රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-05-30

නිවුන් පොල් හෙවත් දෙබිඩි පොල් - Lodoicea maldivica (Areceaceae)

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඇති ශාක අතුරින් Lodoicea maldivica (Areceaceae) සුවිශේෂ ශාකයකි. මෙය විශේෂිත වන්නේ ලොව දුර්ලභ ගණයේ ශාකයක් වන නිසාය. 
සීෂෙල්ස් දූපත්වලට ආවේණික මෙය වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති බැවින් එරටෙහි නීති මඟින් ආරක්ෂා කර ඇත. අතීතයේ දී මුහුදේ පාවී වෙරළට ආ ගෙඩි නිසා මේවා මාලදිවයින් පොල් ලෙස ද හඳුන්වා ඇත. එබැවින් ඒවා සාගර ශාකයක බීජ බවට ද එකල විශ්වාස කර ඇත. 






2014-05-29

කවුරුත් බිය ගැන්වූ ටෙක්නිකල් හන්දිය - Technical junction


දිනය 1751 නොවැම්බර් 27 වැනිදාය. වේලාව පෙරවරු දෙකය.  දළ සහිත වල් ඇතෙකු  පවුර බිඳ ගෙන නගරය තුළට කඩා වැද ඇතැයි යන ආරංචිය දසත පැතිරිණි. දැනට රීගල් සිනමා ශාලාව තිබෙන තැන පිහිටි රොටර්ඩෑම් අට්ටාලයට පීරා ඇතුළු වූ හස්තියා එහි සිටි ආරක්ෂක සෙබළුන් දෙදෙනා ගෙන් එක් අයෙකු මරා අනෙකාගේ අත ඩැහැගත්තෙලු.

කොළඹ නිල වාර්තාවෙන්ම උපුටා දක්වන පහත සටහනෙන් එකල කොටුව අවට පැවැති පරිසර පද්ධති කෙබඳු ද යන්න අවබෝධ කර ගැනීම අපහසු නැත.

  ...මින් පසු ශ්‍රීමත් ආණ්ඩුකාරතුමා ආඥාවක් නිකුත් කළේය. ආඥාව වූයේ ඔවුන්ගේ තෝනි (ඔරු) නම් යාත්‍රා ද මාලදිවයින් යාත්‍රාකරුන් ඔවුන්ගේ බෝට්ටු ද දියත් කරමින් වල් ඇතා ග්‍රහණයට ගත යුතු බවයි. කඹ පිරවූ බෝට්ටුවක් ද මේ සඳහා ඔවුන්ට සපයන ලදි. දහවල් එක වන විට ඇතාගේ පස්සා කකුල් අල්ලා බැඳීමට හැකි විය. මෙහිදී තමා වෙළූ සියලුම බැමි බිඳ හස්තියා කැලේට රිංගා ගත්තේය..
(කොළොම්පුර පුරාවෘත්ත)
මේ සම්බන්ධයෙන් ආර්.එල්. බ්‍රෝහියර් මහතා මෙසේ නිගමනය කළ බව සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.




“මේ සිද්ධිය මඟින් එකල කොලොම්පුරයේ භූ ලක්ෂණය ද කිසියම් ප්‍රමාණයකට අනාවරණය වේ. නගරයේ උතුරු, නැගෙනහිර හා දකුණු දිශාවන්හි ගන කැලෑ පැතිරී තිබූ බව මෙයින් පැහැදිලිය.”

2014-05-28

ස්ත්‍රීන්ගේ තවත් විලාපයක් ! - බොඳවූ සිහින


නූතන සිංහල නවකතාවේ අන්තර්ගතය තුළ නව ප්‍රවණතා පහක් දකින්නට ලැබේ.

(I) ඓතිහාසික කතන්දර මූලාශ්‍ර ලෙස ගැනීම.
(II) මජර දේශපාලන සංස්කෘතිය නිරූපණය කිරීම.
(III) වලව් සංස්කෘතියේ බිඳවැටීම විග්‍රහ කිරීම.
(IV) නූතන ජීවන පැවැත්ම තුළ ස්ත්‍රියගේ පීඩනය මුදාහැරීම.
(V) තරුණ ජීවිත කේන්ද්‍රකොට පැණි කතා ලිවීම.

2013 දී ස්වතන්ත්‍ර සිංහල නවකතා එකසිය ගණනක් පළ වී තිබේ. ඉන් එකක් - දෙකක් හැරුණු කොට අන් සියල්ල අන්තර්ගතය විසින් ඉහත ශානරයක් නියෝජනය කරනු ලැබේ. නවකතාකරුවන් අතර දක්නට ලැබෙන තවත් පොදු ලක්ෂණයක් වන්නේ ප්‍රබන්ධ කතාවේ ශිල්පීය ලක්ෂණ නො සලකා හැරීම ය. කතා වස්තු පෙළගැසීම, චරිත නිරූපණය හා භාෂා භාවිතය අතින් බොහෝ නවකතා අන්තයට ම දුර්වල ය. ඒ අතර පවතින සාධනීය ලක්ෂණයක් ලෙස ගත හැක්කේ ටික දෙනකු හෝ කෙටි නවකතාව දෙසට ඇදී යෑම ය.


2014-05-26

1880 දෙසැම්බර් 03 දින එළි දුටු“සරසවිසඳරැස”

 ප්‍රබල බෞද්ධ මහජන මතයක් ගොඩනැඟූ පත්තරය

ආරම්භක කර්තෘ :වේරගම පුංචිබණ්ඩාර

1880 වන විට මිෂනාරීන් විසින් ආගම ප්‍රචාරය කිරීමේ ප්‍රකට මාර්ගයක් ලෙස පුවත්පත් සඟරා ආදිය යොදාගන්නා ලදී. ඔවුන්ගේ ධනය, බලය නිසා පත්‍ර සඟරා මගින් සිංහල ජනයා අතර ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමේ යෙදී සිටියේය. 1880 වන විට ප්‍රබල බෞද්ධ පුවත්පතක අඩුව තදින්ම දැනෙන්න විය.
මේ වකවානුව වන විට රෝමානු කතෝලික ඥානාර්ථ ප්‍රදීපය පත්‍රය මගින් බුද්ධාගම හෙළාදැකීමට උත්සාහ කිරීම වැළැක්වීමට ගත් උත්සාහයක් ලෙස සිංහල බෞද්ධ පත්‍රයක් ආරම්භ කිරීමට කොළඹ සිටි බෞද්ධයකු වූ බුලත්සිංහලගේ හරමානිස් කුරේ මහතා විසින් මූලික කටයුතු යොදා තිබේ.

මේ පත්‍රය ආරම්භ කිරීමේ මූලික අඩිතාලම “පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය” ඇරැඹීමට ප්‍රථම සම්පාදනය වී තිබේ.





හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ මූලිකත්වයෙන් විද්‍යෝදය පිරිවෙනෙහි පැවති රැස්වීමකදී පත්‍රය ඇරැඹීමට තීරණය කර ඇත.

2014-05-25

ඉරිදා දවසට පුංචි ජෝක් කතාවක් - vehicle broker is dangerous man


ගූගල් වෙතිනි
ජනා හරි සූරය කියල තමා කට්ටිය කියන්නේ. හැබැයි ඒ ඉන්න තැන. නැතිතැන කියන්නේ ජනා හෙන අණ්ඩපායල කියලයි. කන්තෝරුවක රස්සාවක් කොළත් මේකා එතන රස්සාවට වඩා කෙරුවේ වාහන බ්රෝකර් වැඩේ. ඕන දහ ජරාවක් මේකා අහිංසකයන්ගේ ඇගේ එල්ලන්නේ අතේ පැළවෙන බොරු දාහක් දෙසා බාලා තමා. කොහොම හරි ජාවාරම අවසානයේ විකුණුම් කරුගෙන් මෙන්ම ගැනුම්කරුගෙන්ද මේකා ගාන කපා ගන්නවා. 

2014-05-22

අස්සය ගෝන් ටික් ටික් ටික් - Mounted division of Sri lanka police


“අපගේ මාර්ග අයත් කර ගෙන සිටින්නන් නම්, ගොනුන් බැඳි කරත්ත දක්වන්නවුන්, පුද්ගලික අශ්ව කරත්ත කරුවන්, පුද්ගලික හා කුලී රික්ෂෝ පදවන්නන් ය.” පර්සියානු අශ්වයන්ගෙන් පිරී ගිය ඉතා හොඳ අස්හලක් කොටුවේ තිබුණු බව ස්වයිට්ෂර් නැමැත්තා කියු බව ඉතිහාසගත ලේඛනවල සඳහන් ය.                                                                                                                                      - කොළඹ පුරාණය -
ඒ එදා යුගයේ අශ්වයන් පිළිබඳ කෙටි සඳහනකි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේ මෙරට පාලනය කළ ඉංගී‍්‍රසි ජාතිකයෝ විසින් 1866 දී පොලිස් දෙපාර්තමේන්තුව ස්ථාපිත කළහ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ප්‍රවාහන කටයුතු ඇතුළුව අශ්වයන් හා ඉතා සමීප ගනුදෙනු පැවැති හෙයින් ඔවුහු අශ්වයන් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා ද යොදා ගත්හ. 



2014-05-21

ඇන්දවීමේ කලාවට අත්පොතක් !


අපි ලොක්කන්ට රැවටෙමු. ඔවුන්ගේ වැරැදි දැක - දැකත් ඔවුන්ට රැවටෙමු. ඔවුන් අනුමත කරමු. ඊට හේතුව කුමක් ද? ඒ අපේ මෝඩකම ද? නිවටකම ද? එසේ නැතහොත් ඇබ්බැහිය ද? මේ කතාව කියවාගෙන යන කල; අපට අපේ ම අමන හැසිරීම් සිහියට නැඟේ. ඒවා පෙළගැසී නාටකීය ස්වරූපයෙන් වේදිකා ගත කරනු ලැබේ.

සේපාලී මායාදුන්නගේ “ගොනානෝ” නවකතාව බැලූ බැල්මට ඉතා සරලය. ඉන් කියවෙන්නේ වියළි කලාපයේ පිටිසරබද ග්‍රාමයක චරිත කිහිපයක් ජීවන අරගලයට මුහුණ දෙන ආකාරය යි. එහෙත් එහි යටිපෙළ ඊට වඩා ගැඹුරුය. විචිත්‍ර චරිත නිරූපණයෙන් ඔබ්බට යන කතුවරිය මිනිස් හැසිරීම් පිළිබඳ සියුම් විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මේ නවකතාව ඔස්සේ අප අපේම ජීවිත ගැන පෙරළා නීරික්ෂණයක් කරන්නට පෙලඹෙනු ඇත.

කතාවේ යටි පෙළෙන් මතු වන්නේ මිනිස් සමාජයෙහි පවත්නා රැවටීමේ හෙවත් මුළාවීමේ ස්වභාවයයි. එහිම ප්‍රතිවිරුද්ධ පැත්ත ඇන්දවීම හෙවත් ඇන්දවීමේ කලාව ලෙස හැඳින්විය හැකිය. එය සමස්ත ලෝකයටම පොදු තත්ත්වයකි. ධනවත් රටවල් විසින් දුප්පත් රටවල් අන්දවනු ලැබේ. බහු ජාතික සමාගම් විසින් දේශීය සමාගම් අන්දවනු ලැබේ. ව්‍යාපාරිකයන් විසින් පාරිභෝගිකයන් අන්දවනු ලැබේ. ලොක්කන් විසින් පොඩ්ඩන් අන්දවනු ලැබේ. සේපාලි මේ ලෝක තත්ත්වය පිළිබඳ කුඩා නියැදියක් අප හමුවේ තබයි.

2014-05-20

blogger ඕනා facebook වානා


සංතෘෂ්ටිය පරම ධනය යැයි පැරැණි කියමනක් ඇත. එය සත්‍යයැකියි මට සිතේ. ඒ මන්ද යත් සතුට නොමැති තැන ජීවයක් ද නැතැයි සිතෙන 
තරමට ඉච්ඡාභංගත්වයට අප පත්වන අවස්ථාවන්ට මූහුණ දී ඇති බැවිනි. දෛනිකව එකාකාරී සේවයක යෙදෙන්නෙකුට තම වෘත්තියේ 
යෙදෙද්දී ඇතිවන ව්‍යාකූලත්වය සිතේ සංතෘෂ්ටිය මොට කරවයි. එවන් විටෙක සිතේ සංතෘෂ්ටිය වෙනුවෙන් එකිනෙකා විවිධ 
ක්‍රියාකාරකම්වල නියැළෙති. 
එයින් මිදෙන්නට මා තෝරාගත් කෙටි මගකි මුහුණු පොතට හොට දැමීම. මුලදි මුලදි බොහොම කෙටි කාලයකට මුහුණු පොතට වැදුණත් කල් යත්ම එය ඇබ්බැහියක් බවට ම පත් ව ඇතැයි හැගුණේ ඇතැම් අත්‍යවශ්‍ය වැඩ කටයුතු ද මගෙන් ගිලිහෙන බැව් පෙනෙන විටය.

2014-05-16

අපුල්ලන එකත් රස්සාවක් - Laundry in colombo

බේරේ වැව් ඉස්මත්තේ 
සුද්දගෙ ලොන්ඩ්‍රිය

කොඩි වැල් ගාණට රෙදි වැල් එක යායට වේලෙමින් තිබිණි. වේළෙමින් තිබෙනා ඒ රෙදි වැල් අතරින් අපි මේ යන්නේ සුද්දගේ ලොන්ඩ්‍රිය සොයාගෙනයි. සොයා ගැනීම මඳක් අසීරු කටයුත්තක් වුණේ නගර සංවර්ධනය උදෙසා නවම් මාවතේ තිබුණු ලොන්ඩ්‍රිය වෙනත් ස්ථානයකට ගෙන ගොස් තිබීමයි. එතැන ද ලොන්ඩ්‍රිය ඇරැඹි දා පටන්ම එක දිගටම වැඩ කෙරුණු තැනකි. මේ නවම් මාවතේ  පිහිටි ලොන්ඩ්‍රි වත්තේ ලොන්ඩ්‍රියයි.



Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්