රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2015-08-28

කවුද වැරැදි - who are wrong


සේයාරු ගූගල් වෙතිනි
සියලු තොරතුරු එක් රැස් කරමින් ඊයේ සවස් වරුවේ සිට බ්ලොග් සටහනක් සකස්කමින් සිටිය ද අද දුම්රියේ දී දුටු දසුනකින් ඒ ලිපිය අවසන් කිරීම පසෙක තබා මේ සටහන තබන්නට සිතුවෙමි.
තරමක් පමා වී අවදි වුණු මම කාර්යාලයට එන්නට මීරිගමින් රජරට රැජින දුමිරියට ගොඩවුණෙමි. වව්නියාව සිට මාතර බලා දිවෙන මෙම දුමිරිය පාසල් නිවාඩු කාලයේ දී  පිරි ඉතිරි යන බව අද්දැකීමෙන් දන්නා මම තුන්වැනි පන්තියේ මාසික වාර ප්‍රවේශ පත්‍රය තිබියදී දෙවැනි පන්තියේ ටිකට් පතක් මිලදී ගෙන එම මැදිරියකට ගොඩ වූයේ තරමක් හෝ තෙරපීමකින් තොරව ගමනාන්තයට ළගාවීම අරමුණෙනි.
මා සිතුවා නිවැරදි ය.

2015-08-26

සැඟවුණු සුන්දරත්වය සොයා මී මුරේ දේවාලකඩුල්ලට චාරිකාවක්

යෝධයෙකු සේ නැගි සිටිනා ලකේගල
සුදු සේලයක් දිග හැරියා සේ දුම්බර මිටියාවත සිසාරා සුදෝ සුදු වලාවන්ගෙන් හාත්පස ගිරි ශිඛරයන් වෙලී සුන්දර දසුන් මවයි. බැස යන හිරුගේ රන් පැහැ කිරණින් ඒ සළු පිළි නෙක වර්ණ රටා අප දෑස් ඉදිරිපිට මවමින් අපව අමන්දානන්දයට පත් කරවයි.
දැන් අප සිටින්නේ හුන්නස්ගිරිය මී මුරේ මාර්ගයේ ‘අට්ටල වෙට්ටුව’ නොහොත් ‘කෝබර්ට්ස් ගැප්’ නම් ස්ථානයේ යි. ඓතිහාසික පුරා වෘත්තයන් රැසක් සගවාගත් මී මුරේ ලකේගල කඳු පන්තිය මැද්දෙන් ගලා බස්නා ‘හීං ගඟේ’ පතුළේ වසරේ වැඩිම කාලයක් සැඟව පවතින ‘දේවාලකඩුල්ල’ නම් ස්ථානය සොයා යන චාරිකාවේ දී අපි ‘මදක් කෝබට්ස් ගැප්’ හි නැවතුණෙමු. සිසිල් වුණු අපේ සිරුරු උණුසුම් කරගන්නට ද මෙතැන කදිම ස්ථානයකි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ සුළ‍ඟේ වේගයට මුවා වෙමිනි.
මී මුරය දක්වා වාහනයෙන්

2015-08-20

පුරවැසි මාධ්‍යකලාව මඩ දේශපාලනය හා free media

ඡන්ද උණුසුම දැන් පහව ගොසිනි. කවුරුන් කැමති වුවත් කවුරු අකමැති වුවත් දැන් ශ්‍රී ලංකාවේ ජනපති මෛතී ය. අගමැති රනිල්ය. ඉදිරි වසර 5කට ජන වරම ඔවුන් වෙත ලැබී අවසන් ය. 

සිව්වන වතාවටත් අගමැති ධුරය හොබවන ප්‍රථම ආසියාතිකයා ලෙස හෙට දින රනිල් වික්‍රමසිංහ ලෝක ඉතිහාසයට එක් වෙයි. එසේ සිවු වරක් අගමැති ධුරය හෙබවු පළමු වැනියා ලෙස වාර්ථා වන්නේ බ්‍රිතාන්‍යෙය් එවර්ට් ග්ලැඩ්ස්න් ය.

2015-08-13

ඩැනි ගේ බත්


සුපුරුදු ලෙස දිවා කාලයේ ලේක්හවුස් පිටගැට පෙළ බහින්නට එන මට ඔහුගේ රුව දිස් වෙයි. විසි වසරක් පුරාවටම මා මේ රුව දැක ඇත්තෙමි. ඔහු ඩැනි ය. 

ඩැනි ලේක්හවුස් පියගැට පෙළ පාමුල
ඉතාමත් කෙසඟ සිරුරකින් යුතු හෙතෙම තරමක් විශාල කලිසම පහලට වැටෙනවාට ඉන හරහා තද වෙන්නට හම් ගැසුණු ඉන පටියක් දවටා ගෙන සිටී.  ඇඳුම් පැළදුම් පැරණි ඒවා වුව ඒවා මනා ලෙස පිරිසිදුය. ඔහු අසල බිම තරමක් විශාල ගමන් මල්ලකි. එහි තුළ ඇත්තේ බත් පාර්සල් 25ක් හෝ 30කි. මේ ඔහුගේ ජීවිකාවයි. ගෙදර සිට පිස ගෙන රැගෙන එන එම බත් පාර්සල් කීපය ලේක්හවුස් සේවකයන් වෙත අලවි කරගැනීම ඔහුගේ දවසේ වෑයමයි.



2015-08-11

සමාජවාදයෙන් ධනවාදයට - What is knowledge capital?


දැනුම ප්‍රාග්ධනය වන යුගයක්


පින්තුරය මෙතැනින්
සමාජවාදය කුණු බක්කියට විසිවි යන බවක් කලකට ඉහත දී දීප්ති කුමාර ගුණරත්න කීවා මතක ය. ඔහු ඒ බැව් කීවේද සමාජවාදීන් ට අයත් කොල්ලුපිටියේ පිහිටි සමාජවාදීන් ගේ සම්මේලන මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ඒ සම්මන්ත්‍රණය එහි පැවතියේ ද සමාජවාදයේ කඩාවැටීම ගැන එක්ස් කණ්ඩායම විසින් සම්පාදිත පොතක් ජනගත කරමිනි. මේ අවස්ථාවට සමාජවාදීන්ගේ ම ගරාවැටුණු සම්මේලන මධ්‍යස්ථානය ඔහු තෝරාගන තිබුණේ අහම්බයකින් නොවන බව පැහැදිලි ය.
සමාජවාදයක් ගැන මේ සටහන තබන්නට සිත් වුයේ රාමචන්ද්‍ර ගේ බ්ලොග් අඩවියේ ලියැවුණු සටහනක් දෑකීමෙනි. එය මෙතැනින් කියවන්න.

//ප්‍රකට මාධ්‍යවේදී ගුනසිරි සිල්වා පසුගිය දිනෙක ‘අවිචාර සමය’ නමින් කෘතියක් එලිදැක්වීය. මෙම කෘතිය සමන්විතව තිබෙන්නේ රාජපක්ෂ පාලන සමය තුළ ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත්පතට ලියනු ලැබූ කතුවැකි සමූහයකිනි. ගුනසිරි සිල්වා එක්තරා යුගයක ප‍්‍රකටව සිටියේ වාමාංශික සිනමා විචාරකයෙක් ලෙසයි. බී.ඒ. සිරිවර්ධනගේ කර්තෘත්වය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පුවත්පත පලවන යුගයේ එම පුවත්පතට සිනමා විචාර සැපයූ ප‍්‍රමුඛ විචාරකයා වූයේ ගුනසිරිය. පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ගුනසිරි කියා තිබ‍ුනේ 'ලිබරල් රනිල්' සාපේක්ෂව ඉදිරිගාමී නායකයෙක් බවයි.//  

උපුටා ගැනීම රාමචන්ද්‍රෙග් අඩවිය.

මාක්ස්වාදි, ට්‍රොස්කිවාදි, සමාජවාදි, වාමාංශික පිරිස් මෙසේ දක්ෂිණාශික පක්ෂ වෙත සංක්‍රමණය වීම අහම්බයක් ද. දැනුම ප්‍රාග්ධනය වන යුගයක එය අහම්බයක් නොවේ ය යන්න අප ගේ හැගුමයි.

අපි ඒ සන්දර්භය දෙස මදක් විමසා බලමු. ඩී. එස්. යුගයේ සිට සිරිමා යුගය දක්වා මෙරට පැවතියේ වසඟය කේන්ද්‍ර කොටගත් දේශපාලන ක්‍රියාවලියකි. වලව් බලය මුදලිබලය වටා කේන්ද්‍රගතවුණු සමාජ වටපිටාවක් මත එකි පවුල් වටා වසඟ වූ පිරිස්වලින් සුසැදි දේශපාලන වට පිටාවකි එකල පැවතියේ. වඩාත් සරලව ගතහොත් බෝතලේ වලව්ව මහවලතැන්නවලව්ව මුදලිඳු බණ්ඩාරණායක ගේ හොරගොල්ල වලව්ව වටා රොද  බැදගත් වන්දනිය පවුල් බලයෙන් වසගයට පත් සමාජයකි එදා පැවතියේ. කෙටියෙන්ම කිවහොත් වැඩවසම් යුගයකි ඒ වකවානුව.

ඉන්පසු අපේ සමාජය එළැබෙන්නේ ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා,  සිට මහින්ද රාජපක්ෂ දක්වා වූ බලය ප්‍රාග්ධනය කොට ගත් දේශපාලන යුගයයි. (විජේතුංග යුගට අත හැර දමන ලදී).

මේ වකවානු දෙස හොඳින් බලන්න. එකි පුද්ගලයන්ගේ බල පරාක්‍රමය වටා ජනතාව රොද බැදගත් ආකාරය. මේ මුළු යුගයම තුළ එක් එක් නායකයාගේ සිට ප්‍රාදේශීය නායකයා දක්වා වූ බලය මත ජනතා ඒකරාශි වීමකි දක්නට තිබුණේ. කොටින්ම එදා තිබුණේ තම අනුගාමී නායකයාගේ බල පරාක්‍රමයෙන් බැබලෙන්නට දගලන සමාජයකි.

එහෙත් ඉදිරියට එළැබෙන්නේ දැනුම ප්‍රාග්ධනය වන යුගයකි. දැනුමට නිසි මිලක් ලැබෙන යුගයකි. එනිසාය ගුනසිරි සිල්වා වැනි වාමාංශික දැනුමැත්තන් දක්ෂිණාංශික ප්‍රවාහයන් වෙත සංක්‍රමණය වන්නේ. වම බදාගන සිටි උගතුන්ට එදා නිසි මිලක් ලැබුණේ නැත.
සොච්චම් මිලකට ඔවුන් සතු දැනුම; වසගය හා බලය යන, බල කේන්ද්‍ර  වෙත ප්‍රේරණය විය.

ගුණසිරි මතු නොව සුචරිත ගම්ලතුන් වැනි මහා වියතුන්ට ද වූයේ ඒ සන්තෑසිය ම ය. එහි හොඳම උදාහරණය මහැදුරු තුමන් වසර 28ක් තිස්සේ වෙහෙසි සම්පාදනය කළ මහා ශබ්ද කෝෂය සොච්චමකට සන්නස්ගල නම් බලවතා අතට පත්වීම ය.  ගම්ලත් පවුලේ සාමාජිකයන් වත්මනේ නෛතික අංශ කෙරෙහි යොමුව ඇත්තේද මේ තත්ත්වයන් මතය.

එළැඹෙන්නේ දැනුමට නිසි මිලක් ලැබෙන යුගයකි. දැනුම වටා සමාජය රොද බඳින යුගයකි.

ගුණසිරි සිල්වා වැනි වාමාංශික වියතුන් අති දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂ නිල පුවත් පතක කතුවැකි ලිවීම තව දුරටත් අරුමයක් නොවනු ඇත.

දැනුමට මුල් තැන අනාගත යහපත් සමාජයක පෙර නිමිති වේවා........


2015-08-09

සතුට සොයා.............

සතුට සොයමින් සැරිසැරුවෙමි. නිවෙස තුළ, මිතුරු ඇසුර තුළ, රැකියාව අතර තුර, පත්තර පිටු අතර, සයිබර් අවකාශය තුළ සතුට සොයා සැරි සැරුවෙමි. 

අහෝ ! කොපමණ කාලයක් ද? අඩ සිය වසකට ඉතාමත් ම ආසන්න කාලයක් සතුට සොයමින් මා විනාශ කොට ඇත.

ගෙවා දමන ලද මේසා විශාල වූ කාල පරතරයේ ඔබට සතුට හමුවුණිදැයි මගෙන් විමසනු ඇත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්