාව ඉක්මවා ගොස් ඇති බැවිනි . උක්කු අම්මා මාතාව තමා ලක ලෑස්ති වූ ගමන නවතා දමා ඇඳුම් කඩමාලු කිහිපයත් ඇකයේ ගැට ගසා ගනිමින් බස්තමක් රැගෙන වෙරුප්පන්කුලම වැව වෙත පිය නැග්ගාය . මිනිසුන් ලෙසින් උපත ලබන සත්ත්වයන්ට ඉරණම විසින් ලබා දෙන ත්‍යාගය මේ මිනිසුන්ටත් අඩු වැඩි වශයෙන් හිමි බව සත්‍යයකි . දුක් කරදර කම්කටොලු කර පින්නා පොදි බැඳගෙන දුගී පැලක උපත ලබන්නේ දරිද්‍රතාවයෙන් තවත් බැට කන්නට ඉඩ හසර ලබා දෙමිනි . නිශාන්ත එවන් දරුවෙකි . සුන්දර ළමා ලෝකයේ සරණා ඔහුට ජීවිතයේ බොහෝ දෑ දුරස් කොට හමාරය . එහෙත් ඔහු තුළ කිසියම් උතුරා යන අහිංසක ළ ’ ගන්නා මිනිසත් බවක් , අන් සැමටම වඩා සැඟව ඇති බව අපට පසක් විය . ප්‍රථමයෙන්ම අප දුටු ඔහු සිය ගෙපැල තුළට වැදී පැදුරු ආණක් තුළ සැඟව ගත්තේය . අප කොතරම් ඇවිටිලි කළ ද ඔහු සභාවට නාවේය . සියල්ල අබිබවා මා දැක්වූ ළෙන්ගතු ප්‍රතිචාරය මධ්‍යයේ ඔහු සැකයෙන් හා කෝල ගතියෙන් අප අභිමුවට ආ ආකාරය මතකයෙන් ගිලිහී නොයයි . අප පෙනෙනා දුරක සිට අප පසුපස ගම වටා එන්නට ඔහු සමත් විය . ක්‍රමයෙන් , ක්‍රමයෙන් ඔහු අපේ මඟ පෙන්වන්නා විය . ගම මධ්‍යයේ සිට වෙරුප්පන්කුලම වේළුසුමන රජමහා විහාරය ඇත්තේ කිලෝමීටර් 2 ක පමණ දුරකිනි . අප රථයට නැඟ එහි යෑමට ඔහුට කොතරම් ඇවිටිලි කළ ද ඔහු රථයට නොනැග්ගේය . අපි වාහනයේ නැඟී පන්සලට පියෑඹුවෙමු . රථය පන්සල් භූමියේ නතර විය . නිශාන්ත දරුවා සිය නිරුවත් දෙපා මතින් ගිනි අව් කූටකේ අප සොයා දිව ආ ආකාරය ම ’ හද පාරවන්නට සමත් කරුණකි . කටුකලියාව සිට අනුරාධපුරය දක්වා දිවෙන එකම බස් රථය ගැන විශ්වාසය නොතබන මෙහි වැසියෝ සිය ගමන් බිමන් සඳහා පා පැදිය හා යතුරු පැදිය භාවිතා කරති . කලට වැටෙන අහස් දියත් , වැව් දියත් ලබා ගෙන ගොවිතැන් කරන ගම්වැසියෝ සරල දිවි පෙවෙතක් ගත කරති . තල විශේෂයෙන් මෙහි වගා කරති . ඊට අමතරව ඉරිඟු වගාවත් , වී ගොවිතැනත් , එළවළු වගාවත් සරුසාරය . ගෙවතු වගාවේදී දෙහි , දොඩම් කුලයේ පලතුරු විශේෂයෙන් සෑම නිවසකම පාහේ දක්නට ලැබේ . යල සහ මහ කන්න දෙකේදී සිය වගා කටයුතුවල නිරත වන වැසියෝ අස්වැන්නෙන් ලැබූ අග්‍ර කොටස් විෂ්ණු දෙවියන්ටත් , පුල්ලෙයාර් දෙවියන්ටත් වෙන් කරති . සාරවත් අස්වැන්නක් ලබා දෙන්න යැයි දෙවියන්ට භාර හාර වී ලැබූ අස්වැන්නෙන් අග්‍ර කොටස මේ ආකාරයට පූජා කරන්නේ ඉතාම බැති සිතිනි . ගමේ කෙළවර ඇති දේවාලයට හෝ වෙරුප්පන්කුලම වේළුසුමන රජ මහා විහාරයේ ඇති දේවාලයට හෝ මේ භාර හාර ඔප්පු කරති . වෙරුප්පන්කුලම වැව් දියෙන් වෙරුප්පන්කුලම කෙත් වතු සාර වෙයි . වැව් දිය ලබා ප්‍රාණවත් වන කෙත් වතු ගැමියන්ට මහත් ඵල ලබා දෙයි . වැව කෙරෙහි ගැමියෝ මහත් භක්ත්‍යාදරය දක්වති . වැවට අධිපති අයියනායක දෙවියන්ට වසරක් පාසා පුද පූජා පවත්වති . ගැමියෝ සියලු දෙනා කතිකා කරගෙන නියම කරගත් දිනයේ වැව ඉස්මත්තට පැමිණ කිරි උතුරවති . අනතුරුව වැව් ජලයට වෙඩිල්ලක් තබති . ඉන් හැඟවෙනුයේ ශබ්ද පූජාවක් කොට වැවට අධිපති දෙවියන් අවදි කිරීමයි . අනතුරුව කවුරුත් එකතු වී හඬ නඟා වැව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටිති . වෙල් විදානේගේ මූලිකත්වයෙන් මේ කාර්යයන් සිදු කෙරේ . ගමේ පවුල් 350 ක් -400 ක් අතර ප්‍රමාණයක් ජීවත් වන අතර , කුඩා දරුවෝ වෙරුප්පන්කුලම ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබති . ඊට අමතරව ඉහළ අධ්‍යාපනයට යොමු වෙන අතළොස්සක් දරුවෝ තම්මැන්නාව , මිහින්තලේ හෝ අනුරාධපුරය පාසල්වලට ගොස් අකුරු කරති . ගැමියන්ගේ ප්‍රධාන ආර්ථික මාර්ගය ගොවිතැනය . රජයේ රැකියාවල නිරත නිලධාරීන් ඇඟිලි ගැනිය හැකි ප්‍රමාණයකි . පාසල ළමුන්ගේ ඥානය වැඩීම වෙනුවෙන් ඇති එකම අධ්‍යාපන ආයතනය වුවද , පාසල් ළමුන් ප්‍රමාණය ද ඇඟිලි ගැනිය හැකි ය . තම තමන්ගේ දැනීමේ ආකාරයටත් , පාරම්පරිකව ඉටු කරගෙන එන කුල සිරිත් අනුගමනය කරන සාමාන්‍ය ජනතාවක් වෙසෙන වෙරුප්පන්කුලමට ග්‍රාම නිලධාරී මහතෙකු නැත . අවට ඇති ගම්මාන 05 ( තුලාන ) ටම සිටින්නේ එක් ග්‍රාම නිලධාරිවරයෙකු පමණි . වර්තමානයේ කූ . ප . නි . ස හා සමෘද්ධි නිලධාරී අතරේ ග්‍රාම නිලධාරිවරයෙකුට පැවරී තිබූ රාජකාරී කටයුතු බෙදී ගොස් ඇති බැවින් ග්‍රාම නිලධාරී කෙනෙකුගේ අවශ්‍යතාව කෙරෙහි ද ගම්මු එතරම් තැකීමක් නොකරති . ගමේ සියලුම දෙනා ඥාතීහුය . ඥාති බන්ධනය හේතුවෙන් තවමත් ගමේ පැරැණි හෙළ චාරිත්‍ර වාරිත්‍ර යහමින් ඉෂ්ට , සිද්ධ වෙයි . කෙසේ වෙතත් කාලයේ හා යුගයේ චලනයන් මේ ගමට ද ප්‍රවිෂ්ට නොවූවා යැයි සිතිය නොහැකිය . සියලු සාධක උඩුගම් බලා නොගිය ද අධ්‍යාපනය , සෞඛ්‍ය , යටිතල පහසුකම් , ප්‍රවාහනය , මාර්ග පද්ධතිය යනාදී හේතු සාධක හේතුවෙන් ගැමියන්ගේ ජීවන රටාව එකතැන කැරකෙන අයුරු ද රහසක් නොවේ . තරුණ ජීවිත නඟා සිටුවීමට අවැසි දිරිය දීමට සෘජු මාර්ගයක් නැති වීමෙන් ඔවුහු පරිහානියට යෑමත් කරණකොට ගෙන මත්ද්‍රව්‍ය වැනි ව්‍යසනවලට ඇදී ගොස් ඇති ප්‍රවණතාවය ද නොකියාම බැරිය . ඒ කෙසේ වෙතත් සියලු යථාර්ථවාදී යාන්ත්‍රණය දෙස මැදිහත් සිතින් බලා උපේක්ෂාවෙන් පසු වන තරුණයෝ ද සිටිති . මරණාධාර සමිතිය , ගොවි සංවිධානය , විහාරස්ථාන දායක සභාවේ සමිතිය යනාදී පොදු කාර්යය උදෙසා පිහිටුවාගත් සමිති සමාගම් ගම තුළ පවතී . සියලු ගැමි ලියෝ එදිනෙදා ගෙදර දොර රාජකාරි කටයුතු කිරීමත් , දරුවන් හදා වැඩීමත් හැරුණු කොට අස්වැන්න නෙළන කාලයට ඒවාට පූර්ණ අත් උදව් ලබා දෙති . සෑම නිමේශයකදීම ලොව සියලු දෙනා , සියලු දෑ චලනයන්ට හා වෙනස්වීම්වලට බඳුන් වෙයි . විටෙක ඒවා භෞතික වශයෙන් දිස් වුව ද අධ්‍යාත්මික දෑ කවදත් සැඟව ගනී . වෙරුප්පන්කුලම ද එසේමය . කාලයේ තාලයට ගැටෙමින් , හැප්පෙමින් වෙනස් වීමෙන් බොහෝ සංසිද්ධීන්ට මුහුණ පායි . මේ සියලු දෑ එහි වෙසෙන්නන්ගේ ජීවිත හරහා ද ගමන් කරයි . කාලයේ වැලි තලාව කාටත් උස් පහත් භේදයකින් තොරව සලකද්දී වෙරුප්පන්කුලම උඩුගම් බලා පිහිනන්නේ ද නැත . කෙසේ වෙතත් වේළුසුමන යෝධයා පිළිබඳ අතීත ආවර්ජන රැසක් හෙළි කළ සුන්දර වෙරුප්පන්කුලමට සමු දිය යුතු කාල හෝරාව ඉතා ඉක්මනින් අප සොයා ආ බව නම් සත්‍යයකි .

අපේ මහා සංස්කෘතික උරුමය ලොවට හඬ නඟා පවසන්නට ඇති ඓතිහාසික උරුමය රැඳි ඉසව්වයි . අපේ මුතුන් මිත්තන් මහත් අභිමානයෙන් ලොවට විස්මිත දායාද තිළිණ කළ මේ මහ පොළොව මතුපිට ඔවුන්ගේ පා සටහන් කොතරම් තැබෙන්නට ඇත්ද ? ඔවුන්ගේ අධ්‍යාත්මික ලෝකය කොතරම් ශිෂ්ට වන්නට ඇත්ද ? අහස උසට තැනුණු ලොවම මවිත කළ අග්‍රගණ්‍ය විශිෂ්ට නිර්මාණ තවමත් අපට දැක බලා ගැනීමට හැකි අයුරින් දිස්වීම කොතරම් විස්මය ජනකද ? මේ සියල්ල අද එහි ඇති මහා පෞරුෂය අප තවමත් මවිත කරවන බව ලොවම සක්සුදක් සේ දන්නා සත්‍යයකි . මහා පතාක පර්වත මටසිලුටු කොට ඉතා සියුම් කැටයම් කළ ගල් වඩුවා කෙරෙහි මහද උපන්නේ මහත් ගර්වයකි . ඔවුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහ පොළොවත් , ඔවුන් කළ නිර්මාණ රැඳි ඉසව්වත් සොයා යන්නට තරම් අපි භාග්‍යවන්තයෝ වූයෙමු .

ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
සැක් ගිහින් නෑනේ :( :(
ReplyDeleteමී ළඟ අනුරාධපුර චාරිකාවේ දි යන්න බලන්න.
Deleteපිළිරුව දැක්ක ම නම් යෝධයෙක් වගේ නෙමේ :-))
ReplyDeleteදැන් කාලේ යෝදයෝ හදපු පිළිරුවක්නේ දිලිනි.
Deleteප්‍රශ්න කරන්නන්ට පිළිතුර,
ReplyDeleteකුරුලු සමඟින්ම අස්වීමේ මේල් එක දැමු අනෙකා මමය. මමද එදින අස්වීමට හේතුව අයිෂ් නැමැති බස් රේඩියෝ සාමාජිකාව විසින් මේල් එකක ගෙන ගිය වැඩසටහන් සතියක් ඇර සතියක් කරනවා නම් නොකරම නිකා ඉන්න ලෙස පැවසූ දේ නිසා මට රාජකාරියත් සමග වැඩසටහන් කර සංස්කරණය කර ගැනීමට ඇති අපහසුතාවය නිසාමය.
දෙවන කරුණ ලසිත නැමැති බස් රේඩියෝ සාමාජිකයා විසින් මාකට් වීමක් ගැන අදහස් ගෙන යාමය. කුරුලු පැවසූවා සේම මට බස් රේඩියෝවෙන් මාකට් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මා බස් රේඩියෝව මාකට් කලා කීවා නම් එය නිවැරදිය. බොහෝ අසන්නන් පිරිසක් සහ බොහෝ මිනිසුන් සංඛයාවක් හදුන්වා දුන් බව ඇත්තය. මම නිසා බස් අහන්න ඇබ්බැහි වුන මිනිසුන් බොහෝය. එය උනුන්ගේ හදවත් දන්නවා ඇත.
අනෙක බස් රේඩියෝවෙන් මාව නම් මටත් හොරා මාකට් කර ඇති බවට තව දෙයක් නම් මම එහි සාමාජිකත්ව දරන කාලයේදිම මටවත් නොදන්වා මගේ මිතුරෙකුගේ වෙබ් සයිට් එකකට ඔබේ වෙබ් පිටුවේ මෙන්න මේ කතාව ලියන කෙනා අපේ බස් රේඩියෝවේ සාමාජිකාවක්. ඉතින් අපේ බස් රේඩියෝ ඇප් එකක් ඔබ සයිට් එකට දමන්නට හැකිදැයි කියා අවසර ඉල්ලා යවා ඇත. ඒ ගැන මගේ මිතුරා මට දුරකථනයෙන් පවසන තුරු බස් රේඩියෝවෙහි කිසිවකු කිවේ නැත. මම ඔවුන්ගෙන් ඇසුවාට පසුය මට කිවේත්... ඉදින් එදින මා කිවේ මින්පසු දෙයක් කරනවා නම් නම සදහන් කර මට කියන ලෙසය.
මා අස්විම දි සිටියදිම පුද්ගලිකව අයිෂ් නමැති බස් රේඩියෝ සාමාජිකාව සමග කතා කරද්දි අවංකවම මට මගේ අසන්නන්ට මං බස් එකෙන් බැස්සා කියන්න බැහැ දුකයි. ඒ අය පවු. මම නිසා බස් අහන්න ආවෙ කියා කියුවෙමි. ඇය මා නැවත රැදෙන ලෙස කියු නිසා සහ මා පැත්තට වැඩි බර කළ නිසාම හිත හොද වැඩිකමටම මා ඔහේ රැදි සිටියෙමි. එහෙත් ඉන්නම් වාලෙ කාලය ගෙවුවෙමි. ඒ අතර තුරත් ඔවුන් රහස් ඡන්ද තියා ඇතුලින් කරන කියන දේ මා දැන ගත් සැනින් තවත් මෙවැනි කුහුක මිනිසුන් ළග රැදි නොසිටිය යුතු නිසාම මම අයින් විය. එහෙත් අයින් විමට මේල් එක දැමුවිට එය ෆේල් විය. එනම් මා එම සමුහ ගෘපයෙන් නොදන්වාම ඉවත් කර ඇත. අඩුම තරමින් ඉවත්කළ බව කියන්නට තරම්වත් මැනර්ස් ඔවුන් දැන නොසිටියෙහිය. ඒ ගැන දැනගෙන මා පුද්ගලිකව අයේෂට සහ නෙරංජි කියන සාමාජිකාවන්ට පැවසු විට එදින හවස තුනයි ගානට මට මෙතෙක් කල් රැදි සිටියට ස්තුතියි කියා දන්වා එවා තිබුණි.
ඉදින් මා අයින් වුවත් පාඩුවේ නිහඩවම සිටියෙහිය. මන්ද එය අහන්න ගිය මගේ මිනිස්සුන්ට මම නැහැ කිය කියා අණබෙර ගසා අසන එක් අයෙක් හෝ අඩු කරන්නට මා අකමැති වු නිසාය. මේ සියල්ලම හදවතින්ම අවංකම සිදු වු දේවල්ය. මා අප්‍රමාණව බස් රේඩියෝවට ලෙංගතුවිමය. එහෙත් ඊට දින කිහිපයකට පසු මගේ පවුලේ අයෙකුට වෙනත් අයෙකුගේ මාර්ගයෙන් මේල් එකක් යවා ඇත. කුමක් යැවුවාද කිසි දෙයක් මම නොඇසුවෙහිය. එයද මා දැන ගත්තේ එම පවුලේ අදාල පුද්ගලයා මට ඉතා තදින් පණිවිඩයක් එවා තිබුණ නිසාය. එසේ නොවුනා නම් මොවුන් මෙයත් රහසින්ම ගිනි අවුලවා බලා සිටින අය වනවාය.
ඇනෝ මචං මොකක්ද මේකේ තේරුම. මං මේ කමෙන්ට් එක කකා ගේ බ්ලොගයෙත් දැක්කා. ඒත් මට අග මුල නොතේරේ.අනික කියන්න ඔබ කවුද?
Deleteඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.
Deleteඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.
අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.
ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.
( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )
දිනිති අක්කාට සිදුවූ දෙයට ඔබ විරුද්ධද? එසේනම් ඉහත කොමෙන්ටුව සෑම බ්ලොගයකම ෂෙයා කරන්න.....
Deleteමොකක්ද දිනිතිට සිදුව ඇත්තේ.... දන්න එකෙක් හරි විස්තරයක් දාපල්ලකෝ.
Deleteදෙමළ නිජ බිම.....
ReplyDeleteහරියටම කිව නොහැක.
Deleteඅයියෝ මේකත් අපේ පැත්තනේ..හැබැයි නම වත් අහල තිබුනේ නෑ :( ඕනේ එකක් සමකය වටේ
ReplyDeleteබැචාලත් එක්ක ගිහින් එන්න හොඳම තැනක් රුවෝ... ඔතන ඉදන් අත ළඟ දුර
Deleteපිළිරුව නම් යෝධයෙක්ගේ වගේ නෙවෙයිනේ.. O.o
ReplyDeleteහික් ඒකනම් ඇත්ත තමා
Deleteපබිලිස් කලාටයි ලීවාටයි සියලු දෙනාටම ස්තූතියි...
ReplyDeleteකියෙව්වටයි ප්‍රතිචාර දැක්වුවටයි වනවදුලටත් ස්තුතියි.
Deleteබොහොම ස්තුතියි..තව පින්තුර ටිකක් තිබුනානම් නියමයි.
ReplyDeleteපින්තූරනම් ගොඩක් තියනවා ඒත් අප් ලොඩ් වෙන්න වෙලා ගිය නිසා නොදැම්මේ.
Deleteමම බැලුවේ නලී අයියගේ බ්ලොගට නම දැම්මේ කවුද කියලා, "සමකය වටේ" මේ වගේ ලිපි කියවනකොට මතක වෙන පලවෙනි කාරනාව තමයි බ්ලොගටම ගැලපෙන නම, නමටම ගැලපෙන බ්ලොග.
ReplyDeleteනම නම් ඉතින් මගෙම තමයි ඉවාන්.....දැන් නම් නමේ අරුතට වෙනස් ලිපිත් මේකේ යනවා...
Deleteවිස්තරය කියෙව්වාම නම් යන්නම හිතෙනවා . මාත් නොගිය පලාතක් . දුෂ්කර වුවත් තාම ගැමිකම රැඳුන සුන්දර ගම්මානයක් වගේ .
ReplyDeleteවෙරුප්පන්කුලමට ගිහින් නැහැ ත්‍රිකුණාමලය මාර්ගයේ දී හමුවන මහකනදරාව වැව පහු කරගෙන ඊට ටිකක් ඉදිරියට යනකොට හමු වෙන සිප්පුකුලම කියන ගමටනම් ගිහින් තියෙනවා.බොහෝම සරල විදියට ජිවත් වෙන මිනිසුන් ඉන්න පළාතක්.
ReplyDeleteඅය්යන්ඩ්..මගේ ඉපදුන ගම අනුරාදපුර නොඋනට මම ගම විදහට එහෙ සළකන්නේ ඔය කියන පරෝඋඩත්වය නිසාමයි. ඔයා ලිපියකින් අනුරධපුරය ගැන කල අගය කිරිමට මගේ උපහාරය.
ReplyDeleteජයවේවා
ඉතාමත් වැදගත් ලිපියක්....මම පහු ගිය දවසක කියෙව්වා...පියසේන කහඳගමගේ මහත්මයාගේ පොතක් .....රන්වන් කරල්....වී ගොවිතැන හා බැඳුණු බොහෝ නොදත් සිරිත් විරිත් එහිදී කියවන්නට ලැබුනා....මේ ලිපිය තුලින් ඒ මතකය නැවත වැඩි දියුණු වුනා...නොගිය තැනක් ...ඊළඟ වතාවේදී යන්න ඕන...
ReplyDeleteවැදගත් වටිනා ලිපියක් !
ReplyDeleteyodaya gana naha anik okoma gana tynwa niyamai
ReplyDelete