රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-11-30

අලි 4ක් අධි සර විදුලි රැහැනට බිලි

වාලච්චේන වාකනේරි ප්‍රදේශයේ දී අධි සර විදුලි රැහැනක පැටලීමෙන් වන අලි 4දෙනකු මිය ගොස් ඇත. මේ විදුලි රැහැන දින දෙකක් තිස්සේ බිමට පාත්ව තිබී ඇතැයි පැවසේ. අලි මංකඩක් හරහා වැටී තිබූ මේ විදුලි රැහැන පාත් වීමෙන් මීට දින දෙකකට පමණ පෙර මේ අලින් මිය යන්නට ඇතැයි පරීක්ෂණ අංශ කියයි. මෙසේ අලි මිය ගොස් සිටි අයුරු දින දෙකක් පමණ කිසිවකු දැන සිට නැත. විදේශිකයකු දුන් දුරකථන ඇමතුමක් මත මේ අලි සිරුරු සොයා ගෙන ඇත. මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.



---------------------------------------------------------------------------------
GAMINI OBESEKARA - ගාමිණී ඔබේසේකර


ඉපදෙනවනම් මෙන්න රටවල් ......


වර්ෂ 2013 දී ඉපදීමට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාවට 63 වන ස්ථානය හිමිව තිබේ.

ලන්ඩනයේ ඉකොනොමිස්ට් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ළකුණු 5. 71 ක් ලබා ගත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත. 

ඉපදීමට හොඳම රට ස්විට්සර්ලන්තය වන අතර ඉපදීම සඳහා නුසුදුසුම රාජ්‍යය වන්නේ නයිජීරීයාව බව සමීක්ෂණයට අනුව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ 63 වැනි ස්ථානය දිනා ගන්නා විට අසල්වැසි ඉන්දියාවට හිමි ව ඇත්තේ 66 වැනි ස්ථානයයි.

සෙසු දකුණු ආසියානු රටවල් වන පාකිස්තානයට 75 වන ස්ථානයත් බංගලාදේශයට 77 වන ස්ථානයත් හිමිව ඇත.

ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව,නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, සිංගප්පූරුව, නවසීලන්තය, නෙදර්ලන්තය, කැනඩාව සහ හොංකොං යන රාජ්‍යයන් ඉපදීම සඳහා වඩාත් සුදුසුම රාජ්‍යයන් දහය බව එම සමීක්ෂණයේ දැක්වෙයි. 

සමීක්ෂණයට අනුව අමෙරිකාව සහ ජර්මනිය 16 වැනි ස්ථානයත් මහා බ්‍රිතාන්‍යයට 27 වැනි ස්ථානයත් හිමිව තිබේ.

මෙතැනින්  ඉකොනොමිස්ට් සඟරාවේ සමීක්ෂණය කියවිය හැකිය.


රාජ්‍ය නිලධාරී විභාගයේ දි කොපිකළ 3ක් අසුවෙයි


නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ප්‍රජා සංවර්ධන නිලධාරීන්  පළමු පන්තියට උසස් කිරිම සඳහා පැවැති කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ දී සටහන් පොත් ළඟ තබාගෙන පිළිතුරු ලියමින් සිටි අයදුම්කරුවන් තිදෙනකු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන්ට හසුවෙයි.
ත්‍රිකුණාමලය ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් විදුහලේදී ඊයේ (29) මෙම විභාගය පැවැත්වෙමින් තිබියදී මෙම වංචාකරුවන් හසු කර ගැනීමට හැකිව තිබේ.

2012-11-29

අපේ ධජය උඩු ගුවනට ගිය අයුරු

ශ්‍රී ලංකා ධජය සහිතව ගුවන් ගත කරන ලද පළමු චන්ද්‍රකාව වූ සුප්‍රීම් සැට් යානය ගුවන් ගත කළ අවස්ථාව පියවරෙන් පියවර.


ඉරණවිල අහසේ අමුතු යානයක්




හලාවත ඉරණවිල අහසේ විශාල එලියක් සමග ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් අද අලුයම දැක ඇත.
ඉරණවිල ඇමරිකන් හඩ භූමියට ආසන්න ඉහළ අහසේ මෙම යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගා කරුවෙකි.
ඔහු ඒ සමග විදුලි පන්දම දල්වා  ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බව කියයි.යානය පුද්ගලයන් කිප දෙනෙකුම දැක ඇත.

ලාෆින් බුද්ධා ඇතුළේ හිස නැති බුදු රුවක්...

වැලිමඩ වෙළෙඳ සලක තබා පුද පූජා පැවැත් වූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක්  බිම වැටී මෙන් බිඳි  ඇති අතර එය පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබී ඇත්තේ එම බුදුරුව තුළ හිස සුන් ගෞතම බුද්ධ රූපයක් අඩංගු කර තිබූ බවයි. මේ හේතුව නිසා අද උදෑසන වැලිමඩ නගරයේ තරමක කලබල කාරී තත්ත්වයක් ඇතිවිය.
මේ ලාෆින් ප්‍රතිමාව මිල දි ගෙන ඇත්තේ ද වැලිමඩ ප්‍රදේශයේම වෙළඳ සලකිනි. මෙම සිද්ධියෙන් පසුව වැලිමඩ නගරයේ පෞද්ගලික බස් රථයක තිබූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් විවර කර බලද්දී එවැනිම සිදුහත් චරිතයේ සිද්ධි ඇතුළත් රූ සටහනක් හමු වී ඇත. මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.
බිම වැටුණු ප්‍රතිමාව

ලොරිය බෙරගල ප්‍රපාතයේ

හපුතලේ බෙරගල ප්‍රෙද්ශයේ දී අද පාන්දර ලොරියක් අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරැළි ඇත.
ලොරියේ තිරිංග ක්‍රියා විරහිත විම හේතුවෙන් මේ අනතුර සිදුව ඇත.
ලොරියේ රියදුරු එළියට පැනීම හේතුවෙන් ජීවිතය බේරා ගෙන ඇත.

සෙල්ල කතරගම දෙවොල යට වෙයි...



වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මැණික් ගගේ ජල මට්ටම ඉහල ගොස් සෙල්ලකතරගම ගණ ගගේ දේවාලය ජලයෙන් යටවී ඇත. 
ගගේ ජල මට්ටම අඩුවන තුරු බැතිමතුන් හට දේවාලයට යාමට නොහැකි අතර මෙම දේවාලය වසරකට වරක් මෙසේ ජලයෙන් යටවන අතර මෙහි විශේෂත්වය වන්නේ දේවාලයේ පිළිමවලට හෝ පූජා භාණ්ඩවලට කිසිදු අනතුරක් නොවීමය.
------------------------------------------------------------------
nelson piyarathna - නෙල්සන් පියරත්න 

2012-11-28

හපුතලේ නාය යාමක්

කොළඹ බදුල්ල මහාමාර්ගයේ හපුතලේ කොවිල අසල අද අලුයම කාලයේ දී නාය යාමක් ඇති විය. මේ හේතුවෙන් වාහන ගමනා ගමනයට අවහිර තා ඇතිවිය. මේ ප්‍රදේයට ඇති වු දෙනව නාය මෙය වෙයි. සේයා රූ මගින් දැක්වෙන්නේ එම ස්ථානයයි.



---------------------------------------------------------------------------------
                                                                                                        ciryl senawirathna - සිරිල් සෙනවිරත්න



2012-11-27

කොළඹ ගින්න නිවෙන විට ගාල්ලේ කඩ 10ක් ගිනි බත්

පසුගිය 26 වැනි දා රාත්‍රියේ කොළඹ කච්චේරිය ගිනි ගත්තා. එදාම පාන්දර වන්නට ගාල්ලේ වෙළෙඳ සල් දහයක් පමණ ගින්නකට බිලි වුණා. මෙහි දි ජිවිත හානි කිසිවක් සිදු වි නැහැ. දේපළ හානිය තවම ගනන් බලා නොමැත. මේ ගිනි ගත් කඩ පේළියේ දසුන් කීපයකි.

සුවය ලබා අගමැති මවුබිමට පැමිණෙයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ "ජෝන්ස් හොප් කින්ග්ස්" රෝහලේ ප්‍රතිකාර ලැබු අගමැති දි.මූ ජයරත්න මහතා අද (27) අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
මාස දෙකකට අධික කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලැබූ අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අයුරු.

බකමූණේ මිනි මරු සද්දන්තයා ගස් බඳි

 මේ මිනී මරු වන අලියෙකි.පසුගිය දා බකමූණ ප්‍රදේශයේ  දි වයස 70ක පුද්ගලයෙකු මරා දැම්මේ මේ වන අලියා යි. අද (27) උදේ මහත් පරිශ්‍රමයක් යොදා වනජීවී නිලධාරින් විසින් මේ අලියා ගස් බැඳ තිබුණේ මෙසේයි.

2012-11-26

මයුරචාපා අයාලේ ගියා ය


 “මයුරචාපා” නවකතාවේ පිට පොත්ත දකින කෙනකු එය පැණි කතාවක් යැයි සිතන්නට පුළුවන. බොළඳ පෙම් කතාවක් යැයි සිතන්නට ද පුළුවන. එහෙත් මේ නවකතාව නූතන සමාජයට අවශ්‍ය සංවාද කිහිපයක් ගොඩනැඟීමට සමත් වේ. ඒ සියල්ල අපගේ සංස්කෘතියට සම්බන්ධ ය.

(1) එකගෙයි පවුල්කෑමේ සම්ප්‍රදාය.
(2) වැඩිහිටියන්ගේ ලිංගිකත්වය දරුවන් දකින ආකාරය.
(3) සාම්ප්‍රදායික ගම ධනේෂ්වරය විසින් ගිලගනු ලැබීම.

කාසල්රි හදිසි දොරටු ඇරේ


මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමග ජලාශ ජල මට්ටම පිටාර මට්ටම දක්වා  ඉහල ගොස් තිබේ. කාසල්රි ජලාශයේ හදිසි ජලය බැහැර කිරිමේ කවුළුව(වෑල් විව්) විවෘත කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලය පියවර ගෙන තිබේ. 25 දා රාත්‍රි 11.30ට පමණ මෙම ජලය බැහැර කිරිමේ කවුළුව  සියයට 25න් පමණ විවෘත කරිමට පියවර ගැනීම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටමද තරමක් ඉහළ මට්ටමක පැවතින.


බුද්ධංගල අලි කෙළි


අම්පාර බුද්ධංගල අභය භූමියේ සිට ගම් වදින වන අලින් ගෙන් ගම්වාසින් හට සිදුවන හානිය අවම කිරිම සදහා වන ජිවි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලැබු ආරක්ෂිත අලි වැට වසරක පමණ කාලයක් තිස්සේ නිසිපරිදි නඩත්තුවක් නොවිම හේතුවෙන් විනාශයට පත්ව ඇත.

මේ සේයා රූ මගින් පෙනෙන්නේ එම ප්‍රෙද්ශයේ අලි කෙළිය.


2012-11-25

ශ්‍රී ලංකාවේ පළමු පත්තරය අච්චු ගැසූ යන්ත්‍රය අද අගුරු ගොඩක්


ගිනිගත් යන්ත්‍රයේ සුන් බුන්
ලංකාවේ පළමු පුවත් පත මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය පසුගියදා ගින්නට බිලි විය. එම යන්ත්‍රයේ යටගියාව සම්බන්ධයෙන් මේ අගනා ලිපිය මා අතට පත් කළේ ගාල්ලේ ලංකින්ද මිතුරායි...

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මුහුද වෙරළට සමගාමීව. මහා පොල් රුප්පාව පසුකරමින් ඉදිරියට ගිය නැත හමුවනු යේ රන්පාටට හිරු රැසින් ආලෝකමත් වු සුදු වැලි තලාවක් මත දිග හැරෙන කතළුව රන්වැල්ල මහා විහාරයයි. මේ විහාරය සාදු සිරියෙන් යුතු පින් බිමක් වැනිය. එක් පසකින් පෙනෙන මහා සයුරත් අනෙක් පසකින් ඇති රමණිය පොල් රුප්පාවත් ශාන්ත සිරියෙන් අප හදවත් සනහාලයි.

අපි තමයි වාහන ලොවෙත් ප්‍රමුඛයා - China

වාහන නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වීම චීනයේ අරමුණ වෙලා. 2020 වන විට ඒ කඩ ඉම ජය ගන්නට දැන් සිටම ඔවුන් සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් පවත්වන ලද වාහන ප්‍රදර්ශනයක් පසුගියදා චීනයේ පැවැත් වුණා. මේ දැක්වෙන්නේ එහි අවස්තා කීපයකි.




මොකද කියන්නේ ගේමුද මෙයින් එකක්..

This picture taken on November 22, 2012 shows a model posing beside a car on display at the 10th China(Guangzhou) International Automobile Exhibition in Guangzhou, east China's Guangdong province. Growth in China's auto market, the world's largest, is forecast to slow to an average eight percent annually from now until 2020.  
AFP PHOTO


මුස්ලිම් ලෝකයේ විලාසිතා (Muslim fashion)


ඔන්න අද මම දෙන්න යන්නේ අමුතු දෙයක්. විලාසිතා තමයි. ඒත් සාමාන්‍ය විලාසිතා නොවෙයි. කාටත් නුහුරු මුස්ලිම් විලාසිතා කීපයක් තමයි මේ. පසුගිය දා කිජිගිස්ථානයේ තමයි මේ විලාසිතා දැක්ම පැවැත් වුණේ.

2012-11-24

දෑගසව් ධාතු වඳින්න යමු සාන්චිවලට


සාන්චිය
මගේ බ්ලොග් එක වෙනස් කළාට පස්සේ බොහෝදෙනෙක් කිව් දෙයක් තමා වෙනද ලිව්ව සමකය වටේ ලිපි නවත්තන්න එපා කියන එක. ඔන්න ටික දවසකට පස්සේ තමා මේ පරන පුරුදු ලිපියක් කොටන්න යන්නේ.
අද මං ඔයාලව එක්ක යන්න හදන්නේ සාන්චි පැත්තට. සාන්චි කියන්නේ ලංකාවට බොහොම සමීප තැනක්.ලංකාවේ අනන්‍යතාව සුරැකුණු ස්ථානයක්.

2012-11-23

මාලන් සැමුවෙල්ගෙන් තවත් අමතක නොවන ඉනිමක්

බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී බටහිර ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු මාලන් සැමුවෙල් ද්විත්ව ශතකය ලබා ගත් මොහොත. මෙම ඉනිමේදී සැමුවෙල් ලකුණු 260ක් ලබාගත්තේය.

චොක්කෝ විලාසිතා - කෑමට නොවේ නැරඹීමට පමණයි

චොක්ලට්වලට කව්ද අකමැති. ඔන්න ඒ නිසාම දැන් ලෝකයේ චොක්ලට විලාසිතා දැක්මවල්ද පැවැත්වෙනවා. පහත පිංතූරවලින් අප ඉදිරිපත් කරන්නේ ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර චොක්ලට් පොළේ දී නිරූපිකාවන් ඉදිරිපත් කරන ලද චොක්ලට් විලාසිතා කීපයකි. බලන්න කොහොමද කියලා. රස ඇති නේද.


Future Lifestyle in Indian

බොලිවුඩ් තරු මුම්බායි නගරයේ දී ඉදිරිපත් කළ අනාගතයට විලාසිතා දැක්මේ අවස්ථා කිපයක්....



2012-11-22

කෝටි 1 1/2ක විදෙස් මුදල් සමඟ ඉන්දීයාවේ 3ක් ගුවන් තොටේ දි අල්ලයි

අත් අඩංගුවට ගත් මුදල් පරික්ෂා කරමින්

කෝටි එකහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනකු කටුනායක රේගු නිලධාරීන් 22දා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා ඉන්දියාවේ සිට කටුනායකට පැමිණ සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි බව රේගු නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් තිදෙනා යුරෝ සහ ස්විස් ෆ්‍රෑන්ක් යන මුදල් ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි බව රේගුව කියයි.

ප්‍රථම ශ්‍රී ලාංකික ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අද සිට


ලංකිය තරුණ නිර්මාණ කරුවන් පිරිසකගෙන් සුපිරි වැඩක්

Cylon Linux නාමයෙන් හදුවන ලංකීය උරුමයකට හිමිකම් කියන ප්‍රථම ශ්‍රී ලංකික ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අද සිට අන්තර්ජාලයට මුදා හරින බව එම නිෂ්පාදක කන්ඩායම වෙනුවෙන් හසිත මධුෂාන් කියයි. 
අවුරුදු ගනනාවක අත්දැකීම් මුසු කරමින්, පුරා මාස ගනනාවක් මුළුල්ලේ අප විසින් මෙහි නිපදවීම් කටයුතු වල නියැලී සිටියහ. ඒ අනුව සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට සාර්ථකය මුදා හැර තිබේ. 

වියට්නාමයේ තල්මස් දෙවියෙන්ට පුද පුජා


වියට්නාමයේ ධීවරයන් කා ඔං යන නමින් හඳුන්වන තල්මස් දෙවියෙක්ට පුද පුජා පැවැත්විමේ සිරිතක් අනුගමනය කරති .මෙම උත්සවය පවත්වනු ලබන්නේ ලයි සොන් දුපත ආසන්නයේ

නිල්කැටයක් මෙන් දිදුලන මුහුද ආසන්නයේ පිහිටි මනරම් ටාන් සිද්ධස්ථානයේයි .මාසයක් පමණ දිග මුහුදු ගමනක යෙදිමට සුදානම්වන ධිවරයෝ ඊට පෙර මෙම සිද්ධස්ථානයේ තැන්පත් කර ඇති යෝධ තල්මස් ඇටසැකිලි දෙකකට පුද පූජා පවත්වති .

චිලි යේ ප්‍රබල භූ කම්පනයක්


රික්ටර් මාපකයේ 6 .1 ක් වශයෙන් සටහන් වු ප්‍රබල භූ කම්පනයකින් චිලි යේ මධ්‍යම ප්‍රදේශය කම්පනය වු බව වාර්තා වේ

මෙම කම්පනය සිදුවි ඇත්තේ සන්තියාගෝ නගරයට දකුණින් පිහිටි නවිඩාඩ් වලට කි . මි .35 ක් බටහිර දෙසින් බව චිලි භූ විද්‍යා

මධ්‍යස්ථානය පවසයි . කම්පනය සිදුවිමෙන් අනතුරුව නිකුත් කළ මුල්ම වාර්තාවලට අනුව ජීවිත, ප්‍රබල දේපළ හෝ පොදු පහසුකම් හානි සිදුවී නැත . මේ හේතුවෙන් චිලි වෙරළබඩ ප්‍රදේශ වලට සුනාමි බලපෑමක් ඇතිවිමේ තර්ජනයක් නැතැයි එරට නාවුක හමුදාවේ සාගර විද්‍යා සේවා අංශය නිවේදනය කරයි .

feeds giraffes Kitoto


Staff feeds giraffes as Kitoto , a two-year-old female giraffe, is transferred an enclosure at Taronga zoo in Sydney on November 8, 2012. Kitoto who arrived from Taronga Western Plains zoo will share an exhibit with a male and two female giraffes to help maintain the herd structure at Taronga zoo. 



AFP PHOTO

මේ දූවිලි කුණාටුවක් නොවේ

මේ දූවිලි කුණාටුවක් නොවේ. කාන්තාරයක දසුනක් ද නොවේ. බිබිල මහියංගන ප්‍රධාන මාර්ගයේ මාපාකඩ වැව ප්‍රදේශයේ සංවර්ධනය සිදු කරන මාර්ගයයි. මාර්ගය සැකසීමේදි සතියක පමණ සිට ජලය නොයෙදීම හේතුනේ මේ තත්ත්වය උදා වී ඇත.



 උග්‍ර දුවිලි ගැටලුව හේතුවෙන්  පයින් ගමන් ගන්නා දරු දැරියන්, පාපැදි කරුවන්, යතුරු පැදි කරුවන්  හා මාර්ගයේ බස් පැමිනෙන තුරු රැදී සිටින ගම්වාසීන් දැඩි පීඩාවට පත්ව සිටී.

“සුප්‍රීම් සැට් 1“ චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම කල් යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන “සුප්‍රීම් සැට් 1“ චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම  කල් යයි.

මෙම සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව  ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43 ට ඊයේ(22) දිනයේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබිණි.

2012-11-21

කටුගෙයි කඩු 3ක් බියගම කුණු බක්කියක

අදිකාරම් ගේ නම සහිත කඩුව

නුගවෙල මහ අදිකාරම් නිලමෙතුමාට අයත් යැයි සැලකෙන කඩුවක්, කස්ථාන කඩු දෙකක් බියගම ප්‍රාදේශීය සභාවේ කුණු බක්කියක තිබී හමුවී ඇත.

පසුගියදා කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබී අතුරුදන් වූ භාණ්ඩ යැයි සැලකෙන මේ කඩු තුන (03) බියගම, සියඹලාපේ, ඩිමෝ හන්දියේ ප්‍රාදේශීය සභාව සතු කුණු බක්කියක තිබී කුණු එකතු කරන කම්කරුවන් විසින් දෑකැති සාදා ගැනීම සඳහා තම නිවෙස්වලට ගෙන ගොස් ඇත.

ස්වයංක්‍රිය ගිනි අවියක් සොයා ගැනේ.

පොලිස් බාරයට ගත් අවි

විදේශීය රටක නිෂ්පාදිත දිගින් අගල් හයක් පමන වන ස්වයංක්‍රීය රිවෝල්වරයක් වැනි  ගිනි අවියක් ඇතුලූ අවි ආයුද රැසක් සමග කොල්ල කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු  20 දා රාත්‍රියේ සැකපිට මීරිගම දී අත්අඩංගුවට ගෙන ඇත.

සොරා ගත් යතුරු පැදියට ගිනි තියලා

 අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යතුරු පැදිය
 පරීක්ෂාවට ලක් කරමින් සිටියදී

මීරීගම නගරයේ   අවන්හලක් අසලදී  20 දා රාත්‍රියේ සොරාගත් යතුරු පැදියක්   මාකට් පාරේ දී ගිනි තබා විනාශ කර ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මීරිගම නගරයට නුදුරු ගම්මානයක තරුණයකු සිය සේවය නිමවා නිවසට යමින් සිටියදී රාත්‍රී ආහාරය ගැනිමට ගිය අතරේ යතුරු පැදිය සොරා ගෙන ගොස් ඇත. ඒ බව දැනගත් තරුණ්‍යයා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්වීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 
මේ අතර මාකට් පාරේ ගින්නක් ඇතිව ඇති බව සැලවීමෙන් පසු එහි ගිය පොලිසියට ගිනිගනිමින් තිබූ යතුරු පැදියක් දකගත හැකිවී ඇති අතර ඒ වනවිට එය ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබිණි. ගිනිගෙන විනාශ වී ඇත්තේ සොරා ගන්නා ලද යතුරු පැදිය බවට පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය කර ගනු ලැබීය. යතුරු පැදිය ව්‍යාපාරික ස්ථානය සතු දේපලක් බවද ව්‍යාපාරිකයා හා ඇති අරාවුලක් හේතුවෙන් මෙය සොරාගෙන ගොස් විනාශ කර දැමුවාදැයි හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යතුරු පැදිය පරීක්ෂාවට ලක් කරමින් සිටියදී

2012-11-20

බුලත්සිංහල ත්‍රිත්ව ඝාතනයේ අලුත්ම තොරතුරු


ඝාතනයට ලක්වූ එම්.ඒ.ප්‍රනාන්දු සහ එම්.මැගිලින්
 බුලත්සිංහල, හල්වතුර වතුයායේ සදුදා(19) රාත්‍රී කාලයේදී එකම පවුලේ තිදෙනෙක් සාහසික ලෙස ඝාතනය කර තිබේ.මෙලෙස මරා‍දමා ඇත්තේ එම්.ඒ.ප්‍රනාන්දු (පියා), එම්.මැගිලින්(මව) සහ එච්.ධර්මසිරි(පුත්‍රයා) යන තිදෙනාය.මොවුන් පිළිවෙළින් අවුරුදු 95,85 සහ 62 යන වයස් වල පසුවන්නන් වන අතර, ඔවුන් අතුරින් මියගොස් ඇති 62 හැවිරිදි තැනැත්තා තරමක් මන්දබුද්ධික ස්වභාවයකින් යුක්තව පසු වූ බව ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

අනුර වික්‍රමසිංහ ගේ පුරුෂඃපුර අයාලේ ගිය නවකතාවක්!


අනුර වික්‍රමසිංහ පුංචි පහේ බණ දේශනාවක් ද කරමින්; තලු මර - මරා ලිංගිකත්වය විස්තර කරයි.
මිනිස් සත්වයා වැඩියෙන් ම ආශක්ත වන විෂය ක්ෂ්‍රේත්‍රය ලිංගිකත්වය බැවින් ඉතා වේගවත් කියැවීමක් මේ නවකතාවට ආරෝපණය වී තිබේ.
 හැර උකහාගත හැකි; වෙනත් පුරුෂාර්ථයක් හෝ ජීවන යථාර්ථයක් හෝ පුරුෂඃපුර නවකතාවේ නැත.

සප්ත කන්‍යා ගුවන් අනතුර ඇසින් දුටුවකු කියන කතාවක්

සප්තකන්‍යා කඳුවැටිය
මීට වසර 38 කට පෙර එනම් 1974 දෙසැම්බර් 04 දා ශ්‍රී ලංකාවේදී අනතුරට පත්ව මගීන් 191 දෙනෙකුගේ ජීවිත බිලිගත් ගුවන් යානා අනතුර ඇසින් දුටු අයෙකු එම සිද්ධිය අද මෙසේ විස්තර කරයි. මෙම අනතුරින් මිය ගිය අයගේ ඥාති හිතේෂින්ට තමන් දුටු දෙය පිලිබද අවශ්‍ය විස්තර ලබා දීමට ද හෙතෙම කැමති බව පවසයි. මේ සටහන අප වෙත එව්වේ කතරගම නෙල්සන් පියරත්න මිතුරායි.

විලාසිතා ලෝකයේ රසායන දූෂණය කරළියට එයි

විලාසිතා ලොකයේ රසායන දූෂණය  හෙළි කරමින් පසුගිය දා චිනයේ බීජිං නුවර විලාසිතා සංදර්ශනයක් පැවැත්විණි. ග්‍රීන් පීස් සංවිධානය මෙය සංවිධානය කර තිබිණි. රටවල් 30කින් ලබා ගත් රෙදි සාම්පල් පරික්ෂාවෙන් පසුව ඒවායේ තුනෙන් දෙකකම දූෂිත රසායන අඩංගු බව හෙළිව ඇත. මේ ඇඳුම් ඇඳිමෙන් පිළිකා හට ගැන්මට ඉඩ කඩ ඇතැයි ග්‍රීන් පිස් සංවිධානය කියයි. පහත ඇත්තේ එම විලාසිතා දැක්මේ අවස්ථා කිපයකි. 
සේයා රූ ගත්තේ ඒ එෆ් පි සේවාවෙන්

බුදුදහමට නිගා කළ විදේශකයන්ට දඩ


බුදුදහමට නිගා වන අයුරින් මිහින්තලයේ සේල චෛත්‍ය අසල ගල්ටැම් හිසක් මත මත්පැන් බෝතලයක් තබා ඡායාරෑප ගත කරමින් සිටි ඉතාලි ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දඩ හා සිර දඩුවම් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය ක්‍රියා කළාය.

අම්මා සහ පුතා ගින්නෙන් මිය යයි


කිරිඇල්ලේ නිවසක විසු මවක (32) හා පුතකු (7) පිළිස්සීමෙන්  මිය ගොස් ඇත.මේ පිළිබද පොලීසිය පරීක්ෂණ පවත්වයි.පවුල් ආරවුලක් මත සිය දිවි නසාගැනීමක් විය හැකි බව පොලිසිය කියයි.




බුලත්සිංහල එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරේ


බුලත්සිංහල එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරේ.
කොල්ලකෑම සදහා මේ මරණ සිදුකර ඇත.මෙසේ  ඝාතනය කර ඇත්තේ එකම පවුලේ පියා (92), මව (85) සහ පුතා (60) ,යන අය වේ. මරණ පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.




ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත් පත් මුද්‍රණය කළ මුද්‍රණාලය විනාශවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත් පත් මුද්‍රණය කළ මුද්‍රණාලය ඊයේ රාත්‍රී ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙම යන්ත්‍ර දෙක තැන්පත් කොට තිබුණේ කතලුව ගිණිවැල්ල පුරාන විහාරයේ ය. ගින්නෙන් එහි තිබූ වටිනා පුස්කොළ පොත් රැසක්ද විනාශයට පත්ව ඇත.

2012-11-19

එළ ගවයන් 18ක් මස් කරන තැත වැරදෙයි


එළ ගවයන් දහඅටදෙනෙකු සොරකම් කර මස් සඳහා ප්‍රවාහනයට සූදානම් වෙද්දී සැකකරුවන් තිදෙනෙකු සමග ගවයන් දහඅටදෙනා ඔයාමඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත. ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මෙම ගවයින් මහවිලච්චිය සිවලාපිටිය ප්‍රදේශයෙන් සොරකම් කර ඇත.

ගලේවෙල රටමිරිස්හේනේ නිවසක කාන්තා මළ සිරුරක්


සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ගලේවෙල දේවහුව රටමිරිස්හේන ප්‍රදේශයේ දී නිවසක සාලයක තිබී ඊයේ (19) ගලේවෙල පොලිසිය සොයාගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එම්. ජී. නන්දාමාලනි (45) නැමැති තිදරු මවක් බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මළසිරුර තිබෙන ස්ථානයේ සිට අඩි කීපයක් දුරින් පුළුස්සා දමා තිබූ කාන්තා ඇඳුම් කොටස් හමුවූ බවද පොලිසිය කියයි.
අත්අඩංගුවේ පසුවන ජී. පී. එච්. ප්‍රේමචන්ද්‍ර නැමැති අය සමඟ මෙම කාන්තාව නිවසේ තනිව පදිංචිව සිටි බවත් දෙදෙනාම අධික ලෙස මත් වතුර පානයට හුරුවී සිටි බවත් නිතර නිතර දෙදෙනා අතර ගැටුම් ඇතිවන බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

හබරාදූවේ කතක් රන් හා දේපළ සොරකමේ

රුපියල් දස ලක්ෂ හතළිස් අට දහසක මුදල් රන් ආභරණ හා තවත් දේපළ හොරකම් කර ඇති බවට සැක කරන කාන්තාවක හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව හබරාදූව පොලිසිය කියයි. මෙම කාන්තාව හබරාදූව අගුලුගහ, දුවවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මෙම හොරකම හබරාදූව ප්‍රදේශයේ දී සිදුවූ හොරකමක් බව, පොලිසිය කියයි.

ඉකුත් 18 වැනි දින මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ පවත්වන අතර, මෙම කාන්තාව මේ ආකාරයට තව තවත් හොරකම් සිදුකර ඇද්ද යන්න පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මහ දවල් නිවසට ඇතුළු වී රන් ආභරණ සොරාගෙන


ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ, අත්තලවත්ත ප්‍රදේශයේ, 18 වැනි දින දිවා කාලයේ විවෘත කර තිබූ නිවසට ඇතුළු වූ හොරු එම නිවසේ නිදන කාමරයේ අල්මාරිය කඩා අල්මාරියේ තිබූ රුපියල් එක්ලක්ෂ විසිදහසක් පමණ වන, රන් ආභරණ හොරකම් කර ගෙන ගොස් ඇතැයි, ගාල්ල මූලස්ථාන පොලිසිය කියයි.
නිවැසියන් නිවසේ සිටියදීම මෙම සොරකම සිදුකර ඇති අතර සුක්ෂම ආකාරයට මෙම සොරකම සිදුකර ඇති බව, පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තුන්වන පන්තියේ ටිකට් ගෙන දෙවෙනි පන්තියේ ගිය දුම්රිය මඟීන් 70කට රු. 87500ක් දඩ


හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවක දී තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කළ මඟීන් හැත්තෑ දෙනකු දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මඟීන් අතර කාන්තාවෝ පහළොස් දෙනෙකු සිටින බව මෙහෙයුම් කාර්යභාර නිලධාරී ඩන්ස්ටන් සිබේරා මහතා පවසයි.
දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන් ඊයේ (19) අලුයම හයට පමණ දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී ප්‍රවේශපත්‍ර පරීක්ෂාව ආරම්භ කර තිබේ. මේ දුම්රියේ දෙවන පන්තියේ තිබූ මැදිරිවල පමණක් පරීක්ෂාව සිදු කර ඇත.
එහිදී කල්ලි වශයෙන් සිටි කාර්යාල සේවක සේවිකාවන් තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කර තිබු බව සම්බන්ධීකරණ කාර්යභාර නිලධාරී ප්‍රදීප් ජයතිලක මහතා කීය.

කාන්තාවන් දෙදෙනකුට ඇසිඩ් ගහලා


ඇසිඩ් ප්‍රහාරයට ගොදුරුවී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (19) බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණි.
බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ බැංකුවකට යමින් සිටියදී බැංකුව අසල රැකසිටි පුද්ගලයකු මෙසේ කාන්තාවන් දෙදෙනාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙන බව පොලිසිය කියයි.
බදුල්ල නෙලුම්ගම පදිංචි අවුරුදු 65 සහ 54 වයසේ කාන්තාවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දෙදරු මවකට පෙම් කළ අවිවාහක තරුණයා දිවි නහගෙන


යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සේවය නියුතුව සිටි අවිවාහක සෙබළකු ඖෂධයක් පානය කර දිවි නසා ගැනීමේ පුවතක් දඹුල්ල රෝහලින් දැනගන්නට තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වවුනියාව යුද හමුදා කඳවුරේ වෛද්‍ය බලකායේ සේණය නියුතුව සිටි කේ. එච්. චලිත රංගන ජයසූරිය (23) නැමැති අවිවාහකයෙකි.
ඔහු දැනට වසර කීපයක සිට සිය මාපියන්ට නොදන්වා දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ දෙදරු මවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය 17 වෙනිදා කණ්ඩලම පන්සලේ පැවැති කඨින පිංකමටද සහභාගී වී දෙදෙනාම සතුටින් නිවසට පැමිණ ඇත. දෙදෙනා අතර මෙතෙක් කිසිදු අමනාපයක්තිබු බවට කිසිදු ආරංචියක් නැත.
18 වෙනිදා සවස 6.00 ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මැලේරියා උණ රෝගයට ගන්නා පෙති පානය කළ බව පවසා තිබුණි. රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

තමා කැපූ ගසට යට වී තරුණයා මරුට


අලුතින් විදුලිය ලබා දීම සඳහා විදුලි රැහැන් ඇදීමට බාධාවක්ව පැවති ගස් කැපීමේ යෙදී සිටි අවිවාහක තරුණයෙකු ඔහු විසින්ම කපා හෙලන ලද ගසකට යටවී මිය ගිය බව පභදියතලාව හැවන ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම මරණය සිදුවී ඇත්තේ ඉකුත් 18 වෙනිදාය.
මෙසේ මිය ගොස් ඇත්තේ පභදියතලාව කොලමන්තලාව වෙලගානේ පදිංචි ජේ. එම්. චමින්ද පුෂ්පකුමාර නමැති 29 හැවිරිදි තරුණයෙකි.

පුලියන්කුලම ගම්වැසියන්ට අලියකුගෙන් මහ කරදර වගාවන්ටත් දැඩි හානි


මහ ඉලුප්පල්ලම – පුලියන්කුලම පන්සල පාර ප්‍රදේශයට දින ගණනක සිට කඩාවදින වන අලියකු හේතුවෙන් ගම්වාසීහු දැඩි පීඩාවට ලක්ව සිටිති.
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම ගම්මානයේ පවුල් තුන්සියයක් (300) පමණ පදිංචිව සිටිති. දින ගණනක සිට සවස් කාලයේ දීම ගම් වදින මෙම අලියා, වගා කර ඇති පොල්, කෙසෙල් හා කුඹුරු ඉඩම් විනාශ කර දමන බව වැසියෝ කියති.
මෙම ගම්මානය අසල ලඳු කැලෑවක ජීවත්වන මේ අලියා පළවා හැරීමට උත්සහ කළද ඔහු මිනිසුන්ට පහරදීමට පැමිණෙයි.
අක්කර ගණනක වගා හානි කරමින් ප්‍රදේශයේ සැරිසරන අලියා නිසා සිය නිවෙස්වල බියෙන් පසුවන බව පවසන ගම්වාසීහු මේ සම්බන්ධ අදාළ අංශ දැනුවත් කර ඇතැත් එයට නිසි විසඳුමක් මෙතෙක් නොලැබුණු බවද කියති.

පෝද්දල චිකාගෝ ගේම පිළිබඳ විමසුමක්


ගාල්ල, ඇතිළිගොඩ, බන්දුගොඩ වත්තේ පදිංචි ජයසේකර මොහොට්ටිගේ ජානක කා අතරත් ප්‍රසිද්ධව සිටියේ පොළේ දෙහි විකුණන කළු මල්ලී ලෙසිණි.

එළවළු වෙළෙන්දකු වූ හෙතෙම වැඩි පුරම දෙහි වෙළඳාමට නැඹුරුවීමත් කාල වර්ණ සමත් හේතුවෙන් ඔහුට මේ නම පටබැඳී තිබිණි.

Fashion show pix


Triumph International campaign

Triumph International Japan campaign models Arisa Watanabe (L) and Alisa display the “Women's Revolution Bra” at the company's headquarters in Tokyo on November 13, 2012. The bendable bra cup made by foundrywoman Yuko Sugihara uses cherry blossoms as a motif. The iron characters spell “Ishin” which means “revolution” and were designed by female blacksmith Yuki Okamoto. AFP PHOTO

Sri Lanka and New Zealand Test match

Sri Lanka wicketkeeper Prasanna Jayawardene (R) catches the ball to dismiss New Zealand batsman Kane Williamson (C) as bowler Nuwan Kulasekara (L) celebrates during the third day of the opening Test match between Sri Lanka and New Zealand at the Galle International Cricket Stadium in Galle on November 19, 2012

2012-11-18

A Sri Lankan model displays a creation


A Sri Lankan model displays a creation by local designer Odel during a fashion event in Colombo on November 12, 2012.







 AFP