රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-09-30

ජප්පෝ මේවා දන්නවනම්.- Black Money - 6

ස්ථානය:-Cinnamon Grand Colombo
             Lobby

ඇමති:...හෙක්..හහ්..හහ්..හා...පලී.....චුට්ටක්.,.,පරක්කු උනා.,.,..,

පලිපාන: ...ආ..ඇමති තුමා...මමත් දැන් තමා ආවේ...
            අපි මෙතන කතා කරමු....ද...

ඇ: ...පිස්ෂුද.,.,.පලී...මේ තැන්වල...හෙක්..හොදට තියෙයි...හෙට උදේ...නෙමේ..
    ..තව ටිකකින්..අර වැබ් සයිඩ් ද...මොනවද කියන්නෙ.....ඒවල යයි..අපි...
    දෙන්නගෙ මුනුත් එක්ක..."ඇමති 20%කොමිස් කතා"කියල.....අර...අර..
    ..දැන් හැම තැනම ඉන්නවලු ගොස්පී කියල....එකාල වගයක්......

පලී: ...ok ..ok ..ඒ ගැන මොකුත් හිතන්න එපා ඇමති තුමා...අපි දෙන්නට ..
       කතා කරන්න වෙනම room එකක් ලෑස්ති කරල තියෙන්නෙ....අපි යමු...
       ......පුතා...මගෙ...1107...කී එක දෙන්න...Thanks ..........
.....................................................................................................

පලී: ..ගන්න ඇමති තුමා ...මොනවද මික්ස් කරන්නනෙ...මම නම් ඉතින්..
      ..අයිසුයි වතුරයි තමා......

ඇ: ...මට නම් ඉතිං...හැක්...හැක්...කොක්..කොක්...තමයි...හෙක්...හෙක්,,,
    ...ක්රාක්...ක්...ක්හුම්...ම්...අම්බෝ...බැරැන්ඩි..ක්හ්..ක්හ්..වල සැර...
    ඔන්න පලී...අද සෑ තමයි හෙක්... හෙක්...සෑ......
   අද අලුතින් පටන් ගන්න මෙගා එකේ,මේන් රෝල කරන ලපටි කැබැල්ල..
   එක්ක ඇදේ ඉදන්ම එයාගෙ රග පෑම දකින්න සැලැස්සුව...
   අපි දෙන්නගෙ කතාව ඉවර වෙච්ච ගමන්...සිරිය කැබලි ටිකත් එක්ක ...
    ඕටලේ...හෙහ්...
    ජයික් එකේනෙ ඉන්නේ...අතේ...දුර....හැක්..හැක්..හැක්..හේ..
    අරි..අපි කතාවට බහිමු පලී..............

පලී: ..දැන් ඇමති තුමා..ජපන් අයගෙ සැලසුම ගැන ඔබ තුමාගෙ අදහස ..
      ...මොකක්ද..?

ඇ: ...මරු...මරේ...මරු...හැබැයි පලී ඔය ශේරම වෙන්න ඕනා...මගේ අතින්..
     ...හරිය...

පලී: ..මෙහෙමයි ඇමති තුමා...ජපන් රජය දියුණුවෙන රටවල් සදහා උපකාර
       කිරීමට වෙනම ආයතනයක් පිහිටවල තියෙනව ජයික කියල......

ඇ: ...අප්පට සිරි .....හැක්..හැක්...බඩු ටික ඉන්නෙත් ජැයික්..එකේ..නේ ..

පලී: ..නැහැ..නැහැ..ඇමති තුමා..මම කියන්නෙ,Japan International Cooperation Agency (jicA )කියන ආයතනය ගැන.

ඇ: ..හෙක්..ඒම කියන්න එපෑ...හික්...සිංගලෙන්..හික්..හික්...
     ඉතිං පලී..ඔය බඩ කඩෙත්තුව මොකෑ කොරන්නෙ....???

පලී: ..ඔය ජයික ආයතනය ලෝකයේ දියුණු වන රටවල් සදහා නොයෙකුත් ආකාරයෙන් උපකාර කරනව.
      ප්‍රධාන වශයෙන් දුප්පත් කම නැති කිරීම,ඇතුළු ජනතාව ගේ සුභ සිද්දිය තකා උපකාර කිරීම ගැන තමයි ඒ අය වැඩ කරන්නෙ.

ඇ: ..අප්පට සිරි...ගජ...ඕක ..නියම ආයතනයක් ...නෙ...හැක්..හැක්..
     ඔය දුප්පත් හැත්ත ඉන්ද අපි පෝසත්...උනාට ...පලී.....
     ...ඔය ...හැත්ත...කව..දාකවත්..පෝසත්..,,.කොරන්න..නරකයි.....

පලී: ...මම හිතන්නෙ ඇමති තුමා ඔය ජපන් රජයත් ලෝකෙට පෙන්නන්න වෙන්න ඇති ඔය වගේ ආයතන පිහිටවාගෙන දුප්පත් රටවලට උදව් කරනව ඇත්තෙ.
 .... මොකද....එයාලගෙ කර්මාන්තශාලා,එක එක බලාගාර වලින් පරිසරයට වෙන හානිවලට වඩා ලෝකයට දෙයක්,එයාල කරන බව 

පෙන්වන්න වෙන්න ඇති කියලයි මම හිතන්නෙ...

ඇ: ...හැක්,.,.හැක්,.,.පලී...ත්..ඇවිල්ල....කැ..මේ....මේ...කැපු...... මේ..මේ..මාර පොරක්නෙ...
  .....ඒ රටේ ඉදගෙන..උන්ටම කපනව නේ...හෙක්..හෙක්..හේ.. ආපු ජප්පෝ මේවා දන්නවනම්...මෙහෙදී ම බඩ කපාන මැරෙනවා..,.,.හික්...හික්.....,

පලී: ...මේ කිව්ව ඒවා ඇමති තුමා එහෙම පාර්ලිමේන්තු ඇතුලෙදි ප්‍රකාශ විදියට කියවන්න එපා ජපන් රජය මෙහෙමයි වැඩ කරන්නෙ කියල එහෙම....
...අන්තිමට එහෙම වෙලා පත්තර කාරයො එහෙට කතා කරල ඇහැව්වොත් මට කියන්න වෙන්නෙ ඔබ තුමාව එකවරයි මුණ ගැසිලා තියෙන්නෙ,එහෙම දෙයක් කිව්වෙත් නැහැ කියල.
ඇ:අරි...අරි...පලී...ඊඊ...මම ඔය මැල වියලා,ඉංදි යල වගේ බයිලා කියන්නෙ නැහැනේ......
....ඒක..නෙමේ..පලී..මට සිරිය කිව්ව,මේ..මොනවාද..තව බිසිනස් වගයක් කොරන්න බලනව කියල...මෙහෙ...

පලී: ...ආ..ඔව්..ඔව්..මේ ...rice වලින් සකේ හදන්නයි,කජු පුහුලන් වලින් වයින්...හදන්නයි..ම්ම්....කිරි....නිෂ්පාදන.....

ඇ:කිරි කිව්වේ....තනද......කජුද......

පලී: ...තන.....?

ඇ: ..ඔව්..වොව්..වොව්..ඔන්න....ලේකම් කිව්ව කොහෙද කුප්ප රටක තන කිරිත් බෝතල් කොරල වෙළද පොලොට දානවා...කියල...

පලී:ආ...එහෙමද..?...ඉතින්..ඊයේ මගේ තාත්තයි මලික් අයියගෙ යාලුවො ටිකයි ඔය ගැන කතා කලා....

ඇ: ...අයියෝ...මලී...නෙහ්...පලී...ඔය ටික මට ලෂ්සනට කොර තැකී..නේ..
   බණ්ඩාර... කිව්වම...ලොක්ක ...හික්..ඔඅනම..එහෙකට ..අනුමතේ..හික්...

පලී: ...නැහැ ඇමති තුමා..තාත්තයි,මලික් අයියයි පාටියට ආපු නායක තුමයි කතා 
     කලයින් පස්සෙ..නායක තුමා හරියට සතුටු වුනා ප්‍රොජෙක්ට් ගැන...
     එවෙලෙම බොසා ට කෝල් කලා නායක තුමා...සේරම විස්තර කිව්වම බොසා
    හරියට සතුටු වෙලා...පළාත් බබාල කියන අය ගස් කපපු,පස් කපපු ඉඩම් 
    වගයක් තියෙනව ගලහ පැත්තෙ...ඒ පැත්තෙ ඉඩම් දෙන්නම්,ඒ ගැන වහාම 
    ක්‍රියාත්මක කරන්න කෙනෙක් ඉක්මනින් එවන්නම් කියල....
    නායක තුමා ට හරි සතුටුයි...ඇමති තුමා...හිනා වෙවී එයා කියනවා..
    පේනවා නේද....හැලප නොකා කෝපි විතරක් බිව්වම තියෙන සැලකිල්ල....
    කියල....හෙහ්...හෙහ්...

ඇ: ....මොකාද..ආවේ..පලී..ෂුවර්..එකටම...කොට...හු...මේ කවුද හැබෑට...
     ආවේ...?

පලී: ...මේ..කවුද...ටිකිරි....ව.ගෙ....න...

ඇ: ...මම කිව්වෙ....උපතින්ම කඩුව අරං....ආපු එවුන් කියල ....තමයි කියන්නෙ.
     ...මාලිගාවෙ පිං කැටේ,ඉදල රත්තරං ටිකයි,මාලිගාව වටේ තියෙන ගස්/ඉඩම්
    ටිකට ඒකා වගේම කොට නැලමේ එක්ක එකතු වෙලා කෙළවන කොට රැවුල් 
    බුවා නේද...?....හැක්...හැක්...

පලී: ..තාත්ත දන්නව ඇතිතිනෙ කට්ටියව...ඇමති තුමා...
       එහෙනම්...ඇමති තුමා...
       සැටඩේ....සෙනසුරාද..රෑට...ජපන් අය පාටියක් ලෑස්ති කරල තියෙනව...
      කට්ටියටම එයාලගෙ විදියට ශෂිමි ,සුෂී වගේ කෑම...

ඇ: .....අම්බට...උඩු...ඔය ශ්..ෂි....කියන කෑම..මගේ...ප්‍රියතම...එල..එල...

පලී: ...එහෙනම්...ඔබ තුමා අද මෙහෙනෙ..?  
      ළමයි ටික Hilton එවන්න මම යනව ඇමති තුමා..ගුඩ් නයිට්..
      ඔයස්මි.....නසායි.....!!!!
                                                                          
                                                                          Kenji @ Japan
මතු සම්බන්ධයි.
සේයාරුව ගූගල් වෙතිනි


2013-09-27

යකෝ සතාගේ නම තියන පෙති පැකට් එකක් ගෙනෙන් - Black Money - 5



ඇමති: ...හ්ම්ම්ම්ම්...සිරීඊ....අන්න පලිපානය ජප්පන්වත් අරගෙන නුවර ගිහිල්ල.....උගෙ පාදර් කාරය මාළිගාව වැදිල්ලේ ඉදල..,,කැපුවත් කොළ ලොක්කො සෙට් එකක් එක්ක පාටිත් සෙට් කොරල බං...,,


...සිරිට කිව්වේ නැද්ද නුවර යන සිං එක..,,

සිරි: ....මට කිව්වා....ඇයි ඇමතිතුමා....,,,

ඇ: ......ඇයි කියන්නෙ යකෝ මං හිතාගෙන ඉන්න දේවල් ඔලට වෙන මොක්කු හරි පැන්නොත්....??
...අර කැපුවත් පාට කාරයො ඉන්නේ වැලේ වැල් නැතිව....හිටපු වාචාලයො ටික නම් ගාන කපන් පැන්න....,,
අනේ මන්ද සිරීඊඊ .....පලියගේ වැඩ ටික ෂුවර් නේද....?????

සිරි:.....ඇමති තුමාට කිව්ව ප්‍රොජැක්ට් එක ෂුවර්....ඉතින් ඔබතුමාල හොඳ සායෝගයක් දුන්නොත්...ගොඩම තමයි....

ඇ: ..මම බැලුවෙ සිරි කුණු ටික අදින්න අපේ ලොකු මල්ලි ගෙ නමට අරගෙන ආණ්ඩුවෙන් ගාණක් කපන්න........
එහෙම අරන් ජප්පන්ට විකුණල එතනිනුත් ගාන කපන්න්...හැක..හැක්...හැක්.....කොහොමද මගෙ....හික්..හික්..හි.හික්...මොළේ...???

සිරි: ....මිස්ටර් පලිපාන කිව්වෙ ඔය කුණු නිකං ඕන කියල නේද..,,..ඇමති තුමා....,,?

ඇ: ....මාද්ධියට කියන එව්ව කවද්ද බං...අපි කොලේ..හෙක්..හෙක්..හික්...හේ..
එයාලට කියන්නෙ එකක් අපි කොරන්නෙ වෙන එකක් නොවැ.
ඒක තමා සිරි කියන්නෙ...උන්ට කුණු ඕන..,,උන් හදන්නෙ අපෙන් කුණු ටික අරන් සුද්ද කොරපු මුදු වතුර දෙන්න.....

කවුද යකෝ දන්නෙ ඔය සුද්දෙ දාන වතුරෙත් අර DCSL ද මොකක්ද මගුලක් තියෙනවද කියල...හ්ප්...,
නැද්ද මං ආන්නේ.....අනිත් ඒක අපිට වතුර මොනවටද...මෙච්චර ගගවල්,වැව වල් තියෙද්දී....
බොකු බඩවැල් දියවෙනව කියල කෑ ගාන එවුන් සුමාන දෙකයි නේ බං ජවුසන් නටන්නෙ නැද්ද හොදා.......
ඔය ජප්පෝ අපිට මොත්තේ දාල කුණු ටික නිකං අරං ගීල්ලා අරාබියන් ගෙන් ගාන මරනව ද...කවුද දන්නෙ....,.,
අපි නොදන්න හරිත ප්‍රොජැක්ට්....සිරි අර මැඩම් මොකක් ද කිව්වෙ....අර..අඅ.....
....වැබ් සයිඩ් ද..අ.අ.අ...මොකක්ද කියල..ඒ ගැන මොකුත් දන්නෙ වැයි..

සිරි: ....ආ,.,.ආ,.,.දවසක් ඇමතිතුමා අපේ නලියයි,,.තව ලියන්නො ටිකකුයි එක්ක ප්‍රැස් බාර් එකේ සෙට් උණා
නලිය බිව්වෙ ලගපුටුවක අර..අ..අ...පොඩි කොම් පිටරේ.,.,..ඇමති ..තුමා.....මොකක්ද...මේ..මේ..ඒ..ඒ...
ආහ්..හරි රී..ඊ..ඊ...අර තුනියට,පැතළියට තියෙන එකට..කියන්නෙ ටොප් ලැප් කියලනේ....අන්න ඒක ඔබ ඔබ

ඇ: ...වොව්...වොව්...අපිම දීපුවනේ...ඒවා...අපි දුන්නොත් දෙයක් උන් බදාගෙනම තමයි ඉන්නෙ..,.,.කන බොන වෙලාවට විතරක් නෙමේ බං....කොටින්ම නිදා ගන්නෙත් ළග තියං....හාහ්,.,.හාහ්,.,.හා
එතකොට මොනවද,.,.ඔය වැබ් ද..හබ් ද..එවලින් කොරනව කියන්නෙ බං...,,,...,.

සිරි: ...ඇමති තුමාට කියන්න...නලිය..නියම බොක්කෙ එකා කියල එදා තමයි...ලොක්ක...හක්...හක්..මගෙ බොක්කට..හික්...දැනුණේ..අම්මප....

ඇ: ....උඹේ සිරික්කිය නැතුව කියපන්..යකෝ,,..

සිරි: ...හ්ප්....ඇමති තුමාට කේන්ති යනවනේ....
....ඔය වැබ් එකේ රට පෙරළන්න,.,.,ලියන එව්වොත් අපෙන් කාල..අපේ..ලොක්කටම.,.,කතිරේ ගහන එවුන් 

ඇ: ...සිරි...දැන් මම,...යන්න ඕන..,.හෙට...අ...අ...අ...රෑ 9 ය වෙද්දි සහනයගෙන්......ඉන්න ඉටිකිරිස් ඒවලින් 4ක්...ඉල්ලන් වරෙන්....
කාලෙකින්.....ඔව්...වොව්...මට.............මතක ඇතුව අරව......පැකට්..එහෙකුත් ගෙනෙන්.....
කුඩ නෙමේ බං..ඒවානම් කාමරේ ඕන තරම් තියෙන්නෙ....
....යකෝ....සතාගෙ නම තියෙන පෙති පැකේට් එකක්....


Kenji @ Japan 
මතු සම්බන්ධයි


2013-09-23

ගුබ්බෑයමේ ඉඳල පොලිසියට කොටු වුණේ තමුසෙද? Black Money - 4


ඇමති: මොනවද ඔය පයිල් ගොඩ.............

මැඩම්: මේ...මේ....මේ සතියෙ දාන කැබිනට් පේපර් ටිකක්......
          දෙසරයක්ම පැත්තකට දාපු පේපර් දෙකත් මේ එක්කම                තියෙනවා....
          උපදේසකළ කියල දාගෙන ඉන්න එකාලට හරියට වැඩක් කරන්න  ඇහැක්ක....
           මේවා ටික හදෝගත්තේ සිරි අදුන්නල දුන්නු,ලගදි රට ඉදල ආපු මිස්ටර් ආරියනන්ද කියල කෙනෙකුට කියල...
            ආන්න... මිනිස්සු...හුක්..අපි ලග ඒවාගේ එකෙක් ඉන්නවද....?
            මම ඒකතමා කියන්නෙ දරුවෝ තුන් දෙනාව ඉක්මනට පිටරට ඉස්කෝලෙකට යවමු කියල.....


ඇ: එයාවත් සිරී මද සෙට් කොරේ...හැක්......හැක්........බැලුවම සිරී,පොරින් කටියම නොවැ ආස්සරේ. කෝ දෙන්න බලන්න ඔය ටික.....


මැ:...ඔහේ බැලුව කියල තේරෙනව යෑ.....සේරම ලියල තියෙන්නෙ ඉංගිරිස් වලින්නෙ....
        මම ළමයින්ගෙ ටියුසන් ටීචර්ට එන්න කිව්ව,මේ ටික සිංහලට පෙරලගන්න.....


ඇ:.....ඒක හොදයි...ඒක හොදයි....මේ සැරේවත් මේ ටික පාස් කොරෝගන්න ඕන අප්පා......


මැ:.....ඔව්ව්ව්...වොව්...හැම ඉරිදාම ලොක්කයිය උදේ පාන්දරම කට ගොන්නක් බීගෙන ඇවිල්ල...මිනිස්සු ඉස්සරහ.....
    අහනව අදත් මස්සිනා නැද්ද කියල...එයායිව කන්න හදනවලු චන්දෙට වියදම් කොරපු අයලා.....
      හැම ඉරිදකම මිදුලේ පිරිලා ගම් වල හැත්ත බුරුත්තම...මම තනියම උත්තර බදින්න ඕන හැම එහෙකටම......
      දැන් මාස ගානක ඉදල එක ඉරිදාවක් ගමේ හිටියද ඔහේ...හැම සිකුරාදා දවල් ගියාම දකින්නෙ සදුදා...
       එක එක හමුවීම් කියල මොන ගුබ්බෑයම් වල ලගින්න යනවද මන්ද.....?
       ඔන්න ලොකු පුතා කිව්ව මොනවද මේ..මේ...වැබ් සයිඩ් ද මොහොකද තිබුනලු ඇමති කෙනෙක් ගෑනු වෙලෙන්දියෙක් ගෙ.....
        ගුබ්බෑයමක ඉදල පොලෝසිය ට අහුවෙච්ච කතාවක්....


ඇ:..හැක්...හැක්...හැක්...ඕව අනේ....මඩ....මඩ...අපේ ජයග්‍රහණය දිරවන්නෙ නැති හැත්තගේ මඩ..අඅඅඅ....
          නැද්ද සිරීඊඊඊඊඊඊ.......මේ සිරී ගෙන් අහල බලන්න......
          මේ ජයතිස්සට ලොකු අක්කගෙ විස්තර ටික දීල එයයිගෙන්ම විස්තර ටික අහං අදම ඒ වැඩේ ඉවර කරලා දාන්න....
          පරම්පරාවම ගොඩ යන වැඩක් සිරී ගෙනල්ල තියෙන්නෙ....හෙක්..හෙක්..හෙක්....
...........................................................................................................


ඇ:....හලෝ...මිස්ටර් පලිපාන මම බණ්ඩාර ඇමති තුමා...හැක..හැක්..හැක....
කොහෙද ඉන්නෙ..තාම ඇදක් උඩද?...හික්..හික්.. 


පලි:....Good Morning ඇමති තුමා...,,මම ජපන් අය එක්ක Kandy ආව...


ඇ: ...ෂෙක්...ඇයි පලී මට කලින් නොකිව්වෙ...මම මාලිගාව ලෑස්ති කොරනවනේ ජප්පෝ ටික කොර වෙන්න......


පලී:..Thanks .....ඇමතිතුමා....මගේ තාත්ත් රන්ජන් අයියට කියල ඒ සේරම සුදානම් කරල තමයි අපිව මෙහෙට ගෙන්න ගත්තෙ...
        තාත්තගෙ යාලුවො කට්ටියකට ජපන් අයව මුන ගස්වන්නත් යොදා ගෙන තිබෙනවා.......


ඇ: ....පලී,..එහෙනම් අද හවස හෝටලේදි හම්බු වෙමු නේ...දෙන්නට තනියම කතා කරන්නත් බැරි උනා නේ..හාහ්...හාහ්...හේ..


පලී: ....Sorry ....ඇමති තුමා.....අද රෑට පාටියක් සුදානම් කරල මලික් අයියල ගෙ ගෙදර...
        මමත් අවුරුද්දකට විතර පස්සෙ ආව නිසා කට්ටිය හරි Happy එකේ ඉන්නෙ... 
        නෑදෑයෝ තාත්තට කියල මේ සැරේ නම් හොරෙන්ම යන්න දෙන්න බැහැ කියල...හි..හි..හෙහ්..හෙහ්...
       මට පේන්නෙ මෙයාලගේ සුදානමක් තියෙනවද කොහෙද මට නායක තුමාවත් මුන ගස්වන්න......
        රන්ජන් අයිය කිව්ව නායක තුමත් අද මාලිගාව වැද ගන්න එන කතාවක්....අපි හෙට මුණගැහෙමු ඇමති තුමා....


ඇ: ...හොදයි...හොදයි...එහෙම කරමු...හෙට හවස හත වෙද්දී හෝටලේ හරී...බීප්..බීප්..බීප්..බීප්..
මතු සම්බන්ධයි.

                                                                                Kenji @ Japan
කාටුනය ගූගල් වෙතිනි 

2013-09-19

ලස්සන දියණියන් තාත්තලාට බලය දෙන සැරසිලි ද? Tony abbott's campaign


ඔස්ට්‍රේලියා මැතිවරණ වේදිකාව මත පසුගිය දිනවල කම්කරු පක්ෂය හා ලිබරල් සන්ධානය අතර පැවැති උණුසුම් වාද විවාදවලදී කාබන් බද්ද, සංක්‍රමණික ප්‍රශ්නය වැනි සංවේදී මාතෘකා ද තිබිණි. මේ වාද විවාද අස්සේ ලොවපුරා ආකර්ෂණයට ලක් වූ තවත් දසුනක් විය. ඒ, ඇහැට – කනට පෙනෙන සිය තරුණ දියණියන් තිදෙනා ද පිරිවරාගත් ලිබරල් පක්‍ෂ නායක ටෝනි ඇබට්ගේ මැතිවරණ ව්‍යාපාරයයි.

2013-09-17

සීපද අග පදය පේළියට ලියන හැටි - Test


මෙය අත් හදා බැලීමකි. සඳැස් කවියක් එළිසම රැකෙන්න බ්ලොගයට දමන හැටි මා මාතලන්ගේ බ්ලොගයෙන් අසා සිටියා. එය ට නිසි පාර ඉවාන් පෙන්නලා තිබුණා. මා මෙසේ අත් හදා බලන්නේ අලුත් මල්ලීගේ නවතම සොයාගැන්මත් එක්කයි. ඒ ගැජට්ටුව මෙතැනින් ගිහින් බුක් මාක් එකක් දාගන්න. කවි ලියන හැම දෙනාටම මෙය අතිශය වටිනවා. ඉතින් මුලින්ම තෝරගත්තේ ඉවාන් මලයා මට දාපු කවි ප්‍රතිචාරයක් සහ එයට දුන් මගේ පිළිතුරයි

       
යන්ට හිතෙනව බුකිට්බිත්තන්
දකිනකොට අර චූටි ගැට තන්
සරත් අයියත් එක්කයන තැන්
නලින් අයියා වගේ මුත්තන්
  
ප්‍රගිත් වැනි තරුණ කොල්ලන්
ගිහින් එන්නට ඕන මේ තැන්
සරා වැනි උන් ගිහින් ආ තැන්
මමත් ගියහම වරද කිම බන්
  

2013-09-15

මැලේ රටේ රාත්‍රියක් - Nightlife in KL Malaysia


බුකිට් බින්තන් හි දසුනක් සේයාරුව ගූගල්ගෙන් ගත්තේ
මේ විදියට අප කැමරා රැගෙන ගියේ නැත
මැලේසියාවේ ගෙවු දෙවන දින සවස් කාලය කුරේ සමග ගත කරන්නට ලැබිමෙන් අපි බොහෝ තැන් දැක ගත්තෙමු. වසර ගණනක් පුරා එරටේ දිවි ගෙවන්නකු ලෙස ඔහු ලත් අද්දැකීම් මත අප යා යුතු තැන් කියා දුන්නා පමණක් නොව ඒ තැන් කරා ඔහුගේම වාහනයෙන් අප රැගෙන යන්නට ද මේ සයිබර් මිතුරා අමතක නොකළේ ය. එහෙයින් ම අපට වෙනත් සංචාරකයෙකු ට අත් විඳින්නට නොලැබෙන ආස්වාදයක් මිහිරක් ලබන්නට ද අවස්ථාව උදා විය.

ආදර සරත් අයියා ගේ හමුව තවත් දිනකින් පසුව සිදු වුවත් සරා හා ගෙවුණු කාලයේ පිංතුර කීපයක් මෙතැන ට එක් කරන්නේ හිතවත් බ්ලොග් කරුවන් කීප දෙනකුම ඒ ගැන විමසා ඇති නිසාවෙනි. සරා පමණක් නොව පැතුමා මෙන්ම සිරාව ද මට මැලේ රටේ දී මුණ ගැසිණි.

සරත් ලංකාප්‍රිය සමග

බිත්තියේ පැතුමාව හමුවෙන්නත් අමතක කළේ නෑ


බ්ලොගය නිසා හට ගත් මිත්‍රත්වය
එදින රාත්‍රියේ අපේ සැලසුම් මොනවාද යන්න වීමසූ කුරේ අප අනුගමනය කළ යුතු දේ ද මැනවින් පහදා දී අපෙන් සමුගත්තේ ඉර අවරට ගොස් හෝරා කීපයක් ද ගෙවීමෙන් අනතුරුවය.

ක්වාලාලාම්පූර් පුරවරය රාත්‍රියට තරුණය. කොහේ සිට බැලුවද විදුලි ආලෝක සළුපිළියෙන් හැඩ වුණු පෙට්‍රෝනාස් හා කේඒල් ටවර් අප දෑස ඉදිරිපිට යෝධයන් සේ දිස්වෙයි. රාත්‍රි වින්දනයට චයිනා වීදිය ද කදිම තැනකි. කුරේ ගේ උපදෙස් මත නන් ඉයෑන් හෝටලයේ ම සිට මැලේ මධු විතක රස බලමින් හෝරාවක් දෙකක් ගෙවා දැමූ අප චයිනා වීදියට පිළිපන්නේ රාත්‍රී 10ට පමණය.

මහත් අරුමයකි. සැදෑ කාලයේ සාමාන්‍ය පාරක් සේ දිස් වුණු චයිනා වීදිය දැන් සැණකෙළි සිරියක් උසුලයි. විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් ජනී යනයා දස දහස් ගණනෙකි. මග දෙපස විවිධ වර්ගයේ කෑම වර්ග සාදන සංචාරක අවන්හල් ය. මේ සෑම දෙනාම සොම්නසිනි. එකෙකුගෙන් අනෙකාට කිසිදු හිරිහැරයක් නැත. මේ නම් කන්නම උපන් ජාතියක් යැයි මට සිතේ. හැමෙකෙක්ම මහ විසාල ආහාර තොගයක් ගිල දමති. දුම් දමන විවිධ අහරින් මේ හැම කෙනෙකුගේම මේස පිරී ඇත. මැලේ ජාතිකයෝ කන්න ම උපන් ජාතියක් යැයි සමන් අතාවුදහෙට්ටි මිත්‍රයා ලියූ සරවක් නදිය දිගේ නම් පොතේ තැනක ඇත. එම පොත දොරට වැඩියේ අප මැලේ රටට එන්නට දින දෙකක් තිබිය දී මෙපුරවර යේ දී ම ය.

කොහොමද හිච්චි එකී


චයිනා වීදියේ කෑම


මුං රෑටනේ කුරුම්බා බොන්නෙත්

මේ ආප්ප නොවේ බත් වගේ කෑමක් ඊයම්
කොලයක් ඇතුලේ තමා තැම්බෙන්නේ



ඈතින් දිස්වන්නේ KL කුළුණ

අවට විසිතුරු දකිමින් නෙතට අහර ගනිමින් අපි දෙදෙන වීදි පුරා ඇවිද්දෙමු. ඒ ඉඳහිට තැනක සිට සුරුපිනියන්ගෙන් අපට ඇරයුම් ය. කිසිවෙකුගෙන් කිසිවෙකුට තහංචියක් ද නැත. එහෙත් අප සියල්ල නෙතින් දකිමින් සිත් සේ ඇවිද්දෙමු.

දැන් වේලාව මධ්‍යම රාත්‍රීයට ආසන්න ය. කුරේ මෙන්ම හිතවත් සරා අයියා ද කියා තිබූ පරිද්දෙන් අපගේ මී ළඟ සැලසුමට කාලය පැමිණ ඇත. ටැක්සි රථයකට අත දැමූ අපි බුකිට් බින්තන් යැයි කීවෙමු. මිල රිගිට් 20කි. කල් වේලා ඇතිව නියම මිල ගණන් දැනගන සිටි බැවින් අපි එය රිගිට් 10 දක්වා අඩු කරගන ගමන ඇරඹුවෙමු.

බුකිට් බින්තන් යනු සුපිරි සංචාරක වීදියයි. චයිනා වීදිය සුර පුරක් නම් බුකිට් බින්තන් යනු දෙව්ලොවකි. 
ලොව සුපතල කොක්ටේල් මධු විතක් තොල ගාන්නට ද රිසිසේ නැටුමින් ගැයුමෙන් වැයුමෙන් පිරිපුන් ආස්වාදයක් විඳගන්නට ද මේ කදිම වීදියකි
විදිය දෙපසම විවිධාකාරයේ රාත්‍රී සමාජ ශාලා ය. ඒ හැම තැනකම සංචාරකයෝ කති බොති නටති විනෝද වෙති. මේ විදියේ සරන්නට අප යද්දී කැමරාවක් රැගෙන නොයාම ගැන දැනුදු ඇත්තේ විස්සෝපයකි. කුරේ සහෘදයා අපට උපදෙස් දුන්නේ රාත්‍රී ගමන්වලදී කිසිම දෙයක් රැගෙන නොයන ලෙසයි. පාස්පෝට් එක හා අවශ්‍ය තරමට මුදල් හැරෙන්නට වෙන කිසිවක් අප රැගෙන නොගියේ එහෙයිනි.

එකී විදියේ වූ කැරෝකේ ශාලාවකට වැදුණු අපි කොක්ටේල් වඩියක් තොල ගාමින් මියුරු සංගීතය හා මුසුව නැටුවෙමු. සිත් සේ විනෝද වූයෙමු. නැටුමේ අපේ තනි නොතනියට එක් වන්නට සූරූපිණියන් එකිනෙකා පොර කති. කලින් වූණු දැනුවත් කම හේතුවෙන් මේ සියල්ල උපේක්ෂාවෙන් විඳගන්නට හැකි වීම ගැන හිතේ ඇත්තේ ආඩම්බරය මුසු සතුටකි.

පහත සේයා රූ සියල්ල බුකිට් බින්තන් හි විවිධ අවස්ථාය. ඒ සියල්ල ගූගල් වෙතින් උපුටාගන්නා ලදී







සිරි නරඹමින් විදිය දිගේ ඇදෙන ලොව විවිධ රටවල සංචාරකයන් ආකර්ශණය කරගන්නට විවිධ ජාතින්ගෙන් යුත් සුරූපිණියන් ගන්නා වෙහෙස ඇත සිට නැරඹීම ද ආස්වාදයකි. මෙහි කිසිදු ජාතිවාදයක් නැත ආගම් වාදයක් නැත. සියල්ලෝම මනුස්සයෝ ය යන්න මැනවින් පසක් වෙයි. එකම තැන රුසියානූ,චීන,ජපන්,මැලේ,නයිජීරියා,සුරූපිණියන් ය.ඇතමෙක් රන්වන් පැහැතිය. තවෙකෙක් සුදෝ සුදු ය. ඒ අතර කළුම කළු අප්‍රිකානු සුරූපිනියන්ද වෙයි. මේ හැමෝගේම අරමුණ සංචාරකයෙකු තම ගනුදෙනු කරුවා කරගැන්මයි.

පුදුමයකි අප දුටු අයුරින් මේ කෙල්ලන් අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණේ කළු කෙල්ලන්ට ය. අතිශය විනෝද බර මොහොතක වුව මගේ සිතේ මේ කෙල්ලන් ගැන ඇති වූයේ අනුකම්පා සහගත හැගුමකි. ජීවිතය ජය ගන්නට නේ තම මවු රටවල් අතහැර නොදන්නා රටක මේ සේවා සපයන්නේ.

මේ අනුකම්පා සහගත හැගුම මසිත වඩාත් තීවෘ වූයේ මේ කෙල්ලන් අතර සිංහල කෙල්ලන් ද සිටි නිසාවෙනි. ඔවුන් මුලින් සිතුවේ මාත් මිතුරාත් ඉන්දියන් හෝ පකිස්ථාන් ලෙසය. අප ශ්‍රී ලංකාවෙන් බව දන්නේ නම් ඔවුන් මග හරිනවා නිසැකය. අප බොහෝ දේ කතා කරම්න් සිට එකවරම සිංහල බසින් ඇය ඇමතූ කල ඇගේ මුහුණේ ඇති වූ දෝමනස්ස සහගත පෙනුම මගේ හදවත තාමත් හඬවයි.

මෙවන් ඉරණමකට අපේ කෙල්ලන් පත් ව ඇති අයුරු මා නොලියමි. මැලේ රාල යම් දිනෙක ඒ ගැන ලියාවි. මැලේ රාල දැනට ලියන දේ අනුව මේ ගැනත් ලියනු ඇත යන්න මගේ අනුමානය යි. නැතිනම් මගේ ඇරයුම මැලයෝ ඒ ගැනත් නුඹ නොදන්න විදියක් නෑ. ලියපන් ඒ වගත් තවත් අපේ කෙල්ලන් අමාරුවේ වැටීමෙන් වළකාගන්න.

උතුරා යන සතුටත් වින්දනයත් මිහිරියාවත් ඒ යටින් දිවයන සාංකාවත් සමගින් අප අලුයම් කාලයේ නැවතත් නවාතැනට පැමිණියෙමු. නිදි නැති දවසක තව හොරාවකින් පමණ ජෙන්ටින්ග් හයිලන්ඩ්ස් නරඹන්නට යා යුතුව ඇත. මේ හෝරාව ඒ අඩ නින්ද ට යි.
හමුවෙමු තවත් කොටසකින්.




2013-09-13

සහන් කාරයා ගාව ඉන්නේ ළපටි කෑලිද බං - Black Money Part - 3


පළමු කොටස මෙතැනින්




ඇමති : ඔය කෝල් එක පස්සේ ගනිමු ජයේ,අන්න ගයන සිරියත් ඇවිල්ල.

ඌ එක්කත් කතා කොරලම පලියට කතා කොරමු............................

............හැක්.....හැක්.....හැක්.....කෝමද....සිරිඊඊ.....ඉතින්..?


සිරි : හොදින් ඉන්නව ඇමතිතුමා.අපේ පලිපාන සර් කතා කළේ නැතෙයි?


ඇමති :මම දැන් කෝල් කරන්න හිටියෙ සිරි.මොකද පලිපාන උන්නැහේ මං ගැන කියන්නෙ..?නිව්ස් එහෙම දැකල මිනිහ හරි සැටිස් ඇති නේ..?

සිරි :ඊයේ මම කාමරේ කතා කර කර ඉද්දිත් ළග පාතක පත්තරයක් නම් දැක්කෙ නැහැ, ඔන්න චැනොල් මාරු කොර කොර බි සි සි ,සි ඇන් ඇන් , ඇන්.ඇච්.කේ TV බලබල තමයි මගෙත් එක්කත් කතා කළේ........

ඒ කතා කොරන ගමන් කිව්ව ආපු ජප්පන්ගේ එහෙ වහල දාල තියෙන කිරි පැක්/චීස්/බටර් පැට්ටරියකුයි, සකේ පෙරන පැට්ටරියක තිබ්බ මැෂින් ටිකයි මෙහෙ ගෙනත් හයි කොරල වැඩ පටන් ගන්න ඕන කියල. ඔන්න නියම වැඩ ඇමති තුමෝ.....මම ඔබතුමාට අතටම ගෙනත් දීලා තියෙන්නෙ....දැන් තියෙන්නෙ කටේ දා ගන්න එකයි..හක්....හක්....හක්....හේ..

ඇමති :අප්පට සිරි,එහෙමද..?උඹ නම් නියම පොරක් තමා මේ සැරේ ගෙනත් තියෙන්නෙ.

ලොක්ක මේ ළගදිත් කිව්ව ගබඩා පුරෝල තියෙන හාල්වලට මොනවා හරි කරනව කියල.

අපි පත්තරවලට ටීවීවලට පොර ටෝක් දුන්නට අපේ අතිරික්ත හාල් පිට රටවල්වලට විකුණනව කියල මෙලෝ එකෙක් සල්ලි දීලා ගන්නෙ නැහැ බං,අතින් වියදම් කොරල නිකන් ඉතියෝපියා යැව්වොත් මිසක්ක.

යකෝ,සකේ පෙරන්නෙත් හාල්වලින් නේද..බං?

ලොක්කට පොතක් දාල ගබඩාවල තියෙන හාල් ටික කුකුල් කෑමට කියල; ගත්ත මිලට වඩා බාගෙට බාගෙ ගාණකට අරං ජප්පන්ට දෙන්ට බැරිය පොරි හැලෙන්න.

ඩොලර් වගේද අප්ප යෙන්....හාහ්..හාහ්...හාහැහ......

ජයේ.. කැකිරාවේ ඉන්න මැඩම්ගේ අක්කගෙ නම ඇඩ්රස් අහගෙන, අහුබණ්ඩා කාරයාගෙන් හොද නමක්, වෙලාවක් ඉල්ලගෙන xxxxx සත්ව ආහාර නිපදවන්නෝ සහ බෙදාහරින්නෝ කියල මේ දැන්ම රෙජිස්ටර් කොරන්න.

පස්සෙ නැගල යද්දී තව මොනව හරි කෑල්ලක් අගට දාගන්න බැරිය.

අහුබණ්ඩා ගිය සුමානෙ මගෙ වෙලාව බලල කිව්ව යකෝ..ඉදිරියට මට මල් හතයි කියල....හැක....හැක.....හැක...හෙහ්....

බැලුවම සකුර මල් මට පිපිලා....නැද්ද....ජයේ..සිරි.ඊ.............

ජයේ...අහුබණ්ඩට ඔය හදහන් කටු ගෙයක් ද මොකක්ද අටව ගන්න ඉඩම් කෑල්ලක් ඉල්ලනව කාලෙක ඉදල, ලොක්කට කිව්වනං කලාපුරෙං මොකක් හරි කෑල්ලක් වෙන් කොරල දෙන්න බැරුවයෑ. ඒක නැත්තං අපේ ඇමති මිත්තරයට මම කියල තියෙන්නෙ පිඩලි උපාලියා අල්ලන් හිටපු කිරිමණ්ඩල මාවතේ වෙල් කෑල්ලෙන් මට පර්චස් 100ක් වෙන් කරන්න කියල.

දැන් ඒවා ගොඩ කොරල සංවර්ධනේ කොරල තියෙන්නෙ බං.

කලාපුරෙන් ගේ කට්ටක් ගන්න බැරිම නං ඔන්න ඒකෙන් අහුබණ්ඩගේ ප්‍රො ජැක් රිපෝට් එක ට පර්:10ක් අනුමත කරන්න කියන්න.

ඉතිං...සිරි....ලගදි පැදුරු පාටියක රහ බලන්නවත් බැරි වුණානේ. උඹේ පැදුරු පාටි කියන්නෙ එලම තමා..හැක...හැක...හැක...හෙක්..

සිරි...අර සහන් විජේතුන්ගය ළග ඉන්නෙම ළපටි ටෙලි කෑලි මද බං...?

සිරි :මොනව.....................

ජයේ :ඇමති තුමා... මේ මැඩම්.....එනවා..ආ.,ආ,.ආ.......ආ.....


Kenji@Japan 

මතු සම්බන්ධයි.

පිංතුරය මෙතැනින් 



2013-09-11

Black Money Part - 2, KENJI Special



සිරිසෝම...ජයතිස්ස ලේකම් තුමාට එන්න කියන්න.
හොදයි ඇමති තුමා.
....................................
ඇමති තුමා..... කතා කළාද?
ආ..ඔව්..වොව්....සිරිසෝම තමුසෙ ගිහින් මැඩම්ට පොඩ්ඩක් උදව් කරනව මම ඕන උණොත් කතා කරන්නම්.
හරි සර්...............

2013-09-09

කළු සල්ලි - Black money

එක දිගට දුරකථනය නාද වන හඩින් මා අවදි විය.
හෙලෝ....
සුභ උදෑසනක් සර්.... මේ පලිපාන සර් නේදෙ?
ඔව්..කවුද මේ..?
සර් මම ගයනසිරි... අපේ මහ ඇමති තුමාට ඕනලු සර්ට කතා කරන්න.

Ok ..පුතා කියන්න මම විනාඩි 5හෙන් ගන්නම් කියල,දැනුයි නැගිට්ටෙ කියන්න.


දුරකථනය විසන්ධි කළ මා, අසල වැතිර සිටි සුරූපිණියට යට වී තිබු සාළුව ඉනවටා දවටා ගෙන නාන කාමරයට වැදුණෙමි.
මා ඇඟපත මූණ කට සෝදා පිරිසිදු වී කාමරයට එනවිට දුටුවේ තවම ඇදමත නින්දේ පත බා ඇති මුළු රැයක් පුරා මට සුර සැප දුන් කාන්තා සිරුරයි.
සිදුහතුන්ට සසර කළ කිරෙන්නට ඇත්තේ ද මෙවන් දසුනකින් විය හැකියැයි මගේ සිත මටම දෙස් දෙයි.

2013-09-04

වෙරළු මල් සුවඳ - 18+ I love incense jasmine but...


හ්ම්..අද මෙහෙ සිටි පැය කීපය ගැන සිතමින් ජිනා ඇන්ටිට සමු දුන් මා විදුලි සෝපානයෙන් බිම් මහල ට බැස ලිබර්ටි සිව් වැනි මහලේ සිට MC වෙත ගමන් ගතතේ සෙරමික් අලියගෙ බඳ ඇතුළේ පුරවා ඇති ලංකාවේ කළු පැහැ තේවලට මගේ බොක්ක වගේ ඉන්න ජප්පෝ කැමති නිසා උන් වෙනුවෙන් ම්ලෙස්නා එකෙන් ටී පැකට් කීපයක් මිලට ගන්න.

ගාලු පාර ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වී ඉදිරියට යන විට....

හාහාහායියියි...............රෝහිත් යනුවෙන් ගැහැණු කට හඩක් දකුණු කන් පටලයට වැදුනි.

මගේ නම ඇසුන දෙසට නෙත් යොමු කළ විට දුටුවේ ඕඕඕඕ මයි දෙයියනේ යුරේනි...,

රෝහිත් මේ මගේ දුව.



..............................................................................................

2013-09-01

මැලේ රටේ දී හමු වූ සයිබරයේ මිතු දම......My malaysia tour

සිතේ සතුට දෝරේ ගලා යමින් තිබුණු මොහොතක් වුව ගතට දැනෙන දැඩි වෙහෙසත් සමගින් අලුයම් කාලයේ අපි ඒ නුවරට සැපත් වුණෙමු. නගරය හාත්පස දැඩි අඳුරක් පැවතිය ද චයිනා ටවුම නම් සුපුරුදු නෙක වර්ණ විදුලි ආලෝකයෙන් බැබළෙමින් දිස් විණි.

මෙ'නුවර සංකේතය බඳු පෙට්රෝනා නිවුන් කුළුණු විදුලි ආලෝකයෙන් නැහැවෙමින් අප ඉදිරියේ ඇතින් දිස්වෙයි. 

අප දැන් සිටින්නේ ක්වාලාලාම්පූර් නුවර චයිනා ටවුන් නම් ස්ථානයේ යි. අප වෙනුවෙන් කල් වේලා ඇතිව වෙන්කර ගත් නවාතැන වූ 
'නැන් ඉයෑන්' හෝටලයේ දොරකඩට පැමිණිය ද කාමර අපට ලැබෙන්නේ දහවල් 12ට බව දැනගන්නට ලැබිණි. දැන් වේලාව උදෑසන පහට ආසන්න ය. 





සැලසුම් කළ පරිදි සිංගප්පූරුවේ සිට මෙහි එන්නට අප මුලින් තෝරාගෙන තිබුණේ දුම්රියයි. එනමුත් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ ගැටලුවක් මත අප දුම්රිය අතහැර අධිවේගි මග ඔස්සේ පැමිණීම 
හේතුවෙන් පැය කීපයක් වේලාසනින් මෙ නුවරට එන්නට හැකිව ඇත. අපේ ගමන් මලු හෝටලයට භාර කොට විඩාව යන්නට මුණ කට සෝදාගත් අපි වීදියට පිළිපන්නෙමු. මේ මහා පුරවරයේ අපි තනි 
වූ වගත් සිතට දැනිණි.




මෙහි එන්නට මත්තෙන් මා මිත්‍ර නන්දික විසින් ලබා දුන් මැලේසියා සිම් පත සිහියට ආවේ මේ මොහොතේ යි. හනික එම සිම්පතට සක්‍රීය කර ගත් මා පළමු ඇමතුම ගත්තේ හිත මිත්‍ර සිරාට ය (සිරාගේ කාමරේ). කරුමයකි එය වැඩ නැත. දෙවැනුව හිත මිත්‍ර කුරේ ට ඇමතුමක් ගත්තෙමි. අහෝ දුකකි එය ද වැඩ නැත. මේ යක්කු ගස් නගින අලුයම් කාලයේ ඔහු ද නිදි ඇති. තෙවනුව සරත් අයියා ඇමතුවෙමි. (සරත් ලංකාප්‍රිය).

හෙලෝ මේ මිස්ටර් සරත් ද? ...... ඔව් කවුද? නුහුරු දේශයක පළමු සිංහල හඬ මගේ සවනත වැදිණි.

සරත් අයියේ මම නලින්......හෙලෝ මල්ලී මොකද මේ පාන්දරම... එනවා කිව්වේ දවල් නේද? 

එතැන් පටන් ලෙංගතු කම දෝරේ ගලා යන්නට විය. අද දිනයේ අපේ සැලසුම ද පැවසුවෙමි. ආ ගිය තොරතුරු සේම බොහෝ දෑ කතා කොට අවසන සරත් අයියා කී වදන තාමත් මසිත රැව් දෙයි.මල්ලි ඔයාලා ඇවිදින්න කිසි දේකට බය වෙන්න එපා. මොනවා හෝ ගැටලුවක් නම් මට කතා කරන්න. පැය බාගෙන් මං එන්නම්.. නන්නාදුනන රටක දී එවන් වදනක් මොනතරම් ශක්තියක් ගෙන දේද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැත.

රටවල් කීපයක ම මෙයට පෙර සංචාරය කොට තිබුණ ද ගොඩ බිම් මග ඔස්සේ රටකින් රටකට මා සංක්‍රමණය වූ පළමු අවස්ථාව මෙය විය. එය මට නවමු අද්දැකීමකි. එහෙත් එය ප්‍රසන්න අද්දැකීමක් නම් නොවී ය.

ශ්‍රී ලංකාවෙන් පිටත් වූ අපේ පළමු නවාතැන වූයේ සිංගප්පූරුවයි. එරටට ඇතුළු වීම බොහෝ ප්‍රිය ජනක විය. සිනහවෙන් යුතුව එහිදී ලැබුණු පිළිගැනුම ශැන්ගි ගුවන් තොට පිළිබඳව අප සිත් තුළ ඇති කළේ 
පහන් හැඟුමකි. එරට දිනක් ගත කොට පසු දින මැලේසියාවට ගමන ඇරඹුවෙමු. විනාඩි 20ක් වැනි කෙටි කලකින් අප සිංගප්පූරු මැලේසියා මායිමේ ය. පළමුව සිංගප්පූරුවෙන් පිට විය යුතුය. එතැන ද කිසිදු හිරිහැරයක් නොමැතිව තරණය කළෙමු. එතැන් සිට විනාඩි 10ක පමණ ගමනකින් පසු මැලේසියාවට ඇතුළුවෙන කවුළුවයි. මුස්ලිම් රටක් වන මැලේසියාවට අප ළගා වූයේ රාමසාන් දින යි. එහෙයින් බොහෝ පිරිස් එරටට ඇතුළුවන්නට පොදි කමින් සිටිය හ. සෙනග අතර තෙරපෙමින් අපේ වාරය එන තෙක් පෝලිමේ සිට අවසන වීසා සහිත ගමන් බලපත්‍රය එහි සිටි නිලධාරිනියට පෑවෙමි. 

ඇගේ මුහුණේ ඇඳීයන අඳුර සැණෙකින් මට නිරීක්ෂණය විය. මගේ හිසේ සිට පාදාන්තය තෙක් නිරීක්ෂණය කළ ඇය වෙනත් තැනක සිටි ඇගේ ඉහළ නිලධාරියෙකු ඇමතූයේ ඇගේ භාෂාවෙනි. එහි මට වැටහුණේ සිරි ලංකා පාස්පෝට් යන වදන් කීපය පමණි. 

අනෙක් පෝලිමේ සිටි මගේ අනෙක් ගමන් සගයාටද එම ඉරණමම අත්ව තිබිණි. ඒ සමගම එතැනට පැමිණි නිලධාරීන් දෙදෙනෙක් දහස් ගණනක් ජනයා මැද අප දෙදෙනා දෙතැනකට කැඳවා ප්‍රශ්න කරන්නට විය. හරියට කොල්ල කරුවන්ගෙන් ප්‍රශ්න නගන්නාක් වැනි හැඟුමකි අපට 
ඇති වූයේ. සියල්ලට අප සාර්ථකව පිළිතුරු දුන්න ද ගැලවුමක් නැති හැඩකි. 

ඔවුන් ගේ මුහුණු තුළ වූයේ තෘප්තිමත් වූ ගතියක් නොවේ. ඔවුනතර කතාබහෙන් අපට හැඟී ගියේ අප දෙදෙනා ද මැලේසියාවේ රැකියා සොයා සංචාරක වීසා මතින් එරටට ඇතුළුවන්නට තැත් කරන්නන් දෙදෙනකු බව ය. 

ඒ වන විට මා සතුව මගේ රාජකාරී හැඳුනුම් පතක් නොතිබුණ ද මා මිතුරා සතුව ජාත්‍යන්තර මාධ්‍ය හැදුනුම්පත හා ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම් පත විය. අප වහා එම හැදුනුම්පත් ඉදිරිපත් කෙරුවෙමු. අවශ්‍යනම් අපේ තානාපති කාර්යාලයෙන් අප ගැන විමසිය හැකි බව ද දැනුම් දුන්නෙමු. එම හැඳුනුම්පත් පරික්ෂාවෙන් පසු ය ඔවුන් සෑහීමකට පත් වූයේ. අවසන අප රසිතියාදු කිරීම ගැන සුලු සමාවක් ද අයැ ද අපට එරට ට ඇතුළුවන්න ට අවස්ථාව ලබා දුනි.

පසුව අප සොයා බැලුවේ මෙසේ වන්නේ ඇයි ද යන කාරණාවයි. එහිදී ය අපට වැටහුණේ මැලේසියා රැකියා සඳහා ජාවාරම් කරුවන් තරුණයන් එරටට ගෙන යන්නේ මේ මාර්ගය ඔස්සේ බව. එහෙයිනි ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවන්නේ. ඉන්දීය - ශ්‍රී ලංකා ගමන් බලපත්‍රලාභීන් මෙහි දී දැඩි සෝදිසියකට ලක්වෙන්නේ මේ ජාවාරමට මේ දෙරටේ වැසියන් කෙතරම් සම්බන්ධද යන ඉගිය අපට ලබා දෙමිනි.

හිත මිතුරනි, සංචාරයකට හෝ මැලේසියාවට යන්නේ නම් මේ මග ඔස්සේ නොයන්න. කවුරු කොහොම කිව්වත් රැකියා වීසා කලින්ම ලැබි නොමැතිනම් මොනම හේතුවකටවත් එරටට රැකියා සඳහා නොයන්න. ජාවාරම් කරුවන් ඔබ ඉදිරියේ මවා පෙන්වන සොඳුරු පරිසරයක් එහි නැත. 

සිදුවන්නේ අමා දුකක් විඳින්නට පමණි. මේ ගැන මැලේ රාළ බොහෝ විස්තර ඔහුගේ බ්ලොගයේ සටහන් කර තිබේ.

මැලේසියා ආගමන විගමන කාර්යාලයේ එවන් කට්ටක් කෑ පසු ය අප ක්වාලාලාම්පූර් පුරවරට පිවිසියේ. ඉතින් එහිදී ඇසූනු පළමු සිංහල කට හඬ සරත් අයියාගේ වීම තුළ අප සිත් තුළ ඇති වූ චිත්ත ප්‍රමෝදය තව දුරටත් කිව නොයේ.

චයිනා වීදියේ ඉන්දියන් කඩයකින් උදෑසන අහර ගත් අප එදින උදේ වරුව බටුකේව්ස් ගුහා සංකීර්ණය නැරඹිම සඳහා යෙදවූයෙමු.

එතැන ඇත්තේ ද අමුතුම චමත්කාරයකි. මෙය කෙසේ නිර්මාණය වූයේ දැයි විශ්වාස කළ නොහැකි තරම්ය. හින්දු ආගමික ස්ථානයක් සේ අද ක්‍රියාත්මකව පවතින මේ ගුහා සංකීර්ණය දැක ගන්නට අප දෑස් වාසනාවන්ත විම පිළිබඳව අපි උදම් වුයෙමු. 











බටු කේව්ස් ගුහා සංකිර්ණයේ දී




ක්වාලාලාම්පූර් චීන පන්සල
සවස් වරුවේ අප රැගෙන යන්නට හිතවත් කුරේ (මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරයෙකි) පැමිණියේ ය. කිසි දිනක දැක නොතිබුණත් සයිබරයේ මිත්‍රත්වය හේතුවෙන්ම ඔහු මුළු සවස් වරුවම අප හා ගත කළේ ය. 

එපුරවර නරඹන්නට ඇති තැන් කීපයකටම ඔහු අප දෙදෙනා රැගෙන ගියේ ය. චීන පන්සල, ශ්‍රී ලංකා විහාරය, මෙන්ම ලොව පුදුම ඉදිකිරිමක් මෙන්ම කලක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුණු පෙට්‍රෝනාස් බලන්නට අප රැගෙන ගියේ ද කුරේ ය.

හිතවත් කුරේ එරට දී පෑ ලෙංගතු කමට මල් මිටක් පුදමින් අදට නවතින්නම්. හිතවත් සරා සමග ගෙවුණු දිනය ඉදිරි ලිපියකින්.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්