2012-09-21

මේ අපේ හිතවතෙකු ගේ වැඩක්


13 comments:

  1. පෙරේදා (19) හදිස්සියෙම පොත් සල්පිලට ගොඩ වෙලා සෙනඟ අස්සෙ තෙරපි තෙරපි පොත් කීපයක් තෝරා ගත්තා. ආයේමත් යන්න බලාගෙන ඉන්නේ.
    විශ්ෂ්ඨයෝ 100 ක් කියන එක නම් අරන් බලන්න ඕනේ. මම ඒ වගේ කතා වලට හරිම කැමතියි

    ReplyDelete
  2. ස්තුතියි ළිහිණි. ඔයාගේ අන්තිම පෝස්ට් එකට මම කමෙන්ට් එක දැම්මේ හොරට වගේ. මොකද ඔයාගේ ඒ කතාව මගේ ජීවිත කතාවේම අනුවාදයක් වගේ.ලියන්න දාහක් දේ ආවත් මට ලියැවුණේ නෑ.

    ReplyDelete
  3. ඊයේ(21) අපිත් ගියා නේ.. :) :) ආයි යන්න හිතන හිටියේ ඒත් බෑ වගේ සෙනග අස්සේ තෙරපෙන්න...

    ReplyDelete
    Replies
    1. එතැනදී පොත් තේරිම හරිම අමාරුයි තමා....

      Delete
  4. හොඳ පරිවර්තන කෘති ගොඩක් තිබුන කියල නම් දැක්ක!
    එත් තාම ගෙදරින් යැපෙන අපට තියෙන එකම ප්‍රශ්නය සල්ලි :-/
    කොහොමහරි හොයාගෙන කියවන්න ඕන!:)

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මටත් වෙලා තියෙන්නේ මූල්‍යමය ප්‍රතිපාදන සම්පාදනය කරගන්න බැරි වීම තමා :( :( :( :( :(

      Delete
    2. අනේ මලේ මේ ගැටලුව කාටත් තියනවා...

      Delete
  5. මම ගොඩක්ම ආස අභිරහස්, රහස්පරීක්ෂක, හොල්මන් කතා, විද්‍යා ප්‍රබන්ධ සහ ජීවිතයට දෙයක් ගන්න පුලුවන් ඕනිම පොතක් කියවන්න. අලුත් ආදර කතා වලටනම් ආසම නෑ. ඒවා විකාරයි. එකම විදිහට ගලා ගෙන යන්නේ. මම දැනට කියවපු හොදම ලව්ස්ටෝරිය පොලියානා කතා පොත් ටික තමා. හී හී :D :D :D :D :D

    යාලුවට සුබ පතනවා !!!!!

    ReplyDelete
    Replies
    1. පොලියානා පොත් පෙළම මගේ දුව ළඟ තියනවා

      Delete
    2. අමාගේ ජාතියේ තමා මාත්... ලවු ස්ටෝරි නමි ආසම නෑ.... හැබැයි මේ ළඟදි ඉදලා පරිවර්තන වෙනුවට ඉංග්‍රීසි පොතම කියවන්න පුරුද වෙලා ඉන්නවා... ඒත් තාම හොද පරිවර්තනයක් දැක්කම නලියන ගතිය තියෙනවා.. හි හි...
      වෙනියගේ ෆොටෝ වල එහෙම පොත් කීපයක් දැක්කා.. ඒක නිසා යන්නම ඕනෙ කියලා හිතෙනවා...

      නයෙක් නෙවෙයි ඇත්තටම එක පාරක් අපි තුන්දෙනා ගිහින් ( මල්ලියි නංගියි මායි) මගේ අතින් රු 20000, ( මාස දෙකක පඩිය) මල්ලිගෙන් 5000 යි දාලාත් පොත් අරන් ඒත් මදි වෙලා තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ 10000කටත් විද්දා.. හි හි.. එහෙම වියදම් කරන්න බැරැව බුක් ෆෙයාර් යන්න බෑ වගේ.. පොත් දැකලා අත ගාලා තියලා එන්න බෑ.. දුකයි... එත් දැන් පොත් ගනන් නේද... අනේ මන්දා.... ඒකට වැරැද්දක් කියන්නත් බෑ...කොල වලටයි ප්‍රීන්ට් එකටයි යන ගාන බැලුවාම....

      Delete
    3. එහෙනං දැන් හිරුව ගාව පොත් ලෝඩ් එකක්ම ඇතිනේ.මං ළගත 1500ක් විතර තියනවා.

      Delete
    4. අපි තුන්දෙනා ගාව පොත් 500කට වඩා තිබුනා... මට ගාව 300ක් තිබුනා.. මම පොත් ටික ගෙදරින් ගෙනවේ නෑ තාම තාත්තා ඒ ටික හිටපු ගමන් කියෝන නිසා.. දැන් නම් බාගයක්ම නැති වෙලා.. අරන් ගියොත් ගෙනත් දෙන්නේ නැති අය වගේම ‌ඒ කාලේ ගොඩක් ළඟ හිටපු අය දැන් ඈත් වෙලා නිසා...

      Delete
  6. හ්ම්ම්..ස්තුතියි අපිටත් මේ ගැන කිව්වට අන්කල්..කැම්පස් ලයිබ්‍රි එකට ආවොත් අනිවාරෙන් කියවනවා :)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.