2012-12-06

රන් බඩු සොරු පැය හතරෙන් දැලේ


මිහින්තලය නගර මධ්‍යයේ පිහිටි රන් ආභරණ වෙළදසැලක් බිද රුපියල් ලක්‍ෂ හතරකට වඩා වැඩි වටිනාකමකින් යුතු රන් ආභරණ සොරකමී කල ඊට යාබද ආපන ශාලාවේ සේවය කෙළ තරුණයන් දෙදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් සැකපිට 05 දා සවස අත්අඩංගුවට ගෙන ඇත. 





සැකකරුවන් දෙදෙනා රාත්‍රියේ රන් ආභරණ වෙළදසැල බිද ඇති අතර පැමිණිල්ල ලැබී පැය 04 ක් ගත වීමටත් මත්තෙන් මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වෙළදසැලේ හිමිකරු සිද්ධිය සමීබන්ධයෙන් මිහිනත්ලය පොලීසියට පැමිණිලි කර ඇති අතර එම ස්ථානයට පැමිනි මිහින්තලය පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ ආරමීභ කර ඇත. රන් ආභරණ වෙළදසැල අසල වු ආපන ශාලාවෙහි සේවකයකුගේ හැසිරීමී රටාව නිරීක්‍ෂණ කල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඔහු පිළිබදව විශාල සැකයක් ඇති කරගෙන ඇති අතර ආභරණ වෙළදසැල් භූමියේ පරීක්‍ෂා කරද්දී රන් පෙන්ඩනයක් ගසක් යට වැටී තිබෙන අයුරු දැක ඒ ඔස්සේ පරීක්‍ෂණ සිදු කර සොර බඩු හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
---------------------------------------------------------------------------------
buddhika mahehs - බුද්ධික මහේෂ්



6 comments:

  1. ඉඳල හිටලා හොඳ වැඩත් කරනවා නේද මාමලා

    ReplyDelete
    Replies
    1. කරන්න බැරි දෙයක් නෑනේ මලේ.

      Delete
  2. රෙස්ටුරන්ට් එකේ උන් පොඩි හොරු දෙන්නෙක් වෙන්න ඇති... ජ්‍යාත්‍යන්තර හොරු නම් ඔ‌ෙහාම අල්ලන්න හම්බු වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නම් අපේ පොලිසිය ඕන දෙයක් හොයන්න තරම් සුපිරියි.

      Delete
  3. හ්ම්ම් අපේ පොලිසිය දක්ෂයි...හරියට ඉන්නවනම්

    ReplyDelete
    Replies
    1. අති දක්ෂ නිලධාරීන් ඉන්නවා සයුරි

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.