2013-01-08

ගම්පහ ‘අඹසෙවණ’ අයිතිකරුට පුතා මිරිස් ගලෙන් ගසා මරාදාලා


updating news

* බහින්බස් වීමක් හේතුවට මුල් වෙයි
* මුද්දකුත් උස්සන් පුතා පැන ගිහින්









ගම්පහ කුමාරතුංග මාවතේ “අඹසෙවණ” ගෙස්ට් හවුස් ආයතනය පවත්වාගෙන යමින් සිටි යූ. පී. වික්‍රමරත්න (53) හැවිරිදි ව්‍යාපාරිකයා පසුගිය 7 දින දහවල් 1ට පමණ එම ආයතනයේ තුන්වැනි මහලේ පුටුවක් මත නින්ද ගොස් ඇති අවස්ථාවක මියගිය අයගේ පළමු විවාහයේ පුතකු විසින් මිරිස් අඹරන ගලකින් හිසට ගසා බරපතළ තුවාල සිදුකොට පලාගොස් ඇත. තුවාලකරු ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලටද, ඇතුළත් කිරීමෙන් පසු හෙතෙම මියගොස් තිබේ.
මියගිය ව්‍යාපාරිකයා හා ඔහුගේ පුතා අතර පසුගිය 06 වැනි දා බහින්බස් වීමක් සිදුවී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙයට අමතරව සැකකරු ව්‍යාපාරිකයාගේ ‘කබඩ්’ එකක තිබූ රත්රන් මුදුවක් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටී.
------------------------------------------------------------------------------------------------------------------------------
නිමල් ජයසිංහ

4 comments:

  1. නියම දරු පෙමක්නෙ. මේ වගේ ආදර්ශමත් කතා බොහොමයි නේ ලංකාවෙ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හපොයි අපේ රටට ගිය කල!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.