රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-01-30

රුපියල් 20ට හෙට නං නියම වටින කම ලැබෙයි

ඔන්න හෙට නම් රුපියල් 20 අපතේ යන එකක් නෑ...බ්ලොග් පිටුවේ 3වැන්න හෙට එනවා... ඒ වගේම හෙට පත්තරේ විද්‍යාපීඨවලට බඳවාගැනීමේ ගැසට් එකත් එනවා. 

ඒ වගේම දිනමිණේ යන අවසන් බ්ලොග් පිටුව මෙය වෙයිද කියලත් කියන්න බෑ. ලැබෙන ආරංචි ඒ තරම් සුබ ඒවා නොවෙයි. ඒත් බලමු ඉදිරිය දෙස උපේක්ෂාවෙන්.. වෙනස්කම් රැසක්ම අත ළග සිදුවෙනවාය කියලා ආරංචි ගොඩක් ලැබෙනවා මෙය ලියන මොහොත වන විට.
මට මෙවන් පිටුවක් කරගන යන්නට අයෝමය ශක්තියක් වුණේ බන්දුල පද්මකුමාර නම් ප්‍රවීණ මාධ්‍ය කරුවායි.

2014-01-29

සිංහල පරිවර්තකයක් app for sinhala translate

සතුට ඇතිවන්නේ අප කරන කියන දේ තුළ ය. හිතේ කුකුසෙන් වුව ලියන ලද පසු ගිය ලිපිය බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් වූ බැව් මසිතට ඇති කළේ සතුටකි. එකී ලිපියෙන් මා පෙන්වා දුන්නේ ගූගල් සේවාව මගින් අපට ලබා දුන් සේවාවක් පිළිබඳවයි. ඒ භාෂා පරිවර්තන පිළිබඳව ය. 




2014-01-27

මාත් දැන් බාසා වෙල්ලෙක් more people used google translate


සති කීපයක සිට මේ මාතෘකාව පිළිබඳ ලියන්නට සිතා සිටිය ද එය දිනෙන් දින කල් දැමිණි. විටෙක මෙය නොලියපන් යැයි මගේ සිතම මට දෙස් දුණි. ඒත් ඕන ප්‍රශ්චාත් භාගයක් වෙද්දෙන් මෙය ලියනවා අද කියා සිතුණු බැවින් මෙය ලියමි.

2014-01-19

අතීත වාස්තු විද්‍යාව පිළිබිඹු කරන සොල්දර ගෙවල්


හිසට සෙවණ ලබා දෙන්නේ නිවහනයි. නිවහන තමන්ගේ රුචි අරුචිකම් මත නිර්මාණය කරනු වස් බොහෝ දෙනා උත්සුක වෙති. සිය ආර්ථික තත්ත්වයටත්, සිතට සරිලන ආකාරයෙනුත් හිසට සෙවණ තැනීම කාගේත්    පරමාභිලාෂයයි. මේ එවන් ආකාරයකට තැනූ නිවෙස් ය. දකුණු ලක අපේ ඇස ගැටුණු පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලබා තැනූ නිවෙස් ය. වසර ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන ඒවා පෘතුගීසි, ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලැබූවකි. 

2014-01-18

කුරුදු තලා දිවි ගෙවන්නෝ


ඔවුහු කුරුඳුවලට මහත් සේ භක්ත්‍යාදරයක් දක්වති. ආරක්ෂා කරති. එහෙයින්ම එය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික භෝගය ද වේ. මෙහි කුරුඳු ආශි‍්‍රත නිෂ්පාදන කර්මාන්තයක් ද පවතී. 
මෙහි වෙසෙන නොකම්මැළි ගැමියෝ හරි හරියට කුරුඳු තළති. කුරුඳු වතු හිමියෝ සේවකයන් ලවා කුරුඳු තළවති. 



2014-01-17

සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ සුපසන් නිවස

මහවළතැන්න වලව්ව

පළාත - සබරගමුව           දිස්ත්‍රික්කය - රත්නපුර
ගමන් මාර්ගය - බළන්ගොඩ කල්තොට මාර්ගයේ තෙලදිරිය හන්දියෙන් ඉඹුලමුර මාවතේ කිලෝමීටර් 4ක් ගමන් කළ තැන මහවළතැන්න වලව්ව හමුවේ.
විශේෂත්වය - ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සෙවණ දුන් නිවහනයි.



රාජාණ්ඩු ක්‍රමය අහෝසි වී පරාධීන යුගයකට එළැඹ එතැන් පටන් ඉංගී‍්‍රසි ආධිපත්‍යයේ සුදු සෙවණැලි මුල්බැස ගන්නවාත් සමඟම මෙරට ඉතිහාසය ද යම් පෙරළියකට බඳුන් විය. මෙරට විසූ බොහෝ රදළයන් ඉංගී‍්‍රසීන්ට පක්ෂපාතකම් දක්වන්නට වූ අතර, ඉංගී‍්‍රසීන් විසින් ඔවුන්ට තාන්න මාන්න, පඬුරු පාක්කුඩම් පිදීමට වගබලා ගන්නා ලදි. 
සුවිසල් නින්දගම් සහිතව ඉතා බලවත් “වලව්” පෙළැන්තියක් ද මේ වන විටත් බිහිවී තිබිණි. රාජාණ්ඩු ක්‍රමය ස්ථාපිතව පැවැති යුගයේ කුලභේදය, පංතිභේදය වඩාත් තදබල ලෙස පවතින විට කුලයෙන් ඉතා උසස් යැයි පිළිගත් “රදළ” පංතිය කළේ රජුගේ පාලන තන්ත්‍රයට ද යම් අයුරකින් උදව් උපකාර කිරීමයි. එම නිසා සෙසු සමාජ පන්තීන්වලට වඩා ගෞරවයක්, පිළිගැනීමක් ගම්වැසියන්ගේ යටහත් පහත් බවක් මෙම රදළ නිවෙස්වලට උරුමව තිබිණි. ඔවුන් ජීවත් වූ නිවෙස් හැඳින්වූයේ “වලව්ව” යන නාමයෙනි. 









එලෙස පැවැත ආ සබරගමු පළාතේ “වලව්” අතර මහවළතැන්න වලව්ව ද මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන උරුමයකට ද සෙවණ දුන් තැනකි. ලොව ප්‍රථම අගමැතිනිය ජීවත් වූයේ ද මෙම සෙවණ පෙරදැරි කරගෙනය. එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ළමා කාලය ගෙවී ගියේ මෙම මහවළතැන්න වලව්ව පෙරටුකොටගෙනය. රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමි හා බාන්ස් රත්වත්තේ වාසය කළේ මෙම මහවළතැන්න වලව්වේය. 
බළන්ගොඩ නගරයට සැතැපුම් දහයක් පමණ දුරින් මෙම ඓතිහාසික වලව්ව පිහිටා තිබූ අතර බළන්ගොඩ වැලිගෙපොළ පාරේ කිරිමැටිතැන්න, ගල්කන්ද ප්‍රදේශ පසුකර යන විට හමුවන මහවළතැන්න හන්දියෙන් හැරී මෙම වලව්වට යා යුතු විය. මහාවළ සහිත භූමියක පිහිටි තැනිතලා ප්‍රදේශයක් වූ නිසා මෙන්ම රදළ පරපුරක නිජ බිමක් ද වූ නිසාම “මහාබල” තැන්න ලෙස ව්‍යවහාර වී පසුකලෙක මහාවළතැන්න නමින් ප්‍රකට වූ බව කියැවේ.


සිංහල උළු සෙවිලි කර මැද මිදුලක් සහිතව තේජස් ශි‍්‍රයාවෙන් නෙත ගැටුණු මෙම වලව්වට ඉංගී‍්‍රසි සම්ප්‍රදාය ගෙන එමින් ඉදිරිපසින් අලුත් කොටසක් එක් කරන ලද්දේ සැමුවෙල් ඩේවිඩ් මහවළතැන්න රටේ මහත්තයා විසින් බව ද කියැවේ. සැමුවෙල් ඩේවිඩ් මහවළතැන්න රටේ මහත්තයා වූ කලී සිරිමාවෝ මැතිනියගේ සීයා (මවගේ පියා) ලෙස හැඳින්වේ. මෙම මහවළතැන්න වලව්ව ඉදිවීම පිළිබඳව ද ඇත්තේ රසවත් පුරාවෘත්තයකි.  රොස්මන්ඩ් මහවළතැන්න කුමාරිහාමිගේ සීයා මුලින්ම පදිංචිව සිට ඇත්තේ බළන්ගොඩ ගොඩකුඹුර වලව්වේ ය. එතුමා සතුව විශාල ගවපට්ටියක් තිබූ අතර ගවපට්ටිය රැකබලා ගත් ගොපලු දරුවන් ගවයන් තණ කැවීමට දැම්මේ මහවළතැන්න කැලෑවටය.
එක් දිනක් මෙම වනවදුලේ සිරි නැරැඹීමේ වුවමනාවෙන් මඬනා ලද රටේ මහත්තයා, සේවකයන් දෙදෙනෙකු ද කැටිව වනය තුළ ඇවිද යමින් සිටිය දී දිය පිපාසයෙන් පෙළෙන අතර දිය බී ලබුකැටය ගසක අත්තක එල්ලා තැබුවේය. තවත් ඔබ්බට වනයේ සිරි නරඹමින් යද්දී දක්නට ලැබෙන්නේ ඉතා දුර්ලභ එහෙත් අදහාගත නොහැකි දසුනකි.  මහ කැලය මැදින් දිව ආ සාවෙකු පසුපස හඹාගිය සිවළෙකු ආයෙමත් හැරී වේගයෙන් හඹා ආවේ හාවාට බිය වීමෙන්ය. හාවා කේන්තියෙන් හිවළා පිටුපස හඹා ආවෙන් සිවලා බිය වී වේගයෙන් කැළයට දිව ගියේය. සිවලා හාවාට පැරදුණේය. මෙය නම් ආශ්චර්යවත් සිදුවීමකි. සැබැවින්ම මෙම භූමිය ජය බිමකි. එසේ සිතූ රටේ මහත්තයා, තම අනාගත ජීවන කුටුම්භය ඉදිවිය යුත්තේ මේ බිමේ යැයි අදිටන් කොට ගත්තේය. 
මහවළතැන්න ඓතිහාසික වලව්ව ඉදිවුණේ එලෙසය. මහවළතැන්න පරම්පරාවට අයත් මෙම වලව්ව වසර 1900 දී ඉංගී‍්‍රසි ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ සැලැස්මකට අනුව ඉදිවිය. එම ජය භූමිය තුළින් උපන් සිරිමාවෝ රත්වත්තේ කුමාරිහාමිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වීමේ භාග්‍යය ද මහවළතැන්න වලව්වට ලබා දීමට සමත් වූවාය.



මහවළතැන්න වලව්ව එකල ජාත්‍යන්තරයේ පවා ප්‍රචලිත වීමට තරම් හේතු තිබිණි. 1931 වසරේ දී අමෙරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක් රූගත කිරීමට අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකයන් කණ්ඩායමක් මහවළතැන්න වලව්වට පැමිණියේ ගම්මානයේ සුන්දරත්වයට ලොල් වී ගෙනය. ඔවුන් ආපසු යන විට ඔවුන් චිත්‍රපටයේ රූගැන්වීමට රැගෙන ආ කොටියෙකු දැමූ කූඩුව මහවළතැන්න වලව්වට තෑගි දී යන්නට අමතක    නොකළේය.




මහවළතැන්න වලව්ව රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමිගේ සහ ඇගේ පියා වූ සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ යුගයේ ඉතා සුපසන් නිවෙසකි. නිතර ජනී ජනයාගෙන් පිරී ගිය, නිතර දිළිඳු මිනිසුන්ට දන් දුන්, දුක සැප විමසූ, සහල් බුසල් ගණනින් දන් දුන් තැනකි. ප්‍රදේශයේ දක්ෂ කලාකරුවන් ශිල්පිනියන් ගෙන්වා කුලසතා එළිදැක්වූ රඟමඩලක් වැනිය. සිරිමාවෝ මැතිනියගේ සීයා වූ  මහවලතැන්නේ රටේ මහත්තයා ද, මව වූ රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමි ද දක්ෂ වෙදැදුරන් වූ අතර වලව්වේ මහා ඉඩම පුරා ඉතා හිඟ බෙහෙත් පැළෑටි මෙන්ම
ගහකොළ වවා තිබිණි. 



පෙරුම්කායම් ගස් පවා එහි වවා තිබූ බව පැරැන්නෝ පවසති. එලෙස සබරගමුවේ (රත්නපුර) ආයුර්වේද ඉතිහාසයට මහවළතැන්න වලව්වෙන් ලැබී තිබුණේ අනගි මෙහෙයකි. එම වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ ඇතැම් පරපුරක් ද තවමත් එහි පැවත එයි.
සබරගමුව මහසමන් දේවාලයේ 13 වැනි බස්නායක නිලමේ ධූරය ද  මහවලතැන්නේ වලව්වෙන් හොබවා ඇත. 

2014-01-16

සහෘද බ්ලොග් කරුවන් ට පුංචි තල්ලුවක්

සහෘද බ්ලොග් කරුවන් ට තම පාඨක පිරිස වැඩිකරගැන්ම වෙනුවෙන් ඇරඹුණු දිනමිණ බිලොග් පිටුවේ 2වැන්න හෙට එළි දකිනවා. ඉතින් බොහොම අවිවේකයෙන් වුවත් මේ වැඩේ ඇදගන යන්න මට ඔබ සැමගේ සහාය අවශ්‍යම වෙනවා.

ඒ වගේම මේ කටයුත්ත වෙනුවෙන් ඉඩක් වෙන් කර ගත්තෙත් බොහොම ආයාසයෙන්. කවුරුන් හෝ හිතනවා නම් දිනමිණ පිටු වසාගන්නට ක්‍රමයක් නැතිව මේ කටයුත්ත කරනවා කියා එය අමු මුලාවක් බවද සිහි කළ යුතුමයි.

මෙන්න හෙට ඔබ දකින පිටුව



2014-01-11

සයිබරයේ බ්ලොග් පිටු පත් ඉරු අතරට හෙට සිට...

සයිබර් අවකාශයෙන් අපට ලැබුණු මහගු දායදයක් වුණු බ්ලොග් කලාවේ යෙදෙන අපේ ම හිතවතුන්ට පුංචි උත්තේජයක් වෙන්න ඕන කියන අදහසින් ඔන්න හෙට සිට ඔයාලගේ බ්ලොග් සටහන් ඒ විදියටම පත්තර පිටුවකට ඇතුළත් කළා. 



හෙට සිට දිනමිණ පත්තරේ තුළ එක් පිටුවක් බ්ලොග් කරුවන් වෙනුවෙන් වෙන් කෙරෙනවා. හැබැයි සතියකට එක දිනයි.

ඉතින් හා හපුරා කියලා මගේ හිතට වැදුණු සහ ඉඩ කඩ ඇති හැටියට ලිපි කීපයක් ම තෝරගත්තා. ඒ මොනවද කියලා බලන්නකෝ කස්ටිය. ඒ වගේම මේ පිටුවට යා යුතු දේවල් තියනවනං ඒ ගැන මට මේලක් එහෙම දැම්මට අමනාපයක් නෑ. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් මේ පිටුව සාර්ථක කරගන්න ලොකු උදව්වක් වේවි.

මට මග හැරෙන හොද දේවල් පෙන්නලා දෙන්න. මොකද මේ වැඩේ කරන්නේ තවත් බොහෝ වැඩ කටයුතු අස්සේ නිසා අත පසුවීම් වෙන්න ඇති ඉඩ වැඩියි. ඒ වගේම සයිබරයට සීමා නැති වුණාට මේ පත් ඉරු අතරේ මට සීමාවන් තියනවා කියන එකත් අමතක කරන්න එපා. මේ වැඩේ කරද්දී මට රැවුලයි කැඳයි දෙකම බේරගන්න වෙනවා.

මෙතැනින් ඒ පත් ඉරුවට ගොඩවන්න

මාතලන් ගේ අඩවියේ මේ ගැන ලිපියට

මෙන්න මේ ගැන තවත් කතාවක් අපේ ඉසව්වෙන්

දිනමිණ බ්ලොග් පිටුව සමාජවාදීයෙකුගේ ඇසින්. පැරා ගේ වියමන මෙතැනින්

දේශකයාගේ දේශනාව මෙතැනින්

රාජ් ගේ නවාතැනේත් මෙහෙම අදහසක් තියනවා

පැරා ගේ පිළිතුරු ලිපිය

මීදුමටත් ගැටලුවක් වූ බ්ලොග් පිටුව







2014-01-02

සුමන සමන් දෙවියන්ට හිතැති සමනලවත්තට යමු


පිහිටීම - රාස්සගල හා පෙට්ටිගල කඳු පංතිවලින් වටව ඇති පෙදෙසකි.
දිස්ත්‍රික්කය - රත්නපුර
පළාත - සබරගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - බළන්ගොඩ
ගමන් මාර්ගය - බළන්ගොඩ නගරයේ තුඹගොඩ මංසන්ධියෙන් ආනන්ද මෛත්‍රී මාවත දිගේ කිලෝමීටර් 11ක් පමණ ගිය විට හමුවේ.




විවිධ හැඩතල ගත් කඳු පන්ති තැන් තැන්හි පිහිටා ඇත. ඒවා අතරින් සිනිඳු සේල බඳු මිහිඳුම් වලාවන්ය. බැලූ බැල්මට ගන වනාන්තරයක් දෝයි සිතෙයි. නැත. මෙහි සිසාරා ඇත්තේ තේ වතුය. උස් වූ කඳු පන්ති පුරා ඇත්තේ මනාව ඔප මට්ටම් කොට සකසා ඇති තේ වතුය. තේ වතු ඇසුරේම හැදී වැඩී ජීවත් වන ගැමියන් වෙසෙනා මේ පෙදෙස සමනල වත්තයි. බෑවුම් සහිත පටු මාවත ඔස්සේ වේගවත් ගමන් යා නොහැකිය. බැලූ බැලූ අත දිස්වන්නේ හෙල් වැටිය. ප්‍රපාතයන්ය. ඇඟ හිරිගඩු පිපෙද්දී අපි සමනල වත්තට ප්‍රවිෂ්ට වූයෙමු.



Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්