2012-11-26

කාසල්රි හදිසි දොරටු ඇරේ


මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමග ජලාශ ජල මට්ටම පිටාර මට්ටම දක්වා  ඉහල ගොස් තිබේ. කාසල්රි ජලාශයේ හදිසි ජලය බැහැර කිරිමේ කවුළුව(වෑල් විව්) විවෘත කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලය පියවර ගෙන තිබේ. 25 දා රාත්‍රි 11.30ට පමණ මෙම ජලය බැහැර කිරිමේ කවුළුව  සියයට 25න් පමණ විවෘත කරිමට පියවර ගැනීම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටමද තරමක් ඉහළ මට්ටමක පැවතින.






කාසල්රි ජලාශයේ උපරිම ධාරිතාව ජල ඝන අක්කර අඩි 48 600 ක ප්‍රමාණය ඉක්මවා ජලය ලැබි ඇත. ලක්ෂපාන ජල විදුලිය බලාගාර සංකිර්ණයට අයත් ලක්ෂපාන,නව ලක්ෂපාන,විමලසුරෙන්ද්‍ර,කැණියෝන් හා පොල්පිටිය යන විදුලිය බලාගාර වල උපරිම ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කිරිම ද සිදු කෙරෙමින් පවති.

CHANDANA  JAYAWEERA / චන්දන ජයවීර

8 comments:

  1. අනේ මාත් ආසම සබ්ජෙක්ට් එකක් ෆොටෝ ගහන එක :)
    මේ පැත්තෙත් ගොඩක් වැවූ වාන් දාලා :)

    ReplyDelete
    Replies
    1. ඉතින් අරගන්නකෝ අපටත් පේන්න ඒවා දාන්න.

      Delete
  2. වික්ටෝරියාව තාම උපරිමේට පිරිල නෑනේ මෙච්චර වැස්සට.. මං ඒ අහළ පහළ නිසා කියන්නෙ.. ඔයිට වඩා ලස්සනයි වාක්ටෝරියාව පිරුණම..
    aයාන්ත්‍රික සිතිවිල්ල

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අපිත් බලාගන ඉන්නේ වික්ටෝරියා දොරටු අරිනකම්.

      Delete
  3. Replies
    1. මෙහේ වැහි ඔහේ පායනවා එහෙම නේද

      Delete
  4. ලස්සන පොටෝ ටික... හැබැයි මම නම් පෞද්ගලිකවම රංදෙණිගට ආසයි...

    ReplyDelete
    Replies
    1. රන්දෙණිගල ගොඩක් ලස්සන තැනක් තමා

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.