රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-05-31

ඔබත් හවසට බොනව ද මෙන්න කෙන්ජිගෙන් අත්දුටු කෑමක්

පෙරදා ඉතිරි වූ බත් පිගානක් (හීල් බත්)
කපාගත් ලොකු හෝපොඩි ළූනු ඇති පමණ
අමු මිරිස්,කරපිංච ඇති පමණ
බිත්තර ගෙඩියක්
මාගරීන් මේස හැදි ක්
ෆ්‍රයිපෑනය ලිප මත තබා භාජනය රත් වන විට මාගරින් දමා ටික වෙලාවකින් කපා ගත් සියල්ල තෙම්පරාදු ආකාරයට සියල්ල බැද ගිනි දැල් ටිකක් අඩු කොට බිත්තරය ඒ මතට කඩා දමා කුඩා කැබලි ඇතිවන ලෙසට කලවම් කරන ගමන් බත් ද එයට දමා හොදින් මිශ්‍ර කරගන්න.[මෙයට එළවලුද මිශ්‍ර කල හැක]

මෙහි හොදම රසය ගැනීමට නම් පෙරදා ඉතිරි මිරිස් මාළු/මස් හොදි සමග,වියලි/අමුමිරිස්,රතුළූනු,කරපිංචා,සුදු ළූනු,දෙහි ඇඹුල්,උම්බලකඩ සහ ලුනු පදමට දමා අඹරා/තලා ගත් පොල් සම්බලයක් තිබිය යුතුය.

ඔබ සවසට බොන්නෙක් ද?
එසේ නම් මෙසේ කරන්න.

ඉහත කී තෙම්පරාදු මිශ්‍රණය,බිත්තරය සමග 100%තලතෙල් මේස හැදී 3ක් සමග පිරිසිදු කොට සෝදාගත් වැල් පෙනල කොල මිටි 2ක් ගන්න.
පෙර පරිදි භාජනයට ළූනු ම්ශ්‍රනය සහ උම්බලකඩ දමා හොදින් බැදෙන විට පෙනල කොල දමා ඉක්මනින් කලවම් කර එවලේම ලිප නිවා බිත්තරය දමා කලවම් කර නිවෙන්න තබා ඔබ නාගන්න.පසුව බිරිද සමග මෙගා නාට්‍යයක් බලන ගමන් බිබී බයිටයේ රස බලන්න.
සතියකට පසු ඔබේ බිරිද අල්ලපු ගෙදර බිරිදට කියයි>>ආයිත් බැන්ද වගේ අනේ....!<<කියල. [ඔබත් එක් වරක් දෙකම හෝ එකක් පිළියෙල කොට කෑමට ගෙන බලන්න.]
Kenji @ Japan

2013-05-30

මනු සතාගේ අමනුස්සකම

අම්පාර උහන බණ්ඩාරදුවේ සිට සම්මන්තුරේ දක්වා කැබ්රථයකින් ප්‍රවාහණය කරමින් සිටි ගවයන් හත්දෙනෙකු සැකරුවන් තිදෙනෙකු සමග උහන දුෂණ මර්ධන ඒකකය මගින් (29) රාත්‍රි 10ට පමණ අත්අඩංවට ගෙන ඇත. හිංසාකරි ලෙස මෙම ගවයින්ගෙ පාද බැද දමා එකාපිට එකා සිටින සේ ගොඩගසා තිබිණ.


2013-05-29

සයිබරයේ අනංගයන් සොයා මෙහෙයුම්

මේ වන විට අන්තර් ජාලය හරහා අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන් නිතිපතා ලැබෙන පැමිණිලි  හේතුවෙන්, කාන්තාවන් බියවද්දා ලිංගික අල්ලස් හා කප්පම් ලබා ගන්නා පරිගණක අපරාධකරුවන් රහසිගතව අත්අඩංගුවට ගැනීමේ ව්ශේෂ වැඩපිළිවෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දියත් කර ඇත.

2013-05-28

ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගේ “සඳ විමන යට” අන්තිම පච කතාවක්!

පේ රේඩියෝවෙහි බලවත් පෞරුෂයක් හිමි කරගෙන සිටි ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා නො දන්නා නවකතා ලියන්නට ගොස් හොඳට ම සවුත්තු වී ඇත. ඔහුගේ “සඳ විමන යට” පොත නවකතාවක් නො ව; පච කතාවකි. අබිං කෑ කෙනකුටවත් ඒ පොත කියැවිය නො හැකි ය.
70 – 80 දසකවල සිය හඬ පෞරුෂයෙන් රට ම විස්මයට පත් කළ ධර්ම ශ්‍රී ට සිදුවූයේ කුමක් ද? අනේ...! අ-පො-යි...!

ට්‍රැක්ටරේ ඉස්කෝලේ ගිහින්

අම්පාර ඉරක්කමාමම් මානික්කමඩු හන්දියේ නවතා තිබූ මේ ට්‍රැක්ටරය කුඩා දරුවකු විසින් පණ ගැන්වීම හේතුවෙන් පාසලක තාප්පයක්ද කඩාගන ගොස් තිබුණේ මෙසේයි. මෙයින් එම ට්‍රැක්ටරය පැදවූ දරුවාට කිසිදු හානියක් වී නොතිබුණේ හාස්කමකින් මෙනි.
මෙවන් අනතුරුවලට වගකිව යුත්තේ කවුද?




2013-05-27

කපුටට නෑකම් කියන ගිරවෙක්



ගිරවා ගේ පාට කොළ කියලනේ අපි අහලා තියෙන්නේ. සාමාන්‍යෙයන් අපි දැකලා තියෙන්නෙත් ඒ වාගේ කොළ පාට ගිරවු විතරයිනේ. 
ඒත් දැන් එහෙම කියපු කාලෙ ඉවරයි.
ඕං අපිට හම්බ වුණා කළු පාට ගිරවෙක්.පොලොන්නරුව නව නගරයේ ගලන්ගොල්ල ගමෙනුයි මේ ගිරවව හම්බ වුණේ. ඒක වුණේ මෙන්න මෙහෙමයි.



2013-05-26

ඉන්දරතන හිමි ගේ දේහය පොරෝණුව සුගත විහාරයේ

ගව ඝාතනය හා තවත් සිදුවීම් කිපයකට විරෝධය පාමින් වෙසක් පොහෝ දින දළදා මාළිගය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය මේ වන විට කහවත්ත පොරෝණුව සුගත විහාරස්ථානයට වැඩම කොට ඇත. දේහය තැන්පත් කර ඇති අයුරු හා ඒ අවස්ථාවට එක් ව සිටි ජනතාව සේයා රූ මගින් දැක්වේ.



සේයා රූ ලසන්ත නිරෝෂන

සේල චෙත්‍යෙය් චූඩාමාණික්‍ය හෙට අනුරපුරයට

මෙවර  පොසොන් උත්සවයේදි මිහින්තලේ  සේල   චෛත්‍යය කොත්වහන්සේ සදහා පළදවන චුඩා මාණික්‍ය හෙට දින ජය ශ්‍රිමහා බෝධිය වෙත  වැඩම කෙරේ.  ජුනි මස විසි වැනි දින (20)චුඩා මාණික්‍යය මිහින්තලේ සේල චෛත්‍ය කොත් වහන්සේ සිරස මත  වඩා හිදුවිම සිදු කිරීමට නියමිත ය. 
හෙට ජයශ්‍රිමහා බෝධිය වෙත රැගෙන ඵන චුඩා මාණික්‍ය  රුවන් වැලි සෑයේ තැන්පත් කර තැබිමෙන් මහජනතාවට වැදපුදා ගැනිමට අවස්ථාව සලසා ඇත. 






අද දින මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුන වැවේ 
ධමිමරතන හිමියන්වෙත චුඩා මාණික්‍ය  ලබාදුන්නේ කළාඔය පාලම අසලදී ය. ඵ් අවස්ථාවට උතුරු මැද පළාත් මහා ඇමති රංඡිත් සමරකෝන් මහතාද සහභාගි විය. 
ඵ් අනුව වැඩම කෙරැන චුඩා මාණික්‍ය අද දින තඹුත්තේගම ජය ගග විහාරයේ තැන්පත් කිරිමෙන් අනතුරුව  හෙට දින අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධිය වෙත රැගෙන ඵ්මට නියමිත ය. රුවන් වැලි සෑයේ තැන්පත් කිරිමෙන් අනතුරුව  (28) දින මිහින්තලේ පුජා  භුමියය වෙත රැගෙන ඵ්මට නියමිතය.
(28)වැනි දින සිට  චුඩා මාණිකය මහජනතාවට  දැකබලා ගෙන වැදුමි පිදුමි කිරිම සදහා  මිහින්තලා මැද මළුවෙ විශේෂ මණ්ඩපයක
තැන්පත් කර තැබිමට කටයුතු සුදානමි කර ඇති බව  මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුනවැවෙ ධමිමරතන නාහිමියෝ පවසති.
මෙම චුඩා මාණික්‍ය ඵළැඹෙන පෝසොන් පෝය දින
මිහින්තලයේ සේල චෛත්‍ය කොත් වහන්සේගේ වඩා හිදුවිම සිදුකෙරේ.

අද දින එක් කළ අනෙක් පුවත් සඳහා පහත ලිංකු භාවිත කරන්න

1.) හිමි නම ගිනි තබාගත් අයුරු රූ ගතකළ ස්වර්ණ වාහිනී කැමරා ශිල්පියා රහස් පොලිසියට

2.) ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනුරපුරේ වෙළඳ සලක් අළුවෙයි

3.) සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය



හිමි නම ගිනි තබාගත් අයුරු රූ ගතකළ ස්වර්ණ වාහිනී කැමරා ශිල්පියා රහස් පොලිසියට

මහනුවර දළදා මාළිගය ඉදිරිපිටදී වෙසක් පෝය දින හිමි නමක් සිය සිරුරට ගිනි තබාගැනීමේ අවස්ථාව රූගත කළ ස්වර්ණවාහිනී කැමරා ශිල්පී කමල් සුරවීර මහතා අද උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇත.



හිමිනම සිද්ධියට කලින් කළ ප්‍රකාශයක් හා පසුව ගිනි තබාගන්නා අවස්ථාව රූ ගත කිරීම පිළිබඳව  ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිත බව වාර්ථා වේ.
අද දවසේ අනෙක් පුවත් සඳහා පහත ලිංකු ඔස්සේ යන්න
1.) ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනුරපුරේ වෙළඳ සලක් අළුවෙයි

2.) සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය




ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනුරපුරේ වෙළඳ සලක් අළුවෙයි


ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අද(26) අලුයම ඇති වු ගින්නකින් අනුරාධපුර නව නගර බස් නැවතුමීපොළ ඉදිරිපිට දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ අවන්හලක (චමී රෙස්ටුරන්ටී) පහළ මාලය සමීපුර්ණයෙන්ම විනාශ වී ඊට දැඩි අලාභ හානි සිදුවී තිබුනි. 



2013-05-25

සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය


ජර්මන් ජාතිකයන් දෙදෙනකු වන Elke Frey සහ Gerhard Lemmer විසින් 1996 වර්ෂයේදි රචිත 'Sri Lanka' නම් ග්‍රන්ථය මා හට කියවන්නට  ලැබිණි.


වර්ෂ 1890 දි ගත් ජායාරුපයකි
මෙම කෘතිය විශේෂයෙන්ම එම කතෘවරුන් විසින් රචනා කර ඇත්තේ ශ්‍රි ලංකාවේ  සංචාරය කිරිමට බලාපොරොත්තු වන විදේශිකයන් සඳහා ය. සංචාරකයාට එමගින් අප රට පිළිබඳව මුලික දැනුමක් ලබා ගත හැකිය.
මෙම කෘතියේ, ශ්‍රි ලංකාවේ සංස්කෘතික සිද්ධස්ථාන, ආගමික සිද්ධස්ථාන සහ දර්ශනීය ස්ථානයන් හි වසර සිය ගණනකට පෙර කාලයේ ඡායාරුප 160 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් ය.
මෙම ජායාරුප අතුරින් මගේ සිත් ගත් එක ජායාරුපයක් විය. කෘතියේ සඳහන් පරිදි එම ජායාරුපය ශිල්පියා විසින් එය රූප ගත කර ඇත්තේ 1890 වර්ෂයේ දි ය. එම සේයාරුවේ ශ්‍රි දන්ත ධතුන් වහන්සේ සහිත කුඩා ප්‍රමාණයේ කරඩුවක් පැරණි මාලිගාවේ එළිමහන් ස්ථානයක වැඩ හිදුවා එයට වන්දනාමාන කරන දේශිය විදේශිය පිරිසක් හා ස්වාමින් වහන්සෙලා පිරිසක් දැකිය හැකි ය. ජර්මන් භාෂාවෙන් රචිත මෙම කෘතියේ මේ සේයාරුව සඳහා විශේෂ සඳහනක් ද දක්වා ඇත.


වර්ෂ 1875 දි ගත් ජායාරුපයකි
වර්ෂය සදහන් වු 1890 කාල වකවානුවේ ශ්‍රි ලංකාවේ ජීවත් වු සැම තරාතිරමකම මිනිසුන් හට දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරිම සදහා වු ආගමික නිදහස පිළිබද හොදම සාක්ෂිය මෙම ඡායාරුපය බැව් මම සිතමි.

එම සේයාරුවට අනුව දන්ත ධාතුන් වහන්සේට නමස්කාර කරන ලබන ගිහියන් වු පිරිමි සහ කාන්තාවන් කිහිප දෙනකු හැර අන් සියල්ලන් ගේ හිස් ජටාවලින් සමන්විත ය. එහිදි එම පිරිස අන්‍ය ආගමිකයන් ද යන්න සැකයක් උපදි. මගේ සිතුවිල්ල සත්‍යක් වේ නම් එදා ශ්‍රි ලංකාව තුළ නොතිබු උස් පහත් තරාතිරමට අමතරව ආගම් භේදයක් ද නොතිබෙන්නට ඇත. 
සමකය වටා එක්ව මේ සටහන කියවනු ලබන පාඨක ඔබට තිරණය භාර කරමි.


මේ අගනා ඉපැරණි සේයා රූ සහිත තාර්කික ලිපිය සමකය වටේ බ්ලොගයට ඇතුළත් කරන්නට මා වෙත යොමු කළේ දැනට ජර්මනියේ ස්ථිරව පදිංචි මා  හිත මිත්‍ර                                  
නිමල් සියඹලාදුව විසිනි

හිමිනමක් ගිනි තබා ගැනීම පිළිබද බ්ලොග් ලිපි කීපයකට මෙතැනින් පිවිසිය හැකිය





2013-05-24

ගව ඝාතනය නතරකරන ලෙස ඉල්ලා දළදා මැදුර අබියස දී හිමි නම සිරුරට ගිනි තියාගනි

මෙරට ගව ඝාතනයට විරෝධය දක්වමින් භික්ෂුන් වහන්සේ නමක් වෙසක් පුන්පොහෝ දිනය වූ අද (24) පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේදී සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබ මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි සිට හෙලිකොප්ටර් මඟින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවීමට පියවර ගෙන තිබේ.
 


කොළඹ වරායේ මහ ගින්නක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු මෙහෙයුම් මධ්‍යස්ථාන අංක 01හි අද(24) පාන්දර 1.00ට පමණ ඇති වු ගින්නෙන් එම බහාළුම් මධ්‍යස්ථානයට විශාල අලාභයක් සිදුව ඇත. 

හිට්ලර්ගේ අහිගුණ්ඨික ඝාතන

යුදෙව් ඝාතක ඇඩොල්ෆ් හිට්ලර් අහිගුණ්ඨිකයන් සෑහෙන සංඛ්‍යාවක් ද මරු තුරුළට යැවීමට මූලික වූයේ ය.
ලෝකය බොහෝ විට කතා කරන්නේ ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසීන් සිදු කළ යුදෙව් සංහාර පිළිබඳය. එහෙයින්ම යුරෝපයේ සිටි සුළුතරයක් වූ අහිගුණ්ඨික ජනගහනයෙන් 25% ක් පමණ ද, නාසීන් විසින් ඝාතනය කරනු ලැබුවේය යන කාරණය යටපත් වී තිබේ. 


2013-05-23

වෙසක් සුබ පැතුම සමඟ ගැහැනු - පිරිමි වෙනස්කම්


සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පෝ දිනය හෙටයි..හෙට දින උපාසක උපාසිකාවෝ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති. යෞවන යෞවනියෝ ආමිස පූජා දෙසට යොමු වෙති..විදුලි බිල කෙසේ වෙතත් හෙට රටම ඒකාලෝක වනු ඇත.. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.. සමකයවටේ අඩවියේ පැතුම එයයි.

සිතුවම ජගත් හේවාපන්න


2013-05-21

සම්මාන දුන්නත්; පොත අන්තිමයි!


සිංහල නවකතාකරුවාට නූතන සමාජ ප්‍රශ්න අරහං ය. ඔහු ඒවා මඟහැර ගොස්; එක්කෝ හීන ගැන ලියයි. නැතහොත් වලව් ගැන ලියයි. 

“සළපතන මණ්ඩිය” නවකතාවට පසුබිම් වන්නේ ද පරණ වලව්වකි. එහෙත් ඒ වලව්වෙන් ගත හැකි ඉළව්වක් නැත.‘සළපතන මණ්ඩිය’ නව කතාව කවිතා නම්; වැඩසටහනේ දී සම්මානයට පාත්‍ර විය. කවිතා යනු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්, සරසවි සිසුන්ගේ නිර්මාණ – කුසලතා අගයනු වස්; සංවිධාන කරන ලද සම්මාන උළෙලකි. මේ වැඩසටහන ගැන වග විස්තර ජනතාව හරිහැටි දන්නේ නැත. සමහරු එය කවි පොතක් යැයි සලකති. තවත් සමහරු එය කැවිලි විශේෂයක් සේ සලකති. මෙයින් හැඟෙන්නේ කවිතා සංවිධායකයන් ගේ දුර්වලකම් ය. ව්‍යාපාරික ප්‍රජාව මෙවැන්නක් ප්‍රතිසංවිධානය කරත් නම්; එය මුළු රට ම දැනුවත් ව වර්ණවත් උළෙලක් බවට පත් වනු ඇත. ඒ හැර ප්‍රතිඵලය ද මීට වඩා සාර්ථක වනු ඇත.

2013-05-20

ඉපැරැණි පුස්කොළ පොතකින් සිංහල වෙදකම - ප්‍රතිකාර නොමිලේ



පුස්කොළ පොත පරිශීලනය කරන පද්මසිරි වෙද මහතා
සිංහල නාඩි වෙදකම පිළිබඳ කලින් ලියූ පොස්ටුව ට ලද ප්‍රතිචාර හේතුවෙන් එවැනිම තවත් වෙද මහතකු පිළිබඳ මේ සටහන තබමි. මේ සටහන මා වෙත මිට වසර කිපයකට පෙර යොමු කළේ ඉමදූවේ මුනිදාස මිතුරා ය. මේ සටහන එකල දිනමිණ පුවත් පතේ ප්‍රාදේශීය පුටුවකට යොමු කරන ලදී.
මේ වෙද මහතා පිළිබඳ වැඩි තොරතුරු සහෘද මාතලන් සොයුරා දන්නවා ඇතැයි අනුමාන කරමි. මන්ද යත් ඔහුද දකුණු ලක වැසියෙකු බැවිනි.

2013-05-19

දේශීය නාඩි වෙදකමේ විස්මය



සාමාන්‍යයෙන් ලෙඩ රෝග කියන දේ අද සුලබ දෙයක්...අසන දකින හැම තැනම රෝගී තත්ත්වයන්.. ඒවාට පිළියම් සොයමින් දස අතේ දුවන ......කම්පාවට පත් දනන් අද හැම තැනම වගේ ඉන්නවා... මේ පෝස්ටුවෙන් මං කියන්න හදන්නේ අසාමාන්‍ය දේශීය වෛද්‍ය වරයෙක් ගැන..කවුරුත් මේ වෙදැදුරුතුමන්ව හඳුන්වන්නේ නාඩි වෙද මහත්තයා කියලා..ඉන්නේ අනුරාධපුරේ..
පහුගිය දොහේ මාත් හිටියේ ටිකක් අසනීප තත්ත්වයෙන්.. සාමාන්‍ය ක්‍රමයට මාත් යොමු වුණේ බටහිර ප්‍රතිකාර දෙසටයි. පරික්ෂණ ගණනාවකින් පසු මගේ රෝග තත්ත්වයන් ගැන නිශ්චිත නිගමනයට එම වෛද්‍යවරු පැමිණුනා. ඔය අතරේ තමයි මගේ මිත්‍රයෙක් කිවුවේ නිකමට අනුරාධපුරේ නාඩි වෙදමහතා හමුවී බලන්න කියලා..


2013-05-18

සිරි යහනේ සහනය සොයන බටහිර මුස්ලිම් කාන්තාවෝ


මුස්ලිම් ප්‍රජාව අතර මහත් ආන්දෝලනයට තුඩු දිය හැකි මේ ලිපිය ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතේ පළවූවකි.. මා මිත්‍ර මුස්ලිම් ජාතික ෆවුස් මොහොමඩ් විසින් මේ ලිපිය දිනමිණ වෙනුවෙන් පරිවර්ථනය කළේ මෙසේයි

අබ්දුල් අසීස් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ ‘වැඩිහිටියන්ගේ සාප්පුවක්‘ පවත්වාගෙන යයි.

‘නමුත් කාන්තාවන් හා පිරිමින් අතර ලිංගික හැඟීම් වැඩි කරන නිශ්පාදන අපි විකුණන්නේ නෑ.‘ ඔහු පැහැදිලි කළේය.

2013-05-17

ඉපැරණි මොන්ටෙරිජියෝනි (Monteriggioni) බලකොටුවට ගොඩවදිමු

මේ දවස්වල හැලපයියා අපිව මොනාලිසා බලන්න එක්කන් යනවා, කකා යුරෝපෙ වටේ අපව රැගෙන යනවා..ඉතින් මාත් හිතුව අපේ යාළුවන්ව කකා වගේම ඉතාලිය පැත්තට එක්කන් යන්න..හැබැයි මම නොවෙයි එක්ක යන්නේ මගේ අඩවියට මුල ඉදන්ම ලිපි ලියූ මගේ මිතුරිය සමුද්‍රිකා. ඉතින් අපිත් යමු ඇයත් එක්ක ඒ පැත්තට..

හද කකියවන අපරාධයක දසුන් පෙළක්



තිරික්කොවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙම්බඩි කුලම් ප්‍රදේශයේ වනය මැද තිබු චෛත්‍යක් නිධන් හොරුන්  විසින් හාරා විනාශ කර ඇත. මෙම චෛත්‍ය ක්‍රිස්තු වර්ෂ හතර පහ කාලයන්ට අයත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක ඩබ්.එන්.ඒ.සුමණදාස මහතා පැවසිය






නිධන් හොරුන් විසින්  විනාශ කර ඇති චෛත්‍ය

අඩි තිස්පහක් පමණ වට ප්‍රමාණයෙන් යුත් මෙම චෛත්‍යයේ ගර්භය අඩි 20 පමණ හාර තිබේ. මාස කිපයක් තිස්සේ මෙම විනාශ සිදුකර තිබෙන බව පොලිසිය කියයි.එම ස්ථානයේ තිබි චෛත්‍ය හැරිමට උපයෝගි උපකරණ ඇතුළු භාණ්ඩ රාශියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.ලද තොරතුරක් මත එම ස්ථානය වැටලිම සඳහා පොලිසිය යනවිටත් සැකකරුවන් පැනගොස් සිටි බව පොලිසිය කියයි.
සද්ධාතිස්ස රජ දවසේ විහාර සංකිර්ණයක් වශයෙන්  තිබු බවට අවට පරිසරය පුරා සාධක පවතින බව පුරාවිද්‍යා පරියේෂන නිලධාරි චාමිර අරියතිලක පවසා කියයි.
සාගම අක්කරපත්තු ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමිටර් පහක පමණ දුරක් වනයට වන්නට මෙම ස්ථාණය පිහිටා තිබෙන අතර මෙම ප්‍රදේශය පිළිබදව පුර්ණ පරික්ෂණයක් ආරම්භ කිරිමට නියමිත බවත් යුද සමයෙදි මේ ප්‍රදේශයේ ත්‍රස්තවාදින් ගැවසුණු කඳවුරු තිබූ ස්ථානයක් වු නිසාවෙන් නිරික්ෂණ කටයුතු කිරිමට නොහැකි වු බව පුරා විද්‍යා නිළධාරින් පෙනවා දෙයි.
සදකඩ පහන් පියගැට පෙළවල් අඩි 12 දිගින් සහ 5 පහක් පළලින් යුත් විශාල මල් අසානයක් අතුළු පුරා විද්‍යා වටිනාකමින් යුත් වටිනා පුරා වස්තුන් රාශියක් අවට පෙනේනට තිබෙන අතර පස් කඳුවලින් වැසි ගිය ගොඩනැගිලි රාශියක් මෙම ස්ථානයේ දක්නට ලැබේ.
චන්දන ලියනආරච්ච්
සේයාරූ උපුටාගත්තාට කම් නැත චන්දනගේ නම භාවිත කරන්න කාරුණික වන්න

යකඩ කූරක් හිසේ ඇමිණි හාස්කමකින් දිවි ගලවාගත් සිසුවෙක්

සීගිරිය දිගම්පතන කනිටු විදුහලේ 6වැනි ශ්‍රේණියේ සිසුවෙකු ගේ හිසමතට අද දහවල් යකඩ කූරක් වැටිමෙන් එම යකඩ කූර හිසේ ඇමිණි තිබියදීම එම සිසුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වෛද්‍යවරු සාර්ථකව යකඩ කූර ඉවත් කර  ඇත.
මෙම යකඩ කූර අඩි දෙකක් පමණ දිගය. පාසලේ සිනුව වෙනුවට ඇත්තේ සයිකල් රිම් එකකි.. තවත් සිසුවකු මෙම යකඩ කූරෙන් රිම් එකට ගසද්දි එය මේ සිසුවාගේ හිසේ ඇමිණි ඇතැයි පැවසේ.
මේ එම අවස්ථාවේ සේයා රූ කිපයකි.












සේයාරූ දඹුල්ලේ ප්‍රදීප් ගුණවර්ධන සමග කාන්චන ආරියදාස


2013-05-14

සිව් වසරක් මරදානේ කරක් ගැසූ කතන්දර කාරයා ඉංජිනේරුවෙක් ද?


සාමාන්‍යයෙන් මගේ නමට එන ලිපි අතර පොත් පත් ද තිබිම එතරම් විශේෂත්වයක් නොවේ. එහෙත් පසුගිය දොහේ මගේ නමට ආ ලිපි අතර සුවිශේෂි දෙදෙනකු විසින් එවන ලද පොත් දෙකක් විය. මේ පොත් දෙක මට සුවිශේෂී වන්නේ එම පොත් දෙකම ලියා ඇත්තේ සහෘද බ්ලොග් කරුවන් දෙදෙනකු වීමත් කිසි දිනක මේ දෙදෙනාව දැක නොතිබීමත් හේතුවෙන් ය. එසේම මේ රචකයන් දෙදෙනා අතර  සමාන අසමානකම් ද කීපයක්ම විය.

2013-05-10

කුරගල කැණීම් ඔස්සේ ප්‍රාග් ඉතිහාසයේ තොරතුරු රැසක් හෙළි වෙයි


මෙරට මහත් ආන්දොලනයක් ඇතිකළ කූරගල පුරාවස්තු භුමියේ කළ කැණිමිවලින් ප්‍රාග් ඉතිහසයට අයත් වැදගත් තොරතුරු රුසක් මේ වන විට සොයා ගැනීමට  හැකිව තිබෙනවා.
තෙත් කලාපයට හා වියළි කලාපයට මායිමිව  කල්තොට ද්‍රෝණියේ පිහිටා ඇති,වලව ගඟ බැසයන මිටියාවත හා බෙල්ලන්වල පෑලැස්ස ප්‍රදේශ ඉතා සුන්දරව දැකියහැකි තෙත් කලාපයට හා වියළි කලාපයට මායිමිව පිහිටා ඇති ප්‍රාග් ඉතිහාසික වැදගත් කමක් ඇති ප්‍රථම  ලෙණ ලෙස කූරගල ඉතිහාස ගතවෙයි.



කැණිමි සිදු කරණ ආකරය



පුරා විද්‍යා නි.අධ්‍යක්ෂ නිමල් පෙරේරා මහතා කුරගල ප්‍රාග් ඉතිහසය පැහැදිලිකර

ආදි මානව අස්ථි කැබලි පෙන්වමින්

පුරාවිද්‍යා නි.අධ්‍යක්ෂ(කැණිමි)  ආචාර්ය නිමල් පෙරේරා මහතා  පවසන්නේ “ බලංගොඩ මානවයාගේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනිමට මේ කැණිමි ඔස්සේ හැකිවු බවයි. 
බලංගොඩ ආදි මානවයා ගේ ජිවන රටාව, ආහර පාන හා පරිනාමය පිළිබදව අධ්‍යනය කිරිමට කුරගල ඉතා වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බව කැනිමිවලින් ‍අනාවරණය වි ඇති බව ඒ මහතා පවසනවා.
මානව අස්ථි හමුවි ඇති දිශාව අනුව උතුරු දිසාවට මේ වන විට කැණිමි ව්‍යාප්තකර ඇත. ආදි මානවයා තෙත් කලාපය හා වියළි කලාපය යන දෙකටම අයත් ආහර අනුභව කර ඇති බවත් හදුනා ගෙන ඇත. 
මහුදු කකුළුවන් වැනි සත්වයින්,මොර මාළු අස්ථින් මෙම කැණීම් මගින් හමුව ඇත. එසේම තිරිවනා වැනි පතුරු ගල් කිලෝ 20 පමණ කුඩා බිමිකඩින් හමුවි ඇත. පෙර කළ වෙනත් කැණිමිවලදි බෙල්ලන් වර්ග 06 අපරටේ දී  හමුවී තිබුණත්  මෙහිදි හමුවි ඇත්තේ බෙල්ලන් එක් වර්ගයකි. 

කුරගල  පුරාවිද්‍යා කැණිම් මගින් අප රටේ  ඉතිහාසයට වැදගත් සාධක රැසක් අනාගතයේදි  හෙළි කරන්නට හැකිවේවි ය යන්න විද්වත් මතයයි.

සේයාරූ රනිල් කුමාර

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්