රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-06-30

මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි කෝවිල


මුහුදු ජලයෙන් පහන් දැල්වෙන බව ඔබට පැවසුවොත් සිනහ පහලවනු ඇත. එවිට ඔබගේ සිහියට නැගෙන්නේ පොල්තෙල් පහනකට ජලය බිදුවක් වැටුනොත් චුරු චුරු හඩනගමින් එය නිවීයන බවනොවේද? 
මුහුදු ජලයෙන් දෙවියන් උදෙසා පහන් දල්වන ආශ්චර්ය දැක බලා ගැනීමට යායුත්තේ හින්දු බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ මුලතිව් නන්දිකඩාල් කලපුවේ ස්ථාපිත වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිලටය.එම කෝවිලේ වාර්ෂික උත්සවය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ දායකත්වයෙන් පසුගියදා ලක්ෂ පහකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නිමාවට පත්විය.

2014-06-29

akilagnam ටයර් වලින් මංගලිකට පණිවුඩයක් - ඉරිදට ජෝක් කතාවක්


ඉරිදා දවසට ජෝක් කතාවක් ලෙස මං ලියන්න ගත්ත ජනාගේ කතා වෙනුවට අද ලියන්නේ තවත් අපේ මිත්තරයෙක් ඒ කාලේ කළ වැඩක් ගැන. මේ මිත්තරයා කවුද කියලනං  මගෙන් අහන්න එපා. මොකද මිනිහත් බ්ලොගක් ලියන බොහොම වැදගත් මහත්මයෙක් නිසා.  ඉතින් ඔහේලටම බාරයි මේ මහත්තයා කවුද කියලා අදුනගන්න එක.
සේයාරුව ගත්තේ මෙතැනින්
මේ කියන මිත්තරයා පාසල් ගියේ ඔය සුලෝහිත ඉස්කෝලෙකට. ඉතිං ඔය ගැටවර වයසෙදි රූප සොබාවෙන් පිරිපුන් නාරි දේහයක් දැක්කාම අර මොකද්ද එක මොකද්ද වෙන දේ මේ කියන ඉලන්දාරියටත් වෙන වයසේ දි තමා වුණේ.

මේ විස්තරේ මට කිව්වෙත් මේ කියන අපේ මිත්තරයගේ සමකාලින පාසල් මිතුරෙක්. දවසක් මාත් එක්ක පොඩි මිවිතක් තොලගාන්න සෙට් වෙච්ච වෙලාවට කතා කරන ඕපා දූප අතරේ තමා මේ කතාව කියැවුණේ.

2014-06-27

ගොට්ට ඇල්ලීම - strainer


හිටි අඩියේ මේ ගොටු කතාවක් මතක් වුණේ ගලායන ජීවිතය බ්ලොගේ තිබ්බ මිරිස් පැළ තවන් දාන්න හදන අඹ කොළ ගොටු දැකලයි. ඇත්තටම මිරිස් ඇට තවාන් දාන්න මේ කොස් කොළ ගොට්ට ඉතාමත්ම සරළව කිසිදු වියදමකින් තොරව හදාගන්න ඇහැකියි. ඒ වගේම අඹ කොළයේ ඇතැයි කියන විෂබීජ නසන ගුණය නිසා පැළයට ලැබෙන ආරක්ෂාවත් වැඩියි.
කිරි ගොට්ට ට සමාන සේයාරරුවක්
සේයාරුව මෙතැනින් mihithalamithuro.blogspot.com 

පුංචිම කාලේ හැදුව කොස්කොළ ගොටු මතක ද? අපි එවා හැදුවේ සෙ ල්ලම් ගෙවල් දාන වයසෙදී. ඔය වයසෙදිම වගේ මතකයට එන තවත් ගොට්ටක් තමා කිරි ගොට්ට. 
අපේ ගෙවල්වල කුස්සියේ බිත්තියේ යකඩ ඇණයක් ගහල ඒ ඇණයේ තමා කිරි ගොට්ට එල්ලලා තිබ්බේ. මේ කිරි ගොට්ට හදනනේ බට පතුරුවලින්. අවුරුද්දකට සැරයක් දෙසැරයක් අපේ අත්තම්මලා මේ කිරි ගොට්ටට හොද රෙපයාර් එකක් දෙනවා මතකයි. කාන්තාවකගේ පයෝධරයක හැඩයට තිබ්බ මේ ගොට්ටෙන් කළේ පොල් කිරි හා පොල් කුඩු පෙරා වෙන් කර ගන්න එක. අද වෙන කොට කුස්සිවලින් කිරි ගොට්ට අතුරුදහන් වෙලා ඒ තැනට ප්ලාස්ටික් ගොට්ට හෙවත් පෙරනය ඇවිත් තියෙන්නේ.

2014-06-24

යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතාවක්!


යුද්ධය සෙල්ලම් නො වේ; එය විහිළුවක් ද නො වේ.යුද පිටියට යන සෙබළාට පෙම් කෙළින්නට වෙලාවක් නැත. ඔහු සිටින්නේ මරණය පෙනි-පෙනී ය. මේ කතුවරයා යුද පිටියේ සිටින සෙබළකු යොදාගෙන සිංහල - දෙමළ පෙම් කතාවක් ගොතයි. අමූලික බොරුවලින් සමන්විත මේ කතාව රණවිරුවාත් - යුද්ධයත් හෑල්ලුවට ලක් කරයි.

2014-06-17

අසමජ්ජාති ආදරය කුණුහරුපයක් නොවේ!


මේ කතුවරයා නවකතා කලාවට ආධුනිකයකු වුව; ඇන්දවීමේ කලාවට ප්‍රවීණයෙකි. ඔහු පළමුව විකිණෙන නමක් යොදා පාඨකයා අන්දවයි. දෙවනුව විශ්වවිද්‍යාල ජීවිතය විවේචනයට හසුකර පාඨකයා අන්දවයි. තෙවනුව අකුරු මෝස්තර ද වෙනස් කොට පාඨකයා අන්දවයි. නරක නැත! කතුවරයාට හොඳ අනාගතයක් හිමි වන බව පෙනෙන්නට තිබේ...!

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් තරුණයාගේ ප්‍රථම ප්‍රබන්ධය ‘අසමජ්ජාති ආදරය’ ලෙස හඳුන්වා තිබේ. තම පරම්පරාවේ ප්‍රථම කෘතිය ලෙස ද ඔහු එය හඳුන්වයි. විශ්වවිද්‍යාලයක ආදර සම්බන්ධයක් කේන්ද්‍ර කොට ලියැවුණු මේ නවකතාව ජීවිතය ගැන නැවත සිතා බලන්නටත්; ස්ත්‍රී චරිත කෙරෙහි අනුකම්පා සහගත බැල්මක් හෙළන්නටත් අප පොලඹවයි.

2014-06-16

පුදුම සීයා චාල්ස් අභයගුණරත්න (පඹුරණ මෙත්තෙය හිමි)


මුල්ම දිනමිණ වෙසක් කලාපය

දිනමිණ පුවත්පත සමඟ වෙසක් කලාපයක් පළමුව නිකුත් කොට ඇත්තේ 1929 මැයි මස 22 දින ය. මෙකල දිනමිණ පත්‍රයේ කර්තෘ ධුරය දැරුවේ ඇලෙක්ස්සැන්ඩර් වැලිවිට මහතායි. දිනමිණ සමඟ විශේෂ අතිරේකයක් ලෙස නොමිලේ මේ කලාපය පිරිනමා ඇත. ඉන් අනතුරුව 1930, 31, 32, 33 වසරවල මේ කලාපය නිකුත් වූ බව දිනමිණ ඉතිහාසයෙන් පැහැදිලි වේ.

1933 මැයි 06 දින සෙනසුරාදා දිනමිණ පුවත්පතේ වෙසක් අතිරේකය ගැන පළවී තිබූ දැන්වීම මෙසේය.


“දිනමිණ වෙසක් පත්‍රය”

“සාරවත් ලිපි ප්‍රතිරූප කාව්‍ය දියෙන් සරසනු ලබන දිනමිණ වෙසක් පත්‍රය මේ මස 08 වෙනිදා (ලබන සඳුදා) නිකුත්කරනු ලැබේ.

පිටු 16කින් යුත් මේ විශේෂ පත්‍රයේ මිල ශත 05යි. ප්‍රමාද වී පශ්චාත්තාප නොවී පත්‍ර උවමනා අය වෙළෙන්දුන්ට කලින් දන්වා පත්‍රය ලබාගත යුතුය.”

දිනමිණ වෙසක් කලාපය 1934 විශේෂ පොතක් ලෙස පිටු 100ට අධික ප්‍රමාණයකින් වර්ණ පින්තූර සමඟ වෙළෙඳ දැන්වීම් සහිතව නිකුත්කොට ඇත. මෙහි මිල ශත75 කි. තැපැල් ගාස්තු ශත35කි.1935 වසරේ දිනමිණ වෙසක් කලාපයේ මිල රු: 1.00කි. 1934 සිට වෙනම පොතක් ලෙස අද දක්වා මේ දිනමිණ වෙසක් කලාපය වාර්ෂිකව නිකුත් වී ඇත.

අද මෙහි මිලරුපියල් 200කි.

දිනපතා පුවත්පතක් වශයෙන් 1930 වකවානුව වනවිට දිනමිණ ප්‍රචාරයට පත්වූවත් ඒ අවධියේ ලේක්හවුස් ආයතනයෙන් ඉරිදා සිංහල පුවත්පතක් පළවූයේ නැත.

1930 මාර්තු 23දා ඩී. ආර්. විජයවර්ධන මහතාගේ අදහසක් පරිදි “සිළුමිණ” නමින් අලුතින් ඉරිදා පුවත්පතක් ආරම්භවිය. ඩී.ආර්. විජයවර්ධන මහතා මේ පත්‍රය ආරම්භකළේ එකල ජනප්‍රියව පැවති ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාගේ ස්වදේශ මිත්‍රයා පත්‍රය සමඟ තරග කිරීමටය.

එහි කර්තෘ ධුරයට පත්වූයේ පියසේන නිශ්ශංක මහතායි. සිළුමිණ ආරම්භයේ දීම එහි සේවයට එක්වූ පත්‍ර කලාවේදීන් අතර අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, ඇන්.එෆ්.ඇම්.ඇස්. ගුණසේකර, චාල්ස් අභයගුණරත්න (පසුව පඹුරණ මෙත්තෙය්‍ය හිමි) ආදීහු කැපී පෙනේ. එකල සිළුමිණේ පළ වූ ‘සීයා’ නැමති ජනප්‍රිය විශේෂාංගය ලියන ලද්දේ තරුණ පත්‍ර කලාවේදී චාල්ස් අභයගුණරත්න විසිනි.

1934 සිළුමිණ ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක මහතාට එම පත්‍රයේ කර්තෘ ධුරයට අමතරව දිනමිණ පත්‍රයේ කර්තෘ ධුරය ද ලැබිණි. 1934 දී ඩී.ආර්. වි‍ජයවර්ධන මහතා දිනමිණ ආරම්භක වෙසක් කලාපය සංස්කරණය කිරීමේ වගකීම පවරන්නේ චාල්ස් අභයගුණරත්න මහතාටයි. අතිශය චමත්කාර ජනක චිත්‍රයෙන් හා සාරගර්භ ලියුම්වලින් ද සරසා දිනමිණ වෙසක් කලාපය නිකුත් කිරීමට චාල්ස් අභයගුණරත්නට හැකිවිය.
චාල්ස් අභයගුණරත්න

එම ආරම්භක වෙසක් කලාපය දුටු එකල සෞඛ්‍ය ඇමැති වූ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතා ඩී.ආර්. විජේවර්ධන මහතාට ලියා යවමින් “ඔබ තෝරාගත් පුද්ගලයා නම් මේ සඳහා සුදුසු ම තැනැත්තාය”යැයි දැන්වීය.

එම ආරම්භක දිනමිණ වෙසක් කලාපයේ කිසිතැනක ඔහුගේ නම සඳහන්ව නැත. ලිපිවල පමණක් සීයා යනුවෙන් සඳහන් වේ. සිළුමිණ පුවත්පතට කිසිවිටක තම නම වූ චාල්ස් අභයගුණරත්න නමින් ලිපි නොලියූ මොහු සැමවිට සීයා නමින් ලියුවේය.

එකළ බොහෝ දෙනා මේ අපූරු ලිපි ලියන සීයා දැක ගැනීමට දිනමිණ කන්තෝරුවට ආවේය. එවිට ඔවුනට දැක ගත හැකිවූයේ 20 හැවිරිදි චාල්ස් අභයගුණරත්නයන්ය. පැමිණෙන සැවොම මොහු දැකීමෙන් මවිතයට පත්විය. මෙතරම් තරුණ අයකු ලියූ ලියවිලි ගැන විස්මය පළ කළේය. එම වකවානුවේ මොහු තරම් දක්ෂ ලියවිලිකාරයකු (ලේක්හවුසියේ) විල්පායහී නොසිටි බව රිචඩ් ද සිල්වා මහතා සඳහන් කරයි.

එම වකවානුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ පසුව අගමැති වූ පණ්ඩිත ශ්‍රී නේරුතුමාගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට පැවරෙන්නේ චාල්ස් අභයගුණරත්න මහතාටයි. ඉංග්‍රීසි සිංහල භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති මේ ශාන්ත තරුණයා දුටු නේරු ද මොහුට වශී විය.

ලෝකයෙන් ම පළමු වෙනියා වී මාතර සාන්ත තෝමස් විදුහලට නිවාඩු

1910 වසරේ මැයි මස 13 වැනි දින මාතර පඹුරණදී උපන් චාල්ස් අභයගුණරත්න පළමුව පඹුරණ පාසලින් ද , පඹුරණ වාලුකාරම විහාරයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

පසුව මාතර ශාන්ත තෝමස් විදුහලට ඇතුළත්වී ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීය. එකළ පැවති ඩෙන්හෙම් රචනා තරගයට ඉදිරිපත් වූ මොහු ලෝකයෙන් ම පළමුවෙනියා ලෙස පත්විය. මාතර සාන්ත තෝමස් විදුහලට මේ ශිෂ්‍යයා ගෙන දුන් ගෞරවය නිසා බෙහෙවින් සතුටු වූ එකල විදුහල්පති ජේ. ඩබ්ලිව්. බුල්ජන්ස් මහතා විදුහලේ සිසුන්ට එක් දවසක නිවාඩුවක් දුන්නේ ය. මහත් ප්‍රසිද්ධියට පත් දේව මෙහෙයක් පවත්වා චාල්ස් අභයගුණරත්නයන්ට ආශිර්වාද කළේය.

මොහු කඹුරුගමුවේ රතනජෝති හිමි වෙතින් පාලි, සංස්කෘතික හා බුද්ධ ධර්මය පිළිබඳ හසල දැනුමක් ලබාගත්හ. කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් ද උසස් ලෙස සමත් වූ මොහු ලේඛන කලාව කෙරෙහි කුඩාකල සිට දැක්වූ ආශාව නිසා වයස අවුරුදු 19දී දිනමිණ කාර්යාලයේ කර්තෘ මණ්ඩලයට බැදුණේය.

තරුණ පුවත්පත් කලාවේදියකු වූ ඔහුට උවමනා කෙළේ වැටුප නොව හැකිතරමින් සිළුමිණ පුවත්පතට සේවය කිරීමයි. බම්බලපිටියේ වජිරාරාමයේ නවාතැන් ගෙන සිටි මොහු සැමවිට පැලෑනේ වජිරඤාණ හිමිගෙන් හා නාරද හිමිගේ අවවාද අනුශාසනා ලැබීය. හැමවිට ධර්ම - ශාස්ත්‍රීය කරුණු පිළිබඳ සාකච්ඡා කළේය.

වජිරාරාම‍ෙය් සිට පයින් ම කොටුව දිනමිණ කන්තෝරුවට එන මොහු පයින්ම වැඩ අවසන් වූ පසු බම්බලපිටිය වජිරාරාමය කරා ගමන් කරයි. වජිරාරාම බෝමළුවේ හෝ විහාරයේ භාවනායෝගීව සිටින මොහු පසුව අලුයම නැවත් දිනමිණ කාර්යාලයට යයි.

ලේක්හවුසියෙන් ගන්නා පඩිය හිඟන්නන්ට

මුදලට තනතුරුවලට කිසිවිට ගිජු නොවූ මොහු දිනමිණ කාර්යාලයෙන් ලැබුණ වැටුප කිසිවිට තම ප්‍රයෝජනයට නොගත්තේය. පයින් වජිරාරාමය වෙත එන අතරතුරේ වැටුපෙහි මුදල් මාර්ගයේ අයිනේ සිටින දුප්පත් අයට ගැනීමට තැනින් තැන තබා වජිරාරාමයට විත් භාවනායෝගීව සිටියේය. බුද්ධ ධර්මය ගැන උසස් දැනුමක් ලබාගත් මෙතුමාට ගිහිගෙය ක්‍රමයෙන් කලකිරෙන්නට පටන් ගත්තේය.


මෙසේ සිටිනාවිට 1934 ජූලි මස 1 ඉරිදා සිළුමිණ පුවත්පතේ පළවූ සීයාගේ ලිපියෙන් පසු මොහු අතුරුදන් විය. සිළුමිණේ සීයාගේ අවසන් ලිපියෙන් කොටසක්

“ක්ෂණයෙන් ක්ෂණය, තත්ත්පරයෙන් තත්ත්පරය, විනාඩියෙන් විනාඩිය, පැයින් පැය, දවසින් දවස, සතියෙන් සතිය, මසින් මස, අවුරුද්දෙන් අවුරුද්ද, ජීවිතයෙන් ජීවිතය පාරමී පුරන දරුවනි. යම් තැනක දානයට බාධා ඇත්ද? ශීලයට බාධා ඇත්ද? එතනින් වහා නික්ම යෙත්වා”

“මා යම් සේ සැපතකට කැමතිද? මාගේ සහෝදරයාත් සැපතට කැමතිය. මා යම්සේ දුකින් මිදීමට කැමතිද? මාගේ සහෝදරයාත් දුකින් මිදෙන්නට කැමතිය. මා අපමණ ආත්ම භාවයන්හි මාගේ සහෝදරයාටත් වඩා දුස්සීලව සිටින්නට ඇත. අහෝ දැන් මම සිල්වත්මි. මාගේ සහෝදරයාත් සිල්වත් වේවා. මම යම් යම් උතුම් මඟකට බටුයෙමිද? මාගේ සහෝදරයාත් ඊට බසීවා. කිසිවකුට නොමඟ යන්නට ඉඩ නොදේවා.

තවුස්දම්පුරා බුරුමයට ගොස් මහණ වෙයි

සිය මවට හා පැලෑණේ වජිරඤාණ හිමිටත් ලේක්හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාටත් ලිපි තුනක් ලියා තබා කිසිවකුට නොදන්වා දඹදිව බලා පිටත්විය. තමා ළඟ තිබූ දුනු පිහියෙන් හැකි පමණ කෙස් කපාගෙන අසල සිටි ද්‍රවිඩ අයකු ලවා ඉතිරි කෙස් ටිකද කපාගෙන ගුරු පාට රෙද්දක් පොරවාගෙන උතුරු ඉන්දියාව බලා පාගමනින් පිටත්විය. උතුරු ඉන්දියාවට ගිය මෙතුමා දුකසේ තවුස් දම් පිරීය. පසුව බුරුමයට ගොස් සංඝ රාජාරාමයේදී පැවිදි උපසම්පදාව ආයාචනය කළේය. මෑණියන්ගේ අවසරය නොමැතිව බුරුමයේදී පැවිදි උපසම්පදාව දෙනු නොලබන නිසා මෑණියන්ගේ අවසර ඉල්ලා ලංකාවට ලිපියක් ලියා එවන ලදී. මෑණියන්ගේ අවසර ලැබිණි. ඉන්පසු පඤ්ඤා මෙත්තෙය්‍ය නමින් පැවිදිවිය. බුරුම රටේදී කලක් භාවනායෝගීව වාසය කළ උන්වහන්සේ උපසම්පදාව ලබා ඉන්දියාවට නැවත පැමිණ දඹදිව සිද්ධස්ථානවල භාවනායෝගීව වැඩ විසුවේය.

දිනකට එක්වරක් දානය වළදයි

දිනකට එක්වරක් පමණක් දානය වැළඳූ උන්වහන්සේ පාත්‍රයට ලැබුණු යමක් විවේක ස්ථානයකට ගොස් වළදා පාත්‍රය සෝදා තබයි. ඇතැම්විට මුන්වහන්සේ යන මාර්ගයේදී ගිඟන්නන් හමු වේ. තම පාත්‍රයට ලැබුණු සියල්ල අන්ධ හිඟන්නන්ට දී පාත්‍රය සෝදා තබා ශාන්තව වැඩහිදියි. මෙසේ තම ආහාරය කෙනකුට දෙනවා කිසිවකු දිටී නම් උන්වහන්සේට නැවත දන්පිරිනමයි. නැතිනම් උන්වහන්සේ පසුදින වන තුරු නිරාහාරව ශාන්තව භාවනායෝගීව වැඩ සිටී.

මෙසේ කටුක ජීවිතයක් ගත කළ මුන්වහන්සේ රෝගීවිය. පසුව ලංකාවේ වජිරාරාමයට වැඩම කළේය. අවුරුදු තුනක් ම රෝගී ජීවිතයක් ගත කළේය. “දිවි ගියත් විකාල භෝජනාදී ශික්ෂාව නොබිඳි මැ” අධිෂ්ඨානයකින් ක්‍රියා කළේය. වෛද්‍යවරු කෙතෙක් නියම කළද අකැපදේ ගැනීම හා අවේලාවේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

රෝගී සිටියමුත් භාවනා කිරීම අත්නොහැරියේය. මාතර පඹුරණ වාලුකාරාමාධිපති වීරකැටියේ විදුර හිමි පැවසූ පරිදි උන්වහන්සේගේ ගුරු හිමි වූ පොල්හේනේ සංකිච්ච හිමි තමන්වහන්සේට පවසා ඇති පරිදි පඹුරණ වාලුකාරාමයේ මාස කිහිපයක් වැඩ සිටි මෙත්තෙය්‍ය හිමියන් සැමවිට භාවනායෝගීව විහාරයේ බෝ මළුවේ වැඩසිටියේය. එකම ඉරියවුවෙන් ඇතැම්විට පැය 8 -10 සිටින මේ හිමියන් උදෑසන 3.00 සිට ඇතැම්විට දවල් දානය මග හැරෙන තුරු පස්වරු දක්වා භාවනා කරයි. නැවත දානය වළදන්නේ පසුදාය. එදින ද උන්වහන්සේට දානය ලබාදිය යුතුනිසා කිසිවකු ගොස් භාවනාවට බාධා නොවන ලෙස දානයට වඩින ලෙස දන්වයි. නැතිනම් උන්වහන්සේට එදිනද දානය මඟහැරී යයි. ඇතැම් දිනයන්හිදී බලනවිට තම ඇග මත කොළවැටී බෝමළුවෙහි ශාන්තව භාවනායෝගීව වැඩවසන මේ හිමි දැකගත හැකි වෙනවාලු. පොල්හේනේ සංකිච්ච හිමි පැවසූ පරිදි මෑත භාගයේ යම් මාර්ග පලයක් ලැබූ හිමිනමක් වැඩ සිටියානම් ඒ පඹුරණ මෙත්තෙය්‍ය හිමි පමණයි.

වයස අවු 40දී අපවත් වෙයි

මෙසේ රෝගීව සිටීමත් භාවනා කිරීමත් අත්නොහළ මුන්වහන්සේ 1950 පෙබරවාරි 07 දින වයස අවුරුදු 40 වැනි කෙටිකාලයක් තුළදී බම්බලපිටිය වජිරාරාමයේදී අපවත් විය. මුන්වහන්සේ ලියන ලද පොත්පත් රාශියකි. සෙත් සිලිලාර, අමාදාර, ශාවක ධාතු චරිතය, දැග සවුද? පෙරහැර, යන සිංහල ග්‍රන්ථද අසෝක ලයිට් ඔෆ් ද යුනිවර්ස් නම් ඉංග්‍රීසි පොත්ද ලියා ඇත. වර්තමාන බෝධි පූජා බුද්ධපූජා භාවනා ආදී විවිධ සිංහල කවි රැසක කිසිවකු නොදන්නා නිර්මාර්තෘ පඹුරණ මෙත්තෙය්‍ය හිමියන්ය.

1950 මාර්තු මස තුන්වන දින කොළඹ සිට සරසන ලද විශේෂ දුම්රියකින් උන්වහන්සේගේ භෂ්මාවශේෂ මාතරට ගෙන එන ලදී. මේ භෂ්මාවශේෂ පිළිගැනීමට පාසල් 14ක සිසුන්ද, මාතර නගරාධිපති විල්ප්‍රඩ් ගුණසේකර මහතා ඇතුළු 5000ක් ඉක්මවා ගිය පිරිසක් මාතර දුම්රිය ස්ථානයේ රැදී සිටියේය. මාතර දුම්රිය ස්ථානාධිපතිතුමා වූ කේ. ඒ. ගුණවර්ධන මහතා මුලින් ම දුම්රි‍ෙය් වැඩමකළ මහා සංඝරත්නය වෙතින් භෂ්මාවශේෂ කරඩුව පිළිගෙන පඹුරණ වාලුකාරාමාධිපති කඹුරුගමුවේ රතනජෝති හිමිවෙත පිළිගන්වන ලදී. රතනජෝති හිමියෝ මාතර ජනයා වෙනුවෙන් නගරාධිපති විල්ප්‍රඩ් ගුණසේකර මහතා වෙත භාරදෙන ලදී. ඉන්පසු රන් සිවිගෙයට වැඩමවූ භාෂ්මාවශේෂ අලංකාර ලෙස සරසන ලද මාතර මාර්ග ඔස්සේ පඹුරණ වාලුකාරාමයට වැඩමකරන ලදී. පඹුරණ වාලුකාරාමයේ පවත්වන ලද මෙත්ත්‍යෙය ගුණ අනුස්මරණ සභාවකි. යූ.ඇම්. මැන්දිස් මහතා ඇතුළු ගුණ අනුස්මරණ කමිටුවේ යෝජනාවක් ඇනුව “මෙත්මල්” නමින් මාසික සඟරාවක් සම්පාදනය කිරීමට යෝජනා විය. පසුව එම මාසික “මෙත්මල්” සඟරාව බොහෝකල් පඹුරණ වාලුකාරාමයේ දායකයන් මුද්‍රණය කරන ලදී. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ දැනට එම “මෙත්මල්” සඟරා සියල්ලහි එකතුවක් ඇත. මෙත්තෙය්‍ය හිමියන් විසින් ලියන ලද සියලුම දහම් ලිපිවල එකතුවක් මේ “මෙත්මල්” සඟරාවට ඇතුළත්කොට ඇත.

මෙත්තෙය්‍ය හිමියන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර සාදන ලද සිහිවටනයක් දැනට මාතර පඹුරණ වාලුකාරාමයේ දී දැකගත හැක.

ඔබ හොඳනම් ලොවට සැපයි. අනුකම්පා කරනු මැනවි. ලෝකයා දයාව කරුණාවෙන් බලනු මැනවි. ලෝකයා ගැන කරුණාවෙන් කතා කරනු මැනවි. අනුන්ගේ සිත් තුළ ද කරුණාව උපදවනු මැනවි. ඉරහඳ පවත්නා තුරුම ලෝකයේ කරුණාව ද පවතියි. පතනු මැනවි ජීවිතේ හැම මොහොතක්ම කරුණා කිරීමට මොහොතක්.

- පඹුරණ මෙත්තෙය හිමි

බුදු පියාණන්වහන්ස, තුන්ලොව ඇවිද තුන්ලොව ඇති සෑම මල්ම, ගෙනවිත් බුදු පියාණන්ට පිදූ මේ දරුවෝ සිතින් පිරිසිදුහ. නෛෂ්ක්‍රම්‍ය කල්පනා හා මෛත්‍රී කල්පනා හා කරුණා කල්පනා ඇත්තෝය.

අවසර බුදු පියාණන් වහන්ස මමත් මාගේ පින්වත් දරුවෝත් බුදු පියාණෝ සරණ යම්හ. ඒ නවලෝකෝත්තර ධර්ම සරණ යම්හ.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඤාණා, සම්මා විමුත්ති, යන දස අංගයන්ගෙන් සමන්විත වූ ඒ ආර්ය සංඝයා සරණ යම්හ. අපි හැම නිවන්යම්හ.

- “සීයා” 1934 දිනමිණ වෙසක් කලාපයෙන්

දරුවකු ලබන බෞද්ධ මව වනාහි විමුක්ති රාජ්‍යයකටත් වැඩි ලාභයක් ලබන්නීය. එම දරුවා පැවිදිව බුද්ධපුත්‍රව දෙවි බඹුන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන්නෙක් විය හැකියි. රහත්විය හැකියි. මේ භවයෙහි නොවේ නම් මතු භවයකවත් බුදුවිය හැකියි. සිය බිළිඳාට ඉතා හොඳින් සැලකිය යුතුයි. පුංචි දරුවා කාටත් මෛත්‍රි කරයි. කිසිවකු අවිශ්වාස නොකරයි. නාගයකුට වුවත් වෙෂ නොකොට ආද‍රයෙන් අල්ලාගනී. පුංචි දරුවා කාටවත් භය නොදෙයි. පුංචි දරුවනට බය කිසිවකුත් නැත. පුංචි දරු‍වෝද සාම කුමරන්ය.

- “පඹුරණ මෙත්තෙය හිමි”

“අම්මා”

පුංචි දරුවාගේ මුවින් පළමුකොට පිටවුණේ අ...ම්...මා! යන මිහිරි හඬයි.

ඒ නිසා හැම අක්ෂර මාලාවකට ම මුල අකුරත් “අ” යන්න විය. හැමට පළමු පුංචි දරුවනට ආදරයකළේ අම්මාය. හැමට පළමු පුංචි දරුවා ආරක්ෂා කළේත් අම්මාය. හැමට පළමු පුංචි දරුවාට ඉ‍ගැන්නුවෙත් අම්මාය. ඒ නිසා පුංචි දරුවා සැමට පළමු අම්මාට සලකන්න මව් අන් සියලු දෙවියනටත් වඩා උතුම්ය. ඒ නිසා හැම දෙවියනට පළමු මව් දේවිට වදින්න. අම්මා දරුවාට දැක්වූ දයාව දරුවා මුළු ලොවට දක්වන්න.

- පඹුරණ මෙත්තෙය හිමි

කවුරුවත් පහත්කරලා හිතන්න එපා. හිතේ අමනාපයක් තියාගෙන ඉන්න එපා. සංසාරේ අම්මා තාත්තා නුවූ කෙනෙක් නැහැ. අක්කා නංගී නුවූ කෙනෙක් නැහැ. අයියා මල්ලී නුවූ කෙනෙක් නැහැ. දූදරු නුවූ කෙනෙක් නෑ.

ගැහුවත් ගහන්නේ නෑ

බැන්නත් බනින්නේ නෑ

ඉවසීම අපටම බාරයි

දුක්විදිමු අපි

පඹුරණ මෙත්තෙය හිමි

සිතක් සිතක් පාසා ඉවසිලි වේවා

ගෙයක් ගෙයක් පාසා සැනසිලි වේවා

ගමක් ගමක් පාසා සමගිය වේවා

රටක් රටක් පාසා සෙත් සුව වේවා


ආශ්‍රිත ග්‍රන්ථි

‍”මෙත්මල්” 1950 මාර්තු 07 සිංහල වීරයෝ, ටී ඇස්. ධර්මබන්දු සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ ආචාර්ය සඳගෝමි කෝපරහේවා 2012 දිනමිණ වෙසක් කලාපය 1934

විශේෂ ස්තුතිය

අමරපුර ධම්මරක්ෂිත නිකායේ අනුනායක අහංගම ආනන්ද හිමි, පඹුරණ වාලුකාරාමාධිපති වීරකැටියේ විදුර හිමි, පඹුරණ මෙත්තෙය හිමිගේ ඡායාරූප ලබාදුන් ජාතික කෞතුකාගාර පුස්තකාල කාර්ය මණ්ඩලයට.

නන්දික බැද්දේගම

2014-06-15

පුතා ගෙදර නෑ අද නෝපේ ගිහින් - Jana going no-pay

ඉරිදා දවසට පුංචි ජෝක් කතාවක් 

ඔන්න මේ ඉරිදත් ජනාගේ කතාවක් අරගෙන මං ආවා. ජනා කවුද කියල මේ වනවිට නොදන්න අය ඉන්නවනං මෙන්න මෙතැන කොටලා බලන්න. 
කාටුනය ගත්තේ මෙතැනින්
මේ කතාවත් සිදු වුණේ මෙයිට දැවුරුද්දකට විතර ඉස්සර. ඔය කාලේ ජනා වැඩ කොළේ එක්තරා ප්‍රධාන ඇමතිවරයෙකුගේ  කාර්ය මණ්ඩලයේ. එතැන වැඩ කරන ගමන් බොහොමයක් කෙරු‍වෙ වාහන බ්‍රෝකර් වැඩේ තමා. ඒ වුණාට ඇමැති කාර්ය මණ්ඩලක සේවය කරපු නිසා මිනිහට නිතර නිතර එක එක දිහාවල්වල යන්න සිද්ධ වුණා. මේ හන්දම බොහෝ වෙලාවට මිනිහගේ බිස්නස් වැඩවලට නිවාඩු ගන්න සිද්ධ වුණා. ඒකෙන් වුණේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ජනා ගේ නිවාඩු ටික ඉවර වුණු එකයි.

2014-06-13

නිල් සිනමාවේ රැජිණිය බොලිවුඩය කළඹයි - sunny Leone 18++

පොඩි එවුන් පැත්ත පළාතක එන්න එපා 

sunny Leone

සේයාරුව මෙතැනින්
ජිස්ම් 2 චිත්‍රපටයේ රංගනයෙන් බොලිවුඩය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සරාගී ඇය සනි ලියෝන් ය (sunny Leone).  කලකට ඉහත දී ඇය කැනඩාවේ හා අමෙරිකාවේ නිල් සිනමාවේ බැබලුණු තාරකාවියක් 
( pornographic actress) විය. නිල් සිනමාවෙන් සමුගෙන බොලිවුඩ් පුරවරට පා තබා සිටින ඇය ගැන දැන් ලොවම ඇස ගසා සිටි. කැනඩාවේ හා අමෙරිකාවේ නිල් සිනමාවේ බැබළෙන තරුවක්ව සිටි සනී ලියෝන් (sunny Leone)2010 වසරේ ලොව සරාගීම අසැබි තාරකාවියන් අතර 8 වැනි ස්ථානයේ පසු වූවාය.

2014-06-11

මම මෝඩි ගේ බිරිය වෙමි - Jashodaben Modi


අද ඉන්දියාවේ බලගතුම පුද්ගලයාගේ බිරිය මෙයට වසර කිහිපයකට පෙර විසූයේ දිළිඳු ගම්මානයක එක් කාමරයකින් යුත් නිවෙසක ය.
Jashodaben Modi සේයාරුව ගූගල් වෙතිනි
මුද්‍රිත සාරියකින් හා සැහැල්ලු හැට්ටයකින් සැරසී සිටින ඇගේ මුහුණ රැළි වැටී ඇත. හිස කේ පසු පසට කර තදට ඇද බැඳ සිටින ඇගේ දෑතින් පෙනෙන්නේ ඇය ගත කළ ජීවිතයේ රළු බව යි. සෙරෙප්පු යුගලක් පැළඳ සිටිය ද ඇගේ දෙපයේ දූලි වැකී තිබේ. ඇය ගුජරාටයේ රාජෝ සභා ගම්මානයේ වෙසෙන අනෙක් ඕනෑම කාන්තාවකට සමාන ය. ඇගේ නම ජශෝබදෙන් විමන්ලාල් මෝඩි ය. එ ගම සියලු දෙන ඇය නරේන්ද්‍ර මෝඩි ගේ බිරිය බව දැන සිටියහ.




2002 දී ගොද්රා හි ඇති වූ කලබලවලින් අනතුරුව ඇය මෙම ගම්මානයේ ජීවත් වූයේ බියෙන් යුතුව ය. 2500ක් පමණ වූ ගම්වැසියන් ගෙන් බහුතර ය මුස්ලිම් ජාතිකයන් වූ අතර ඔවුන්ගෙන් අනතුරක් තමාට සිදුවනු ඇත යන බිය ඇයට තිබිණි. ඇය තමාගේ බිරියය යන්න නරේන්ද්‍ර මෝඩි ප්‍රතික්ෂේප කර නොතිබූ අතර එය පිළිගෙන තිබුණේ ද නැත.
ඇයට සමීප ගම්වැසියන් පැවසූයේ ඇය ඔහු හා විවාහ වී තිබුණේ ඔහුගේ උපන් ගම්මානය වූ වද්නගර් හිදී බව ය. 

2014-06-10

කොලනියේ ශාන්තී ටවුමට කඩා වදී!


ශාන්තී දිසානායක කොලනියේ රූස්ස සියඹලා ගසක් යට පොත් ලියමින් උන්නාය. කොලනියේ පීතරලා, කොයින් මැණිකෙලා හා ගිරිගෝරිස්ලා ඇගේ ආත්මය හා බැඳුණු ගමන් සඟයෝය . ඔවුන්ගේ ශරීර - හැඩය, හැසිරීම පමණක් නොව; එකිනෙකාගේ හුස්ම වැටෙන රිද්මය පවා ඇයට දැනිණි. එහෙත් ඈ හිටිහැටියේ ම කොලනියේ වැට - කඩොලු බිඳගෙන අනුරාධපුර ටවුමට කඩා වදී. එහිදී ඇයට මුණ ගැසුනුයේ අමුතු මිනිසුන්ය. මේ අමුතු මිනිසුන් සමඟ ශාන්තීගේ ගනුදෙනුව සාර්ථකද? නැතහොත් ඇය අනුරාධපුර ටවුමේ නන්නත්තාර වුණාද?

2014-06-08

නිවැරැදි බෞද්ධ කොඩිය එසැවීමේන් සැබෑ බෞද්ධයෙකු විය හැකි ද?


වෙසක් පෝය ට කලින් ලියන්න පටන් ගත්තත් අසම්පූර්ණ ලිපි ගොන්නේ තිබුණු මේ ලිපිය පොසොන් පෝය ළඟ නිසා ආයිත් සම්පූර්ණ කර බ්ලොගට දාන්න හිතුණා. මේ ලිපිය ලියන්න හේතු වුණේ පසුගිය වෙසක් පෝයට කලින් පිටකොටුවේ දී පාරිභෝගික අධිකාරිය මගින් 
ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 60000ක් අත්අඩංගුවට ගත්තා ය යන පුවත ඔස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක්.

බෞද්ධ කොඩියට ප්‍රමිතියක් තියනවා ද? පිළිතුර ඔව්.....

ඒ ප්‍රමිතිය නීර්ණය කර ඇත්තේ කවුද?  පිළිතුර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යි.

පහත සේයාරුවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රකාශයට පත් කොට ඇති ශ්‍රී ලංකා ප්‍රමිති 802:1987 විශ්ව දශම 
වර්ග කිරීම 929.9.294.8 (548.7) ලෙස සටහන් කොට ඇති  බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර නම් ඇමුණුමයි.



එහි තුන්වැනි පිටුවේ පෙරවදනේ මෙසේ සටහන් ව ඇත.
කොඩි හා ලාංඡන පිළිබඳ කෙටුම්පත් කමිටුව විසින් පිළියෙල කරන ලදුව රෙදිපිළි අංශය භාර කමිටුව විසින් අනුමත කරන ලද මෙම ශ්‍රී 
අලංකා ප්‍රමිති පිරිවිතර, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ මහා මණ්ඩලය විසින් 1987-11-18 වන දින අනුගමනය කිරීමටත් , පළ කිරීමටත් අවරය දෙන ලදී.

වර්ණ හයකින් යුත් බෞද්ධ කොඩිය ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ කොඩිය ලෙස 1885 අප්‍රියල්17 දින පිළිගත් අතර, එය පළමුවෙන් ම ඔසවන ලද්දේ 1885 අප්‍රයල් 28 දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක දිනයේ දී ය.

වර්ණ හය නම් නිල් - නීල, පීත - කහ, ලෝහිත - රතු, ඕදාත - සුදු, මාංජ්‍යෙෂ්ඨ - රතු මිශ්‍ර කහ, සහ ප්‍රභාෂ්වර - ඉහත වර්ණ පහේ සමාන 
කොටස් වේ. පහත දැක්වෙන්නේ සම්මත ප්‍රමිතිගත බෞද්ධ කොඩියයි. ( බලන්න පහත වර්ණාවලියේ නිල් වර්ණය ස්ථාන ගත කොට ඇති 
තැන.
බොහෝ විට මේ නිල් වර්ණය මුලට ගන්නවා එය වැරදියි

2014-06-06

පිටකොටුවේ චක්‍රලේකය


පුංචි දරුවෝ ඉන්න දෙමාපියන්ට තමන්ගේ ළමයා හා හපුරා කියලා පාසලකට යවන දිනය අමරණීය දිනයක්නේ. ඒත් ඒ අමරණීය දිනය උදාකරගන්න නං දැන් දාහක් දේවල් සපුරාගන ඉන්න ඕන. සමහර දෙමාපියන් තමන් ගේ දරුවා මොන පාසලට ද යවන්නේ කියලා තීන්දු කරන්නේ අම්මගේ බඩට ළමයා එන්නත් කලින්. 
මොකද කලින්ම පදිංචිය තහවුරු කරගන්න ඕන හන්දා දාහක් බේගල් ඇද බා හොර ලියැවිලි හදලා සුපිරි පාසලක් ළඟ තැනක් වෙන් කරගන්නවා. හැබැයි මේකට ඉතිං යහමිං මිල මුදල් එහෙම තියෙන්න ඕන. 
ගූගල් වෙතින් උපුටාගන්නා ලදී

එහෙමත් නැත්තං ඉතිං කාසි පොදි  හෝ දේසපාලක පන්දං කියන ඒවා ඕන කොරනවා. කෙටියෙන්ම කිව්වොත් පාසලකට දරුවෙක් දාගන්නවා කියන එක දැන් හැම එකාටම මුදල් හොයන අපූරුම යාන්ත්‍රණයක් වෙලා. 
පදිංචිය කුලියට දෙන තැන් වැහි වැහැලා. දරුවන් සුපිරි පාසලකට දාල දෙන්නං කියා අත මිට පුරෝගන්න තැරැව්කරුවෝ හැම තැනම. එහෙන් විදුහල්පතිලා අල්ලස් ගන්නවා. තව ලිංගික අල්ලසුත් ඉල්ලනවා.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්