රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-02-27

බිරිය සමඟ සාප්පු සවාරියේ යෙදෙන්නට පෙර මේ ගැනත් හිතන්න




ඔබේ බිරිය හා සාප්පු සවාරියේ යෙදීම ඔබට ප්‍රියජනක අත්දැකීමක් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම මෙම ලිපිය කියවන්න.
ඔබ ඔබේ බිරියත් සමඟ මේ වන විට කී වරක් සාප්පු සවාරියේ යෙදී තිබෙනවාද? ඒ සෑම අවස්ථාවකදීම ඔබට ලැබුණේ කවර ආකාරයේ අත්දැකීමක්ද? අවංකව කියන්නේ නම් එය එතරම් ප්‍රියමනාප අත්දැකීමක් නොවන බව ඒකාන්තයෙන්ම අපි දනිමු. බිරියත් සමඟ සාප්පු සවාරියේ ගොස් මුදල් ඉතිරි කරගත හැකි විවිධ ක්‍රම 10 ක් අප සොයා ගතිමු. බිරිය හා ඊළඟ සාප්පු සවාරියේ යෙදෙන්නට පෙර මෙම ලිපිය කියවුවහොත් ඔබට පසුතැවිලි වන්නට සිදු නොවනු ඇත.

2013-02-26

කච්චතිව් සංචාරයේ දෙවැනි කොටස

මේ අපේ මාතෘ භූමියයි

කච්චතිව් සංචාරයේ තොරතුරු අඛණ්ඩව ඉදිරිපත් කරන්නට සිතා සිටියත් මොබිටෙල් ඩොංගල් උන්නැහේ මට ඒකට ඉඩක් තිබ්බේ නෑ.. පූනෑවෙන් පස්සේ එක දිගට සිග්නල් නැති කමත් සිග්නල් තිබ්බ සමහර තැන්වල පවා බ්ලොගට ලොග් වෙන්න ගිය කාලය ඉතා දීර්ඝ වූ නිසාත් ඒ වෑයම අතහැර දමන්නට මට සිදු විය. 

2013-02-23

ඉන්දියාව උදුරගන්න හදන අපේ උරුමය කච්චතිව් බලා යන ගමන්...



බොහෝ කාලයකට පසු මාධ්‍ය සගයන් සමග රාජකාරි ගමනක් යන්නයි මේ සූදානම. ශ්‍රී නාවික හමුදාවේ ඇරියුමින් කච්චතිව් වාර්ශික මංගල්‍යයයේ මාධ්‍ය ආවරණ චාරිකාවට මං එක් වන්නේ පස්යාල හන්දියෙන්. වෙනදා වගේ නොවෙයි අද නං පාරට වෙලා කට්ට කන්න වූණේ නෑ. කිව්ව වෙලාවට වඩා පරක්කු වුණේ විනාඩි 10යි. පස්යාලෙන් වාහනේට ගොඩවෙලා විනාඩි15ක් යන්නත් කලින් උදේ කෑමට නැවැත්තුවා.වරකපොළේ ජිනදාසගේ හෝටලේ. මෙන්න එතැන දසුන්





යනවා යනවා ඉවරයක් නෑ..සමහර තැන්වල මාර වේගෙකින් යන්න පුළුවන් වුණාට සමහර තැන්වල නැවතිලත් ඉන්න වෙනවා.. හේතුව තාම පාරවල් හැදෙන නිසා. සංවර්ධනයක් නෑ කිව්වට ඒව බලන්න නං රට තොට ටිකක් ඇවිදලම බලන්න ඕනෑ.ඉතිං මෙහෙම කම්මැලි කමේ ම  යන්න පුළුවන්යෑ.. ගල්කුලම පහුවුණා විතරයි..මේවත් වාහනේට ආවා












ඔන්න ඉතින් දවල් කෑමට නැවැත්තුවා. පූනෑව නාවුක හමුදා කඳවුරේ. මැදවච්චිය පහු කරලා හැතැප්ම 4ක් විතර දුර තමයි මෙතැන තියෙන්නේ. බලන්නකෝ මෙතැන ලස්සන. මේක හමුදා කඳවුරක් කියා හිතන්නත් අමාරුයි.. හෝටලයක් වගේ. මෙතැනින් යන්නත් හිත දෙන්නේ නෑ. ඒ තරමට ම ලස්සනයි.. මෙන්න එතැන.















පූනෑව නාවුක කඳවුරෙන් පිටත් වෙන්න හදන්නේ වෙලාව හවස 2.25යි.

Live updating........

2013-02-22

සිරිපා වන්දනාවේ ගිය ගමන ඛේදවාචකයක් වු වගයි

සිරිපා වන්දනාවේ ගිය නඩයක 5දෙනෙක් අද සවස නාවලපිටියේදී දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ එහි දසුන් කීපයකි.. නොදන්නා තැන්වල දියට නොබසින ලෙස අප නිරන්තර පවසන්නේ මෙවන් අනතුරු වළකා ගැන්ම උදෙසාය.











සේයාරූ ගම්පොළ සුරංග රාජනායක


කුරුල්ලන් සමඟ දැහැන් ගත වෙන්න එන්න යන්න චුණ්ඩිකුලම්


මේ සාමයේ නගරයට අවතීර්ණ වන මාර්ගය යි. ඒ-9 මාර්ගය යි. ඒ-9 මාර්ගය ඔස්සේ යාල්පානම (යාපනය) දෙසට අපේ රිය වේගයෙන් ඇදෙයි. සිතුවිලි එකින් එක සිතේ පොර බදයි. යුගයක දී ගිනි ගත් යුද පිටියක්ව තිබූ බිමක් අද සැනසුම් සුසුම් හෙළමින් සිටී. මිනිස් හදවත්, මිනිස් සිතුවිලි අලුත් ගමනක සේයාවකට, අලුත් රටක සේයාවකට පාර පෙන්වයි. 

අලි දෙදෙනෙක් අදත් විදුලි රැහැනට බිලි

හබරණට නුදුරු පුවක්පිටිය පරණ ගම්මානයේ ගොවිබිමක යොදා තිබූ සූර්ය කෝෂ මගින් ක්‍රියාකරන විදුලි රැහැනකින් විදුලිසැර වැදීමෙන් මියගිය වනඅලි දෙදෙනෙකුගේ සිරුරු ගනේවැල්පොල ගජමිතුරෝ වනජීවී කාර්යාලයේ නිළධාරීන් විසින් අද (22 ) සොයාගෙන ඇත. මෙම විදුලි රැහැන් වලට අයථා ක්‍රමයකින් අධිබලැති විදුලි සැපයුමක් ලබාදී ඇති බවට වනජීවී නිළධාරීන් සැකකරන අතර ඒ සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන කැකිරාව අධිකරණයට ඉදිරිපත්කර ඇත. 



හබරණ ගුණවර්ධන


2013-02-20

ලෙදර් නිෂ්පාදන හා පාවහන් විලාසිතා දැක්ම

පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෙදර් නිෂ්පාදන හා පාවහන් විලාසිතා දැක්මේ අවස්ථා කීපයකි මේ.



2013-02-19

තේ කහට ඇල්වතුර වගෙයි!



ඔබ ළඟ විවේචකයෙක් සිටී. ඒ හාදයා කමකට නැති බොරුකාරයෙකි. නවකතාවක් රස විඳීමට නම්; පළමුව ඔහු පලවා හරින්න! දෙවනුව පුංචි දරුවකු සේ හිතට එකඟව කියවාගෙන යන්න! එවිට; දිගටම – දිග ඈණුම් යන්නේද; කෙටි විවේක ලබා ගන්නේද; පදාස් පිටින් අතහරින්නේද තවදුරටත් එම පොත කියැවීමෙන් පලක් නැත. වහාම එය කුණු කූඩයට දමන්න!
මේ න්‍යායට අනුව උපාලි ලීලාරත්නගේ “තේ කහට” නවකතාවට අත්වන ඉරණම කුමක්ද?

2013-02-18

සිංහල ශබ්ද කෝෂය මේ 20 වැනි දා සිට අන්තර් ජාලයට



බ්ලොග් ලියන කියවන හැමට ඉතාම වැදගත් පුවතකි මේ..
බ්ලොග් ලිවීමේදී සිංහල බස නිවරද ලෙස භාවිත නොවන බවට නිරන්තර චෝදනා එල්ල වෙයි. මෙන්න එයට කදිම විසඳුමක්. ලබන 20 දින සිට සිංහල ශබ්ද කෝෂය අන්තර් ජාලයට එක් වෙයි. මෙමගින් ඕනෑම සිංහල වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය මෙන්ම තේරුමද සැනෙකින් බලාගැන්මට අවස්ථාව උදාවෙනු ඇත.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සකස් කරන ලද මෙම වෙබ් අඩවිය www.sinhaladictionary.lk වන අතර සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිංහල - සිංහල සංශෝධිත ශබ්ද කෝෂය, සිංහල - ඉංග්‍රීසි ශබ්ද කෝෂය සහ සිංහල - දෙමල - ඉංග්‍රීසි ශබ්ද කෝෂයන්හි වචන පහසුවෙන් සොයාගත හැකි පරිදි නිර්මාණය කර තිබේ.

සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ ඉතිහාසය, ඉදිරි සැළසුම්, උපදේශක මණ්ඩලය ඇතුළු එම කාර්යාලය මඟින් නිකුත් කරන ලද ප්‍රකාශ ආදී සියලු තොරතුරු මේ මඟින් දැනගත හැකිවන අතර එම වෙබ් අඩවිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සම්බන්ධීකරණයෙන් ත්‍රෛභාෂාවෙන්ම නිර්මාණයකර ඇත.

ඉදිරි ගමනක් සනිටුහන් කරන සිංහල භාෂාව සම්බන්ධයෙන් පළකළ සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂය අන්තර්ජාලයට මුදාහැරීම විශාල ජයග්‍රහණයක් බවද එය අන්තර්ජාලයට එක්කිරීම අනිද්දා (20) සිදුකෙරෙන බවද සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ අකුරටියේ නන්ද හිමියෝ ප්‍රකාශ කරති.

ලොව විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් තිබෙන සිංහල භාෂාව සියලු මානව වර්ගයා වෙත ප්‍රදානය කිරීමේ වේගවත්ම හා ජනප්‍රියම මාධ්‍යය අන්තර්ජාලය බව පෙන්වාදෙන උන්වහන්සේ මෙය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන බවද සඳහන් කරති.

මේ කාර්යය සිංහල භාෂාවේ ප්‍රගමනය හා අභිවර්ධනය අපේක්ෂා කරන සැමට වි‍ශාල ප්‍රයෝජනයක් වන බවද අකුරටියේ නන්ද හිමියෝ පවසති.

ක්‍රමික විකාශනයන්ට ලක්වූ සිංහල භාෂාව නූතනය වනවිට වචන සමුදායකින් පෝෂනය වී තිබෙන අතර ව්‍යවහාර භාෂාව සහ ලේඛන භාෂාව පිරික්සීමෙන් එය සනාථ වෙයි.

සිංහල සංක්ෂිප්ත ශබ්ද කෝෂය වචන 43,400 කින් පරිපූර්ණව වෙළෙඳ පොලට නිකුත් කර තිබෙන අතර එහි සංශෝධිත දෙවැනි මුද්‍රණයද සිදුවෙමින් තිබේ.


හැබෑටම මේ තක්කලි වලින් ගහගන්න පුළුවන් කාලයක්ද?



තරහට කුණු තක්කාලිවලින් ගැහුවට විනෝදෙට කාට හරි තක්කාලි ගෙඩියකින් ගහන්න පුළුවන් කමක් නැත්තේ තක්කාලි මිල අධික නිසා. විශේෂයෙන්ම අවුරුද්ද , නත්තල වගේ උත්සව ළං වෙනකොට කෙසෙල් ගෙඩි විතරක් නෙමේ තක්කාලිත් හඳෙන් ගෙනාපු ගාණටනෙ විකිණෙන්නේ. ඒත් ස්පාඤයේ වැලෙන්සියා ප්‍රන්තයේ බියුනෝල් නගර වැසියෝ අවුරුද්දකට වතාවක් ජොලියට තක්කාලි ගහ ගන්නවා. මේ අය 1945 ඉඳන්ම මේ තක්කාලි ගැසීම කරගෙන ඇවිත් තියෙනවා.


2013-02-17

සද්ධන්තයෙකු ගැන දුක් මුසු පුවතක්


පසුගිය ටිකේම මේ අඩවියෙන් අලි ගැන තොරතුරු ගෙන ආවෙමි. අද ද ගෙන එන්නේ අලි පුවතකි. එහෙත් මේ සතුටු දායක පුවතක් නොවේ. සැහැසි මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් මිය ගිය සද්ධන්තයෙකු ගැන කතාවකි.

නිම් නැති සෙනෙහසක්


අරලගංවිල නිදන්වල නම් ගම්මානයේ සමෘද්ධි නියාමක වරියක පසුගිය දා හදිසි අනතුරකින් මිය ගියා ය. ඇය ජීවතුන් අතර සිටිය දී සුරතලේ ට පූසන් තිදෙනකු ඇති දැඩි කළා ය. මිය ගිය පසු ඇගේ සිරුර නිවෙසට ගෙනැවිත් තැන්පත් කළ මොහොතේ පටන් මේ පූස් සුරතලුන් තිදෙනා ඇගේ දෙන අබියසට වී මෙසේ සිටිනු කාටත් පුදුමයක්ම විය. මේ සතුන් එතැනින් ඉවත් කළ ද සැනෙකින් යළි එතැනටම පැමිණෙනු මෙසේ කැමරාවේ සටහන් විය.



සේයාරූ ගාමිණී ඔබේසේකර

2013-02-15

වන ගත සුන්දරත්වයෙන් බිඳක් - දිගාමඩුල්ලේ අලි කෙළි


මම බොහො සෙයින් වනයට පෙම් කරන්නෙක්මි. එසේමය අලි ඇතුන්ටත්. එහෙයිනි, සමකය වටේ අඩවියට බොහෝ විට පුංචි වුවත් අලි තොරතුරක් ඇත්නම් එක් කරනුයේ. පහත දැක්වෙන්නේ අතිශය දුර්ලභ අලි කෙළි දසුනකි. මා වෙනුවෙන් මේ විඩියෝව තනා දුන්නේ කවියෙන් මේ අඩවිය රසවත් කරන හිත මිත්‍ර චන්දන ලියනාරච්චි සොයුරාය. 





වැලන්ටයින් හිටියේ නැති, ගල් යුගයේ තිබුණේ නැති ආදරේ



අපටම කියා
ලියා දුන්න
අද අපේ,
මමයි මගේ නුඹයි
අපි දෙන්නා එක
වගේ
ආදරවන්තයින් අප
සැගව ගිය.....
(මම නිදි)
ග්‍රර්.....ග්‍රර්......ග්‍රර්.......
ග්‍රර්.....ග්‍රර්......ග්‍රර්..........

පරිනාමයේ
සිහිනය,
........................

2013-02-14

පස්සර කරමැටියේ කොටි ගල් ලෙනට ගිය ගමන




ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික මුලාශ්‍ර රැසකම සදහන් වන ආකාරයට ගල්ලෙන් හා බැදි වෘතාන්ත සමුහයකි.මේ අතර පර සතුරු උවදුරුවලින් පීඩා විදි අපේ ඇතැම් රජදරුවන් පවා එවැනි ලෙන්වල පිහිට පැතූ බව එම මුලාශ්‍රයන්ගෙන් පෙන්වා දී ඇත.

ලෙනෙහි ඇතුළත දර්ශන කීපයක්

ඉදුල් රන් හැන්ද


ඉදුල් රන් හැන්ද

රන් හැන්දෙන් ඉදුල් කරේ
නැකත හොදයි යස අගෙලු
රුව වගෙම කටත් සැරයි
කවදා හරිද දිනකදි
මහා
ලෝක්කෙක් වෙනවලු
................................................


අම්මා වගෙමත් නොවේලු
තාත්තාවගෙමත් නොවේලු
අරන් හදාගෙනද මංදා,
කොහෙම උනත් කොලු ගැටයෙක්
දෙපල හැමදේමත් ඌ ටනේ........
අවුරුදු පහයි,
අවුරුදු දහයයි,
අවුරුදු...අවුරුදු විසි අටක් ගිහින්
දැන් ලොකු මිනිහෙක්
.........................

කඩමන්ඩියේ,
බුරු පොළෙ,
අපි හැමෙම
උන්හැමෙම කතා කලේ
රන්හැනදෙන්
ඉදුල් කරපු
නැකත් හදලා දොරට වැඩපු
පුංච් එකා
මහ ලොකු මිනිහෙක් වෙලාලු
හරි පුදුමයි
පුංච් පවුල රත්තරංලු
එකා යකා
කියනවා
බං
හොදම යකා
හැම යකාම බයෙන්ලු
බං
ජන්දේ හෙටයි....
අලියා නම්
පෙන්න නෑ......ඌ ගිහිලා මහා කැලේට.....
හපලා විකලා වීසි කරන
බුලත් කොළේ
හම්
........................
මනාපයිලු
අමනාපෙන් හිටිය උන්ට
පන්න පන්න ගහනවාලු
රන් හැන්දෙන් ඉදුල් කරේ
නැකත හොදයි යස අගෙලු
රුව වගෙම කටත් සැරයි
කවදා හරිද දිනකදි
මහා ඇමති......ලු
කව්ද දැක්කේ
කව්ද කිව්වේ
කට කතා.... කට කතා
රට හැම තැන ගෑනුළු බං....
නිදන් කඩන්නත් යනවලු
පාර හදන්නෙත් මිනිහලු
පාලම් කොට උඩගිහින්ලු
හයියක් නෑ එවා කැඩිලා
පත්තර කාරයෙක්
නෑනේ මේ වෙන..... දේ
එළිකරන්න
උන් හැමොම බොනවළු බං
යන්නෙ එන්නෙ උනුත් එකක්
........................
දෙයියන්
හැම තැන හිටියට
මේ යකාව පෙන්නැනේ..
තිර හතකට එහා පැත්තේ
දෙවියෝ ඉන්නේ
කොහාම දකින්නද
...........
මිනිහා කියන කතා හොදයි
මිනිහා කරපු වැඩත් හොදයි
ඒ වුණාට.....
පොඩි පොඩි වැරදිත් තියෙනවා...
කට... කට... බිත්තිවලට කන් තියෙනවා
ගමේ හැමෝමත්
දෙනවා
උඹත් දියන්
උඹේ මානාපේ
තව බිපන් වක්කරගෙන
ඇති වෙනකම් තව
බිපන්
....

චන්දන ලියනාරචිචි

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්