රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2016-09-28

තරුලෙන්ගල නොහොත් කරඳහෙල Tharulengala Rajamaha Viharaya




ලාහුගල හුලන්නුගේ ගම්මානයේ පිහිටා ඇති සෙනසුනකි තරුලෙන්ගල නොහොත් කරඳහෙල. තැනිතලා බිමේ එක්වරම අඩි 633ක් ඉහළට නගින කඳුගැටයක මේ ආරාන්‍ය පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 2වැනි සියවසට අයත් යැයි සැලකෙන මෙම සෙනසුන් භුමියේ ගල් ලෙන් විශාල ප්‍රමාණයක් දක්නට හැකිය. කාවන් තිස්ස රජ තුමා විසින් මෙම විහාර සංකිර්ණය අලුත්වැඩියා කර ඇති බවට සෙල්ලිපියක් එහි වෙයි.
එසේම දැනට සොයාගන ඇති ආසියාවේ දිගම කටාරම සහිත ස්භාවික පිහිටි ලෙන් කුටිය පිහිටා ඇත්තේ ද මෙම සේනාසනයේය.
නැඟෙනහිර පළාතේ සංචාරයක නිරතවන්නේ නම් මේ ස්ථානය දැකගන්නට යන්න අමතක නොකරන්න.







2016-09-27

ආරුගම්බේ රාත්‍රියක් | A R U G A M B A Y night camping |



කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙන හිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයකි ආරුගම්බේ. ආරුගම්බේ නාමය ලොව පුරා ප්‍රචලිතය. ඒ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් වීම නිසාය.
දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසාය. දැන් දැන් දෙශීය සංචාරකයන්ද සර්ෆින් ක්‍රීඩාවට යොමුවෙමින් වින්දනයක් ලබන අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකි විය.

2016-09-22

සමකය වටේ අඩවියේ you tube channel කරලියට.

මගේ සමකය වටේ බ්ලොග් අඩවියේ නමින්ම යූ ටියුබ් චැනලයක් පටන් ගත්තා. තාම පටන් ගත්තා විතරයි. 
පොඩි පොඩි විඩියෝ කැලි තමා තියෙනනේ. ඉතින් සහොදර සහෝදරියනේ හැකිනම්  මේ ලින්කුවෙන් එතැනට ගිහින් ඒක subscribe කරන්න. ලයික් එකක් දාලා සහයක් දෙන්න. ඉදිරිටය මගේ චාරිකා මේ තුළින් ඔබට සමීප කරවන්නයි මගේ අදහස.

දැනට දාල තියන වීඩියෝ කෑලි දෙක පහතින් නරඹන්න හැකියි.



බ්ලොග් එකට වගේම මේ කාර්යයටත් ඔබෙන් ලැබෙන සහාය ඉතා අගේ කොට සලකමි.


Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්