රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-01-28

කැබිනට් මණ්ඩලයේ නව සංයුතිය


එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ප්‍රථම ඇමැති මණ්ඩල සංශෝධනය යටතේ නව කැබිනට් ඇමැතිවරු දසදෙනෙක් ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරු පස්දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේදී අද (28) දිවුරුම් දුන්හ.

හිටපු ඇමැතිවරුන් පස්දෙනකුගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පස්දෙනකුගේ අමාත්‍යාංශ මේ යටතේ වෙනස්ව ඇති අතර නියෝජ්‍ය ඇමැතිවරුන් පස්දෙනකුට ඇමැති ධූර හිමිව තිබේ.

වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල මහත්වරු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැතිවරුන් වශයෙන් පත්ව සිටිති.

පරිසර හා පුනර්ජනීය බලශක්ති අමැතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත, තාක්ෂණ, පර්යේෂණ හා පරමානුක ශක්ති ඇමැතිවරයා ලෙස පාඨලි චම්පික රණවක, ඛනිජ තෙල් කර්මාන්ත ඇමැතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන, සීනි කර්මාන්ත ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහත්වරු සහ විදුලිබල හා බලශක්ති ඇමැතිවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් දිවුරුම් දුන්හ.

ආයෝජන ප්‍රවර්ධන අමැතිවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උද්භිත උද්‍යාන හා පොදු විනෝද කටයුතු ඇමැතිවරයා ලෙස ජයරත්න හේරත්, අධ්‍යාපන සේවා ඇමැතිවරයා ලෙස දුමින්ද දිසානායක, වනජීවි, සම්පත් සංරක්ෂණ ඇමැතිවරයා ලෙස විජිත් විජයමුණිසොයිසා, ඵලදායිතා ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස බසීර් සේගුදාවුද් මහත්වරු දිවුරුම් දුන්හ.

රෝහිත අබේගුණවර්ධණ සහ නිර්මල කොතලාවල මහත්වරු දිවුරුම් දුන්නේ වරාය හා මහාමාර්ග ව්‍යාපෘති පිළිබද අමාත්‍යවරුන් වශයෙනි.

එස්.එම්. චන්ද්‍රසේන  මහතා ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සුසන්ත පුංචි නිලමේ මහතා ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් ෆයිසර් මුස්තාෆා මහතා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා  ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් අබ්දුල් කාදර් මහතා පරිසර හා පුනර්ජනීය බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සරත් ගුණරත්න මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අගමැති දි. මු. ජයරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු මැතිඇමැතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ.

2013-01-26

අපි කවි ලිව්වට...... කෝ හැදිච්ච සමාජයක්



උපුටා ගැන්ම ගූගල් වෙතින්
චන්දන ලියනාරච්චි මේ අඩවියට ලියූ කෝ කවිය කෝ නිර්මාණය සඳහා ලද අයිලාෂ් ඒ නම් කවියාගේ කවි කොමෙන්ටුව  චන්දන යළි ළියු කවි කොමන්ටුව මෙසේ මෙතැනට එක්කරන්නම්.

වීදි දිගේ නලියන හීරු
වීදි දිගේ නලියන සදු
විදි දිගේ නලියන තරු
.......
කාලය මේ යයි 
පවසනතුරු
අපි උපදි 
අපි මිය යයි....
ජිවිතයේ ඇස් දෙක
නලියන තුරු 
මම දකින්නේ මහා බොරුවක්
මම කියන්නේ මහා බොරුවක්
කවුරුත් දැක තැති
කවුරුත් විද නැති
මමවත් තව දැක නැති
........
ලෝකයේ ඇති සුන්දර බව
මම කියනවා...
........
සුන්දරයිලු කම්කරුවන්
සුන්දරයිලු වැඩවර්ජන
සුන්දරයිලු ඒ යුද්ධය
සුන්දරයිලු දුප්පත් කම
........
කව්රු කොහොම මැව්වද
කව්රු කොහොම වින්දද
කව්රු කොහොම ලිව්වද
හරයක් නෑ
රසයක් නෑ
තමත් උන් තැන් තැන්වල
වැඩ කරනවා,
තමත් උන් බඩගින්නේම
මැරි මැරි තව වැඩ ගන්නවා,
මම කවියෙක් උනාට
තව උන් කවිකම් කෙරුවට
අතිතයේ කවියන් මැරි මැරි
හිටියට...
අපි කියාපු 
අපි අඹරපු පද රසවත් 
උනාට...
කෝ හැදිච්ච සමාජයක්
කෝ හැදිච්ච මානවයෙක්
කෝ...මේ කවි කම විදින
කෙනෙක්...................
- චන්දන ලියනාරච්චි



ඉර සේවය ඉවර වෙලා 
ඉර පැමිණෙයි ඔබව සොයා 
සඳ සාවුන් සමගින් සඳ 
එනවාමයි ඔබව සොයා 
එහෙම ඇවිත් ඔබ ළඟ ඉඳ 
ඔවුන් කියයි මේලෙසටම 
චන්දන ..මා ගැන කවියක් 
ලියනු මැනවි 
මා මලපසු සොහොන් කොතේ නොව 
ජිවත් වන මගේ හද තුල 
එවිට ඔබේ කවිවැල් මට 
ලබාදේවි ලොකු සතුටක්.
- අයිලාෂ් ඒ

කිරි වැරූ අම්මාවරු

සිත්තම උපුටා ගැන්ම මෙතැනින්
 https://encrypted-tbn2.gstatic.com/images?
q=tbn:ANd9GcTmqFEu8gZGlnmx4XWK9o2eeOQBfw
UogkZbksvnGIzRffgGSPzd1A


බකිටි ගාන මිදුලේ
සුදු සාරිය නොපෙනෙයි
පාසල් ගී පද වැරදෙයි
ඔබ නැති හින්දයි
කිරි වැරුවේ ඇයි අම්මේ 
තවමත් නොදැනෙයි

සිදාදියෙන් ගමට ආවේ
ඇහැ පාදන්නයි
බහ තෝරන දරුවන් තොල
රන් කිරි ගෑවයි
වනන්තරේ මල් යහනට 
පුන් සඳ සේ මයි

ඇතෙකු බරට කිරි කුරහන් 
ගෙනැවිත් දෙන්දැයි
ගසක දොඩම් මදි අම්මේ
මොනවා දෙන්දැයි
ගමට යන්න හිස් අතින්ම 
ඔබෙ පා වැන්දැයි


සිංහල බ්ලොග් ලියන්නන් අතර කවිය සුවිශේෂී වු අනන්‍යතාවක් සහිතව ගොඩනැගෙන යුරු ඉතාම පැහැදිලි න නිරීක්ෂණය කළ හැකි ය. කවිය කෙරෙහි ලැදි දනන් වෙනුවෙන් ප්‍රවීණ කිවිවර රන්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ අපූර්ව නිර්මාණය මෙතැනට ගෙනහැර තැබුවෙමි. උපුටා ගැන්ම රන්න ශ්‍රී විජේසිංහයන්ගේ සුදු නෙලුම කෘතියෙනි.


2013-01-24

ගිම්හානයට විලාසිතා

ප්‍රන්සයේ සුප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී සාහියා දෙහාර් (Zahia Dehar) ගේ නවතම නිර්මාණ ඇතුළත් ගිම්හාන - වසන්න 2013 මෝස්තර නිරූපන දැක්මේ ඉදිරිපත් වුණු විලාසිතා කීපයකි මේ...


2013-01-22

සිංහල නවකතාකාරයන් නිසා වැද්දකුටවත් පාඩුවේ ඉන්ට නෑ!



නූතන සිංහල නවකතාකාරයා හරියට ම සිල්ලර කඩයක මුදලාලියකු බඳු ය. ඔහුට විකුණනන්නට බැරි දෙයක් නැත. සමහරු පැණි කතා විකුණති. තව සමහරු පෙම් කතා හා ඉතිහාස කතා විකුණති. තවත් සමහරු ලිංගික කතා විකුණති. ඔවුන්ගේ අලුත් ම මෝස්තරයක් වී ඇත්තේ වැද්දන් විකිණීම ය. සඳරුවන් ලොකුහේවා වැද්දන්ගේ කතාවක් විකිණීමට ගොස්; සැලැකිය යුතු අමාරුවක වැටී තිබේ. ඔහුගේ වෙළෙඳා ම සවුත්තු ය. පාඩු සහිත ය. “වන මැද පුර හඳ” නිසා සඳරුවන් ලොකුහේවාට හඳ පායන්නේ නැති බව නම්; ඉතා පැහැදිලිය.

2013-01-19

කෝ................. කවිය ......... කෝ.................. ඇය


මේ මගේ හිතවතෙකු ගේ නිර්මාණයක්
පෑන්තුඩට මුවාවෙලා
හිතේ තියෙන
සිහින ගෙනත්
ධවල වර්ණ
පැහැති කොලේ
කුරුටු ගාලා
කුරුටු ගාලා
කවි ලියන්න මම හිතුවා...............



කොහේ තියෙන සිහිනද...
කවුරු කොහෝම මැව්වද
කෝ...කවි
මගෙ හිතින් මම ඇසුවා.....
ඈත ඉදන් අතවනලා
ඈ  ... මා හට කතා කළා
කවි ලියන්න දුවලා එන්න
අතිතයේ එක් දවසක
පාළු නිසල අහසක් යට
ඇයත් මමත්
ඇවිද.. ගියා ..ඇය කියනවා 
මට ලියන්න
ඇය ගැන කවි රස මවලා

කවියන් මිහිපිට හිටියලු
ගැහැනුන් ගැන කවි ලිව්වලු,
ඒ අය අද පස් යට හිද අපි දෙන්ට හිනා වේවි.....
මොනවා ගැනද කවි ලියන්නේ
කවි කොහොමද මම 
ලියන්නේ
සේකර ,
රමණි ගැන
හැමදාමත් කවි ලිව්වා
ඔහු මළ පසු සොහොන් කොතේ
කවි ලියන්න ඇයට කිව්වා
ඇය දන්නෑ කවි ලියන්න
රමණි ....නෑ
සොහොන් කොතේ
කවි ලිව්වේ කිසිම දිනෙක
මම කොහෙමද කවි ලියන්නේ
දෙනො දහක් අතර ඉදන්
ඇය මා හා සිනා සුනා
ඒ සිනාව තුරුළු කරන් 
කවි 
ලියන්න ඇය කියනවා
කොළඹ කොටුවේ බෝ ගහ යට
දුම් දම දම
පිම්මේ දුවන වාහන අස්සේන්
එබේමින් යාචකයින් 
හිනා වෙනවා
උන් කොහොමද දැන ගත්තේ
ඇය ගැන මම කවි ලියනවා..
සිනිදු සීත අතගිලි වල 
සිනිදු කමට කවි ලියද්දි
යාචකයන් හිනා වෙනවා
මම කොහොමද
කවි ලියන්නේ...........


දුන්හිද අද්දරට වෙලා
හිනා වේවි අපි හිටියා 
දුන්හිද අපි පසු කරගෙන පල්ලම් බැස 
යන්න ගියා
ඈත සිහින කොදෙව්වකට
ඇවිද යන්න පාර දිගේ
අපි දෙන්නම ගලින් ගලට 
පැන පැන විත් ....
නතර වෙලා බලා උන්නා 
කන්න බොන්න විදියක් නෑ
දින දෙකින් කැවෙත් නෑ
කෑස්ස වමනය
බඩේ අමාරුව.......දැන් හොදයි
බඩගිනි පිංසිද්ධ වෙයි
කියක් හරි දිලා යන්න
මම කොහොමද කවි ලියන්නේ 
.............................

පොතක් ඇතුලේ 

ලියලා තිබුනා කවියන් ගැන
සුන්දරළු කවි
කොහේද
කොතනද,කොහොමද
සුන්දර වුනේ
ඒ කවි පද
කොච්චියෙන් ගමට යද්දි ටිකට්
ලියාපු කවි
ඩකස් ....ඩකස් ...
මහා සද්දෙන් ඇදි ඇදි යද්දි
ලියවුන කවි,
සුන්දරළු ඒ කවි පද
මම කොහොමද,
මම මොනවද,
මට කියද්දි,
මම දන්නා
ලග හිදිනා ඇය ගැන
කවි පද ලියන්නේ
කොච්චියෙන් කොළඹ එද්දි
අතර මගදි හැම තැකදිම
දත් තිස්දෙක එකතු කරලා
හිනා වෙලා ඉන්නා අය කටවුට් වල...............
කොච්චියේ හඩ අස්සේන්
ඩකස්...............ඩකස්
“අලියත් අද නෑ
අතකුත් අද නෑ
පිල් මාරුව
උන් හැමොම  ..මෝඩවෙලා අපි හැමෝම
බඩුත් මිළයි...අහස උසට
වයිමා ඇවිත් ලගදිගියා
බඩු මිළදැන් අඩු වෙලා ලු...
හම්.......................................

කොච්චියේ හඩ අස්සෙන්

තවත් එකේක් කෑ ගහනවා
ජන්දේ හින්දා ..ජන්දේ හින්දා
අපි අහුවෙයි
අපි අහුවෙයි,
ඕව් ..ඕව්...
අපි අහුවෙලා ....ජන්දේ දෙන්නේ අපි හැමොම
ජන්දේ ගන්නේ උන් හැමෝම
ලගදි ඉදන් හිනාවෙන්නේ
අපි කොහොමද ජන්දේ දෙන්නේ,
කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල් පාට වෙලා
ඇය කියනවා මට ඇහෙනවා.........
මම කොහොමද කවි ලියනනේ
සීගිරියේ ගල මුදුණේ
සුන්දර වු පැලක් හදන්
කටු මැටි ගා පිරිමැදලා
අපිත් ඉමුකෝ තුරුල් වේලා
ගලෙන් බැහැලා අප්සරාවෝ
පවන් සලයි අපි දෙන්නට
කැටපත් පවුරේ හැම තැන
කවි ලියවී උන් හැමෝම
අපි කොහොමද
එහෙම ඉදන්නේ
කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල්පාට වෙලා,
ඇය කියනවා මට ඇහෙනවා
මම කොහොමද කවි ලියන්නේ
ඉතිහසයේ පෙර දවසක
අපි ආවළු  කැලේ මැදින්
ඒ එනකොට කැලේ මැදින්
වැද්දේක් විත් උරන වේලා
මත් එක්ක අතින් පයින් කදෙන් ඇගෙන්
සවි ශක්තිය බලනා විට
ඔබේ අතේ සුරකිව තිබු අසිපත ගෙන
දුන් හින්දා
ඒ ..............වැද්දට,
මම මැරුනා...මට වැරදුනා....
ඒ මනමේ මම නොවේයිනේ
ඒ කුමරිය ඇය නොවේයිනේ
අපි දෙන්නම කොහෙද හිටියේ
ඉතිහසයේ පෙර දවසේ.....................
මම කොහොමද කවි ලියනේ
ඇය අඩනවා
ඇය කියනවා ..
““කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල් පාට වේලා,
ඇය කිනවා මට ඇහෙනවා..........
තරු එළි වැට පාර කියයි හෙට දවසට එන්න කියයි
සෙවනැලි නැති ඝණ අදුරේ
තවත් වරක්,
හද පායයි
ඉර පායයි,
කවි ලියනේ කොහොමද මම
කවි කම දැන පන අදිනවා
අතිතයක්
නැති කවිකම මා ලග
ඉද තනි රකිනවා...
ඇය..ඔහු ලග....
.........................

චන්දන ලියනාරච්ච්


2013-01-17

බිළිදෙකුගේ මළ සිරුරක් හැටන් සාත්තු නිවාස අසල



දින දෙකක් පමණ වයසැති බිලිදෙකුගේ මළ සිරුරක් හැටන් සාත්තු නිවාස පාරේ ළමා උයන අසල තිබියදි හැටන් පොලිසිය විසින් අස (17) ප.ව 4.30ට පමණ සොයාගත් බව හැටන් පොලිදසිය පවසයි.




හැටන් සාලියපුර ප්‍ර‍දේශයේ පදිංචි ගුරුවරියක පාසල නිමවී නිවසවෙත ගමන්කරමින් සිටියදි මෙම මළසිරුර දැක පොලිසිය වෙත දැන්වා තිබේ.
හැටන් දිසා විනිසුරුහා මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් එම ස්ථානය නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරික්ෂනියක් කර වාර්ථා ලාබාගැනිම සදහා නාවලපිටිය සිරුර මුලික රොහල වෙත යැවිමට නියොග කලේය.

මේ නීරස පුවත යට හද කකියවන කතාවක් ඇත..
---------------------------------------------------------------------------------------------
චන්දන ජයවීර


කොළඹ කොටුවේ චෛත්‍යපාරේ හදිසි ගින්නක්

කොළඹ කොටුවේ චෛත්‍යපාරේ මෙයට සුලු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇත.පැරණි ඉන්ට කොන්ටිනන්ටල් හෝටලය ආසන්නයේ කන්ටේනර් අංගනයක ගින්නක් හට ගෙන ඇති බවත්, එය නිවීමට කොළඹ ගිනි නිවන හමුදාව එහි යැවූ බවත් පොලීසිය කියයි. මේ එම ගින්න ගුවනට දිස් වූ අයුරු යි.


ඈ යන්න ගියා ය සහ සුදු හාමිනේත් ගැහැනියක් සඳහා ලද විචාරයක්


හුණුවටය වේදිකා නාටකය නිර්මාණය වන්නේ අපුරු වු කතාවක් මැදි කර ගෙනය අවසානයේ කුමාරයා හිමි කර ගැනිමට හුණු වටය තුළ සිදුවන ක්‍රියාවලිය දකින සමස්ථ ප්‍රේක්ෂක හදවත් කෑ ගසා කියා සිටියේ දරුවා හදාගත් ගෘෂා හට ශක්තිය ලැබෙන්න ලෙසය.
ජිවිතය දන්නෙම නැතිම ගෙවියයි. එය විටෙක හුදෙකලාවම ද තවත් විටෙක තවකෙකුගේ බැදිම් මතද ගතවේ.සැදෑ සමයට පිවිසෙන මිනිස් දිවිය කොතරම් නම් කටුකද යන්න කියවෙන්නට පටන් ගත් විට ඔහු තම ශෘංගාර රස නහර ගැන දක්වන අප්‍රසාදය අපහට විදින්ට සලස්වයි. මේ නිසාම තව දුරටත් කෙළිලොල් කොළු ගැටයෙකු සතු සිත මිස ශරිරය තමා සතුව නැති බව විද්‍යමාන කරයි.
කතාව මුල සිට මේ සංයමය අප හදවත් තුල ඇති කරනුයේ තවත් වරක් වැරදි සිතුවිල්ලක ඇති නෙවන්නට  ගන්නා ලද සිමා මායිමක් විය හැකිය. එය සාර්තකව ඇත .මෙම කතාව කොටස් දෙකක් වශයෙන් නිර්මාණය වන බව කලින් නිගමනය නොකර තිබු බව දැනුන ද මුල් කතාවේ රසවත් බව සුදු හාමිනේ තුලින් ගිලිහි නොයන්නට වග බලාගෙන සිටිම අති සුන්දරය.


ආදරය, දයාව, කරුණාව, ලෙන්ගතුකම, මිනිස් සමාජය රස ගන්වන රසකාරක බවට පත්වේ .මේ සියල්ල සම වන තරමට රසය පිළිබද අවධානය වැඩිවේ.බොහොවිට මේ සියල්ල එක හා සමානව නොලැබේ. මිරිස් හෝ ලුණු වැඩියෙන් කන අයද අඩුවෙන් කන අයදවේ . ආදරය, දයාව, කරුණාව, ලෙන්ගතුකම ජිවිතයට මේ රසවත් බව එක්කරයි.වඩා රසවත් වන්නේ කුමක්ද යන්න ගැටළුව අප සියළු දෙනා හට දැනේ.
මේනකා ගේ හමුවිම අතරමැද ගුවන් හමුදා භටයා stop පුවරුව පෙන්නුම් කර තිබුබිම තුල රචකයා තම සංගමයෙන් වැටක් ඉදිකර ගනි. විටෙක මෙය හිතාමතා බලෙන් මෙන් එක් කර කර තිබු බවක් දැනේ. නමුත් ඒ අතර තුර ඔහු කාටත් නොදැනෙන්ට පෙර දිනක විදි රස නැවත් වරක් කියනුයේ බණ පදයක් කියන ලෙසය. වැහැරෙන්නට පටන් ගත් මේනකා ඔහු දකිනුයේ පෙරදින තම හදවත මත ඉදිකරනු ගනු ලැබු ප්‍රබුද්ද ලෙන්ගතු බව පසෙක තබා බව කියවන්නට දැනේ. එම නිසාම කතා කරු කිසිවිටෙක එය ආදරයක් බවට පෙරළා ගත් බවක් නොකියයි.
පොත් කියවිම ජිවිතේ කොටසක් කර ගත් මේනකා සියල්ල පිළිබදව වෙනස් විදියට සිතුවද කෙටි කලක් තුල බිදියන තම විවාහ ජිවිතය පිළිබද තැවෙන බවක් මෙම කතා සිමාව තුල දක්නට නැත. අවශ්‍යතාවය මත හුදෙක් කතා නායකයා ඇසුරු කලද එය වාණිජ බවක් ඉස්මතු වන්නේ හමු වු විටෙක පමණක් විවාහ විමට කල ආරාධනක ගැන කියවෙන් නිසාමය. එය කතා කරු ඒතරම් තම සිතට ගත් බවක් නොදැනේ නමුත් එක විටක් හෝ තමන් විදි රසයක් තවත් වරක් විදින්ට ලැබෙන අවස්තාව පිළිබද සිහිනයක් පමණක් තිබිම කතාව තුල දිගින් දිගට කියවේ.
ජිවිතයේ පලමු අත්දැකිම් සුන්දරය අමතක නොවේ.මේ සියල්ල කතා කරු විදි අත්දැකිම් මිස ජිවිතය කර ගත් බවක් නොදැනේ ඔහු අවස්ථා වාදියෙකු වුවා පමණි.ඒ කෙසේ වෙත්ත හොද පොත් තොරා ගැනිමට දක්ෂ මේනකා හොද සැමියෙකු තොරා ගෙන නොමැති බව කතා කරු කියා සිටි. මෙය කිව යුක්තක් ද යන්න පිළිබද ගැටළුවක් උපදි.පොත් තුල ජිවත් වන මේනකා විටෙක පොතක තිබු රසවත් දෙබසක් හා රසවත් ඉල්ලිමක කතා කරුගෙන් ඉල්ලා සිටි. එපමනක් කියවන්නා ට දැනේ.මේනකා කතා කරු හට ආදරය කර නැත.ඇය කතා කරු කියවා නිමා කර තිබේ .නැවත වරක් ඒ කතාව කියවන්නට ඇයට උවමනාවක් නැත.ඇය පසු වෙනිදා නැවත වරක් පිටරටකට පිටත්ව යන බව කියා සිටි.දිගුකලකින් හමුවු ස්පර්ෂයේ රස විදින්නට ඇයට උවමනා නැත.ඇය මතකයක් අවදි කලා පමණි.කතා කරු අතිතයේ ජිවත් වුවා පමණි.මෙහොතකට වත් කිසිදු අයුරකින් සංග්‍රහයක් මෙම හමුවිම තුල දක්නට නොලැබේ ඈ යන්න ගියාය මත් වු සිත වෙරිමතින් අවර්ජනය කලේ පැහැදිලි රූප පෙලක් මතකයක්  පමනක්ය.

සුදු හාමිනේත් ගැහැනියක්................

හුදෙකලා වු විටෙක තවත් අයෙකු සමග කතා කරනනවට වටා තම සිතත් සමග කතා කරන්නට කැමැත්ක් දක්වනුයේ එයට දක්වන ප්‍රතිචාර තමාහට පමනක් සිමා වන බැවින්ය.දියට පැන කෙළිලොල් තරුණයෙකු ලෙස දියනා එන කතා කරු සීතල අමක කර දමන්නට සොයන තේ කොප්පය ගැන මහත් වු කතාවක් කියා පායි.

එය නොමැති විම දරාගත නොහැකි සේය.විටෙක සේකර ලියු කවි අතර හුදේකලා කරවන මෙම කතා රටාව තවත් (සේකරගේ නිර්මාණ කියවා ඇති අයෙකුට පමනක් )කතාව තුල රැදෙන්නට අවස්ථාව උදා කර දෙයි. සුදු හාමිනේ වෙනදා මෙන් නොව තම සුපුරුදු ජිවිතයේ වගකිම් පවා අමතක කරන්නට සමත් යමක් හා ගැටේ. ඒ කිසිදු දිනක තමා බලාපොරෝතු නොවු සිදුවිම් මාලාවක ඇරඹුමක් විය.කතා කරු මේ සියල්ල එතරම් විදින්නේ නැති වුවද සුදු හාමිනේගේ මුවින් තමා හට ලැබෙන ප්‍රතිචාර පිළිබද ආගන්තුක බවක් විදින්ට පටන් ගනි .මේනකාගේ නික්ම යාම තුල දක්නට ලැබුන ප්‍රතිචාරත් සුදුහාමිනේ තුල තිබු ආවේගත් කතා කරු දෙලොවක් අතර අතරමන් කරවයි.සුදු හාමිනේ තරම් මේනකා ආදරය කර නැත. ඇයට තම සැමියා මිට වසර ගණනාවකට පෙර විදි අත්දැකිම් ගැන ඊර්ෂියාවක් උපදි.තමා සතු වටිනා යමක් විනාශ කල බවක් පෙන්නුම් දැනේනට ගනි.
තම දරුවන් රැගෙන තමා යනවා කීම හැරෙන්නට තවත් කියන්ට දෙයක් සුදු හාමිනේ හට ඉතිරිව නැත .ඒ ඇය තම සැමියට දක්වන සෙනෙහසට පසුව ඇති සෙනෙහසයි.නමුත් මේ සියල්ල මන්දගාමිව ගලා යයි.රාත්‍රිය තුල තවත් වරක් සිතන්නට තර්ක කරන්නට කරුණු එකතුව ඇත.තින්දු දෙන සිත සියල්ල පහදා දෙයි.ඇය ද ගැහැනියකි නමුත් මේ ගැහැනුකමේ උත්තරිතර බවක් ඇත .අන්තර්ජාලයේ ඇති සාකෂි සියල්ල ප්‍රමානවත්ව ඇත.කතා කරු සියල්ල හෙළිකර ඇත .මේනකා මෙරට නැත මේනකා හට කිසිදු අයුරකින් නම්‍යශිලි නොවු අයෙකු තමා හට ලැබි ඇත.යලිදු වරක් මේනකා දුටු විට එම රුව ප්‍රිය උපද වන්නට සමත් වු  බවක් කියා නැත. මෙය සුදු හාමිනේ හට අස්වැසිලකි.
ආදරය ,කරණාව, දායව, ලෙන්ගතු බව එකතු වු විට ගොඩ නැගෙන විශ්වාසය ගැන නැවත් වරක් සිතන සුදු හාමිනේ රාත්‍රිය නැවත වරක් අරුත් ගන්වයි.හිමිකාරිය ඇයයි.

සිමෙන්තිය සිසාරා එන සීතලත් සමගම මද උණුසුමක් ගත හරහා දැවටෙනු  දැනෙ යි. අඩ නින්දේම අතගා බලන කල සුදු හාමිනේ ගේ දකුණත මගෙ පපුව හරහා වැටී ඇත...ඇය මා අසල ය. 

චන්දන ලියනාරච්චි

2013-01-16

“කාලසර්ප” නවකතාව කෙටි කතා පූට්ටුවක්


කෙටිකතා සංග්‍රහයකට හෝ නවකතාවකට හෝ සාහිත්‍ය සම්මානයක් ලැබූ පමණින් එහි ලේඛකයා ප්‍රබුද්ධයකු වන්නේ නැත. ඊට බලපාන හේතු කිහිපයෙකි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සම්මානවල නිසි ප්‍රමිතියක් නැත. විධිමත් ක්‍රමවේදයකට අනුව නිර්මාණ ඇගැයීම සිදුවන්නේද නැත. තව අතෙකින් හිතවතුනට ඇදීම අපේ සාහිත්‍ය තුළ ගජරාමෙට සිදු වේ. තවත් අතෙකින් මොන තරගයකට වුව ප්‍රමාණවත් කෘති සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නේ ද නැත. 80 දශකයේ සිටම පාහේ් මේ දුර්ගුණ පවතී. එහෙත් අපේ ලේඛකයෝ සම්මාන උණකින් පෙළෙති.

කුමක් වුව කබල් සම්මානයකින් පසුව තමා විසින් ම ඇඳගනු ලැබීම අපේ කතාකරුවන්ගේ හා කවීන්ගේ සිරිත ය. සම්මානයෙන් පසු යථාර්ථවාදය එපා වෙයි. සම්ප්‍රදාය එපා වෙයි. භාෂාව කණපිට හැරවීම ආරම්භ කරයි. පාඨකයාට හෝ විචාරකයාට හෝ ඇහුම්කන් නො දෙයි. මං කෙරුමා යන ප්‍රතිපත්තියේ සිට මෙබඳු අය කටයුතු කරනු දක්නට ලැබේ. අපගේ වැටහීමට අනුව කීර්ති වැලිසරගේ් හැසිරීමෙන් ද එබඳු තත්ත්වයක් ප්‍රකට වේ. ඔහු පසුගිය කාලය තුළ යථාර්ථවාදය වෙනස් කිරීමට ද වෑයම් කළේය. ඔහු වැනි අඟුටුමිට්ටකුට තබා නොබෙල් ත්‍යාගලාභී “මෝයෑන්ට”වත් යථාර්ථවාදයෙන් පිට පැනිය නොහැකිය.
ඉහත පූර්විකාව ලියා තැබුවේ කර්තෘ පිළිබඳ සටහනක් ලෙස ය. ඔහුගේ අභිනව නවකතාව “කාල සර්ප” ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය පිටු 372 ක් පුරා දිවෙන දීර්ඝ ප්‍රබන්ධයෙකි. මුළු ප්‍රබන්ධය ගැටගසන සාධකය කාලයයි. එම කාලය භීෂණය පැතිර ගිය 1988 – 1991 පරිච්ඡේදය ලෙස සැලැකිය හැකි ය.

2013-01-15

සුදු හාමිනේත් ගැහැනියක්....

ඈ යන්න ගියාය නමින් මා ලියු කතාවේ දෙවැනි කොටස මෙයයි.පළවැනි කොටස මෙතැනින් කියවන්න
මේනකා සුළඟක් සේ යන්න ගියා ය.  මගේ අතීත කාමය අවධිකර  සිත ඔද්දල් කර ඇ යන්න ගියා ය.
ජනවාරි මාසයේ හමායන වියළි සිහිල් සුළග, තුරුණුවිය ට සමු දෙන මගේ සමට ඉදිකට්ටකින් අනින්නාක් මෙන් වේදනාවක් ගෙන දෙයි. 

2013-01-13

මිහිපිට දැවැන්තයාගේ මරණ පරීක්ෂණය


අද මේ පෝස්ටුවෙන් ඔබ වෙතට ගෙන එන්නේ අතිශය දුර්ලභ අවස්ථාවක් පියවරෙන් පියවර. ඇතැමෙකුට ‍මේ සේයා රූ අප්‍රසන්න විය හැකියි. ඒත් මෙය දුර්ලභ අවස්ථාවක් නිසයි මෙසේ සමකයට එක්කරන්නේ.

අම්පාර පැත්තට මේ දවස්වල බොහොම තදට වැස්ස. ඒත් පහුගිය දොහේ උහුලගන්න බැරි තරම් නියඟය.

2013-01-11

දොෂාභියෝගය අහවරයි


අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරිම සඳහා වූ දෝෂාභියෝග විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේදි මේ දැන් වැඩි  ඡන්ද 106ක් සහිත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.
ඒ අනුව දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද  155  ක්ද, විපක්ෂව ඡන්ද  49 ක්ද හිමිවිය.
ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ජාතික නිහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය දෝෂාභියෝගයට පක්ෂව  ඡන්දය ප්‍රකාශ කළ අතර, එක්ස්ත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සංධාන විපක්ෂය ඡන්දය ප්‍රකාශ කළහ.
ප්‍රජාතන්ත්‍රවාදි ජනතා සන්ධානය විවාදය සඳහා සහභාගී නොවූහ. ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්වන  ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, චන්ද්‍රසිරි ගජධීර, මන්ත්‍රී රජිව විජේසිංහ මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණ සිටියේ නැත.
දෝෂාභියෝග යෝජනාව  මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායකවරයාට  පසුගිය නොවැම්බර් 01වැනිදා ඉදිරිපත් කළ අතර, නොවැම්බර් 06 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 07ක්  හා විපක්ෂයේ මන්ත්‍රීවරු 04 දෙනකුගේ සංයුතියක්න් යුතු විශේෂ තේරීම් කාරක සභාවක් කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදි.
ඒ අනුව දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කිරිම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි. 
විමර්ශන වාර්තාව දෙසැම්බර් 08 වැනි දින පාර්ලිමෙන්තුට ඉදිරිපත්  කළේය. ඉන් අනතකුරුව මසකින් පසුව ජනවාරි 10 හා 11 දෙදින තුල දෝෂාභියෝග විමර්ශන වාර්තාව පිළිබඳව විවාදය පැවැත්විය.

ඈ යන්න ගියා ය


මම දැන් වයසක පුද්ගලයෙක් මි. ගෙවා දැමූ කාලය අර්ධ ශතකයකට ආසන්න ය. රැවුල ඉදී ඇත. කෙස් හැලීම ද මුහුණ රැලි වැටීම ද දෑස් 
යටට  ගිලීම ද පටන් ගෙන තිබේ. තවත් බොහෝ විපර්යාසයන් ද සිදුවෙමින් පවතී. පපුව ඉදිරියට දමා තනි කෙළින් ඇවිදගෙන ගිය ද ඒ 
හැටි ආකර්ෂණයක් නැත. ලොකු ජවයක් නැති වා සේ ම කිසිවකු ගේ අවධානය ගැනීම ද අමාරු ය. 



මා වැන්නෙකු අමුතු ගැම්මක් ගෙන ගමන් කළහොත් නිට්ටාවට  ම ඒ විහිළුවක් බවට පත් වේ. 
මේ සියලු කරුණු සාධාරණ ව සලකකා බලා අලුත් උපාය - මාර්ගයක් ඔස්සේ ජීවිතයේ  ඉතිරි කාලය ගෙවා දමන්නට තීන්දු කෙළෙමි. 

එනම් ඉතා සන්සුන් ව හා සාවධාන ව පාරේ කොනකින් බිම බලාගෙන ඇවිදීම ය. ඒ හැරෙන්නට අයිනක් අල්ලාගෙන හුදෙකලාව 
කල්පනා කිරීම ය.
මගේ පියා එඹදු හුදකලා මිනිසෙකු බව ද අවංක හා සාධාරණ තැනැත්තෙකු බව ද බොහෝ දෙනා කියති.  එහෙත් වසර ගණනාවකට පෙර 
මිය ගිය ඔහු බැංකුවෙන් ලබා ගත් ණය මුදලක් පියවා නැත. ඒ ගැන කතාකිරීම සඳහා බැංකුවට එන ලෙස රාජකාරි ලියුමක් මා වෙත ලැබී 
තිබේ. 
මම ගාඩිනනර් මාවත දිගේ බංකුව වෙත යමින් සිටියෙමි.

වේලාව මධ්‍යාහ්නය යි. සූර්ය දිව්‍යරාජයා ශ්‍රී දූපතට සමීප ව ගමන් කරයි. වාතය ජලයෙන් සංතෘප්ත ය. සුළගක් ඇත්තේ ම නැත. බේරේ 
වැව නිසොල්මන් ව මහා දුර්ගන්ධයන් මුදා හරී. ගිනි ගහන අව්ව නිසා නැගෙන දහදිය මගේ කොඳු නාරටිය දිගේ ගලා බසි. මේ කිසිවක් 
මට යාදෙනේනේ නැත. හිස් මුදුනින් පටන්ගත් අධික දැවිල්ලක් පාදාන්තය තෙක් ගමන් කරන්න පටන් ගනී.

ජිවත් වීම මහා කරුමයක් යැයි මට සිතේ.

බේරේ වැවට ඉහළිත් ඇති විශාල පාලම උඩ ගුවන් හමුදා මුර කපොල්ල පසුකරන සිය ගණනක් සෙනග අතරට මම ද එක් වුණෙමි. මුළු 
ඇග ම දවන දැඩි ඌෂ්ණය නිසා මගේ  පය ඉක්මන් වි තිබිණි. එහෙත් එක් වරම ඇස ගැටුණු දර්ශනයකින් මගේ දෙපා ගල්වුවාත් මෙන් 
එකතැන නැවතිණි. ..........කවුද මේ..........

හෘදයාංගම ලෙස මනසෙහි සටහන් ව තිබූ එක් ස්ත්‍රී රූප - කායක් මුහුණට - මුහුණ ලා නැවතී සිටී. වෙනසකට ඇත්තේ කලකට පෙර වූ 
මනා අඟපසඟ කෙමෙන් වැහැරෙමින් තිබීම පමණි. ඇගේ දඟකාර කෙටි කොණ්ඩය අතරින් රිදීවන් සිහින් රේඛා එළියට පනී. දොඹ ගෙඩි 
මෙන් වූ රවුම් දිළිසෙන දෑස් විශාල උපැස් යුවළකින් වැසී ඇත. නිතඹ පෙදෙස පහළට රූටා වැටෙන්නට පටන් ගෙන තිබේ . දෑත් මහත් වී 
ඒවායේ ලප කැළැල් මතු ව තිබේ. 

මගේ සිත චක්‍රාවාටය පුරා රවුමක් ගසා එක තැනෙක නැවතිණි.

ම්......මේ - න - කා.........
එහෙනම් නම තවම මතකයි ?
තවම පොත් කියවනවද ?
නැහැ.. මං ලංකාවේ නැහැ ..බෘනායි ගියා....
හොඳයි... හොඳයි....
ඔයාට කොහොම ද ? ළමයි ලොකු ද ?
ඔව් සේරම වෙන්ස් වෙලා....
මට මේක හීනයක් වාගේ....
අපට හීන දකින්න බෑ..මං මෙහේ යුද්ධෙකට මැදිවෙලා..
ඔයා ගේ කතාවනම් ඉස්සර වගේමයි...
අහම්බෙන් මුණ ගැහිචිචි එක ලොකු දෙයක්
මං හෙට ආයිමත් යනවා...
ගුවන් හමුදා නිලධාරියෙක් වහා පැමිණ අප දෙදෙනා අතර හිටගත්තේ ය. ඔහුගේ තියුණු දෑස මාගේ මුහුණ වෙත එල්ල වී තිබූ අතර ඔහු 
අත stop යන පුවරුව විය. හැබැවටම අප මෙතැනින් නැවතිය යුතු ද ?
මහත්තයා කරුණාකරල වෙනින් තැනකට යනව ද? මෙතැන වැඩි වෙලාවක් ඉන්ඩ දෙන්නෙ නෑ...
සොරි...

මේනකා මට පෙර සමාව ඉල්ලා සිටියාය. 
අද ද පෙර පරිදි ම මට වඩා ඇය ඉක්මන්ය. යුහුසුළුය. මේනකා තවත් වරක් ‍මා දෙස බලා යන්නම් කියා අත වැනුවාය. මගේ සුරතද ඉබේම මෙන් සෙලැවිණි. සිතිවිලි ඈතට ඈතට ගමන් කරන්නට පටන් ගනී. බැංකුවට යාම කල් දමා සුපුරුදු හුදෙකලා ගුබ්බෑයමට රිංගා ගැනීම සඳහා මගේ ගමන් මග වෙනස් කළෙමි.

මිලට ගත් ගල් බෝතල් බාගෙන් අඩක් ඉතිරිව තිබේ. ‍පොල් කෑලි හා කෑලි මිරිස්, මනාව මිශ්‍ර කරන ලද උණුසුම් කඩල තසිමක් ද මා ඉදිරිපිට තිබේ. දුම්වැටියක් ද දල්වා ගතිමි. පසුතැවිල්ල හා පාළුව මුසු සියුම් වේදනාවකින් සිත රිදුම්කන්නට විය. මේ ස්ථානය තවම බේබද්දන්ගෙන් පිරී නැති බැවින් මගේ සිත නිදහසේ අතීතය වෙත ගමන් කරයි. මේනකා මට හමුවූයේ මීට වසර විසි ගණනකට පෙරාතුවය. ‍එකල ඇය මගේ කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ ලේකම්වරිය ලෙස  කටයුතු කළාය. තළෙලු ආකර්ශනීය සිරුරකට හිමිකම් කියූ මේනකා විවිධ ආලේපන හා නවීන මෝස්තර ආදිය මගින් තවදුරටත් කැපී පෙනෙන්ට වෑයම් කළා යැයි කීම නිවැරදිය. වරක් දුටුවකු නැවත නැවත ඈ දෙස හැරී බලන්නට පෙළඹෙනු නොවැලැක්විය හැකි විය. විශේෂයක් ලෙස නිරන්තරයෙන්ම ඈ අතෙහි පොතක් විය. මේනකා‍ගේ එකම විනෝදාංශය පොත් කියවීමය.

එකළ මගේ වයස අවුරුදු 27කට වැඩි නැත. ඒ මගේ ජීවිතයේ හොඳම කාලය විය යුතුය. සිරුර නිරෝගී අතර සිත බොහෝ සැහැල්ලු විය. මේනකාගේ කාර්යාලයේ වෙනම අංශයක කළමනාකරුවකු ලෙසද සේවය කළෙමි. එහිම නමවන මහලේ කුලී ගෙයක් ද මට තිබිණි. අලුත්ම ‍පොත් මිලට ගනිමින් බොහෝ වේලාවක් කියවීමට කැපකිරීමට එකල මගේ සිරිත විය.

මේනකා හා මා අතර වූ පලමු කතාබහ අද මෙන් මතකය‍‍.

'මහත්තය ළඟ හුඟක් පොත් තියෙනවලු නේද?'

'කවුද කීවේ?'

'කතාව ඇත්තනම් කියපු කෙනාගෙන් වැඩක් තියෙනවද?'

'ඔයා මොනවද කියවන්නේ?

'මං චෙකෝෆ්ට කැමතියි. ටෝල්ස්ටෝයි බර වැඩියි'.

'හෙමින්වේ ලස්සනට ප්‍රේමය ගැන කියනවා'.

'ඇයි සිංහල පොත් කියවන්නේ නැතිද?

'වික්‍රමසිංහ මහත්තයා ප්‍රේමය ගැන කියන විදිහට මම කැමති නෑ'.

'ඉතින් සරත්චන්ද්‍ර මහත්තයා කියවන්න'.

'ඔය කියන්නේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා ගැන නේ'

'ඒ දෙකම කියවලා තියෙනවා'

‍මේනකා පළමුවෙන්ම මා ඇමතුවේ මහත්තයා කියාය. දෙවනුව මිස්ටර් කෑල්ලක් මුලට දමා සම්පූර්ණ නම කීවාය. තෙවනුව සම්පූර්ණ නම කියන්නට පටන්ගත්තාය. නිතර මුනගැහෙන්නට පටන් ගත් දා සිට නමින් කෑල්ලක් කීවාය. අප දෙදෙනාගේ ඇසුර බොහෝ දුර දිග ගියේය.

දිනක් මධ්‍යහ්නයේ ඇයට දුරකතන ඇමතුමක් දුනිමි. ඒ මගේ නවාතැනෙහි සිටය. 'අලුත් පොත් වගයක් තියෙනවා. මගේ චමරියට එන්න. මම ඈට කීමි. විනාඩි 15ක් යාමට පෙර ම‍ගේ කුලී නිවසෙහි සීනුව නාද විය. අපි දෙදෙනා මගේ කාමරයේ තනි වුණෙමු. ඈ රාක්කයට එබී පොත් තෝරන අතර මම ඇගේ පිටුපසින් ගොස් මේනකා වැළඳ ගතිමි.
කවුරුවත් එයි ද ?
මෙහේ එන එකෙක් නෑ....
බොහෝ වෙලාවකට පසු මේනකා මට කියූ එක් දෙයක් සිහිපත් වේ. එනම් මං ඔයාට ආදරෙයි. අපි දෙන්න බඳිමු යන්න ය. 
මේනකා හැම විටම හොඳ පොත් තෝරා ගත්තා ය. එය වහා කියවා ආපසු දුන්නා ය. එහෙත් ඈ සති තුනක අසාර්ථක විවාහයකින් වෙන් ව සිටි ගැහැණියකි. ඈ කිසිවතු පසුපස හඹා ගියේ නැත. මා පසු පස හඹා ආවේ ද නැත. ඇයට සාක්ෂාත් කරගත යුතු ලොකු බලාපොරොත්තු තිබුණේ ද නැත. ඈ පොත් කියවමින් ජීවිතයේ ගැඹුර නිරීක්ෂණය කරන්නට පෙළැඹුණා යැයි මට සිතේ. ඈ කිසි කලෙක  මා හා උරණ වි නැත. මට බැණ වැදි නැත. අප හමු වූ බොහෝ අවස්ථාවන් කෙළවර වූයේ මේනකා ගේ සුපුරුදු වාක්‍යෙයන් ය. එනම් මං එයාට ආදරෙයි... අපි දෙන්න බඳිමු...යන්නෙන් ය.
ඊට ටික කලෙකට පසු වර්ජනයක් මෙහෙයවිමේ හේතුව මත මගේ රැකියා ව අහිමි විය. මම වෙනත් ආයතනයක රැකියාවක් ලබා ගතිමි. මේනකා අමතක කළෙමි. හිතාමතාම අමතක කළෙමි. යළි වසර විසි ගණනකට පසු මේනකා හමු වී ඇත. එහෙත් තාවකාලිකව ය. ඈ හෙට සිට නැත. මෙතෙක් ජීවිතයේ මට හමු වූ සුන්දරම ගැහැණිය මේනකා ය. ඈ හැමවිට ම නිවැරදි හා හොඳම පොත තෝරා ගත්තා ය. එහෙත් ජීවිතයට ගළපෙන හොඳම සහකරු තෝරා ගැනීමට ඈ අසමත් වූවා ය.  ජිවිතය කෙළවරවීමට පෙර කිසියම් දිනෙක අහම්බෙන් හෝ ඈ මුණ ගැසුණහොත් ඇයට හොදම පොතක් තෑගි කළ යුතු ය.


මෙහි දෙවැනි කොටස සුදුහාමිනේත් ගැහැනියක් මෙතැනින් කියවන්න

පසු ලිවිම
මේකට උචිත පිංතූරයක් සොයා ගැන්මට නොහැකි විය.

ඇල්ල වැල්ලවාය මාර්ගය වැසෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගය මාර්ගයට ද පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය අවහිරව තිබෙන අයුරු




---------------------------------------------------------------------------------------------------------------------------
නයන

ගල්ලෑල්ල යට වෙයි

අඹන් ගඟ හා මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය හතරවැනි වතාවටත් යට වෙයි. මේ නිසා මාර්ගයේ ගමනා ගමනය ඇන හිට ඇත.


බදුල්ලට දුම්රිය ගමන් ඇන හිටී

හාලි ඇල,බදුල්ල,දෙමෝදර, උඩුවර අතර පස්කදු කඩා වැටීමෙන් බදුලු දුම්රිය ගමන් ඇන හිට ඇත. මහවැසි නිසා පස්කදු ඉවත් කිරීමේ කටයුතුද සිදුකෙරෙනුයේද මන්ද ගාමීවය



පාර ගිලා බසී

මේ වන විට පේරාදෙණිය ගම්පොළ මාර්ගය ගිලා බැසීමට පටන් ගෙන ඇත. මේ එහි දසුනකි


------------------------------------------------------------------------------------------
එස් එන් ගොඩමුන්න

බදුලු ඔය පිටාර ගලයි මරණ දෙකයි

මහවැසි නිසා බදුලු ඔය පිටාර ගැලීම හේතුවෙන් බදුලු දිස්ත්‍රික්කයේ දෙදෙනකු මරු මුවට පත් ව ඇත. ඩබ්ලිව්.එම්. ඩිංගිරි බන්ඩා නැමති අය  බදුලු ඔය හරහා ඇති පාලමෙන් එගොඩ වීමට ගිය අවස්ථාවේ ජල පහරට ගසාගොස් ඇත.


2013-01-09

රිසානා ගේ බෙල්ල කැපීම!


සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල ක්‍රියාත්මක වන අමානුෂික දඬුවම් කිහිපයක් තිබේ. පළමු වැන්න වරදකරුවා ගේ බෙල්ල කපා මරා දැමීම ය. දෙවැන්න වරදකරුවාගේ දෑත් හා දෑස් බැඳ දමා ඔහුට ගල් ගසා මරා දැමීම ය. තුන් වැන්න වරදකරුවා නිරුවත් කොට බිම දමා ඔහු ට නො නවත්වා කස පහර දීම ය. මෙහි බලවත් අමානුෂික ස්වරූපය වන්නේ මේ සියලු දඬුවම් ප්‍රසිද්ධියේ මහජනයා ඉදිරියේ සිදු කිරීම ය. මේ දඬුවම්වලට අදාළ නීතිය ෂාරියා නීතිය ලෙස හඳුන්වනු ලබන අතර එය ශුද්ධ වූ කුරානයේ වගන්තිවලට අනුව නිර්මාණය කර ගත් නීතියක් ලෙස ද සැලකේ. ෂාරියා නීතිය අපට වැදගත් නො වූව ද දැන් ඒ ගැන කතා කරන්නට සිදු වී තිබේ.

රිසානාගේ මරණය සැලවීමෙන් පසු ඇගේ නිවෙස අසල

රිසානා මරා දමයි

සව්දියේ මරණ දඩුවම නියමව සිටි රිසානා නෆීක් අද පෙරවරුවේ මරා දැමු බව සෞදි ආරංචිමාර්ග පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය අංශයද මේ බැව් තහවුරු කරයි.ලංකාවේ වෙලාවෙන් උදේ 11.40ට මේ දඩුවම ක්‍රියාත්මක කොට ඇත.

ටෙනිසන්ගේ බණට කන් දෙන්න!


වයස්ගත ටෙනිසන් දැන් බණ කියන්නට පටන්ගෙන තිබේ. එහෙත් මේ බණ නරක නැත. ව්‍යාජ නැත. ජීවිතය තත්වාකාරයෙන් වටහාගත යුතු කිසිවකු වෙත් ද, ඔහු හෝ ඇය හෝ කිසියම් මිලක් ගෙවා යථෝක්ත බණ දේශනාව තමන් සන්තක කර ගත යුතුය. එයින් කිසිදු පාඩුවක් සිදු නොවන බව හොඳට ම සහතිකය. ටෙනිසන් දැන් පරිණතය. ඒ තරමට ම සන්සුන්ය. “එකොළොස් ගිනි” නවකතාව ටෙනිසන්ගේ කතා කලාවේ හැරවුම් ලක්ෂයයි.

2013-01-08

ගම්පහ ‘අඹසෙවණ’ අයිතිකරුට පුතා මිරිස් ගලෙන් ගසා මරාදාලා


updating news

* බහින්බස් වීමක් හේතුවට මුල් වෙයි
* මුද්දකුත් උස්සන් පුතා පැන ගිහින්









ගම්පහ කුමාරතුංග මාවතේ “අඹසෙවණ” ගෙස්ට් හවුස් ආයතනය පවත්වාගෙන යමින් සිටි යූ. පී. වික්‍රමරත්න (53) හැවිරිදි ව්‍යාපාරිකයා පසුගිය 7 දින දහවල් 1ට පමණ එම ආයතනයේ තුන්වැනි මහලේ පුටුවක් මත නින්ද ගොස් ඇති අවස්ථාවක මියගිය අයගේ පළමු විවාහයේ පුතකු විසින් මිරිස් අඹරන ගලකින් හිසට ගසා බරපතළ තුවාල සිදුකොට පලාගොස් ඇත. තුවාලකරු ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලටද, ඇතුළත් කිරීමෙන් පසු හෙතෙම මියගොස් තිබේ.
මියගිය ව්‍යාපාරිකයා හා ඔහුගේ පුතා අතර පසුගිය 06 වැනි දා බහින්බස් වීමක් සිදුවී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙයට අමතරව සැකකරු ව්‍යාපාරිකයාගේ ‘කබඩ්’ එකක තිබූ රත්රන් මුදුවක් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටී.
------------------------------------------------------------------------------------------------------------------------------
නිමල් ජයසිංහ

මධ්‍යම අප්‍රිකා විලාසිතා දැක්මකින්

අද අප ඉදිරිපත් කරන්නේ මධ්‍යම අප්‍රිකා ජනරජයේ පැවැති මෝස්තර නිරූපන දැක්මක අවස්ථා කීපයකි. මේ මෝස්තර දැක්ම ඔවුන්ටම ආවේනික අයුරකින් පවත්වා ඇත. බලන්න එහි වෙනස.





----------------------------------------------------------------------------------------------
-  AFP 

පුතා ගේ පහරින් අඹ සෙවණ මුදලාලි මරු දකී

ගම්පහ අඹ සෙවණ රෙස්ටූරන්ට් හි අධිපතිවරයා මරා දමා ඇත. සිය පුතා විසින් පහර දී මෙන් මේ මරණය සිදුව ඇතැයි පැවසේ. මේ පුත්‍රයා ඔහුගේ පළමු බිරියගේ බවද පැවසේ.
පුවත අලුත් කළා වෙනම ඇති

නොමිලේ බෙදන පෙළ පොත් විකුණන්න දාලා

රජයේ පාසල්වල නොමිලේ බෙදා දීමට තිබූ පාසල් පොත් තොගයක් ගම්පොළ ව්‍යපාර ස්ථානයක විකිණිමට තිබියදී අත් අඩංගුවට ගෙන ඇත. මේ පොත් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බව පොලිසිය කියයි.

2013-01-07

මෙවර 5වැන්නේ ශිෂ්‍යත්ව විභාගයේ කඩ ඉම් ළකුණු



පිරිමි විද්‍යාල:-

රාජකීය විද්‍යාලය, ‍කොළඹ 183
ආනන්ද විද්‍යාලය, කොළඹ 179
ධර්මරාජ විද්‍යාලය, මහනුවර 179
නාලන්ද විද්‍යාලය, කොළඹ 177
මලියදේව විද්‍යාලය (පිරිමි), කුරුණෑගල 177
කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර       176
ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ   175
රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල     175
ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල     174
ඉසිපතන විද්‍යාලය, කොළඹ       172
ශාන්ත සිල්වෙස්තර,මහනුවර 172

අද කපා කොටා මරා දැමුණු පොලිස් නිලධාරිනිය

අද උදෑසන කොටුව මගිපාලම මත දී කපා කොටා මරා දමන ලද කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ සේයා රූ .


මියගිය නදීශානි මධුභාෂිනී 

රට සල්ලි හොරට පැටවූ කැමරන් ජාතිකයා දැලේ




යුරෝ 21000ක් රැගෙන මෙරටින් පිටවීමට තැත් කළ කැමරන් ජාතිකයකු 06 දා ර්ගු අත්අත්ඩංගුවට පත් විය.


රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා එම මුදල එම විදේශිකයා ඇද සිටි කබායේ සාක්කුවක තිබී සොයාගෙන තිබේ.

මි ගස් ජාවාරම් කරු අත්අඩංගුවේ


අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දේවාලහිද මී ගහ පල්ලම මී ගස් අරේ මී ගස් තුනක් කැපු පුද්ගලයෙකු අම්පාර වන සංරක්ෂන දෙපාර්තමේන්තුව මගින්( 6) දහවල් අත් අඩංගුවට ගන්නා ලදි.