රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-31

ගෙවීයන 2012 වසරේ දසලක්ෂ වැනි සංචාරකයා ත් එයි


2012 වසරේ දිවයිනට පැමිණි වාර්තාගත දශලක්ෂ වැනි සංචාරකයා ඊයේ(30) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මහත් හරසරින් පිළිගැණුනි. 
මෙම දශලක්ෂ වැනි සංචාරකයා චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඹඛ 889 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 10.00 ට මෙරටට පැමිණියේය. 

සුජාත දියණිය සමග වෙනත් මානයකට


කැමරාව නිවැරදි අයුරින් දිසා ගත වු විට නිවැරදි සිනමාවක් බිහිවේ. සමාජයේ අකල්ප නිවැරදි අයුරින් වෙනස් කළ හැකි නිර්මාණයක් බිහිවිම ඉතාමත් වැදගත්. නමුත් එය බොහෝවිට මුදල් මත මනෝ සංකල්පයකට මුවා වී නිර්මාණය විම භයානක ප්‍රථිපල ගෙන දෙන්නකි .

හලාල් සහතිකය ගන්න දෙන සල්ලි කොයිබට ද?

හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවධානමක් පවතින බව බොදුබල සේනා ජාලය ප්‍රකාශ කරති.
කැනඩාවේ හලාල් සහතික ලබා ගැනීමට යොදවන මුදල් ත්‍රස්තවාදීන් අතට පත්වන බවට සන් ප්‍රවෘත්ති සේවය මගින් අනාවරණය කළ බවද එහි සාමාජිකයෝ පවසති.

හෙට සිට රියදුරු බලපතට ළකුණු ක්‍රමය එයි


රියැදුරන් සඳහා රියැදුරු අභිවෘද්ධි ලකුණු ලබාදීමේ ක්‍රමය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් හෙට එනම් ජනවාර මස 1වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
සේයා රුව මෙතැනින් http://img80.imageshack.us/img80/1383/58303977.gif
විනය ගරුක හා වැරදි නොකරන රියැදුරන් බිහිකිරිම මෙහි අරමුණ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්. එච් හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

සංකල්ප ගෙන් අපූරු නිමැවුමක්




ප‍්‍රසාද් සංකල්ප තම නවතම නිපැයුම ඇතැතිව
අකුණු ගහන ගොරවන මහ වැස්සේ දීත් නිවසේ රුපවාහිනිය නැරඹිය හැකි අකුණු සන්නායකයක් හා නවතම රුපවාහිනි බූස්ටරයක් බෝගහගොඩ අගුළුගහ වැලිකොන්ද ගමෙහි වයස අවුරුදු 15ක් වු එච්.එම්.ප‍්‍රසාද් සංකල්ලප සිසුවා නිර්මාණය කොට ඇත. ඔහු බෝගහගොඩ දෙරපේ මහා විද්‍යාලයේ 2013 වසරේ 10 වන පංතියට සමත් වු සිසුවෙකි.

2012-12-30

හඳගම ගේ ඉනි අවන්ට මොකද වෙන්න යන්නේ


හඳගම අලුත් දෙයක් කරලා කියලා ආරංච් උනාම එක ගැන හොයන්න බලන්න පිරිසක් ඉන්නවා .ඒක තරාතිරමක් නැතිව මේ ලංකාවේ වුණු දෙයක්.ඒ හඳගම හදා ගත්ත සිනමා අනන්‍ය තාව .
නමුත් අම්පාරේ මේ තත්ත්ව වෙනස් කියලා වැටහුණේ හඳගම හදපු සිනමා කෘතිය බලන්න නගරේ තියෙන පුංච් සිනම ශාලාවට ගියාට පස්සෙයි. මට දෙයියනේ කියලා හිතුනා .
චිත්‍රපටය බලන්න සේනගක් නෑ .චිත්‍රපටය සිනමා ශාලවට ඇවිල්ලා තියෙන්නේ පසුගිය 21 වෙනිදා එක දර්ශන වාරයයි පෙන්නලා තියෙන්නේ .එකත් 11 දෙනෙකු ට. 

නංගි කෙනෙක් කණා මුට්ටිය බින්ද හැටි චන්දනගේ ඇසින්.

මේ පුංචි සටහන චන්දන ලියනාරච්චි ගැන... සමාවෙන්න අපේ ගායක තුමා නොවෙයි.. අම්පාර ප්‍රදේශයෙන් මාධ්‍ය කලාවට එක් වුණු තරුණයෙක් ගැන. ඔහු අද විද්‍යත් මුද්‍රිත මාධ්‍ය ආයතන ගනනාවකට ම සේවය සලසන ව. බොහොම කඩිසරව තම කාර්ය ඉටු කරන ඔහුගේ මුහුණු පොතේ මේ පිංතුර දෙක තිබුණා. බොහොර කලාතුරකින් දකින්ක හැකි සේයා රූ දෙකක් නිසා මා එය මෙසේ ඔබට ඉදිරිපත් කරනවා. චන්දන මුහුණු පොතේ දාල තිබුණේ මෙදා අවුරුදු උත්සවේ දී නංගි කෙනෙක් කණා මුට්ට්ය බින්ද හැටි මගේ  කැමරාවේ මෙසේ සටහන් විය කියලයි. මෙන්න ඒ පිංතුර 


ඔන්න අද කොළ වැස්සක් මාතලේට

මේ දවස් වල මං රතු වැහි කහ වැහි ගැන තොරතුරු ඔයාලට ගෙනාවනේ. අද ගේන්නේ කොළ පාට වැස්සක් ගැන තොරතුරක්. මේ කොළපාට වැස්ස ලැබුණේ අද සවස මාතලේ උකුවෙල ප්‍රදේශයට.



රජරට දැන් මෙහෙමයි

මහ වැස්සෙන් පස්සේ අද රජරට දසුන් කීපයකි මේ.බලන්න වෙලා තිබෙන විනාශය හා ජනතාව විදින දුක. 

පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පිළිසරක කරයි


මහ වැසි නිසාවෙන් හේදී ගිය පරාක්‍රම සමුද්‍රයේ බැම්ම යළි පිළිසකර වෙමින් පවතින අයුරු. වාරි ඉන්ජිනේරුවරුන් පවසන්නේ මෙය බැම්ම පිපිරී යාමක් නොව වැස්සට බැම්ම හේදී යාමක් බවයි.


මෝටර් රිය බොක්කුව පල්ලේ



අම්පාර උහන මාර්ගයේ ඊයේ (29)  ජිප්රථයක හා මෝටර් රථයක්  එකට ගැටිම නිසා එම අනතුරින් මෝටරථය අසල තිබු අඩි දහයක් පමණ ගැඹුරැති බොක්කුවට ඇද වැටිණි.මෙම මාරාන්තික රිය අනතුරින් මොටර් රථයේ ගමන් කල  වයස අවුරුදු (11) පමණ වන ටි.ඒ. හිරුෂ දිනෙත් නැමැති පිරිමි ළමයෙකු සහ එම රිය ධාවනය කල අම්පාර කොට්ඨාශ රථ වාහන පොලිසියේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු වන ටි.ඒ.සරත් චන්ද්‍රසේන අවස්තාවේදිම මාර්ගයේ ගමන් කල පිරිස් විසින් අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.


2012-12-29

තුල්යාමිට කැමරාවක් අහුවෙලා



බොහොම දවසකින් මගේම ලිපියක් සමකයට එක් කළේ නෑ. ඒකට හේතු ගොඩක් ම තිබුණා. 
නත්තලට කලින් සුමානයක් විතර විවේක නිවාඩුවක් එක්ක පොඩි විදෙස් සංචාරයක් ලැබුණා. 
ඒ ආ ගමන් කට්ටියම නිවාඩු අස්සේ අපි දෙතුන් දෙනකුට කාර්යාලයේ සම්පූර්ණ වැඩ ටික ඇදන් යන්න වුණා. ඉතින් ලියන්න ඇත්තටම වෙලාවක් නැති වුණා. ඉතිරි සේයාරූ පහළ

දඹුල්ලේ පොලිස් අනතුරක්


දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ දී අද අලුයම සිදු වූ රිය අනතුරකින් හාමුදුරු  වරු දෙදෙනෙක් හා එක් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පොලිස් ට්‍රක් රියක් හා වෑන් රථයකි. පොලිස් රිය දඹුල්ල පොලිසියට අයත් අතර පරීක්ෂණ කටයුතුද දඹුල්ල පොලිසිය මගින් සිදු කරයි. මේ එහි දසුන් කිපයකි


2012-12-28

ප්‍රශ්න පත්‍ර සිද්දියේ සැක කරුවන් යළි රිමාන්ඩ්

ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධියේ සැකකරුවන් හතරදෙනාම ලබන 10 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරයෙන් නියෝග කරන ලදි. සේයා රූ මගින් දැක්වෙන්නේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ අයුරුයි.



----------------------------------------------------------------------------------------
සමන්ති මීරියගල්ල


මහනුවර දී හොර කච්චේරියේ දි හොර සල්ලිත් අත්අඩංගුවට

මහනුවර කිරිබත්කුඹුරේ පවත්වාගන ගිය හොර කච්චේරියක් වටලයි.රුපියල් පන් දහසේ හා දහසේ හොර නෝට්ටු, හොර පාස්පෝට්, රියැදුරු බලපත් හා සහතික තොගයක් සමග මෙහිදි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි.








යුද හමුදාවේ හිටපු සෙබළෙක් ද, පරිගණක ශිල්පියෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මෙහිදි රුපියල් ලක්ෂ දෙක හමාරක හොර සල්ලි හා පාස්පෝට් වෙනත් ලියැවිලි අත් අඩංගුවට ගෙන ඇත.
-----------------------------------------------------------------------------------------
ඉන්දික පොල්කොටුව


ලොකුම රක්ෂිතයේ දැව ජාවාරමක්

ශ්‍රී ලංකාවේ විශාලතම තේක්ක රක්ෂිතය වන දිගම්පතන තේක්ක රක්ෂිතයේ තවමත් ජයටම දැව ජාවාරම සිදුවනවා. අද දින ද තේක්ක කඳන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නට බලධාරීන් සමත්ව ඇතත් සැක කිසිවකු අත්අඩංගුවට ගන්නට නොහැකි වි ඇත.


පතලක වායු විෂ වි තිදෙනෙක් මරු දකී

නිවිතිගල පහළ දෙල්වල ගිල්ම ප්‍රෙද්ශයේ මැණික් පතයක් තුළ වායු විෂ විමෙන් පතල් කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත්ව ඇත. තවත් තිදෙනෙක් බරපතළ රෝගී තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.තට්ටු 9කින් යුත් අඩි 20ක් පමණ ගැමුරු මේ සිදුවීම වී ඇත.නිවිතිගල සිට සැතපුම් 12ක් දුර ගමක මේ පතල පිහිටා ඇත.

ලුණුගල කන්දත් නාය යයි

බදුල්ල මඩකළපුව ඒ -5 මාර්ගයේ ලුණුගල කීනගොඩ පෙදෙස මේ වන විට නාය යාමට පටන් ගෙන ඇත. කීනගොඩ කන්දේ අක්කර 10ක් පමණ නාය යාමට පටන් ගෙන ඇත. මේ එම පෙදෙසේ වත්මන් තත්ත්වයයි


කැලේ අලින්ටත් වැස්සෙන් ආපදා

මේ දිනවල පවතින් අධික වැස්සත් සමඟම රජරට වැව් සියල්ල පිරී ඉතිරි යද්දි මහකනදරා වැවට අලියෙක් වැටී ඇති දසුනකි මේ. මේ අලියා ගොඩට ඒමට නොහැකිය දියේ සිටි අයුරු. මේ සම්බන්ධයෙන් වන ජිවී අංශ මේ වනවිට දැනුවත් කොට ඇත.



------------------------------------------------------------------------------------------
ප්‍රියදර්ශනී කරුණාරත්න

හොරිවිල වැවත් පිටාර ගලයි

මල්වතු ඔයේ ආරම්භය සේ සැළකෙන පලුගස්වැව හොරිවිල වැව ද මේ වන විට පිටාර ගලන්නට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් පහත් බිම් යටවන්නට ඉඩ ඇතැයි වාරි නිලධාරිහු පවසති.



කඳුකරයේ අද දැඩි මිදුම් තත්ත්වයක්


අද උදැසන සිට බදුල්ල නුවරඑළිය ප්‍රදේශයන්හි දැඩි මිදුම් තත්වයක් පැවතිනි. මේ නිසා වාහන ගමනා ගමනය දැඩි අසිරු තත්ත්වයක් ගනු ලැබ තිබිණි. මේ තත්ත්වය ඉදිරි දින වලද පැවතිය හැකි බව පැවසේ.


2012-12-27

කිවුලේකඩ වැවේ බැම්මේ අඩි 100ක් පමණ කැඩි යයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනවැව පිහිටි කිවුලේකඩ වැවේ බැම්ම අද සවස අඩි 100ක් පමණ කැඩි ගොස් ඇත. එහි ජලය අක්කර අඩි 7000ක් වූ බව පැවසේ. මේ වනවිට පහළ ජනතාව ඉවත් කිරිමට පියවර ගෙන ඇත.


අද අලුයම සිරිපා මළුව මෙසේ දිස්විය.

අද අලුයම කාලයේ දී සිරිපා සමය අමඹමින් දේව ප්‍රතිමා රැගත් පෙරහර මහ මළුවට ළගා විය. එහි දී  සාම්ප්‍රදායික වතාවත් පැවැත් වුණේ මේ අයුරිණි. ඉර සේවයද අද කදිමට දැකගන්නට හැකිව ඇත. දහස් ගනනක් බැතිමත්හු මේ අවස්ථාවට එක් වූහ.

හබරණටත් අද කහ වැහි එය රජ රට ටම පැතිරෙයි


හබරණ අවට ගම්මාන කිහිපයක ස්ථාන කිහිපයක අද (27)  උදෑසන කහ පැහැති වැස්සක් වැටුන බව ප්‍රදේශවාසීහු පවසති. 

  හබරණ, ඊරිඔය ගම්මානයේ අතරින් පතර  පිහිටි නිවාස පහකට පෙරවරු 9.00-10.00 අතර දී කහවැසි වැටී ඇත. එමෙන්ම හබරණ - දඹුල්ල මාර්ගයේ හිරිවඩුන්න ගම්මානයේ  හිරිවඩුන්න විදුහල ඉදිරිපිට නිවාස කිහිපයකට සහ හිරිවඩුන්න - ඉදිගස්වැව මාර්ගයේ නිවාස 
කිහිපයකට ද කහ වැසි වැටී ඇත.
   එමෙන්ම පලුගස්වැව ගම්මානයේ පලුගස්වැව-බෙල්ලන්තඩවල මාර්ගයේ  නිවාස කිහිපයකට ද මෙම කහ වැසි 26 දා දහවල් වැටී ඇත. 
   ඊරිඔය ගම්මානයට වැටුනු කහවැස්සෙහි සාම්පලයක් බෝතලයක දමා ඇති අයුරු මෙහි දැක්වේ. මේ කහ වැස්ස අනුරාධපුර මෙන්ම පොළොන්නරුව ප්‍රෙද්ශවලටද පැතිරී ඇතැයි එහි ජනතාව පවසයි.
-----------------------------------------------------------------------------------------------------------------------------------
හබරණ ගුණවර්ධන

18 වංගුව මාර්ගය ගමනා ගමන කටයුතු සදහා යලි විවෘත කෙරේ



 තාවකාලිකව වසා තිබු 18 වංගුව මාර්ගය අද (27) දින උදැසන සිට යළි මගි ප්‍රවාහනය සහ ගමනා ගමන කටයුතු සදහා විවෘත කර ඇත.



2012-12-26

සිරිපා සමය අරඔමින් ප්‍රතිමා වඩමවයි


සිරිපා වන්දනා වාරය හෙට(27) ආරම්භ කෙරේ. සිරිපා වන්දනාව ආරම්භ කිරීම සඳහා සධාතුක කරඩුව සමන් දෙවි පිළිරුව සහ දේවාභරණ රැගත් පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහාවිහාරයෙන් අද (26) පිටත් විය.

අපේ මිනිසුන් 40000ක් බිලිගත් සුනාමිය ඇවිත් අදට අට වසරයි...

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය 40000ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් සමරා අද දින ලංකාවේ විවිධ පළාත්වල ආගමික වතාවත් සිදුකෙරිණි.අද පැවතියේ සුනාමියේ අටවැනි සමරුවයි. පැරලිය බදුල්ල මෙන්ම මඩකළපුවේද මේ ආගමික වතාවත් පැවැත්විණි.



බුරුත හොරු දැලේ



අම්පාර වන සංරක්ෂණ කාර්යලයේ නිළධාරින් විසින් අනවසරයෙන් බුරුත දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු (26) අම්පාර නගරය අසන්නයෙදි අත්අඩංගුවට අඩංගුවට ගන්නා ලදි.
මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බව නිළධාරින් පෙන්වා දෙයි.  අම්පාර නාමාල් ඔය ප්‍රදේශයේ සිට මෙම බුරුත කදන් තොගය ප්‍රවාහනය කර ඇති අතර ලැබුන තොරතුරක් මත වැටලිම සිදු කර ඇත.
අත් අඩංගවට පත් අත් පුද්ගලයින් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අත් අඩංගුවට පත් අනවසර බුරුත කදන් තොගය
-----------------------------------------------------------------------------------------------------
චන්දන ලියනාරච්චි


2012-12-25

නත්තල් දා සිසුවකුගෙන් පින්කමක්

නත්තල් දවසේ දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මුවෙකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවකු වන හසිඳු ටිරෝන් දරුවා සමත් වි ඇත.



--------------------------------------------------------------------------------------------------------------------
ප්‍රදීප් ගුණවර්ධන

මාධ්‍යෙව්දිනි අමිලා ජයසිංහ අනතුරකින් මිය යයි



අනතුර වු තැන


නත්තල් දිනයේ සංවේග දායක පුවතක් මේ ගෙන එන්නේ. සිලෝන් ටුඩේ පුවත් පතේ සේවය කරන අමිලා ජයසිංහ මාධ්‍යෙව්දිනිය මෙයට සුලු මොහොතකට පෙර ලොරියකට යටවීමෙන් මිය ගියාය. මේ අනතුර සිදුව ඇත්තේ එම කාර්යාලය ඉදිරිපිටදි බව පොලිසිය කියයි.


අනතුරෙන් මිය ගිය අමිලා



සුබ නත්තලක් වේවා යාළුවනේ



සමකය වටේ අඩවිය හා නිබඳ රැදුන ලෙංගතු මිතුරු මිතුරියනේ නත්තල් සමරණ ඔබ සැමට සිරි සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ඇනෝලටත් එක්කමයි.

මම නලින්...

2012-12-24

වික්ටෝරියා ජලාශයේද දොරටු දෙකක් ඇරේ

අධික වැසි හේතුවෙන් මේ මොහොත වන විට වික්ටෝරියා ජලාශයේ ද ස්වයංක්‍රීය දොරටු දෙකක් විවර වී ඇත. එයින් නික්මෙන ජල කඳ හේතුවෙන් පහළ බිම් යට වීමට ඉඩ ඇත. මේ එහි දසුන් කිපයකි.


Add caption




--------------------------------------------------------------------------------------------------------------------------------
අසේල කුරුළුවංශ,ඉන්දික පොල්කොටුව


ජාතික ආරක්ෂිත දිනය සැමරීම අරුත්බර වීමටනම්


දිනෙන් දින සිදුවන ස්වභාවික ආපදාවන් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ලොව පුරාම වර්තමානය වන විට දක්නට ලැබේ. ස්වභාවික ආපදාවන් නිසා පැන නැගෙන ද්විතියික ඝණයේ ආපදාවන්හි බලපෑම්වලට ද (Secondary hazards) ලෝක ප්‍රජාවට ඉතා දැඩි ලෙස මුහුණ පෑමට සිදුව ඇත. මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි ලෙස විශ්ලේෂණය කරනවානම් ගංවතුර තත්ත්වයකින් පීඩාවට පත්වන ජනතාව එහි බලපෑම් අවසන් වුවද ද්විතියිකව ගොඩනැගෙන වසංගත තත්වයන් පවුලේ සාමාජිකයින්ගේ මියයාම් සහ අබාධිතවීම් ජීවන වෘත්තින්ගේ අහිමිවීම් වැනි අතුරු ව්‍යසනයන් රැසකගෙන් දිගුකාලීනව පීඩාවට පත්වේ. විටෙක මෙම තත්ත්වය දෙවන පරම්පරාවක් කරා බලපෑමට ලක්වීමට තරම් දරුණු වනු ඇත. මෙවැනි බලපෑම් සැම තාක්ෂණික ආපදා තත්වයකින්ම බිහිවන අවසන් ප්‍රතිඵලයයි. මින් ගම්‍ය වන්නේ ස්වභාවික ආපදාවන් මිනිස් ජීවිතයට බලපෑම් එල්ල කරන්නේ ඉතා රුදුරු අන්දමින් බවයි.

වර්තමානය වන විට විවිධ ස්වභාවික ආපදාවන් විවිධ කාල වකවානුවලදි පැන නැගෙමින් පවති. සුළි සුළං, අකුණු සැර, ගංවතුර, නායයෑම්, භූමිකම්පා, සුනාමි සහ නිය`ගය ඒ අතරින් සුවිශේෂි තැනක් ගෙන ඇත. කාලගුණික විපර්යාස (Climate Change) හේතුවෙන් මෙම ස්වභාවික ආපදාවන්ගේ සිදුවීම් ප්‍රවණතාවය ඉහළ අගයක් ගෙන ඇත. ලෝකයේ සිය`ඵම කලාපවලට සංවර්ධනය සඳහා මෙම තත්වය ප්‍රබල බලපෑමක් එල්ල කිරිමට සමත්වීම අප විශේෂයෙන් අවධානය යොමුකළ යුතු කරුණකි. ලොව බොහෝ රටවල් සංවර්ධන ඉලක්ක කරා මෙහෙයවීමේදි ප්‍රබලම බාධකය වී ඇත්තේ මෙම ස්වභාවික ආපදාවන් වීම ඉතා වැදගත් කරුණකි. රටක සංවර්ධනය වෙනුවෙන් යොදන ප්‍රාග්ධනය ආපදා සහන කටයුතු හා නැවත ගොඩනැගීම වැනි කටයුතු වලට යෙදවීමට සිදුවීම මෙයට ඇති ප්‍රමුඛතම හේතුව වී ඇත. ලොව ස්වභාවික ආපදාවන් ම`ගින් වැඩිපුරම බලපෑමට ලක්වන්නේ ආසියානු කලාපය බව පර්යේෂණයන් ම`ගින් අණාවරනය වී ඇත. මෙය ආසියාතකයින් ලෙස අපගේ අවධානයට පාත්‍ර විය යුතු කරුණකි. එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ 2011 වාර්තාවට අනුව (2011 Global Assessment report on Disastor Risk Reducation)  දිනකට ස්වභාවික ආපදාවන්හි බලපෑම්වලින් මිය යන පුද්ගල සංඛ්‍යාව 200 ට ආසන්න සංඛ්‍යාවකි. ආපදා අවදානම් කළමණාකරණයේ ප්‍රමුඛතම පරමාර්ථය වනුයේ ආපදා වලින් සිදුවන මිනිස් ජීවිත විනාශවීම වළක්වා ගැනීමයි.

කාළගුණික විපර්යාසයන්හි (Climate Change) බලපෑමත් සම`ග ලොව ස්වභාවික ආපදාවන්හි තීව්‍රතාවය ද ඉතා විශාල ලෙස වර්ධනයක් දක්නට ලැබේ. දශක කිහිපයකට පෙර පැවති නායයෑම් භූමිකම්පා තත්වයන් මෙන්ම ගංවතුර වැනි ආපදාවන්හි ප්‍රබලතාවය වර්තමානයේදි ක්‍රමිකව වැඩිවීමක් දක්නට ඇත. ආපදාවන් ම`ගින් සිදුවන බලපෑම රටක දිළිදු බව වර්ධනයට සෘජුවම සම්බන්ධතාවයක් පවති. බොහෝ විට ආපදාවන් සඳහා ගොදුරු වන්නේ ද දිළිඳූ ප්‍රජාවන්ය. එයට ප්‍රධානම හේතුව වන්නේ ඔවුන් අනවසර සහ අවදානම් ස්ථානවල පදිංචි වී සිටිමත්, අඩු පහසුකම් සහිත නිවාසවල වාසය කිරිම සහ ආපදාවන් ම`ගින් සෘජුවම බලපෑමට ලක්වන ජීවන වෘත්තීන්වල නියැලිමත්ය. මේ නිසා ආපදාවන් ම`ගින් සිදුවනුයේ ඔවුන්ගේ දිළිදු බව කිහිප ගුණයකින් වර්ධනය වීමකි. මෙම තත්ත්වය රටක සංවර්ධනයට අති විශාල බලපෑමක් ඇති කරනු ලබයි.

කෙසේ වෙතත් ස්වභාවික ආපදාවන් සංවර්ධනයට සිදුකරනුයේ අති දැවැන්ත බලපෑමකි. සංවර්ධනයේ ප්‍රාගමනය උඩු යටිකුරු කිරිම වුවද ආපදාවන් ම`ගින් සිදුකල හැක. ස්වභාවික ආපදාවන්වල බලපෑම ඉතා අවම වු ආරක්ෂිත පරිසරයක පැවති ශි‍්‍ර ලංකාවද මීට දශක  දෙකකට පමණ පෙර සිට ක්‍රමිකව එහි රුදුරු ග්‍රහණයට හසුවෙමින් පවති. පසුගිය දශකය තුළ එහි දැවැන්ත වු වර්ධනයක් දක්නට ලැබිණි. 2004 වසරේ සුනාමියත් 2011 වසරේ අධික වර්ෂාව නිසා ඇතිවූ නායයෑම්, ජලගැලීම් සහ ගංවතුර තත්ත්වයට මෙය සෘජුවම සාක්ෂි දරයි. සුනාමිය නිසා ජිවිත 40,000 පමණ ජාතියට අහිමිවුවා මෙන්ම 2011 වසරේ අධික වර්ෂාවෙන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අවතැන් විය. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට තම ප්‍රාග්ධනය ආපදා සහනසේවා සහ නැවත ගොඩගැනීම වෙනුවෙන් යෙදවීමට සිදුවීම සැබවින්ම රෙටි ආර්ථිකයට සුවිසල් බලපෑමක් එල්ලකර ඇත.

2005 වසරේ සිට සෘජුවම ශ්‍රී ලංකාවද ආපදා කළමණාකරන කටයුතු සඳහා රජයක් වශයෙන් සම්බන්ධ වන අතර වර්තමානය වන විට ආපදා කළමණාකරන අමාත්‍යාංශයක් හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයක් ඒ සඳහා පිහිටුවා ඇත. මීට අමතරව තාක්ෂණික ආයතන රැසක ඒකාබද්ධතාවයෙන් 2005 අංක 13 දරණ ආපදා කළමණාකරන පනත ම`ගින් මෙම කටයුතු ජාතික මටිටමේ සිට ප්‍රාදේශිය මට්ටමට ගෙන ඒමට අවශ්‍ය මුලික ප්‍රවේශය ද සිදුකර තිබීම ශ්‍රී ලංකාවේ ඉදිරි සුරක්ෂිත බව  ගොඩනැගිමේ පෙර නිමිත්තක් ලෙස හඳාුනාගත හැක.

ආපදාවක් සඳහා සාර්ථකව මුහුණදීමේදී ව්‍යසනයන් සඳහා පෙර සුදානම් කි‍්‍රයාමාර්ග ගැනීමත් කිසිදු ආයතනයකට හෝ ජන කොටසකට වෙන් වෙන් වශයෙන් සිදු කළ නොහැක. ආපදාවක් සිදුවන විට ද එහි බලපෑම ජාති, ආගම්, හෝ ආයතන වශයෙන් වෙන් වශයෙන් නතු නොවේ. එහි බලපෑම සමස්ථ පද්ධතියටම ඒකාකාරිව පැතිර යයි. ඒ නිසාම අප ඒ සඳහා සාර්ථක ලෙස මුහුණ දිය යුත්තේ ද එක් ඒකකයක් ලෙස සම්බන්ධ වීමෙනි. මෙම තත්වය තවදුරටත් පැහැදිලි කරනවානම් ආපදා කළමණාකරණ කටයුතු සිදුකිරිමේදි සිය`ඵ ආයතන ඒකාබද්ධව සම්බන්ධීකරණය විය යුතුය. දේශපාලන අධිකාරි ආයතන, පරිපාලන ආයතන, තාක්ෂණික, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආදි වශයෙන් සිටින සිය`ඵ ආයතනයන්හි මනා සම්බන්ධීකරණයක් අවශ්‍යය. සංවර්ධන සැලසුම් සකස් කිරිමේ දි ආපදා අවම කිරිමේ සැලසුම් සැලකිල්ලට ගැනීම අතිශයින් වැදගත්ය. උදාහරණයක් ලෙස මංමාවත් සකස් කිරිමේදි එම ප්‍රදේශ ගංවතුර උවදුරට ලක්වේද? නායයෑම්  වැනි උවදුරු වර්ධනය විය හැකිද? යන්න පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක යෙදිම අත්‍යවශ්‍ය කරුණකි. මෙය ඕනෑම සංවර්ධන කටයුත්තකදි සැලකිය යුතු කරුණකි. එවැනි අවස්ථාවන් ඇතොත් ආපදා අවම කිරිමේ ව්‍යුහාත්මක ක්‍රම (Structural Mitigation methods)    පිළිබඳව අවධානය යොමුකර අදාළ සංවර්ධන කටයුතු සිදුකළ යුතුය හදිසි ආපදා කළමනාකරණ කටයුතු සදහා ප්‍රතිචාර දැක්වීමේදි මෙම ඒකාබද්ධතාවය තිබිය යුතුය. සම්පත් නිසිලෙස කළමණාකරණය කර ගැනීමට මෙන්ම අනවශ්‍ය නාස්තිය සිදු නොවීම මෙහිදි ඇතිවන ප්‍රතිලාභයි. ලාංකික සමාජ සංස්කෘතික වට පිටාවන් තුළ ග්‍රාමීය මට්ටමේ ඇති ප්‍රජා මුලික ශක්තීන් බොහෝය. හදිසි අවතැන්වීමකදි මෙවැනි ග්‍රාමිය මට්ටමේ ස්වේච්ඡා ප්‍රජා මුලික ශක්තිය සම්බන්ධකර ගැනීම තුළ එම සේවාවන් සාර්ථකව සිදුකර ගැනීමට ඇති හැකියාව තව දුරටත් ශක්තිමත් කිරිම තුළින් කාර්යක්ෂම ආපදා සහන සේවාවන් ග්‍රාමීය මටිටම තුළ ස්ථාපිත කර ගැනීමට හැකියාවක් ඇත.

සංවර්ධන කාර්යයන් තුළ තවමත් අප රෙටි ආපදා කළමණාකරන සැලසුම් සැලකිල්ලට ගැනීම සෙසු ආසියානු රටවලට සාපේක්ෂව බැලීමේදි තව බොහෝ දුරක් යා යුතුය. ප්‍රාදේශිය මට්ටමේදි ඇති සංවර්ධන කටයුතුවලදි වර්ෂාකාලයේදි බොහෝ යටිතල පහසුකම් විනාශ වනු දැකිය හැක. බොහෝ විට කඳූකර ප්‍රදේශවලදි නම් නිසි ජලවහන පද්ධතියක් සැලකිල්ලට නොගෙන මං මාවත් සහ ඉදිකිරිම් සිදුකිරිම මෙන්ම භූමිය ගැන නොසිතා ඉදිකිරිම් සිදුකිරිම මෙයට හේතු පාදක වී ඇත. තැනිතලා ප්‍රදේශයක නම් නිසි පරිදි සහ ප්‍රමාණවත් ආකාරයට ජල වහන පද්ධති සකස් නොකර සිදුකර ඇති සංවර්ධන ඉදිකිරිම් මගින් ජල ගැලීම් තත්වයන් ඇති වී ඇත. නාගරික ප්‍රදේශවල අක්‍රමවත් හා ඉදිකිරිම් නිසා මෙම ජල ගැලීම් තත්වය වර්ධනය වී ඇත. මෙහිදි සිදුවන්නේ අලුතින් සිදුකරන සංවර්ධන කාර්යයට මෙන්ම ජන ජිවිතයට ද සෘජු සහ වක්‍ර ලෙස ස්වභාවික ව්‍යසනයන්ගේ බලපෑම්වලට නතුවීමට සිදුවීමයි. සු`ඵ වර්ෂාවකදි’ වුවද මංමාවත් පාලම් සහ බෝක්කු කැඩියාමත් ජලගැලීම්වලට හසුවීමත් මගින් වර්තමානයේ මෙම තත්වය අපට මනාව පැහැදිලි කර ගත හැක.

දේශගුණික විපර්යාසයන් සැලකිල්ලට ගනිමින් කෘෂිකාර්මික වගාවන් කෙරෙහි ඇතිවන පර්යේෂණයක් මෙන්ම ආදේශකයක් ද මීට වඩා ඉතා ඉහළ මට්ටමකින් වැඩි දියුණු කිරිම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා දේශිය තාක්ෂණය සහ දැනුම අප රට සතුව තිබීම ද සුවීශේෂි කාරණාවක් ලෙස සැලකිය හැකිය.

ස්වභාවික ඇතිවන උවදුර ආපදාවන් දක්වා වර්ධනය වීමට තරම් හේතුපාදක වී ඇත්තේ සංවර්ධන කාර්යයන් මෙන්ම මිනිස් කි‍්‍රයාකාරකම්වල ප්‍රතිඵලයක් වශයෙනි. ජලගැලීම්, නායයෑම් වැනි බොහෝ ආපදා තත්වයන් සිදුවු අවස්ථාවන් දෙස විමර්ශණශිලි ලෙස අවධානය යොමුකළ විට පෙනී යන කරුණක් වන්නේ මිනිස් කි‍්‍රයාකාරකම්වල කෙතරම් සබඳතාවක් ඒ සඳහා ඇත්දැයි යන්නයි. කඳූකර ප්‍රදේශ හිතු මනාපයට කපා නිවාස, මං මාවත් ඉදිකිරිමත් ජල මාර්ග අවහිර වන සේ තැනිතලා ප්‍රදේශවල සිදුකරන ලද සංවර්ධන කාර්යයන් සහ ඉදිකිරිම් මගිනුත් මේ බවට අපට මනාව පැහැදිලි වේ. සංවර්ධනය ලෙස බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ඉලක්ක ගත භෞතික ඉදිකිරිම් ප්‍රමාණය විනා එහි ඇති තිරසාර බව නොවීම කණගාටුදායක තත්වයකි. දීර්ඝ කාලයක් තුල ගොඩනගාගත් දෑ ක්ෂණිකයකින් විනාශවිමත් එය ඉදිරි පරම්පරා ගණනාවකට බලපැම් කිරිමටත් සු`ඵ ආපදා තත්ත්වයක් වුවද හැකියාවක් ඇත. එය සමාජගත භෞතික සංවර්ධනය මෙන්ම සමාජ සංවර්ධනය ද විනාශ කරන තත්වයකි.

වසර අටක අතීතය දෙස ආවර්ජනය කිරිමේදි ශී‍්‍ර ලංකාව ආපදා කළමණාකරණ ක්‍ෂේත්‍රය තුළින් ඉදිරි පියවර කිහිපයක් ගෙන ඇති බව පසක් කර ගත හැක. දෙසැම්බර් 26 වන දින ජාතික ආරක්ෂක දිනය සැමරෙන මේ මොහොතේ සිහිපත් කර ගත යුතු කරුණු කාරණා රැසකි. ආපදා කළමනාකරණ කටයුතු සදහා රාජ්‍ය  මැදිහත්වීම සහ දැක්ම, ආපදා කළමණාකරණ අමාත්‍යාංශය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් සම්බන්ධිත ආයතන ම`ගින් මෙන්ම ආපදා කළමණාකරණ පනත සහ යම් යම් විධි විධාන වැනි ප්‍රතිපත්තිමය තීන්දු මගින් අවබෝධ කර ගත හැක. එහෙත් මෙම දැක්ම  නිවැරදි ආකාරයෙන් අපේක්‍ෂිත ඉලක්ක කරා ගෙන යාමට සිවිල් සමාජයට ද ප්‍රබල වගකීමක් ඇත. ආපදා කළමණාකරණ කටයුතු සඳහා රජය සමග අත්වැල් බැදගෙන කටුයතු කිරිම සමස්ථ සමාජයේම වගකීමකි. එකී අඩු පාඩු සහ වැරදි විවේචනය කරමින් සුභදායි පියවරයන් අගය කරමින් නිවැරදි ඉලක්ක කරා මෙහෙය වීමට මැදිහත් වීම සමස්ත සමාජයේම වගකීමකි. සැබවින්ම එය ජාතික වගකිමකි. ජාතික ආරක්ෂිත දිනය සැමරිම සැබැ ලෙසම ඉන් අරුත් බර වනු නොඅනුමානය.
ඉන්දික රණවිර
දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
මහනුවර




Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්