රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2015-06-30

හිත ගිය මිනිසෙක් ගැන වදනක්

බුකියේ වත් පොතේ මං සෑහෙන කාලෙක ඉදන් හිටියත් එහි යාව ජීව සාමාජිකයෙක් වෙලා හිටියේ නෑ. වැඩිපුරම මං ගැවසුණේ බ්ලොග් එක්ක. ඔය අතරේ දවසක තමා මට ඇරියුමක් ආවේ කැලුම් බණ්ඩාර මලයගෙන්. අයියේ අපි පැදුරු සාජ්ජයක් කරනවා අපේ ගෙදර කියන ගෘපයෙන් ඒකට වරෙන් කියලා... ගෘප් ගැන මෙලෝ හසරක් නොදන්න මං එදා ගියා දෙහිවල තිබ්බ ඒ සාජ්ජෙට. අදටත් හුගාක් හිතවත්ව ඉන්න මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මං අඳුන ගත්තේ එදා තමා. එතැනට ගිය ගමන් සුප් කෝප්පයක් දීලා ඔයා සාමාජිකයෙක්ද කියල ඇහුවේ නෙත් නගයි සුනාලි නගයි.. අද වගේ මට මතකයි. කම්බා ඇඳපු සෙට් එක.
ඊට පස්සේ තමා කැවුමව හමුවුණේ..
කිසිදාක දැක නැතත් නිර්මාණ හරහා හදුණගත්තු ඒ කැවුමා මට දක්වපු ලෙංගතුකම හන්දම අද මට මිතුරු මිතුරියන් විශාල පිරිසක් ඉන්නවා.
එදා ඒ අවස්ථාව උදාකර දුන්නු කැවුමට ස්තුතියි..
එයින් කාලෙකට පස්සේ මට ආයිමත් ආරාධනයක් ආවා කැවුමගෙන්ම අපි පොලොන්නරු යනවා අයියත් එන්න බ්ලොග් කරුවන් හැටියට අයියටයි ඕනයටයි ආරාධනා කරනවා කියලා. ඒකටත් එක් වුණා. එදා තමා සහෘදයෝ කියන සමූහයට මං එකතු වුණේ. තවත් හුගක් යාළුවන් හමු වුණේ එදා. 
ඒ කැලුමට පින් සිදුවෙන්න...
ඉන් පස්සේ මං දායකත්වය දක්වපු ඉවෙන්ට් දෙකකට කැලුමට මාත් ආරාධනා කළා. ඒ දෙකටම ඌත් ආවා.....ලෙංගතුකම දෝරේ ගලා ගියා...
තාමත් ගෘප් තියනවා ඒත් කැලුමා ඒවයේ නෑ... මට මේක දරාගන්න හුගක් අමාරුයි......
උඹ සුන්දර මනුස්සයෙක් මලයා තව වචන ගොඩාක් හිතට ආවත් මං ඒවා කොටන්නේ නෑ... 
අදටත් මං උඹ එක්ක ඉන්නවා කැවුමෝ.... උඹේ ලස්සන නිර්මාණ මං තාමත් එදා වගේම රස විඳිනවා මලයා
උඹට ගොඩක් ස්තුතියි.........

2015-06-03

සිහිනය සැබෑකරන දා එන්න පොලොන්නරුවට..

සයිබර් අවකාශය හරහා මුදා හැරුණු සමාජ සද් කාර්යයන් දෙකක ට මම ද සෘජු ලෙස සංවිධාන කටයුතුවලින් මැදිහත් වුණෙමි. 

ඉන් පළමු වැන්න වූයේ අමුමිරිස් අභියෝගයයි.
#‎SLAmumirisChallenge‬ දෙවැන්න උඩුදුම්බර කහට ලියද්ද චූලාභය විදුහලේ ජල ව්‍යාපෘතියයි. එය මේ වන විට අති සාර්ථකව අදියර දෙකක් නිමා කොට අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතී. 


එහෙත් බොහෝ දෙනා කුකුසෙන් යුතුව විමසා සිටි අමුමිරිස් අභියෝගය ද නිමා කරන්නට අප දැන් සූදානම් ය. 

අමුමිරිස් අභියෝගය හරහා ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මගින් පොළොන්නරු රෝහලේ වකුගඩු ඒකකයට අවැසි යන්ත්‍රසූත්‍ර රැ‍ගෙන දීම අපේ අභිප්‍රාය විය. අප දස දෙනකුගෙන් සමන්විත සංවිධායක මඩුල්ලක් හරහා මේ කාර්යය දියත් කෙරිණි. එහි සමාරම්භය අප සනිටුහන් කළේ සුන්දර විල්පත්තු වන මැද ගලා යන කලා ඔය දිය කඳ මැද සිටයි. (රූ සහෘද සංසදයේ වනගත චාරිකාව අතර මැද)
එහි දී අමුමිරිස් අභියෝගය සංකල්පයේ නියමු රසික නානායක්කාර විසින් දිය මැද සිට මිරිස් කරල් තුනක් කමින් අප හිත මිතුරන් පස් දෙනකුට අභියෝග කරන ලදී. එහිදීම පළමු අභියෝගය භාරගත්තේ අප හිතවත් නිමන්ත රාජපක්ෂ සොයුරායි.
එතැන් පටන් අභියෝගය පැතිරෙන්නට විය. අර මුදල ක්‍රමයෙන් තර වන්නට විය.  අමු මිරිස් අභියෝගය වු කලී අමරිකානු සංකල්පයක් (අයිස් බකට් චැලේන්ජ්) දේශියත්වයට ගැලපෙන අයුරින් අප විසින් නිර්මාණය කරගන්නා ලද්දකි.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්