2013-05-28

ට්‍රැක්ටරේ ඉස්කෝලේ ගිහින්

අම්පාර ඉරක්කමාමම් මානික්කමඩු හන්දියේ නවතා තිබූ මේ ට්‍රැක්ටරය කුඩා දරුවකු විසින් පණ ගැන්වීම හේතුවෙන් පාසලක තාප්පයක්ද කඩාගන ගොස් තිබුණේ මෙසේයි. මෙයින් එම ට්‍රැක්ටරය පැදවූ දරුවාට කිසිදු හානියක් වී නොතිබුණේ හාස්කමකින් මෙනි.
මෙවන් අනතුරුවලට වගකිව යුත්තේ කවුද?




10 comments:

  1. ආණ්ඩුවෙ තාප්පයක් නම් වග කියන්න ඕන රටේ දරුවන්ගෙ පියා.

    ReplyDelete
  2. කෙලලා තියෙන්නේ තාප්පෙටම!

    ඉස්සරහ රෝද දෙකත් ගැලවිලා ගිහිල්ලනේ!

    වගකියන්න ඕනෙ අය පිළිබඳව කරපු සම්මෙක්ෂනයේ ප්‍රතිඵල:

    1.තාප්පේ ඔතන බැඳපු එකා.
    2.මැසි පර්ගියුසන් නම් පුද්ගලයා
    3.ආදම්

    පලි: මම ට්‍රැක්ටරයක් එලවලා නැති නිසා දන්නේ නෑ. ට්‍රැක්ටරේ ස්ටාට් කරන්න යතුරක් තියෙනවද, නැතිනම් කෙලින්ම ස්ටාර්ටර් බට්න් එකක්ද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඈ බන් හෙන්රි උඹ කැකිල්ලේ පරපුරේද?

      Delete
    2. යතුර දාල ස්ටාර්ට් බටන් එක ඔබන්න ඕන.

      මං හිතන්නෙ ඕකට වගකියන්න ඕන රෝදෙ හොයාගත්ත එකා.

      Delete
    3. මාව නම් අල්ල ගන්න එපා මම ඔය කිසිම දේකට සම්බන්දයක් නැහැ...

      Delete
    4. සහන් මොන කොමෙන්ට් එක දැම්මත් කමක් නෑ ඔන්න ඔහොම කෙටියෙන්... බලහන් මාතලන්ගෙ පෝස්ට් එකේ පැය බාගයක් ස්ක්‍රෝල් කරත් උඹේ කොමෙන්ට් එක ඉවර නෑ....

      මීට පස්සෙ දිග කොමෙන්ට් දානකොට උදිත කරනවා වගේ කොමෙන්ට් එක උඹේ බ්ලොග් එකේ ලියලා කකා කරනවා වගේ ලින්ක් එක අදාල තැන දාපන්....

      Delete
  3. පව් අනෙ ඒ ලමයට ආස හිතෙන්න ඇති ටැක්ටරෙන් ඉස්කෝලෙ යන්න ..ඕකට වගකියන්න ඕනි ඉස්කෝලෙ

    ReplyDelete
  4. මේකට වගකියන්න ඕනෙ ට්‍රැක්ටරේ...පොඩි එකා ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් නොවී ඉන්න ට්‍රැක්ටරේ දැනගන්න ඕනෙ...

    ReplyDelete
  5. හාස්කම් වෙනවා කියන එකට මේකත් උදාහරණයක්ද...??

    ReplyDelete
  6. අනිවාර්යයෙන්ම මේකට වග කියන්න ඕන ආණ්ඩුව...ආණ්ඩුව නෙමෙයි නම් විපක්ෂය...ඔය දෙගොල්ලොම නෙමෙයි මහ ජනතාව.....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.