රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-11-18

කඳුළට පෙම් බැඳි කසුරි


ජීවිතය කෙතරම් අවිනිශ්චිත හා තාවකාලික දෙයක් දැ’යි පසක් කරන බරපතළ සමුගැනීමක් සිදුවිය. එය නො සිතූ මොහොතක කඩා වැදුණු නාය යෑමකට සමාන ය. එදා අප දුටු මහකන්ද මුළුමනින් ම බිමට සමතලා විය. දැන් එහි ඇත්තේ පස් ගොඩක් පමණි. ඒ මහකන්ද යළි කිසි දිනෙක නැඟී සිටින්නේ නැත.

කරුණාදාස සූරියආරච්චි, කසුරි මහත්තයා හෙවත් කසුරී ද මහ කන්දක් වගේ ය. ඔහු මිය ගියේ යැයි විශ්වාස කළ නො හැකි ය. මේ දැනුත් ඔහු අප අතර සිටිනවා වැනි ය. කසුරිගේ හිනාව, කතාව, විශේෂ වචන හා උපදේශන අප අත් නෑර අප සමඟ ම සිටී. ඔහු රෝහලෙන් නික්ම නැවත කන්තෝරුවට එනතෙක් අපි බලා සිටියෙමු. ඒ ඉදිරියේ කළ යුතු දෑ සැලැසුම් කරමින් ය. එහෙත් කසුරී ආවේ නැත. යළි එන්නේ ද නැත.

2014-11-12

“විල්ලරවාඩිය” තනුවක් නැති සිංදුවක් වගෙයි!

අප හිතවත් බ්ලොග් රචකයකු වූ හෙන්රි වර්ණකුලසූරියගේ විල්ලරවාඩිය ගැන අමරේගේ විවරණය දිනමිණ කටගැස්ම වෙනුවෙන් ලියැවුණු සටහනකි මේ..

රචකයාට සමාජ අත්දැකීම් තිබූ පමණින් නවකතාවක් සාර්ථක වන්නේ නැත. රචකයාට නිරූපණ හැකියාව තිබූ පමණනින් ද නවකතාවක් සාර්ථක වන්නේ නැත. නවකතාවක් විකාශය විය යුත්තේ සමාජ ගැටුමක් හෝ පුද්ගල ගැටුමක් මූලික කරගෙන ය. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැතැ’යි කියන්නා සේ ම ගැටුමක් හා ඉලක්කයක් නැති තැන සාර්ථක නවකතාවක් බිහිවන්නේ ද නැත. අප අද කතාබහට ගන්නා හෙන්රි වර්ණකුලසූරියගේ විල්ලරවාඩිය නවකතාව ඊට හොඳ ම නිදර්ශනයෙකි.



හෙන්රි වර්ණකුලසූරිය
මේ නවකතාවෙන් කියැවෙන්නේ ලන්දේසි ඇළ හෙවත් මෝඩ ඇළ ආසන්නයේ පිහිටි ජනාවාසයක තොරතුරු ය. එහි විවිධ ජනවර්ගවලට අයත් මිනිස්සු ජීවත් වෙති. සිංහල, මුස්ලිම්, බර්ගර් යනාදී වශයෙනි. විවිධ කුලවලට අයත් මිනිස්සු ද එහි වෙති. කරාව, බද්ගම, ගොවිගම ආදී වශයෙනි. විවිධ ආගම් අදහන මිනිස්සු ද එහි වෙති. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ආදී වශයෙනි. මේ පිරිස් එකට ජීවත්වන හැටි හෙන්රි කියයි. ඒ හැර වෙනත් කිසිවක් නවකතාව තුළ නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්