2012-08-19

චිනයේදී දොරට වැඩි සමන්ගේ සොඳුරු සැරිසර ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක්

සමන් සභාව අමතමින්

ප්‍රවීණ මාධ්‍යෙවේදී, ලේඛක සමන් අතාවුදහෙට්ට් ලියූ,ප්‍රේම් දිසානායක ප්‍රකාශයට පත්කළ සොඳුරු සැරිසර - සේද මාවත දිගේ නම් වූ දේශාටන සටහන් ඇතුළත්  පොත දොරට වැඩීම පසුගිය දා චීනයේ බෙයිජිං නුවර විදේශ භෂා විශ්ව විද්‍යාලයීය බහු කාර්ය ශ්‍රවණාගාරයේ දී පැත්විණි.






පොත පිළිගැන්වීම
උත්සයේ ප්‍රධාන ආරාධිතයන් වූ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන,චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්ථමේන්තුවේ ආසියා හා අග්නිදිග ආසියා බියුරෝවේ අධ්‍යක්ෂ ජනරාල් ෂේන් බේලි, බෙයිජිං නුවර විදේශ භෂා විශ්ව විද්‍යාලයේ පාලක සභාපති මහාචාර්ය යැන් ෂුයේ, නියෝජ්‍ය සභාපතිනි වෙන් ජුන් සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලාංකිකයෙකුගේ පොතක් චීනයේ දී දොරට වැඩි ප්‍රථම අවස්ථාව මෙයයි. සේයාරෑ මගින් දැක්වෙන් එහි අවස්ථා දෙකකි. මේ මොහොතේ සමන් අතාවුදහෙට්ටි සොයුරාට සමකය වටේ අපි සුබ පතමු.


සමූහ සේයාරවකට මුහුණ දී


 සටහන - නලින් දිල්රුක්ෂ

3 comments:

  1. සමන් අතාවුදහෙට්ටිත් දැන් චීනෙක් වගේනේ :)

    ReplyDelete
    Replies
    1. I am a Sri Lankan...!

      Delete
    2. @ saman

      ඔබ ශ්‍රී ලාංකිකයෙක් බවත් රාජකීයයෙක් බවත් දන්නවා. ඒත් දැන් පේන විදිහට නම් ඉස්සර චීනේ හිටිය දාර්ශනිකයෙක් වගේ :D

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.