රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-02-26

සයිබරයේ අපට බැරිද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයට අභියෝගයක් වෙන්න


සයිබරය හේතුවෙන් වූ මරණ ගැන මේ දිනවල කතා බොහොමයකි. ඒ ගැන සයිබරයේ ලියැවුණු ලිපි ගණන ද බොහෝ ය. 

මේ කතා හරහා මුහුණු පොත තහනම් කළ යුතු යැයි ඇමැතිවරුන්ම කීප දෙනෙක් මේ වන විට තර්ක කරති. පුදුමය නම් ඒ අයට ද පුද්ගලික මුහුණු පොත් ගිණුමක් තිබීම යි. ඒ ලිපි ගොන්න අතර මා සිත් ගත් ලිපි දෙකකි රාජ් ලියු ලිපිය හා චාමි ගේ ලිපිය.

ඒ සයිබර් කතා ය.

සේයාරුව ගූගල් වෙතිනි

ඒ බොහෝ ලිපිවලින් දුටු දෙයකි නූතන ලංකාවේ ජනමාධ්‍යයේ භූමිකාව දැඩි විවේචනයට ලක්ව ඇති ආකාරය. එය ජඩමාධ්‍යයක් ලෙස ඒ හැම ලිපියකින්ම පාහේ අර්ථ දක්වා තිබිණි. මම ද මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධ වුවෙක්මි. එසේ වුව ජඩමාධ්‍ය යන උපහැරණයෙන් මට ද මිදිය නොහැකි තත්ත්වයකි පවතින්නේ. කතාව ලුහු කොට තැකිය නොහැකි ය. 

පළමුවන සිංහල සඟරා කතුවරු

 ‘ශාස්ත්‍රනිධාන’ කතු ජෝන් පෙරේරා

“සව්සත්දම් වාදය” ගෙනගිය ජෝන් පෙරේරාගේ ශාස්ත්‍රාලංකාරය

“ලංකා නිධානය “ සඟරාව නැවතීමෙන් පසු 1846දී ආරම්භකර ඇති ශාසත්‍රනිධානය සිංහල කතුවරයකු ආරම්භ කළ පළමු සඟරාවයි. මෙයට පෙර ආරම්භ කර ඇති සිංහල භාෂාවෙන් මුද්‍රණය කොට ඇති පැරණිතම සඟරාව වන මාසික තෑග්ග, ලංකා නිධානය, උරගල විවේචකයා, යන සඟරාවල සංස්කාරකවරයෝ සිංහලයෝ නොවූහ. ශාසත්‍රනිධානයේ කතුවරයා කීර්තිමත් සිංහලයෙකි.


ගොඩපිටිය ජේතවන විහාරයේ සරම් මුදලි ඉදිකළ මන්දිරය

2014-02-23

Sunday Hot Shots

මේ ඉරිදා උදෑසනම මෙන්න ඔබේ දැසට යමක්. ලිපියක් කොටන්න හිතා හිටියත් කම්මැලිකම නිසා ඒක මග හැරුණා. ඒ නිසා තමයි නිශ්ශංක විජේරත්න මිත්‍රයා මා වෙත යොමු කළ මේ සේයා රූ එකතුව අද බ්ලොගයට එකතු කළේ. 

මෙහි නිරුපණය හිරුණි සහ පියුමි.































Hiruni & Piumi 

Maka up Shamali Rasangeka - Salon -Glamour Girl @ Athurugiriya 

Pix By Nissanka wijerathne

2014-02-18

ඉපැරැණි සිංහල ලියැවිලි


චුල්ලවග්ග පාලිය හා යාඥා හෑල්ල


සිංහල අකුරින් ලියන ලද දැනට ශ්‍රී ලංකාව සතුව ඇති පැරැණිතම පුස්කොළ පොත ලෙස සැලකෙන්නේ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇති 'චුල්ලවග්ග පාලිය' යි. මේ පොත ලියා ඇත්තේ 1236-1271 වසරවල ශ්‍රී ලංකාවේ රාජ්‍යය කළ දෙවැනි පැරකුම්බා රජතුමාගේ කාලයේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. ඒ මහතාගේ පරීක්ෂණ අනුව මේ පුස්කොළ පොතට දැනට වසර 800ක් පමණ වෙයි.
දෙවැනි පැරකුම්යුගයේ මේ පුස්කොළ පොතට දැනට වසර 800ක්

පිට කවරයේ ලන්දේසි මුද්‍රාව

රන් වැඩින් නිම කළ රතු පාට හමින් යුතු යාඥා හෑල්ලේ පිටකවරය

වයස අවුරුදු 277ක් වූ වසර 1737 දී ලන්දේසින් අච්චු ගැසූ බවට සඳහන් මුල් පිටුව

මෙහි පරණකම මැන බැලිය හැක්කේ එහි ඇති අකුරුවල තත්ත්වය හා අවසන් පත් ඉරුවේ සඳහන් බෙලිගල සුමේධ හිමි හා මේධංකර මාහිමියන් ගැන සඳහන් නම් ගම් අනුව බව පරණවිතාන මහතා සඳහන් කරයි.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්