2012-11-22

වියට්නාමයේ තල්මස් දෙවියෙන්ට පුද පුජා


වියට්නාමයේ ධීවරයන් කා ඔං යන නමින් හඳුන්වන තල්මස් දෙවියෙක්ට පුද පුජා පැවැත්විමේ සිරිතක් අනුගමනය කරති .මෙම උත්සවය පවත්වනු ලබන්නේ ලයි සොන් දුපත ආසන්නයේ

නිල්කැටයක් මෙන් දිදුලන මුහුද ආසන්නයේ පිහිටි මනරම් ටාන් සිද්ධස්ථානයේයි .මාසයක් පමණ දිග මුහුදු ගමනක යෙදිමට සුදානම්වන ධිවරයෝ ඊට පෙර මෙම සිද්ධස්ථානයේ තැන්පත් කර ඇති යෝධ තල්මස් ඇටසැකිලි දෙකකට පුද පූජා පවත්වති .
මුහුදු චාරිකාදි යම් අනතුරකට මුහුණ පැමට සිදුවුව හොත් මේ තල්මසුන් දෙදෙනා ඔවුන් ගේ පිහිටට එන බව ධීවරයෝ විශ්වාස කරති .තවද හොඳ මසුන් අස්වැන්නක් ලබා ගැනිමටද ඒමගින් වාසනාව උදාවන බවද ඔව්හු විශ්වාස කරති .මෙම ඇදහිල්ල වියට්නාම් රජය විසින්ද අනුමත කළ ඇදහිලි ක්‍රමයකි.

ටාන් සිද්ධස්ථානය සංචාරකයන් ආකර්ශනය කර ගැනිමේ ස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරිමට එරටරජය සැලසුම් කර තිබේ .

4 comments:

  1. මෙහෙමයි... කියවනකොට නිකං මැජික් වගේ උණාට අපේරටෙත් මේවගේ ඒව තියෙනවා.. ඒ මිනිස්සු ළඟ ඔය වගේ විශ්වාස තියෙන්නෙ නිකං නෙමෙයි.. සාධාරණ හේතු ඇතිව..
    හැබැයි ඒක සංචාරකයින්ට විකුණනවනම් ඒක වැරදියි

    ReplyDelete
    Replies
    1. අනිවා යාන්ත්‍රිකයා...

      Delete
  2. බින්දි, මේක දකීවිද දන්නෑ මල්ලි, විස්තරේ කියාවි හරියටම එයා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.