2013-02-11

පාට වැහි ඉවරයි මෙන්න දැන් රත්තරන් වැහි



පාට වැසි ගැන හැම තැනින්ම අහන්න දකින්න ලැබුණනේ . ඔන්න දැන් රත්තරන් වැස්සක් ගැනත් අලුත්ම කතාවක්. හැටන් ගාමිණිපුර ප්‍ර‍දේශයේ නිවසකට වර්ෂාවත් සමග ලෝහ කොටස් පතිතවී තිබේ.රත්රන් වර්ණයෙන් සමන්විත වු මෙම කුඩා ලෝහ කොටස් මුං ඇටයක් තරම් වේ.



වර්ෂාවත් ආරම්භ විමත් සමගම කිසියම් දෙයක් තම ශරිරිය මතට පතිතවීම නිසා ඒ පිළිබදව අවධානය යොමු කිරිමේදි කාන්තාවක් විසින් මෙම ලෝහ කොටස් සොයාගෙන ඇත. ඒ සමගම තම නිවස ඉදිරිපිට මිදුල පුරා එවන් කොටස් විශාල සංඛ්‍යවත් තිබු බවත් ඇය ඒ සියල්ල අහුලා ගත් බවත් පවසයි.තරමක බරකින් සමන්විත අතර වෙනස්ම හැඩයක් ගනි.
මෙම කොටස් පරීක්ෂණ සඳහා යොමු කොට ඇත.

චන්දන ජයවීර

9 comments:

  1. මෙතන ඉදන් කිලෝමීටර් 100ද කොහිද, යන්න ඕනි බාල්දියක් අරන්.. :D

    ReplyDelete
  2. ආශ්චර්යය ! දෙයියනේ ආශ්චර්යය. ඕන් එච්චරයි මදි පාඩුවට තිබුනෙ.

    ReplyDelete
  3. සිංහල අවුරුද්ද කිට්ටු කරල වහිනවලු "අරක්කු"වැස්සක්.බයිට් & shandy වලට විතරයි ගාන යන්නෙ.

    ReplyDelete
  4. ලෝක විනාසෙට කලින් රන් රිදී මුතු මැණික් වැස්සක් වහිනවළු..... හම්මියෝ......

    ReplyDelete
  5. මේ යන විදිහට ඊළඟට කඩු කිණිසි බෝම්බ වගේ වැහිත් වැටෙයිද මන්දා

    ReplyDelete
  6. මේවා නම් ස්වභාවිකව සිද්ධ වෙන දේ කියල හිතන්න අමාරුයි..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.