රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-06-30

කෙන්ජිට සුබ උපන් දිනක් වේවා..

බ්ලොග් ලියන කාටත් කමෙන්ටුවක් යනු දිරිමත් කිරීමක්. බ්ලොග් ලියන්නන් අතර අන්‍යෝන්‍යව කමෙන්ට් කිරිම සුලබ සිද්ධියක්. ඒත් බ්ලොග් නොලියමින් ලියන්නන් දිරිමත් කරමින් ඇනෝලගේ බැනුම් අහමින් ආධුනික බ්ලොග් කරුවන්ගේ අඩවි වෙත පැමිණ කමෙන්ට් කරමින් බ්ලොග් ලියන්නන් දිරිමත් කළ අද උපන් දිනය සමරණ කෙන්ජි ට සුබ උපන්දිනක් වේවා.(මේ උපන් දිණය මට අහුවුණේත් අහම්බෙන්)



2013-06-28

වේළුසුමන යෝධයාගේ සෙවනැල්ල රැඳි වෙරුප්පන්කුලම

දිස්ත්‍රික්කය - අනුරාධපුර

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - මිහින්තලේ

මැතිවරණ කොට්ඨාසය - මිහින්තලේ

ග්‍රාමසේවා වසම - 565, ඉහළගම තුලාන

පොලිසිය - මිහින්තලේ

ගමන් මාර්ගය - මිහින්තලේ -

ත්‍රිකුණාමලය මාර්ගයේ දී හමුවන මහකනදරාව වැවට සමගාමීව දිවෙන නෑපියගම මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ යා යුතුය .







2013-06-27

ඉන්දියාවේ සිංහල සළකුණ නාගර්ජුන්කොණ්ඩා



ඉන්දියාවේ හයිඩ්‍රාබාද් පුරවරයේ කළ සංචාරයක මතකයකි මේ. 


හයිඩ්‍රාබාද් නගරයේ සුන්දරත්වය රිසිසේ විඳි අප රාත්‍රිය ගත කරන්නට පැමිණියේ තාරමනී භාරාධරි හරිත නිකේතනයටයි . දිවා කල දුටු නෙත පිනවන දසුන් පෙළින් සිතට ප්‍රබෝධයක් දැනුනද ගතට දැනුණු වෙහෙස නිවාගන්නට මෙතැන කදිම තැනකි . හාත්පස සිසාරා පැතිරුණු නිල්වන් ගෙ උයන , පසෙකින් දිස්වන පිහිනුම් තටාකය , මනරම් විදුලි ආලෝකයෙන් නැහැවෙමින් දුරින් දිස්වන භාරාධරි මණ්ඩපය අපේ වෙහෙස අපටත් හොරා සඟවාගෙන ගියා සේය . මිතුරු ඇසුරේ ටිලි ටිලි හඬින් වීදුරු එකිනෙක ගැටෙද්දී තව පැය ගණනක් මෙතැන සිටියද කාලය ගලායාමක් නැති සෙයකි . හෙට දින නාගර්ජුන් සාගර් බලා කිලෝ මීටර් එකසිය තිහක් පමණ දුරක් යා යුතුය . එහෙයින් සුන්දර මොහොත කෙටි කෙරුවෙමු . 

2013-06-26

පළාත් සභා, ඉඩම් බලතල, සහ 13



සේයාරුව අන්තර් ජාලයෙනි
සංශෝධනය කරන්න ඕන ලු ව්‍යවස්ථාව. 13 එපා ලු. තව පිරිසකට ඕන ලු. ඉඩම් බලතල පළාත් සභාවලට දෙන්නත් එපා ලු. මේ දිනවල හැම තැනම ඇහෙන කතා කිපයක් තමයි ඒ.


මොනවද මෙ ඉඩම් බලතල

2013-06-25

මේ නගන්නේ මහ පොළවේම දූවිලි අංශුවල හඬයි - ලාලි කෙළිය

විද්ත් මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයට පිවිස පුවත්පත් කලාව තුළ දිගුකාලීන අත්දැකීම්වලින් හෙබි මාධ්‍ය වේදිනියක වූ අනුරාධා නිල්මිණි පසුකාලයේ අපට සමීප වූයේ කිවිදියක, ළමා රචිකාවියක, යොවුන් නවකථා හා නවකථා කාරියක ලෙසින් නන්විද භූමිකා සමඟිනි. ‘ලාලි කෙළිය’ ඇගේ ප්‍රථම නවකතාව යි. මේ ඇය හා කළ පිළිසඳරකි.

“යුගස්ත්‍රී” ඔබේ පළමු කාව්‍ය සංග්‍රහය වගේම මේ ‘ලාලිකෙළිය‘ නවකතාවක්. ඔබ වෙනස්ම මඟක් ගත් නිර්මාණකාරියක් බවට පැහැදිලි සාක්‍ෂි සපයා තිබෙනවා. මොකකක්ද ඔබේ ගමන් මඟ?

ඒකට වඩාත්ම ගැලපෙන පිළිතුර තමයි මම සමාජය ප්‍රශ්න කරන්නියක් වීම. මම පුංචිම කාලෙ ඒ කියන්නේ මට වයස අවුරුදු හතක් තරම් වයසකදි අපේ අම්මා මාවත් එක්කගෙන දවසක්, පළාතෙ මන්ත්‍රීවරයගෙ ගෙදරට යනවා. අපි මහපාන්දර ගෙදරට ගිහින් කුස්සිය පැත්තෙ වාඩිවෙලා ඉන්නවා. ඔන්න, මන්ත්‍රීතුමා කුස්සිය පැත්තට එනකොටම අපේ අම්මා ඇතුළු ගෑනු හැමෝම බංකුවලින් නැගිට්ටා; එතුමාට ගෞරව කරන්න.
අම්මා නැඟිටින අතරෙම මටත් බල කර කර අතින් අදිනවා නැගිටින්න කියලා. එතකොට මම ටිකක් හයියෙන් අම්මගෙන් අහනවා “ඇයි මන්ත්‍රී කියන්නෙ හාමුදුරු කෙනෙක්ද?” කියලා. ඒක මන්ත්‍රීවරයාට ඇහිලා එතුමා හිනාවුණා. මම නැගිට්ටෙම නෑ. අම්මා ගෙදරට ආවට පස්සෙ මට දඬුවම් කළා. මේක ලොකු සිද්ධියක් නොවෙයි. නමුත් නිස්සාර සම්ප්‍රදායන් ප්‍රශ්න කිරීමට කුඩා ළමයකු වශයෙන් පවා මා තුළ තිබු උවමනාව, මගේ පසුකාලීන වෘත්තිය වගේම නිර්මාණකරණයට පිටුබලයක් සපයන්නට ඇතැයි මා සිතනවා.

නමුත්, කවිය නවකතාව වැනි හෘදය සංවේදී ගුණයෙන් අනූන නිර්මාණයන් හරහා ඔබ පවසන අන්දමට සමාජය ප්‍රශ්න කිරීමේ හැකියාවක් තිබෙනවාද?

“පැහැදිලි ලෙසම තිබෙනවා”. නමුත් අවාසනාව අපගේ මෑත කාලීන සාහිත්‍යකරුවන් හෝ නිර්මාණවේදීන්, ඒ මඟට අවතීර්ණ නොවීමයි. විශේෂයෙන්ම වර්තමාන සාහිත්‍යවේදීන් වැඩි දෙනෙකුගේ කැමැත්ත, තම නිර්මාණ කෘති හරහා සමාජයට සරල පණිවිඩයක් ලබා දීමට පමණයි. (ඒ සඳහා ද අවංක වුවමනාවක් ඇත්තේ අතළොස්සකටයි.) ඉන් ඔබ්බට ගොස් නිර්මාණය තුළින් සමාජය ප්‍රශ්න කරන්නට කිසිවකුත් වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.
එයත් එක්තරා දේශපාලයක් විදිහටයි මම දකින්නේ. අද ලංකාවට ගැලපෙන්නෙ සහ ලංකාව තුළ පවතින්නෙ ඕඩියන්ස් පොලිටික්ස්. ඒ කියන්නෙ වේදිකාවට ගැලපෙන දේශපාලනය. ඉන් එහා ගිය, හරසාරාත්මක හෝ න්‍යායාත්මක තලයේ දේශපාලනයක් අපේ රටේ නෑ. ලංකාවේ වර්තමාන සාහිත්‍යකරනයටත් වඩාත් හොඳින්ම ගැලපෙන්නෙ ඒ අර්ථ දැක්වීමයි.
විවිධ සාහිත්‍ය සම්ප්‍රදායන් තුළ රාමුගත වූ සහ රාමුගත කරවූ, පාඨක විචාරක පිරිසක් වෙනුවෙනුයි, වර්තමාන ලේඛකයාට ලියන්නට සිදුවී තිබෙන්නේ. අනෙක් පසින්, සම්මාන පොරය. අඩුම වශයෙන් ‘’ෂෝට්ස් ලිස්ට්’’ එකට හෝ පොත රිංගවා ගත යුතුයි කියන මානසිකත්වයක් දැන් ලේඛක මනස අවුල් කරමින් තිබෙන තවත් ඛේදවාචකක්. ඒ සියල්ල අතරේ සමාජයේ පතුල කියවමින් සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමේ සාහිත්‍ය කලාවක් ගැන හිතන්නට හෝ වැඩිදෙනෙකු කැමැත්තක් දක්වන්නේ නෑ.

“ලාලි කෙළිය” හරහා ඔබ එවන් ප්‍රබල සමාජ ප්‍රශ්න කිරීමකට යොමුවී ඇති බව බැලූ බැල්මට පෙනී ගියත්, කතාව ගලායෑමේදී එම උත්සහය අසාර්ථක වී ඇතැයි මා කීවොත්..?

ලාලි කෙළියෙ හි වියමන, ප්‍රස්තූතය, අපේ සම්ප්‍රදායික නවකතා කියවමින් සිටින, සරල පාඨකයාට තේරුම් ගැනීම තරමක් අපහසු විය හැකියි. හේතුව, මෙහි ආකෘතිය තුළින් කිසිවිටෙකත් මුල, මැද, අග සම්‍යක් සුවයෙන් ගලායන නාටකීය කතාවක් චිත්‍රණය නොවීමයි. එය මා පෙරවදනේම සඳහන් කර තිබෙනවා. අනෙක් කරුණ, කුඩා දරුවන්ට කතන්දර කියාදෙන අන්දමට සිද්ධියෙන් සිද්ධියට විස්තර කරමින්, පිටු තුන්හාරසියයේ පොත් ගෙඩි ලිවීමෙන් අප වැළකිය යුතුය යන මතයේ මා තරව සිටිනවා. ප්‍රස්තූතයට ගැලපෙන, ප්‍රබල සිදුවීම් දිගින්, දිගට ඇත්නම් පමණක් එවැනි දීර්ඝ පොත් කියැවීමට කෙනෙකුට කාලය තිබිය හැකියි. ඒ කවරක් වුවත්, පොතේ අලෙවිය හා පොත හොඳින් ග්‍රහණය කරගත් පිරිස දක්වන අදහස් අනුව ඔබේ යෝජනාවට එකඟවීමේ හැකියාවක් මට නැහැ.

මන්ද මානසික මට්ටමේ පසුවන දරුවකු බලා කියා ගන්නා මවක් පිළිබඳව, අප තුළ හටගන්නේ මහත් ගෞරවයක් සහ අනුකම්පාව මුසුවූ දයාවක්. නමුත්, ලාලිකෙළියේ විනිෆී‍්‍රඩා පෙරේරා යන මවගේ ක්‍රියාකලාපයක් අපට ඇති කරවන්නේ විශාල ප්‍රශ්නාර්ථයක්. සැබෑ ලෙසම එවැනි දෑ සිදුවිය හැකිද?

‘’ඒකට පිළිතුරු ගණනාවක් තිබෙනවා. පළමුවැන්න, එම සිදුවීම, කොයියම් ලෙසකින් හෝ සැබෑ ලෙසම සිදුවන්නක් බව පොතේ කොතැනකවත් සඳහන් වී නැහැ. ඒ නිසායි මා මුලින්ම කියා සිටියේ ඉසියුම් කියැවීමක් ඇති කෙනෙකුට පමණයි මෙය හොඳින්ම ග්‍රහණය කරගත හැක්කේ කියා. පොතේ කතා නායිකාව ධාරතී දරු ප්‍රසූතියට රෝහල් ගත කිරීමත් සමඟම ඈ, මානසික අවපීඩන තත්ත්වයට පත්වනවා. දරු ප්‍රසූතියෙන් පසුව එය වඩාත් ත්‍රිව්ර වෙනවා. එම තත්ත්වය තුළ ඕනෑම කෙනෙකු ස්වයංක්‍රීය සිතිවිලි හා සිහින අතර සැරිසරන්නෙක් බවට පත්වන්නේ නිරායාසයෙන්. ඒවා තමන් මුහුණු දුන් හා මතකයේ තදින් රැදුණු සිද්ධීන් හා කාල්පනිකයන් අතර නිරන්තරව දෝලනය වෙමින් පැවතීමයි ස්වභාවය. ධාරතී දූෂණයට ලක්වන තැනැත්තා පිළිබඳව ඔහුගේ මව දිනෙක පැවසූ වචන කිහිපයක්ද සමඟ කාල්පනික දිගහැරීමක් පමණයි ඔබ ඔය කියන සිදුවීම. එය දිග හැරෙන්නේ ද මතකය තුළ අද දකින සිහිනයක් පරාවර්තනයක් වශයෙනුයි.
එම සිදුවීම පමණක් තනි මිටකට ගෙන, මෙය හුදු ලිංගිකත්වය හුවා දැක්වීමේ කාම පොත් කලාවේ තවත් එක් පුරුකක් වශයෙනුත් ඇතැම් පිරිස් අර්ථ දක්වමින් සිටිනවා. එය ප්‍රාථමික සෙක්ස් කුල්ලේ දමා පොලන්නට ප්‍රථම ලාලි කෙළිය හරහා මතු කෙරෙන සමාජ සියැවීම් කවරක්ද යන්න හෝ පිරික්සා බැලීමට අපේ ගෞරවණීය, සිල්වත් විචාරක සමාජයට උවමනාවක් ඇති බවක් තවම පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට ඔවුන් කරමින් සිටින්නේ, අඳ බාල ගැහැණු නාන තොටේදී, මහ මඟදී, කඩ පිලේ දී කරමින් සිටින කාර්යට නොදෙවැනි ක්‍රියාවක්.

මන්ද මානසික තත්ත්වයේ පුත්‍රයකු සම්බන්ධයෙන්. මවකගේ එම ක්‍රියාව සාධාරණීකරණය කළ හැකි නම් එවන් දියණියකගේ පියෙකුටත් එයම කළ නොහැකිදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකියි.?

ඔව් පැහැදිලිවම එහෙම ප්‍රශ්න නගපු අයත් හිටියා. එපමණක් නොවෙයි, මට සමලිංගික අත්දැකීම් තිබේද, ගබ්සාවකට මුහුණු දී ඇද්ද, වැනි ඉතාම ප්‍රාථමික ගණයේ ප්‍රශ්න වක්‍රව නගපු අයත් සිටිනවා. ඔවුන් කෙරෙහි මට ඇත්තේ අනුකම්පාවක්. අවම වශයෙන් කේන්තියක් ඇතිකර ගැනීමට තරම්වත් ඒවා බරපතළ ප්‍රතිරෝධයන් ලෙස මට දැනෙන්නේ නැහැ.
අපේ රටේ අති බහුතරයට තවමත් පරණ හණමිටි බිම තබා උරය හෑල්ලු කර ගැනීමේ උවමනාවක් නැහැ. සාහිත්‍යය තුළත් ඒ බර එලෙසමයි. මගේ නවකතාවේ හෝ වෙනත් නිර්මාණයන්හි කිසිවිටෙකත් පූර්වාදර්ශි චරිත අඩංගු වන්නේ නැහැ. නමුත් ඒ සියලු චරිත මේ පොළවේම දූවිලි අංශු. ඒවා පොළවෙන් තරමක් මතුපිටට ගෙන, පොදු ඇස්මානයේ ජීවත් කරවීමයි මගේ අරමුණ. තමාට තමාවම ප්‍රශ්න කරමින් ‘මා’ වෙනුවට ‘අප’ යන පොදු ගුණාකාරය තුළ පිහිටා සමාජය හොඳින් කියැවිය හැක්කේ එවිටයි.’’

ඔබේ ඒ අරමුණ තුළම පිහිටමින් ලාලි කෙළිය පාඨකයා ගෞරවයෙන් වැළඳගනීවි යන විශ්වාසය ඔබට තිබෙනවාද?

ඒ ප්‍රශ්නයට ‘ඔව්’ කියන කෙටි පිළිතුරෙන් පමණක් අත පිසදාගැනීමට මා කැමති නෑ. හේතුව මා දැන් මගේ කාර්යය මූලික වශයෙන් ඉටුකර අවසානයි. එහි ඉතිරිය සම්පූර්ණ කළ හැක්කේ පාඨක විචාරක ප්‍රජාවටයි. නමුත් මා මුලින් සඳහන් කළ පරිදි මෙන්ම ඔබේ ප්‍රශ්න ඇසුරින් ද පෙනී යන්නේ නාටකීය නව කතා කලාවට හුරුවූ බහුතර පාඨක විචාරක ප්‍රජාව අතරේ ගබ්සාව නීතිගත කරවිය යුතුය යන යෝජනාව සමාජයට ගෙන එන ‘ලාලි කෙළිය’ හුදෙකලා ගමනක් යමින් තිබෙන බවයි. ඒ නිසා එහි ඉදිරි අලෙවියට යම් බලපෑමක් සිදුවේද යන්න, මට මේ මොහොතේ කිව නොහැකියි.
එහෙත්, සමාජ විද්‍යාත්මක පදනමක සිට, සවිඥානිකව පොත ග්‍රහණය කරගත් යම් පිරිසක් ද සිටිනවා. පළල් දැක්මක් සහිත, ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා හොඳින් ඇසුරු කරන එම පිරිස “ලාලි කෙළිය” තුළින් මතු කෙරෙන නව මානයක් හා සමාජ කෝණයක් කෙරෙහි නිරන්තර අවදියෙන් පසුවනු ඇත යන්න මගේ විශ්වාසයයි. 

කතා බහ මනෝලි සුභසිංහ

2013-06-24

මේ ගැන මොකද කියන්නේ ?


මේ ජාත්‍යන්තර සඟරාවක් වූ TIME සඟරාවේ අලුත්ම කලාපයයි. හොඳින් බලන්න එහි කවරයේ සේයා රුව හා කතාව  The Face of Buddhist Terror. මොකද මේ ගැන හිතෙන්නේ.

The Face of Buddhist Terror
It's a faith famous for its pacifism and tolerance. But in several of Asia's Buddhist-majority nations, monks are inciting bigotry and violence--mostly against Muslims

His face as still and serene as a statue's, the Buddhist monk who has taken the title "the Burmese bin Laden" begins his sermon. Hundreds of worshippers sit before him, palms pressed together, sweat trickling down their sticky backs. On cue, the crowd chants with the man in burgundy robes, the mantras drifting through the sultry air of a temple in Mandalay, Burma's second biggest city after Rangoon. It seems a peaceful scene, but Wirathu's message crackles with hate. "Now is not the time for calm," the monk intones, as he spends 90 minutes describing the many ways in which he...

කෙටි ටයිම්ස් ලිපිය ගත්තේ මෙතැනින්


2013-06-23

රට වනසන්නේ බොදුබල සේනා ද? සිංහල අප ම ද?


සිංහල ජාතිවාදය රට වනසනවා ය යන මතයක් මේ වන විට සයිබරය පුරාම පැතිරිලානේ තියෙන්නේ. ආවේගශීලිව හැසිරෙන සිංහලයන්දෙස ඇතැම් සිංහලයන් ම බලන්නේ බූරුවන් හරකුන් සේය. සුළු ජාතික ජාතිවාදය දරුණු ගැටලුවක් බව බොහෝ දෙනකුට නොපෙනේ.ව්‍යසනය ඉදිරියට ය. එසේම අති ධාවනකාරී විරොධයෙන් වන්නේ ද එයම ය. දැන් ඒ කරුණු පසෙකින් තබමු. ආවේගශීලි නොවන මනා හැදියාවෙන් යුතු පිරිස් සිංහලය වෙනුවෙන් කර ඇත්තේ කුමක් ද? නිසි ලෙස හෝ බස හසුරුවයි ද?. 

මේ සයිබරය තුළ ම කොතෙක් දුරට බස නැසේ ද?
මගේ බ්ලොගයේ ලිපියක වූ වැරදි වදන් දෙකක් පෙන්වා දෙමින් හැලපයා බ්ලොග ලියන හැලපේ කමෙන්ටුවක් දමා තිබුණා. මේ සයිබරයතුළ අප කරන වැරදි එසේ පෙන්වා දෙන්නේ නම් අපට ද අපේ බස නිවැරදිව ලියන්නට (කොටන්නට) හැකි ය. 

එසේ එදිනෙදා භාවිතයේ හමුවන වදන් හි නිවැරදිම වදන් එකතු කොට ගූගල් ඩොක් එකක් සෑදීම ට මා තිරණය කළා. මේ සඳහා වියත් සිංහල ඇදුරන් කීපදෙනකුගේම සහාය එක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. එය සැමටම භාවිතයට ගත හැකි ලෙසයි නිර්මාණය කරන්නට බලාපොරොත්තුවන්නේ. 

සිංහල බසට ලැදි ඔබ සැමට ම ආරාධනය කර සිටිනවා මේ හා එක්වන ලෙස. ඒ වෙනුවෙන් මා සයිබරයේ නිවැරැදි සිංහල බස නමින් මූණු පොතේ මිතුරු සමූහයක් හැදුවා. බ්ලොගක වේවා මුහුණු පොතේ වේවා ඔබ දකින වැරදි වදන් නිවැරදි කර මේ සමූහයේ සටහන් කරන්න.

වාද විවාදවලින් අනතුරුව හොඳින්ම තහවුරු කරගත් වදන් ඩොක් එකට එක්කරනවා. මුලින්ම වදන් 100ක් තහවුරු කරගත් පසු ඩොක් එක එළියට දානවා. 

ඒ වගේම මේ මිතුරු සමූහය සඳහා හොද කවරයේ සේයා රුවක් හා ලාංජනයක් හැකිනම් නිර්මාණය කර මගේ මේලයට එවන්න. ඒ ඇරියුම දක්ෂ නිර්මාණ හැකියාවැති මිතුරන්ට යි.
 මම ද මහා භාෂා දැනුමැත්තෙක් නොවෙමි. අප කරන වැරදි පෙනෙනුයේ වෙනත් අයට ය. එබැවින් ඒ වැරදි පෙන්වා දෙන ලෙස ද ඉල්ලා සිටිමි. ප්‍රශ්න ගත තැන් ඒ සඳහා සුදුසුකම් ලත් විද්වතුන් හරහා තහවුරු කර ගන්නට කටයුතු යොදා ඇත.

සිංහල බස වහරන එකම රට ශ්‍රී ලංකාව යි. සිංහලය නසනවා යනු රටම නසන්නා වගේ වැඩකි. පොත පතෙන් ඈත්වන අනාගත පරපුරට සයිබරය පාසලක් කරමු. 

එසේම මේ අදහස මගේ හිතට දුන් දයාබර හැලපේ අයියාට ස්තුතිය. එසේම මේ වන විටත් මේ සඳහා හොඳ සහායක් ලබා දෙන සිංහල ඇදුරු සුරංග ලක්මාල්, අනු ඉලන්ගන්තිලක, රසික සූරිආරච්චි, හා දයාබර කෙන්ජි අයියාටත් ස්තුතිවන්ත වෙනවා.

සයිබරයේ නිවැරැදි සිංහල බස මිතුරු සමූහයට මෙතැනින් යන්න.

සයිබරයේ නිවැරැදි සිංහල බස පිටුවට මෙතැනින් යන්න.

සුරංග ලක්මාල් ගේ අනගි සිංහල පන්තියට මෙතැනින් යන්න.


2013-06-22

සංක්‍රමණය සංචාරය හා මිනිස් ජාවාරම


සංක්‍රමණය යන වදනත් සමගම සාමාන්‍ය සමාජයේ පැතිරගොස් ඇත්තේ සාවද්‍ය මතයකි. සංක්‍රමණය යනු අයහපත් දෙයක් නොවේ. එහෙත් මෑතක සිට නිරන්තර අසන්නට දකින්නට ලැබෙන  විදෙස් රටවල් කරා අනාරක්ෂිත ක්‍රම මගින් පලායන්නට යත්න දරන පුද්ගල සංඛ්‍යාව ඉහළ යාමත් සමගින් සංක්‍රමණය යන වදන පිළිබද සාවද්‍ය මතය පැතිරෙන්නට විය. 

2013-06-21

සියලු ශ්‍රී ලාංකිකයන් එක් ජාතියක් ලෙස එක්කරන්න පුළුවන් ද?

ශ්‍රී ලංකාවාසීන් ඒක් ජාතියක් ලෙස ඒකාබද්ධ කිරීම සදහා අවශ්‍ය ‍දේශපාලන හා ව්‍යවස්ථානුකූල කරුණු සොයා බැලීම සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක් අද පාර්ලිමේන්තුවේදී කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් නම් කළේය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 19 දෙනෙකුගෙන් සමන්විතය. මෙම කාරක සභාවට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නම් ඉදිරිපත් කර නැත.
ජනාධිපතිතුමාට අපේ නායක තුමා ඉල්ලීම් හා කොන්දේසි කිහිපයක ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබුණු පසුව නම් දීම සම්බන්ධයෙන් තීරණය කරනවා යැයි මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවැසීය
විශේෂ කාරක සභාවේ නියෝජිතයන් මෙසේය.
නිමල් සිරිපාල ද සිල්වා (සභාපති)
මහාචාර්ය ජී.ඇල් පීරිස්
අනුර ප්‍රියදර්ශන යාපා
මෛත්‍රිපාල සිරිසේන
ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න
දිනේෂ් ගුණවර්ධන
ලක්ෂ්මන් සෙනවිරත්න
ඩග්ලස් දේවානන්දා
සුසිල් ප්‍රේමජයන්ත
ඒ ඒල් ඒම් අතාවුල්ලා
ඩිව් ගුණසේකර
රිෂාඩි බදියුදීන්
පාඪලී චම්පික
බැසිල් රාජපක්ෂ
විම්ල් වීරවංශ
වාසුදේව නානායක්කාර
මුත්තු සිවලිංගම්
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙයි
ජානක ප්‍රියන්ත බණ්ඩාර

මොකද හිතෙන්නේ වැඩේ කෙරෙයි ද?

2013-06-20

සිතට - ගතට එක සේ සුව දෙන පතායා (Pattaya)

සතියකින් විතර බ්ලොග් එක පැත්තට පය ගහන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් බ්ලොග පාළුවට යන්න දෙන්නත් බැහැනේ. ඒ නිසයි යන්තම් මේ පැත්තට එන්න ලද මොහොතේ මේ ලිපිය එක්  කරන්නේ. මෙය මා බ්ලොග ලියන්න පටන් ගත් දිනවලම දැමු ලිපියක්. එය කියවා තිබුණේ බොහොම ටික දෙනයි. ඔන්න ඒ ටික දෙනා අතර හිටියා එදා සිට අදටත් මගේ බ්ලොගට ගොඩවෙන අටම්පහුර හා සයුරි.


තායිලන්ත සංචාරයේ විනෝද බර මොහොතක් 

2013-06-15

මගුල් පරක්කුව හා මංගල දිනයේ ඇදගන නෑම

සති අන්තයේ ලද නිවාඩුවේ කාමරය අස්පස් කරන්න ගත් අවස්ථාවේ පෙට්ටගමක් ඇතුළේ තිබී පරන භාණ්ඩයක් හමු වුණා. මේක දැක්ක ගමන්ම මට මතක් වුණේ අසමි දකිමි සොයමි ලියන විචාරක රණ විරුවාව. එයා දවසක් පෝස්ට් එකක ලියලා තිබුණා මගුල් පරක්කුවක් ගැන. ඉතින් මට අහම්බෙන් අද උදේ හමුවුණේ මගුල් පරක්කුවක් තමා. 


මගුල් පරක්කුවේ ආරම්භක මොහොත මේ අයුරින් තිබිය යුතුයි

මේ මගුල් පරක්කුව භාවිතයට ගෙන ඇත්තේ ඒ කාලයේ මගුල් ගෙවල්වල කාලය ගෙවා දමන අතර තුර සිදු කළ ක්‍රීඩාවක් විලසට යි. මේ ගැටලුව විසඳන්න ටිකක් අමාරුයි. බලන්න කෝ මේ මගුල් පරක්කුව දිහා. එහි හරි මැද ඇති හරි හතරැස් කොටුව ඉදිරියේ ඇති දාරයෙන් එළියට ගැනීම තමයි කළ යුතු වන්නේ. වැඩේ ටිකක් සංකීර්ණයි. මේ විදියට එකක් හදා ගන ඔයාලටත් හැකියි මේ ක්‍රීඩාව කරන්න.

ජය ගන්න නම් මෙසේ අවසන් කළ යුතුයි.


එදා පැවැති මගුල්ගෙදරක දක්නට ලද සරල  ඥාති හා මිත්‍ර බැඳීම් මේ මගුල් පරක්කුව පිටුපස ඇති කතාන්දරය කියාපානවා. ඒත් එක්ක මට මෙහෙම සිතුවිල්ලක් ආවා. 

සාමාන්‍යයෙන් මගුල් ගෙදරක් කී පමණින් අපේ මතකයට එන්නේ අද කාලයේ මංගල උත්සවයකි. එහෙත් අපේ රටේ අතීතයේ දී පැවැත් වුණේ අද කාලයේ මංගල උත්සවයන්ට වඩා බෙහෙවින් වෙනස් ම ආකාරයේ චාරිත්‍ර පිරි මංගල උත්සවයි. අද වන විට විවිධ ව්‍යාපාර වුවමනාවන් මත එදා චාරිත්‍ර හා විධි, විවිධ වෙනස්කම් සහිතව අද මංගල උත්සවයන් හි කරලියේ රග දැක්වෙයි.

එදා  මංගල උත්සවයක ප්‍රධාන භූමිකා වූයේ මනාල මනාලි දෙපාර්ශ්වයේ මා පියන් ය. එහෙත්  අද ඒ තැන ගෙන ඇත්තේ විඩියෝ ශිල්පියා හෝ  කැමරා ශිල්පියා හා ඔවුන්ගේ පිරිවර ය. මුලු මංගල උත්සවයම මෙහෙයවන්නේ ඒ ශිල්පීන්ට අවශ්‍ය පරිදි ය. හදිසියකට හෝ මනාල යුවළට, එදිනට පැමිණෙන මිතුරු හෝ ඥාතින්ට  කතා බහකට මතු නොව දැකගන්නට ද නැත. හේතුව ඡායාරූප ගැන්මට ඒ අය වෙන්කොට ගෙන ඇති හෙයිනි. අවසන ලක්ෂ ගණනක් වැයකොට සේයා රු ඇල්බමය ආ කළ දක්නට ඇත්තේ පැවති මංගල උත්සවයේ දසුන් නොව. රූගත කළ ටෙලි නාට්‍යයක දසුන් ය. එනයින් අද මංගල උත්සවයක් යනු ඒක් දින ටෙලියක ට මුදල් වැය කිරීමකි. විවිධ නම්වලින් එන ව්‍යාපාරිකයෝ යුවළ ගසාකති. මනාලියන් ගොනාට ඇන්දීම එක් ව්‍යාපාරයකි. විඩියෝ හා ඡායාරූප තවත් ව්‍යාපාරයකි. හෝටලය හා කේටරින් තවත් ව්‍යාපාරයකි. ඩෙකරේෂන් හෙවත් අලංකරණය තවත් ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරිකයන් කීප දෙනා ම පමණක් ගත්තද මංගල උත්සවයක දී යුවළගෙන් කඩාගන්නා ගණන ලක්ෂ ගණනකි. ඇතැම් විට රැකියාවක් කොට උපයාගත් සේසතම වන්නට හැකියි. මේයින් මිදෙන්නට බැරි ලෙසම පරිසරය ඉහත කී ව්‍යාපාරිකයෝ මාධ්‍ය හරහා මේ වන විට ගොඩ නගා අවසන් ය.යහමින් මිල මුදල් ඇත්තෝ මේ දේවල් කරති. කරුමය 
නම් සාමාන්‍ය මැද පන්තියද මේ රැල්ලට නතුව තිබීමයි. මිත්‍යවකින් වසා දමා ඇති මේ මංගල කඩ තුරාව ඉරා දමන්නට කතා බහකට කාලය නොවෙද මේ.

2013-06-13

සල්ලි නේද මේ විනාශකරන්නේ

සුරා බදු නිලධාරීන් ඉන්නේ අරක්කු අල්ලන්න විතරයි. එහෙමනේ සමාජය හිතාගෙන ඉන්නේ. ඔන්න මේ අයත් ඕන්නැති වැඩවලට බැහැලා. මේ, මේ අය හේන් කොටනව එහෙම නොවෙයි. ඇඹිලිපිටිය පැත්තේ කවුරු හරි (සුදු මහත්තයා එහෙම නොවේ ඔන්න)වවපු හේනකට සුද්ධයක් දෙනවා. මේ අස්වැන්නේ වටිනකම රුපියල් ලක්ෂ 5කටත් වැඩියි ලු. 



තවත් නිදන් කොල්ලයක් අතටම අසුවෙයි


අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කහටගස්යාය ගම්මාණයේ පිහිටා ඇති ඓතිහාසික නැල්ල පුරා විද්‍යා භූමිය ආසන්නයේ පිහිට ඇති පබ්බත මලේ කන්ද අසල පුරා විද්‍යා වටිනා කමකින් යුත් ස්ථානයක් නිදන් හොරුන් විසින් විනාශ කර මින් සිටියදි අම්පාර කොට්ඨාශයේ පුරා විද්‍යා ආරක්ෂක ඒකකයේ නිළධාරින් සහ විශේෂ කාර්ය බළකායේ නිළධාරින් විසින් වටලා ඇත. 



2013-06-12

බලන් කඩතුරා හැර දෑසේ - 35වැනි වසරට පා තබන දෙසතිය ට සුබ පැතුම්

දෙසතිය පුවත් සඟරාව සිය 35 වැනි උපන් දිනය අද සමරනු ලැබිය. ඒ වෙනුවෙන් පැවැති උත්සවයට එක්වන්නට මම අවස්ථාව ලදිමි. අද 35වැනි වසරට පාතබන දෙසතිය සඟරාවටත් එහි කතෘ මණ්ඩලයටත් මෙසේ සුබ පැතුම් එක්කරමින් එහි 35වැනි කලාපයේ වූ එක් ලිපියක් මෙසේ ඔබ වෙත ගෙන එන්නම්. බ්ලොග් ලියන හැලපෙත් කාලයක්ම හිටියේ මේ දෙසතියේ තමා.

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 98%ක්. එහෙත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහිලා. අවාසනාවකට මෙන් අධ්‍යාපන ආයතනවල මානව ලිංගිකත්වය වගේ ම ලිංගික කාර්යයන් පිළිබඳ කෙරෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නැහැ. මෙලෙස පවසන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය කේ. කරුණාතිලක. ලිංගිකත්වය හා ලිංගික චර්යාවන් කෙරෙහි සමාජය දක්වන ආකල්පය වෙනස්. මෙයට ආගමික හා සංස්කෘතික විශ්වාස මෙන් ම සමාජ, ආර්ථික හා දේශපාලන සාධකත් බලපාන බව ඔහු පෙන්වා දෙනවා.

වැටත් නියරත් ගොයම් කයි නම් - අහෝ මහකනදරාව


මිහින්තලය පොලිස් වසමේ පිහිටි මහ කනදරාව වැවී රක්‍ෂිතයේ ඉදිකරමින් පවතින වනජිවි දෙපාර්තමේන්තුවේ නැරඹුම් මධ්‍යස්ථානයක් යැයි කියන ගොඩනැගිල්ල හේතුවෙන් ඉදිරියේ දී මහකනදරාව වැවට සහ වැව් රක්‍ෂිතය බරපතල ලෙස විනාශවී යාමේ තර්ජනයට මුහුණ පෑමට සිදුවන බව මිහින්තලය ප්‍රදේශවාසීහු පවසති.
ජලය පානය කිරීමට වන අලීන් පැමිණ සිටින අයුරු 

2013-06-11

හත්වෙනි කන්දේ අවුල ලිහන්න අමාරුයි! අමරෙගේ පොත් විචාර

කර්තෘ නවකතාවෙන් ඉවත් විය යුතු යැයි උපදේශනයක් පැවැතිය ද එය සාකල්‍යයෙන් ඉටුවන සාධකයක් නො වේ. කතුවරයාගේ හැඟීම්, දැනීම්, ආකල්ප හා දැක්ම ප්‍රබන්ධයෙන් ප්‍රකාශ වීම නො වැළැක්විය හැකි ය. මහා නවකතාකරු ටොල්ස්ටෝයිගේ සිට කොළොම්බියාවේ ගාර්ෂියා මාකේස් දක්වා කුමන පරපුරක ප්‍රබන්ධ ගත්ත ද මේ කියමන සනාථ වේ. එක්කෝ කථකයා විසින් කර්තෘගේ ප්‍රවාද ගොනු කරනු ලැබේ. නැතහොත් සෙසු චරිත විසින් කර්තෘගේ ප්‍රවාද ගොනු කරනු ලැබේ. නුසුදුසු වන්නේ කර්තෘ බැහැරින් සිට විග්‍රහ ඉදිරිපත් කිරීම ය. මෙයින් පැහැදිලි වන්නේ නවකතා විචාරයේ දී මෙන් ම රස වින්දනයේ දී ද කර්තෘගේ දැක්ම නොසලකා හැරීම යුක්තිසහගත නො වන බව ය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපිටියේදි මැර ප්‍රහාරයක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් වාහනයට  මෙයිට සුළු වේලාවකට පෙර බලපිටියේ දී මැර ප්‍රහාරයක් එල්ල වි ඇතැයි වාර්ථා වේ. පසුගියදා ඇතිවු සුලි කුණාටුව හේතුවෙන් මියගිය ධීවරයකුගේ නිවසට යාමට විපක්ෂ නායකවරයා උත්සාහ කළ අවස්ථාවේදි එම මියගිය ධීවරයාගේ හිතවතුන් විසින් මේ ප්‍රහාරය එල්ල කොට ඇතැයි පැවසේ. එම වාහනයට අතින් පයින් මෙන්ම ගල් මුල්වලින්ද ප්‍රහාර එල්ල කොට ඇතැයි පැවසේ. වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ වාහනයේ සිට ඇති අතර ඔහුට එම ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදුව නැත.





බලපිටිය දිලීප් නිශ්ෂංක

කෙළි බිමේ රන් මසු මවන්නන් 100 අතර (sharapova) ෂරපෝවා ට විශේෂ තැනක්


sharapova
අන්තර් ජාතික ක්‍රීඩා පිටියේ ලොකුම සල්ලි මල්ලට හිමිකම් කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අපූරු ලැයිස්තුවක මුල් තැන ගැනීමට ලෝක පූජිත ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පසුගියදා සමත්වුණා. 
සුප්‍රකට ‘ෆෝබ්ස්‘ සඟරාව වාර්ෂිකව තෝරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනකුගෙන් යුත් මේ ලැයිස්තුවට අනුව වුඩ්ස් ගේ පසුගිය මාස 12ක කාලයේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 78.2ක්. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි දහසකට අධිකයි. ඔහු මේ ලැයිස්තුවේ මුල් තැනට පත්වුණේ 12වැනි වතාවටයි. ඊට පෙර 2001 වසරේ පටන් 2011 වනතුරු මේ අපූරු ලැයිස්තුවේ පෙරමුණ ඔහු රැක ගත්තා. 
ඒත් 2012 නම් ඔහුට අන්තිම නරක වසරක් වී තිබුණා. විවාහ ජීවිතය බිඳ වැටීමත්, එක දිගටම තරගාවලි පරාජය වීමත් හේතුවෙන් 2012දී ටයිගර් වුඩ්ස්ට මේ ලැයිස්තුවේ මුල්තැන විතරක් නොවෙයි ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයත් අහිමි වුණා. ඒ නිසාම අනුග්‍රාහකත්ව 5කුත්, වාර්ෂික ආදායමෙන් ඩොලර් මිලියන 50කුත් පසුගිය වසරේ දී ඔහුගෙන් ගිලිහී ගියා.
Tiger Woods

කොහොමවුණත් ‘ෆෝබ්ස්‘ තක්සේරුවට අනුව පසුගිය වසරේ දී ගොල්ෆ් තරග ජය ගැනීමෙන් ඩොලර් මිලියන 13කුත්, පිටියෙන් පිට විවිධ අනුග්‍රාහකත්ව ලැබීමෙන් වගේම ගොල්ෆ් ක්‍රීඩා පිටි නිර්මාණය කිරීමෙන් තවත් ඩොලර් මිලියන 65කුත් පසුගිය මාස 12ක කාලයේදී ටයිගර් වුඩ්ස් ලබා තිබෙනවා.
මේ ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්. ඔහු පසුගිය මාස 12ක කාලයේ අමෙරිකානු ඩොලර් මිලියන 71.5ක් උපයා ගැනීමට සමත්වුණා.
අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩක කෝබේ බ්‍රියන්ට් ඩොලර් මිලියන 61.9කට හිමිකම් කියමින් තුන්වැනි තැනට පත්වුණා. සුප්‍රකට එන්.බී.ඒ. බාස්කට් බෝල් තරගබිමේ ඉහළම වැටුපට හිමිකම් කියන්නෙත් බ්‍රියන්ට් තමයි. ඔහු එක් තරග වාරයකදී ඩොලර් මිලියන 27.8ක වැටුපක් ලබනවා. එය සෙසු ක්‍රීඩකයන්ට වඩා මිලියන 7ක වැඩිවීමක්. ඔහුගේම සමකාලීන බාස්කට්බෝල් ක්‍රීඩක ලීබොන් ජේම්ස් ඩොලර් මිලියන 59.8ක ආදායමක් හිමිකර ගනිමින් මේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයට පත්වුණා.
සුපිරි පාපන්දු ක්‍රීඩක එංගලන්තයේ ඩේවිඩ් බෙකම් ඩොලර් මිලියන 47.2ක වාර්ෂික ආදායමක් ලබා ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ 8වැනි තැන හිමිකර ගත්තා. ඒ අනුව ලොව වැඩිම ආදායමක් ලබන පාපන්දු ක්‍රීඩකයා වන්නේ ඔහුයි.පාපන්දු පිටියෙන් ඩොලර් මිලියන 5ක ආදායමක් අත්කර ගත් බෙකම් පිටියෙන් පිටත අනුග්‍රාහකත්ව ලැබීමෙන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 42ක්. 
David Beckham
පෘතුගාලයේ පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට මේ ලැයිස්තුවේ හිමිවුණේ 9වැනි තැනයි. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 44යි. ආර්ජෙන්ටිනාවේ ලයනල් මෙසී ඩොලර් මිලියන 41.3ක ආදායමක් ලබා ලැයිස්තුවේ 10වැනි ස්ථානයට පත්වුණා.
පසුගිය වසරේ දී ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවට අනුව වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩකයා බවට පත්වුණු ප්‍රවීන බොක්සිං ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර් මෙවර 14වැනි තැනට පත්වීම විශේෂ සිදුවීමක්. ඔහුගේ වාර්ෂික ආදායම වුණේ ඩොලර් මිලියන 34යි. ඔහු පසුගිය වසරේ පෙරමුණ ගත්තේ ඩොලර් මිලියන 85ක ආදායමක් ලබාගෙනයි. ඒ අනුව මේ වනවිට මේවෙදර් දැඩි පසුබෑමකට ලක්වී ඇති බව පැහැදිලියි. මෙහි විශේෂත්වය වන්නේ මේවෙදර්ගේ සම්පූර්ණ ආදායම ලැබී ඇත්තේ බොක්සිං වළල්ලෙන් පමණක් වීමයි. ඒ හැරුණුවිට කිසිම අනුග්‍රාහකත්වයක් නම් ඔහුට ලැබී නෑ. මේ අතර ඔහුගේ ප්‍රතිවාදී ක්‍රීඩක පිලිපීනයේ මැනී පැකියෝ ද ඩොලර් මිලියන 34ක ආදායමක් ලබා 14වැනි ස්ථානයේ පසුවෙනවා.
ලෝක කෙළිබිමේ දැඩි අවධානයට ලක්වූ මේ ලැයිස්තුවට අනුව ක්‍රිකට් පිටියේ වැඩිම ආදායමක් ලබාගන්නා ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියා පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි සමත්ව සිටිනවා. පසුගිය මාස 12ක කාලයේ ඩොලර් මිලියන 31.5ක ආදායමක් ලැබූ දෝනි මෙවර ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ 16වැනි තැන හිමිකරගැනීමට සමත්වුණා. 
Mahendra Singh Dhoni
ඩොලර් මිලියන 3.5ක මුදලක් තරගවලින් උපයාගත් දෝනිගේ වෙළෙඳ අනුග්‍රාහක්ව මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 28යි. මේ ලැයිස්තුවට එක්වී සිටින අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ සචින් තෙන්ඩුල්කර්. ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ ඔහුට හිමිවී ඇත්තේ 51වැනි ස්ථානයයි. ඔහු ඩොලර් මිලියන 22ක වාර්ෂික ආදායමකට හිමිකම් කියනවා. ඉන් ඩොලර් මිලියන 18ක්ම ඔහු උපයාගෙන ඇත්තේ වෙළෙඳ අනුග්‍රාහකත්ව ගිවිසුම්වලිනුයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100දෙනකුගෙන් යුත් මේ ලැයිස්තුවේ ඇතුලත්ව සිටින්නේ ක්‍රීඩිකාවන් තිදෙනකු පමණක් වන අතර ඒ තිදෙනාම ටෙනිස් ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්. ඒ අතර මුල් තැන සිටින්නේ ටෙනිස් පිටියේ සුරූපිනිය රුසියාවේ මරියා ෂරපෝවා. 
ඇය ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රීඩිකාව වෙමින් මෙවර ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ 22වැනි තැන අත්කර ගත්තා. ඇය පසුගිය මාස 12ක කාලයේ උපයාගත් මුදල ඩොලර් මිලියන 29යි. ඉන් ඩොලර් මිලියන 23ක්ම ඇය උපයාගත්තේ වෙළෙඳ අනුග්‍රාහකත්ව සමාගම්වලිනුයි. ෂරපෝවා පරාජය කරමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනූ අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට මේ ලැයිස්තුවේ හිමිවී ඇත්තේ 69වැනි ස්ථානයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 20.5යි. චීනයේ ලී නාට හිමිවී ඇත්තේ 85වැනි ස්ථානයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 18.2ක්.
මෙවර ලැයිස්තුවේ සිටින එකම මලල ක්‍රීඩකයා වන්නේ උසේන් බෝල්ට් පමණයි. ඩොලර් මිලියන 24.2ක ආදායමක් පසුගිය මාස 12දී උපයාගත් බෝල්ට් ලැයිස්තුවේ 40වැනි ස්ථානයේ පසුවෙනවා. බෝලට්ගේ ආදායමෙන් ඩොලර් මිලියන 24ක්ම ලැබී ඇත්තේ වෙළෙඳ අනුග්‍රාහකත්ව සමාගම්වලිනුයි. තරගවලින් ඔහු උපයාගත් මුදල ඩොලර් ලක්ෂ 2ක් පමණක් වීම විශේෂත්වයක්.
සුපිරි මෝටර් රථ ධාවන ශූරයකු වන ස්පාඤ්ඤයේ ෆර්නෑන්ඩෝ අල්පෝන්සෝ ‍ඩොලර් මිලියන 30ක ආදායමක් උපයා මේ ලැයිස්තුවේ 19වැනි ස්ථානය ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියකු වන ඉතාලියේ වැලන්ටිනෝ රෝසි ‍ඩොලර් මිලියන 22ක ආදායමකට හිමිකම් කියමින් ‍’ෆෝබ්ස්’ ලැයිස්තුවේ 51වැන්නා ‍ලෙස තෙන්ඩුල්කර් සමග සම තැන අත්කරගත්තා. පාපන්දු ක්‍රීඩකයන් වන එංගලන්තයේ වේන් රූනි ඩොලර් මිලියන 21.1ක ආදායමක් ලබා 61වැනි තැනත්, බ්‍රසීලයේ කාකා ඩොලර් මිලියන 19.3ක ආදායමක් ලබා 79වැනි තැනත් ලබා ගත්තා. ප්‍රබල බොක්සිං ක්‍රීඩක යුක් ‍රේනයේ ව්ලැඩිමිර් ක්ලිච්ස්කෝ 42වැනි ස්ථානය අත්කර ගත්තේ ඩොලර් මිලියන 24ක ආදායමක් උපයාගනිමින්.
මෙවර ලැයිස්තු ගතකරනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනා අතරට බේස්බෝල් ක්‍රීඩකයන් 27ක්, බාස්කට්බෝල් ක්‍රීඩකයන් 21ක් හා අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයන් 13දෙනකුත් ඇතුළත් වුණා.
ෆවුස් මොහොමඩ්
අන්තර් ජාලය ඇසුරිණි

2013-06-10

කොළඹ කැෂිනෝ හැදුවොත් මං පාරට බහිනවා - අස්ගිරි මහානාහිමි

කොළඹ සම්බෝධි  විහාරය  අසළ කැසිනෝ   මධ්‍යස්ථානයක්  ආරම්භ කිරීමට  තමන් වහන්සේ සම්පුර්ණයෙන්  විරුද්ධ බවත්  මෙය අපේ රටට කිසිසේත්ම  සුදුසු නැති බවත් මෙය ආරම්භ කරනවානම් පළමුවෙන්ම  පාරට බහින්නේ මම බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියෝ අද උදේ (10) මාධ්‍ය හමුවකදී  පැවසුහ.
ඒ අවස්ථාවේදීම උන්වහන්සේ දළදාමාළිගයට පූජාකොට තිබූ බාල අට පිරිකර කීපයක්ද මාධ්‍යයට පෙන්වූහ.





නිදන් නිසා වැනසෙන අපේ පුද බිම්...

මාදුරුඔය රක්ෂිතයට අයත් ඕමුණගල කන්දේ ලෙනක අඩි හැටක පමණ ගැඹුරැති වලක් නිදන් සොරුන් විසින් හරා තිබෙන බව පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මෙසේ විනාශ කර ඇත්තේ දෙවන සියවට පමණ අයත් ලෙන් විහාරයකි.මාස ගණනාවක් තිසසේ මෙම ස්ථානය නිදන් සොරුන් විසින් විනාශ කර තිබේ.



යෝධ පිදුරු හත්තක් ගලේවෙල

මේ අසාමාන්‍ය බිම් මල අපට හමුවුණේ ගලේවෙල බඹරගස්වැව සමන්ත පුෂ්පකුමාර මහතාගේ ගෙවත්තේ තිබිලයි. පිදුරු හතු වර්ගයට යි මේ බිම් මල අයිති වෙන්නේ. මෙහි වට ප්‍රමාණය අඩි 7ක්. හරස්කඩ අගල් 21ක් වෙනවා. බර කිලෝ තුන හමාරයි.







සේයාරු දඹුල්ලේ කාන්චන ආරියදාස

2013-06-09

අද රෑ 8.30ට අටං නානවා බලන්න කවුද එන්නේ

බ්ලොග් කියවන අප කවුරුත් දන්න අටං අද රාත්‍රී 8.30ට බස් රේඩියෝවේ මා ආ මාවත වැඩ සටහනට සජීවිව එක් වෙනවා. ඉතින් හිත මිතුරු සැමටම ආරාධනා කරනවා අද රෑ බස් අහන්න එක් වෙන්න කියලා. 
මෙන්න ඒ ගැන අටං ම ලියපු ටික


2013-06-07

සමලිංගිකයන්ට වෛර කරන රුසියාව

යුරෝපයේ බොහෝ රටවල සමලිංගික විවාහ නීතිගත කෙරෙමින් තිබුණත් රුසියාවේ සමලිංගිකයකුට වදදී මරා දමා තිබේ. එරට සමලිංගික රූපවාහිනී නිවේදකයකු රැකියාවෙන් පලවා හැර ඇත.
ඇන්ටන් ක්‍රසොව්ස්කි ගේ මිතුරෝ ඔහු සමලිංගිකයකු බව දැන සිටියහ. එහෙත් ඔහු තමන් සමලිංගිකයකු බව සජීවි රූපවාහිනි වැඩසටහනකින් ප්‍රකාශ කළ විට සියල්ල නරක අතට හැරිණි. ක්‍රෙම්ලිනයේ මුදලින් පවත්වාගෙන ගිය රාජ්‍ය රූපවාහිනී සේවා කිහිපයක නිවේදකයකු ලෙස කටයුතු කළ ඔහු ලිබරල් අදහස් දැරුවකු වුවත් පැවැති ක්‍රමයට පක්ෂපාතිව කටයුතු කළේය. එහෙත් තමන් සමලිංගිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම රතු ඉර පැනීමක් වූයේය.

2013-06-06

වඳ සැත්කම් සිද්ධියේ අලුත්ම තත්ත්වය


සිසේරියන් සැත්කම්වලට ලක් කළ ගැබිණි මව්වරුන් වඳ සැත්කම්වලට නිර්දේශ කළ බව කියන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුස්ලිම් වෛද්‍යවරු දෙදෙනාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට (6) ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මේ ගැන ලියැවුණු මුල් ලිපිය මෙතැනින්

සීසේරියන් මුවාවෙන් හොරෙන් වඳ සැත්කම් කරලා

අදහාගත නොහැකි මේ පුවත ඊයේ දින අසන්නට ලැබුණ එකක්. බලන්න කියවලාම මේ ගැන අදහස.
අන්තර්ජාලයෙනි

සිසේරියන් සැත්කමට ලක්කරන අතරතුර ගැබිනි මව්වරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව ඔවුනට වඳ සැත්කම් (LRT) කිරීමට නිර්දේශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් සහ ඇයගේ සහායක ලෙස කටයුතු කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

2013-06-05

නිල් සිනමාවේ වර්ගවාදය - 18+++(වැඩිහිටියන්ට පමණයි)


 ඇලෙක්සිස් ටෙක්සාස් 
අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිල් චිත්‍රපටවල රඟන නළු නිළියන් පවසන්නේ නිල් සිනමාවේ ද වර්ගවාදය පවතින බව ය.
යමක සභ්‍ය අසභ්‍ය භාවයන් තීන්දු වන්නේ ඒ ඒ රටවල හා ජන කොටස් අතර පවතින සංස්කෘතීන්ට සාපේක්ෂව බව අප පිළිගත යුතුව තිබේ. ‘නිල් චිත්‍රපට’ යනුවෙන් මෙරට වැඩි වශයෙන් හැඳින්වෙන අසභ්‍ය හා කාමුක චිත්‍රපට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට එතරම් බරපතළ දෙයක් නොවේ. අමෙරිකාවේ ‘නිල් චිත්‍රපට’ එරටට පුළුල් කර්මාන්තයකි. හොලිවුඩයට පිටස්තර තවත් සිනමාවකි. එම සිනමාවේද නළු නිළියන්ගේ රංගන කුසලතා ඇගැයීමට ලක් කෙරෙන සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වෙයි. අමෙරිකානු ‘නිල් සිනමාවේ’ ප්‍රකට නිළියක වන අවුරෝරා ස්නෝවි පසුගියදා ‘ද ඩේලි බීස්ට්’ වෙබ් අඩවියට අනාවරණය කර තිබුණේ එම සිනමාවේ වර්ගවාදය පවතින බවය.
“වැඩිහිටියන්ටම පමණක් සීමා වූ සිනමා කර්මාන්තයට මම පිවිසියේ මීට අවුරුදු 12කට පෙරයි. එසේ පැමිණිවිට ඒජන්තවරයා විමසූ පළමු පැනයෙන් මම තිගැස්සුණා. “ඔබ වර්ගවාදීද?’ කියා ඔහු විමසද්දී මට එය වටහාගත නොහැකිව නිරුත්තර වුණා. ඊළඟට එම මහලු ඒජන්තවරයා මගෙන් විමසුවා කළු ජාතිකයන් සමඟ ලිංගික දර්ශන රඟපාන්න කැමතිද කියලායි. මම ඉන්නේ විසි එක් වැනි සියවසේ නොව වෙනත් යුගයකදැයි මට සිතුණා. ඒ වර්ගවාදය, වර්ණ භේද වාදය පැවතියේ අතීතයේ නිසායි”.
අවුරෝරා පවසන්නීය
“මට ඒකෙ ප්‍රශ්නයක් නැහැ කියා මම කීවා. ඇත්තටම මට එවෙලේ හිතුණේ හමේ පාට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලායි. ඒත් අද මම දන්නවා මේ කර්මාන්තය ඇතුළත හමේ වර්ණය තදින්ම බලපවත්වන්නක් කියලා.”
“අවුරෝරා ස්නෝවි කියන එක හරි. නිල් චිත්‍රපට කර්මාන්තය ඇතුළත වර්ගවාදය තදින්ම පවතිනවා” එසේ පවසන්නේ සම්මාන දිනූ නිල් චිත්‍රපට නිළියක වන ක්‍රිස්ටිනා රෝස් ය. ඇය නිල් චිත්‍රපට 400කට වඩා වැඩි ප්‍රමාණයක රඟ පෑ නිළියකි.

ක්‍රිස්ටිනා රෝස්

“මම ඒ චිත්‍රපට සියල්ලකම සුදු ජාතිකයන් සමඟ පමණක් රඟපෑවා නම් මා වර්ගවාදීය කියන අදහස ප්‍රේක්ෂකයන්ගේ සිත්හි ඇතිවෙනවා. දැන් හිතන්න චිත්‍රපට සියයක විතර රඟපා තිබෙන ඇලෙක්සිස් ටෙක්සාස් කිසිම අවස්ථාවක කළු ජාතික නළුවන් හා රඟපාන්නේ නැහැ”.
ක්‍රිස්ටිනා එසේ පැවසුවත් ඇලෙක්සිස් එම ප්‍රකාශය තදින්ම ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම ඇගේ නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ ඇලෙක්සිස් එම මාතෘකාව පිළිබඳ කතා කිරීම පවා පිළිකෙව් කරන බවය. ඇලෙක්සිස් කළු ජාතිකයකු හා රඟපෑ නිල් චිත්‍රපටයක් මෙතෙක් නිකුත් වී නැති හෙයින්ම ක්‍රිස්ටිනා පවසා ඇත්තේ සත්‍යයක් බව හැඟී යයි. අවුරෝරා ස්නෝවි පවසන්නේ තම කර්මාන්තයේ වර්ග වාදී අදහස් දරන්නන් සිටියත් ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන්නේ නැත කියා ය.
“ඔව්. ඒක එහෙම වෙන්න පුළුවනි” ලොස් ඇන්ජලිස්හි නිල් චිත්‍රපට නිළියන් කිහිප දෙනකුගේම ඒජන්තවරයකු පවසයි” ගනුදෙනු සියල්ල සිදුවන්නේ අප හරහා නිෂ්පාදකවරුන් ඒජන්තවරුන් හා කතාබහ කරනවා මිස එක එල්ලේ නළු නිළියන් හා කතා කරන්නේ නැහැ. සමහර නිළියන් කළු ජාතිකයන් හා රඟපෑම ප්‍රතික්ෂේප කරන්නේ එයාලා හැඩිදැඩි වැඩියි කියමිනුයි. ඒ හැර නළුවන්ගේ සමේ පැහැය ගැන ඔවුන් කිසි විටෙක පවසන්නේ නැහැ. තවත් නිළියන් කළු ජාතිකයන් හා රඟපාන්න මැළි වෙන්නේ කළු අය හා රඟ පෑ නිළියන් තම චිත්‍රපටවලට සම්බන්ධ කර නොගැනීමේ අලිඛිත නීති සමහර නිෂ්පාදකවරුන් හා නිෂ්පාදන සමාගම් පවත්වාගෙන යන නිසායි.”
එහෙත් කර්මාන්තය පිළිබඳ මනා දැනුමක් ඇති අය පවසන්නේ එම මතය දරන්නේ මහලු සුදු ජාතික නිෂ්පාදකයන් පමණක් බවය. නිළියක ලෙස සාර්ථක වන්නට හා ජනපි‍්‍රය වන්නට නම් ඔවුන් කළු ජාතික නළුවන් හා රඟපෑ යුතු බවත්, ඩොලර් ප්‍රකෝටි ගණනින් යෙදවී ඇති නිල් චිත්‍රපට කර්මාන්තයේ කළු නළුවන් හා රඟ පෑ සුදු නිළියන් තම චිත්‍රපටවලට යොදවා ගන්නට කැමති නිෂ්පාදක සමාගම් ඕනෑ තරම් ඇති බවත් ඔවුහු පවසති.
“මම 2007 දී මෙම කර්මාන්තයට පිවිසෙද්දී මටත් ලැබුනේ වැරදි අවවාදයක්” ක්‍රිස්ටිනා රෝස් පවසන්නීය.” මට මුලින්ම හමුවූයේ පැරැණි මතවාද දරන මහලු සුදු ඒජන්තවරයෙක්. ඔහු කීවා කළු ජාතිකයන් හා රඟපෑවොත් වැඩිදුර යන්න ලැබෙන එකක් නැහැ කියලා. මම ඒ අවාදය පිළිගත්තේ නැහැ. සමේ පැහැය ගැන නොසිතා මට රඟපාන්නට ලැබුණ හැම අවස්ථාවකින්ම මම ප්‍රයෝජන ගත්තා.”
නිල් සිනමාවේ ‘වසරේ හොඳම නිළිය’ ලෙස සම්මාන ලැබීම හොලිවුඩයේ ‘වසරේ හොඳම නිළිය’ සම්මානය ලැබීම හා සම තත්ත්වයේ ලා සැළකෙයි. එසේ හොඳම නිළි සම්මානයෙන් පිදුම් ලැබූ බොහෝ නිළියෝ නළුවාගේ සමේ පැහැය පිළිබඳ නොසිතා රඟපෑ අය වෙති.
“ඉස්සර නම් මේ කර්මාන්තය ඇතුළත වර්ගවාදය තදින්ම තිබුණා. ඒත් දැන් කාලය වෙනස් වෙලා. ඒ කාලේ නිළියන් තමන් කළු අය හා රඟ නොපාන බව පවසමින් වැඩි මුදල් අය කළා. එදා ඇත්තෙන්ම කළු නළුවන් හා රඟ ;නාපෑ සුදු නිළියන්ට වඩා හොඳ ගෙවීම් කළා” ඒජන්තවරයකු ලෙස කටයුතු කරන මාර්ක් ස්පීග්ලර් පවසයි. “අද ඒ තත්ත්වය වෙනස්. ඒත් අදත් වර්ගවාදය හිස තබාගත් නිළියන් අදත් නොඉන්නවා නෙවෙයි. එයාලා සමාවට කාරණා ඉදිරිපත් කරනවා. මගේ පවුලේ අය කැමති නැහැ, එයාලා හැඩිදැඩි අය මට බයයි. ඒ ජනපි‍්‍රයම සමාවට කාරණා දෙකක්”
ටී රීල් ආඩම්බර වන්නේ අමෙරිකාවේ නිල් සිනමාවේ කළු ජාතික ඒජන්තවරුන් ඉතා සීමිත පිරිස අතරින් තමා ද අයකු වන නිසා ය.
“මම කළු ජාතිකයෙක්. සුදු ජාතික නිළියන් සමහර අවස්ථාවන්හිදී මගේ මුහුණටම කියනවා තමන් කළු ජාතිකයන් හා රඟපාන්නේ නැහැ කියලා. නමුත් මම ඒවා පෞද්ගලිකව ගන්නේ නැහැ. ඒක එයාලාගේ ප්‍රතිපත්තිය. හැබැයි එහෙම පැවසූ සමහර නිළියන් පෞද්ගලික ජීවිතයේ මගේ අනියම් පෙම්වතියන් වූ බවත් කියන්න ඕනෙ” ටී.රීල් පවසයි.
නිල් සිනමාවට ළාබාල වියේදීම සමහර නිළියන් පැමිණෙන්නේ පිටිසරබද පළාත්වලිනි. ප්‍රකට නිල් සිනමා නිළි මෙරු පැට්‍රික් උදාහරණයක් ලෙස ගතහොත් නිල් සිනමාවට සම්බන්ධ වන්නට ඇය පැමිණුනේ මොන්ටානාවල සිටය. එම ප්‍රාන්තයේ කළු ජාතික ජනගහනය 2%කටත් වඩා අඩුය.
“එවැනි නිළියන් සමහර විට ජීවිතේ පළවෙනි වතාවට කළු ජාතිකයකු දකින්නේත් මෙහේදීයි. එවිට ඔවුන්ගේ සිත්වල යම් චකිතයක් ඇති වන බව අප පිළිගන්නට ඕනෙ” ටී.රීල් තවදුරටත් කරුණු ගෙන හැර පායි.” ඔවුන් මුලදී අකමැති වුණත් කර්මාන්තයේ අත්දැකීම් ලබන විට කළු ජාතික නළුවන් හා රඟපෑමට හුරුවෙනවා”
බොහෝ නිෂ්පාදකයන් කළු සුදු නළු නිළියන් මිශ්‍රව තම නිල් චිත්‍රපටවලට යොදා ගන්නේ ව්‍යාපාරික උපක්‍රමයක් ලෙසිනි. කළු සුදු නළු නිළියන් මිශ්‍රව රඟන චිත්‍රපටවලට දැඩි ඉල්ලුමක් තිබෙන බව ඔවුහු අත්දැකීමෙන්ම දැන සිටිති.
“මේ සිනමාව ඇතුළත වර්ගවාදය සම්පූර්ණයෙන්ම නැහැ කියා පවසන්න කාටවත් බැහැ” ටී.රීල් පවසයි. “අඩු වැඩි වශයෙන් එය මේ කර්මාන්තය ඇතුළත තිබෙනවා. හොලිවුඩයේත් වර්ගවාදී අදහස් ඇති අය නැතිවා නොවෙයිනේ. ඒ මොනවා වුණත් මේක ව්‍යාපාරයක්. කර්මාන්තයක්. වර්ගවාදය ඉස්මතුකරගෙන ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි වග මේ කර්මාන්තයේ නියැළි සියලු දෙනා දන්නවා.


‘ද ඩේලි බීස්ට්’ ඇසුරින් පරිවර්ථනය කළේ 
කේෂව කාරියවසම්

2013-06-04

යකඩ වැටත් පොතක් තමයි - අමරෙගේ පොත් විචාර

වාර්ගික හා සාංස්කෘතික විරසකයන් මූලික කොට රචනා වූ බරපතළ නවකතා අපට නැත. දීප ව්‍යාප්ත ජන වාර්ගික ගැටුම් ගණනාවක්, යුද්ධයක්, බෙදුම්වාදයක් හා ත්‍රස්තවාදයක් පැවැතිය ද සිංහල නවකතාකරුවන් අල්ලාගෙන ඇත්තේ ඒවායෙහි වලිග පමණි. මෙයින් පෙනී යන්නේ සිංහල නවකතාකරුවන්ගේ දෘෂ්ටිමය ඌනතාව යි.
සිංහ වික්‍රමසිංහගේ “යකඩ වැට” කතාව තුළ ද එම ඌනතාව නො අඩුව දකින්නට ලැබේ.

2013-06-03

පුංචි අලි බබෙක් බේරගන්න කළ මෙහෙයුමක්

සාමාන්‍යෙයන් අලි කතා මට නිතරම වගේ එවන්නේ අපේ චන්දන. චන්දන වගේම මමත් අලින්ට කැමතියි. ඉතින් අදත් ඔබට ගේනෙන්නේ පුංචි අලි කතාවක්.
අලි අල්ලන එක ලෙසි කටයුත්තක් නොවේ නමුත් අලි කිව්වට දඟකාර අලි පැටියෙකු අල්ල ගන්න එක ටිකක් දඟකාර වැඩක්. පසුගියදා අම්පාර එක්ගල් ඔය ප්‍රදේශයේ වගා ළිදකට අලි පැටියෙකු වැටිලා හිටියා. මේ අලිපැටියා පොඩි වුණාට ළඟපාතකට කාටවත් කිට්ටු වෙන්න බැරි වුණා දඟකාර කම වැඩි හින්දම .


2013-06-01

සදාචාරාත්මක මාධ්‍ය භාවිතය වලපල්ලට යන්නේ ඇයි

සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව පිළිබඳ කතිකාව අන් කවරදාකටත් වඩා ඉහළින් පසුගිය දින කිපයේ කරලියට පැමිණිනි. වෙසක් සඳේ උදාවත් සමගම මහනුවර දළදා මාළිගය ඉදිරිපිටින් ඇවිලී ගිය ගින්න එයට හේතු විය. ඒ ගින්නේ රස්නය බ්ලොග් අවකාශය තුළටද කාන්දූ වූ අයුරු අපි දුටුවෙමු. මාධ්‍ය සදාචාරය දැඩි ප්‍රශ්න කිරීමටකට ලක් කළේ මාතලන්ගේ අඩවිය හරහා ය. එහිදි මාධ්‍ය කරුවාට දැවැන්ත ප්‍රහාරයක් මාතලන් විසින් එල්ල කොට තිබිණි. ඒ ප්‍රශ්න කිරීමට සහන් ගේ අඩවිය හරහා විද්‍යුත් මාධ්‍ය භාවිතය පැත්තෙන් සහන් අගනා ප්‍රායෝගික පිළිතුරක් ද දී තිබිණි.

මේ සටහන මගින් මා කතා කරන්නට යන්නේ ලාංකීය මාධ්‍ය  සාදාචාරයේ අතීතය හා මාධ්‍ය සදාචාරය ගිලිහෙන්නේ ඇයි ද යන්න පිළිබඳව ය. 

ජනමාධ්‍ය කරුවාගේ වගකීම වන්නේ ඔහු දකින දේ ඒ අයුරින්ම අඩු වැඩි නැතිව වාර්ථා කිරීම ද? නො එසේ නම් යම් ප්‍රතිපත්ති සමුදායක හෝ යම් මතවාදයක නියෝජිතයෙකු වීම ද?

මේ ප්‍රශ්නය යොමු කරන බොහෝ අවස්ථාවල පාඨක පිළිතුර ලෙස ලැබී ඇත්තේ සිද්ධියක් අඩු වැඩි නැතිව වාර්ථා කළ යුතු ය යන්න ය. 

එහෙත් එය කළ හැකි ද? නොහැකි ය. දූෂණයට ලක් වූ දැරියක ගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි ය. ජන වර්ග දෙකක් අතර ඇතිවන අරගලයක කියැවෙන කෙරෙන සෑම දේ වාර්ථා කළ නොහැකි ය. රාජ්‍ය ආරක්ෂාවට අදාළ කරුණු හෙළි කළ නොහැක.
මෙවන් තොරතුරු හෙළි වීම  විවිධ ජමාජ ගැටලුවක් බවට පත් කරවයි. මේ නිසා මාධ්‍ය උදෙසා ආචාර ධර්ම පද්ධති නිර්මාණය වී තිබේ. මාධ්‍යයට මතු නොව සෑම වෘත්තියක් උදෙසාම ආචාරධර්ම පද්ධති බිහිව තිබේ.

අපේ රටේ මාධ්‍ය භාවිතයේ එන පළමු ආචාරධර්ම පද්ධතිය බිහිවන්නේ 1973 වසරේ දී යි. එය නිර්මාණය කොට නිකුත් කරන්නේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව මගින්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් 1981 වසරේ දී තවත් ආචාර ධර්ම පද්ධතියක් නිකුත් කරනවා. අනතුරුව කර්තෘ සන්සදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් ආචාරධර්ම පද්ධති හදුන්වා දි තිබෙනවා. මේ ලියැවිලි තමයි අද අපේ රටේ බහුලව භාවිත වන්නේ. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල ද ආචාරධර්ම පද්ධති තිබෙනවා. මේ හැම එකකම එකිනෙක වගන්ති වෙනස් වුවත් මූලිකාංග 5ක් හඳුනා ගන්න හැකියි.

ඒවා නම්

1) සත්‍ය බව‍
2) සාධාරණත්වය
3) හානිය අවම කිරීම
4) ස්වාධීනත්වය
5) වගකීම් සහත බව

මාධ්‍ය කරුවා අතින් අද මේ මූලිකාංග හෝ සුරැකෙනවා ද? නොඒසේ නම් එසේ වන්නට හේතු කවරේ ද?
අද අපේ රටේ ඕනෑම මාධ්‍ය කරුවකුගෙන් යමෙක් ප්‍රශ්න කළොත් ඔබ ස්වාධීන ද කියා ඔව් ස්වාධීනයි යනුවෙන් පිළිතුර බොහෝවිට ලැබෙන්නට හැකියි.
එසේ වන්නේ නම් ඉතා යහපති. නමුත් ඔය කියන ස්වාධීනත්වයට වක්‍රාකාරව බලපෑම් කරන සාධක කිපයක්ම තිබෙනවා. එයින් මිදෙන්න බෑ. සත්‍ය එයයි. මෙන්න ඒ සාධක ප්‍රාග්ධනය, වෙළඳ දැන්වීම්, නීතිය, සංස්කෘතිය, හා අපේම අගතිය.
කෙතරම් සාධාරණ වන්න හිතුවද මේ කාරණා හරහා එන බලපෑම වලක්වාගන්න අසිරුයි. ඇතැම් විට දේශපාලනය හරහා එන බලපෑම් වලක්වාගත්ත ද ප්‍රාග්ධනය, දැන්වීම්, නීතිය, හා සංස්කෘතිය හරහා එල්ලවන බලපෑම් වළක්වාගන්නම බැරි වෙනවා. මෙන්න මෙතැන දී තමයි මාධ්‍ය කරුවා අතින් ආචාරධර්ම කෑඩීයන්නේ. එසේ බලන කල ආචාරධර්ම නොකැඩූ මාධ්‍යකරුවෙක් හොයාගන්න අසීරුවේවි.

පසුගිය පෙබරවාරි මාසයේ දිනක ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා ගේ ඇරියුමෙන් මෙරට සියලුම විද්‍යත් හා මුද්‍රිත මාධ්‍ය්‍යන් හි ප්‍රවෘත්ති කළමනාකරුවන් ප්‍රවෘත්ති කර්තෘවරුන් එක් රැස්ව යහපත් මාධ්‍ය භාවිතාවක් පිළිබද කතිකාවක් ඇති කළා. එතැනදීද එක් සම්මුතියකට එන්නට නොහැකි වූයේ ඉහත පෙන්වා දුන් ස්වාධීනත්වයට බලපෑම් කරන කාරනා නිසාමයි. 

එහිදී මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ රීතියක් ලෙස බැරි නම් නිතියක් ලෙස හෝ මේ ආචාරධර්ම සුරැකිය යුතුබවයි. මෙවන් නීති සමුදායක් එනවානම් හොද යැයි දැන් ඔබට සිතෙන්කට හැකිය. එහෙත් මේ නීති පද්ධති එනවාට විරුද්ධ කවු ද? ලොවට පෙනෙන්නේ මාධ්‍යවේදීන් ම බව ය. මාධ්‍ය නිදහස සුරකිනු වැනි පුවරු කරලියට එන්නේ මේ ඔස්සේ ය. එහෙත් ඒ පුවරු පිටුපස එන්ජීඕ ඩොලර් කිසිවකු නොදකිනු ඇත. ඒ ඩොලර් මතින් මාධ්‍ය නිදහස සුරකින්නට නායකත්වය දුන්නෝ ටික කලකින් විදෙස්වල ය. සෙස්සෝ පෙර සේ දුක සේ පත්තර කන්තෝරුවල ය.

කෙසේ වෙතත් සදාචාරවත් මාධ්‍ය භාවිතයට අවශ්‍යතාව අද රටට තදින්ම දැනී ඇත. එය දැන් කැබිනට් මණ්ඩලයේ කතාබහට ද ලක්ව ඇති කරුණකි. මෙය නොපමාව සිදුවිය යුතුම දෙයකි.


Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්