රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-10-31

18++ කෙල්ලෙක් වෙන්දේසියේ!

 කැතරිනාගේ කන්‍යාභාවය බ්‍රසීලයටත් වඩා වටී ද?
අද ටිකක් අමුතු පෝස්ට් එකක් දාන්න හිතුණා වෙනසකටත් එක්ක.


මේ කතාව කියවා හමාර වන විට; ගැහැනිය යනු කෙබඳු තැනැත්තියක ද’යි යුක්තිසහගත විනිශ්චයකට එළැඹිය හැකි නම්; එය හොඳට ම ප්‍රමාණවත් ය. එසේ නො වී; ජීවිතය පිළිබඳ අලුත් ජවයක් හෝ තවත් ප්‍රශ්නාර්ථයක් හෝ ඉතිරි වේ නම්; එය ද සැලැකිය යුතු තත්ත්වයකි. කුමක් වුව මනුෂ්‍යත්වය හා ජීවිතය වටහාගත හැකි එක් විලාසයක් වන්නේ මිනිස් සංහතියේ උල්පත හෙවත් ප්‍රජනන යන්ත්‍රය වූ ස්ත්‍රිය නිරීක්ෂණය කිරීම ය. වෙනත් අර්ථයකින් කිවහොත් ඇය වටහා ගැනීම ය.

2012-10-30

මස්ඉඹුල ප්‍රබන්ධ කථාවට පොඩි එකෙක් !


දීර්ඝ කාලයකට පසු රසවත් හා අව්‍යාජ සිංහල නවකතාවක් කියැවීමි. ඒ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ “සෙංකොට්ටන් ය”. සියල්ලෙන් මිදී හුදෙකලාව එක දිගට ආස්වාදය කළ හැකි කෘතියක් සේ එය හඳුන්වමි. ඔහු කදිම කථා වින්‍යාසයක් ගොඩනඟයි. එහි ම ප්‍රබල සමාජ ගැටලුවක් සංවාදයට ලක් කරයි. එහි ම උත්තරීතර යැයි කියනු ලබන මනුෂ්‍යත්වය ද සංවේදී යැයි කියනු ලබන ජීවිතය ද ප්‍රශ්නාර්ථයට ලක් කරයි. නවකතාකරුවාට ඉන් එහා පුරුෂාර්ථ මතු කළ හැක්කේ කලාතුරෙකින් ය. එබඳු නිවැරැදි දෘෂ්ටිවාදයක පිහිටා දේශපාලන පුරුෂාර්ථ මතු කිරීමට තරම් මස්ඉඹුලගේ මෝරා වැඩී නැත. ඔහු ප්‍රබන්ධ කථා කලාවට පොඩි එකෙකි. එහෙත් මෑත කාලයේ සම්මානයට පාත්‍ර වූ සිංහල නවකතා ගොන්නට වඩා සිය ගුණයකින්වත් “සෙංකොට්ටන්” ප්‍රබන්ධය උසස් ය.

බ්ලොග් ලියන සිරාමල්ලි ඇතුළු බ්ලොග් මල්ලිලාගේ සමාජ සත්කාරයට සුබපැතුම්

සිරා ඇතළු බ්ලොග් ලියන මල්ලිලාගේ සමාජ සද්කාර්යය
ඉතින් අපි ඒකාර්යයට දායක වූ සැමට තුති පුදමු

2012-10-27

සිවලිංගයට යට නොවූ ලිංගාලකොණ්ඩා


ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ අතීත බෞද්ධ උරුමය සොයා අප කළ ගවේශනයේ තවත් අපූර්ව ස්ථාන දෙකක් මේ පෝස්ටුවෙන් ඔබ ගෙන එන්නම්.ක්‍රි.පූ 4වැනි සියවසට අයත් මේ පුදබිම හැදින්වෙන්නේ සංකාරම් (SANKARAM) නමිනි. එහෙත් එය අතීතයේ දී හඳුන්වා ඇත්තේ සංගාරාම් යන නමින් බව ඉන්දීය පුරාවිද්‍යාඥයෝ පවසති.
ඒ පිළිබඳ සෙල්ලිපි පවා හමු වී ඇත. සංගාරාම යනු අතීතයේ දි රහතන් වහන්සේලා වැඩ සිටි බිම යන්න අදහස් කෙරේ.

2012-10-24

සන්නස්ගල සූරීන්ගේ නාලාගිරි දමනය !-අමරේගේ පොත් විචාර - 8


උපුල් ශාන්ත සන්නස්ගල ලියූ
  පිරිමි ගොඩයි මං විතරයි පොත ගැන යමක්

උපුල් ශාන්ත සන්නස්ගල
මැදිවියේ පිරිමියෙක් හා ගැහැනියෙක් මෝසම් වැස්සෙන් බේරීම සඳහා කුඩා බස් නැවතුමක රැඳී සිටිති. වැස්ස තුරල් වන පාටක් පෙනෙන්නට නැත.මගී ආවරණ අතරින් සිරිකඩ පියාඹා එයි. තෙතබරියම් වීමෙන් වළකිනු සඳහා දෙදෙනා එකිනෙකාට සමීප වී හුදෙකලාව පලවා හරිනු වස්; සංවාදයක් අරඹති.

2012-10-22

‘නිම් නොපෙනෙන තැනිතලාව හෙවත් සෙරෙන්ගෙටි (Serengeti)-ටැන්සානියා චාරිකාව -3 කොටස

උස දළුවලට කිසිම තරඟයක් නෑ
ටැන්සානියා චාරකාවේ මුල් කොටස් කියවන්න
1 කොටස
2 කොටස
සෙරෙන්ගෙටි (Serengeti) ‘නිම් නොපෙනෙන තැනිතලාව’  (endless plain) - මේ ලස්සණ වචනයේ තේරුමයි.  ටැන්සානියාවෙ ඇති පැරණිතම සහ වඩාත්ම ජනප්‍රිය වනෝද්‍යානයයි මේ. වසර මිලියන ගණනක් පුරාවටම මෙහි පරිසර පද්ධතිය වෙනස්වී ඇත්තේ ඉතාම ස්වල්ප වශයෙන් බවයි දැනගන්නට ලැබුණේ. හැම තැනම විසිරී තිබූ කුඩා ගල් කඳු දැක්කම මගදිගට මතක්වුණෙ ලයන් කිං කාටූන් චිත්‍රපටය. කිසිම වෙනසක් නෑ ඒ වගේමයි.

2012-10-21

මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව - කර්ම ගැන වෙනත් මතයක්



කර්ම සිනමා නිර්මාණය පිළිබඳව සමකය වටේ බ්ලොග් අඩවියෙන් ආරම්භ කළ සංවාදයට අද එක් කරන්නේ සුදත් දේවප්‍රිය නම් සිනමා කරුවාගේ අදහසයි. මෙය සුදත් විසින් සරසවිය පුවත් පතට යොමු කරන ලද්දකි.සංවාදය ඒක පාර්ශ්විය නොවන්නට සුදත්ගේ අදහස උපුටා දක්වමි. එය උපුටා ගන්නට වාචික අවසරය දුන් සරසවිය කර්තෘ අරුණ ගුණරත්න මිතුරාට මගේ ස්තුතිය

2012-10-19

වනාන්තරය මැද ගාම්භීර පුදබිම පිළිකුත්තුව

ලෙන් විහාරය...

 වටපිටාව නිස්කලංකය. විටින් විටින් වන පෙදෙසින් ඇසුණු සතකුගේ හඬක් හැරෙන්නට නිහැ¼ඩියාව රජ කරන්නට විය. සිත නිවන ඉසව්වකට අපි පැමිණ සිටියෙමු. එහෙත් සිත එක තැනක නතර කර තබන්නට නම් නොහැකි විය. සිතට නිදහසේ සැරිසරන්නට ඉඩ හරින්නට සිතිණි. ඒ අන් කිසිවක් නිසා නොව හරිත පැහැය සතරවටින් මා වට කරගෙන සිටි නිසාය.

2012-10-17

සොඳුරු සැරිසර සේද මාවත දිගේ


සමන් අතාවුදහෙට්ටි ලියූ සොඳුරු සැරිසර සේද මාවත දිගේ සහෘද සංවාදය හෙට (18) සවස 3.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී හිත  මිතුරු ඔබට ආරාධනා  එයට එක්වන්නට

2012-10-15

ප්‍රෙක්ෂකයාගේ කරුමය හා ප්‍රසන්න ජයකොඩිගේ සිනමා තිත


කර්ම පිළිබඳව සමකය වටේ අඩවියට මේ අදහස ලියා එවා තිබු‍ණේ අම්පාරේ චන්දන ලියනාරච්චිය.
කර්ම ගැන පළමු විචාරයට මෙතැනින් යන්න
........................................
රූප රාමු ගලපනවා කියන්නේ චිත්‍රපටයක් හදනවා කියලා හිතන්න පටන් ගන්න ප්‍රසන්න ජයකොඩි තම මනසතුල රූපනය වු සිද්ධිමාලාවක් කැමරා කාච මගින් ප්‍රේක්ෂකයින්ට මුදාහරිනුයේ කර්ම චිත්රේපටය සිනමා ශාලාවට හදුන්වා දෙමින්ය.

2012-10-13

කර්ම නම් කරුම චිත්‍රපටය නරඹමින් කා දමන ලද මිනිත්තු 80ක්......


ප්‍රසන්න ජයකොඩි නම් තරුණ නිර්මාණ කරුවාගේ නවතම සිනමා කෘතිය වූ කර්ම  මංගල දර්ශනය නරඹන්නට ඇරියුමක් ලදි මි. මේ මංගල මොහොත එන්න ට පෙර මාස ගණනාවක් පුරාවටම දැවැන්ත ප්‍රචාරන යාන්ත්‍රණයක් ද කර්ම වෙනුවෙන් දියත් කොට තිබිණි. ඒ සඳහා ටෙලිවිෂන් පත්තර ගුවන් විදුලි මතු නොව සයිබර් අවකාශයද නිර්මාණාත්මක ව භාවිතයට (මුහුණු පොත,වෙබ් අඩවි හරහා) ගෙන තිබිණි. මේවා පරිශීලනයෙන් ලද උත්තේජනයත් ප්‍රසන්න ජයකොඩිගේ පෙර නිර්මාණ හොඳින් රස විඳ තිබීමත් හේතුවෙන් මම ද සොම්නස් සිතින් යුතුව සියලු වැඩ පසෙක ලා නියමිත වේලාවට රීගල් සිනමා ශාලාවට ගොස් අසුන් ගත්තෙමි.
මං මුලාව ඇරඹෙන්නේ එතැන් සිටය.

හිතට ආවට ලියපු සිතිවිල්ලක්


සේයා රුව සොයා දුන්නේ රුවා.....
ඇය
පොත් ඉරුව අතර රැඳි
විඩා බර මගෙ නෙතට
අඳුර ඇවිටිලි කරයි
සැතපෙන්න යහන මත

හද මගේ චංචලයි
සිතු දැහැන පැටලිලා
නිදි කුමරි තවම නැත
සැතපුවේ මා නෙතඟ

සුසුම් වැල් ගලා එයි
නිමක් නැති විලාසෙන් 
ඇයිද සඳවතියෙ නුඹ
අමනාප වූ ලෙසම

හෙට නැගෙන හිරු මඬල
දිනෙක අරමුණු ගෙනෙයි
සොබාදම ඔප දමා
තුරු ලතා දලු දමයි

සැවුලන්ගේ ගී හඬින්
අරුණැල්ල පණපොවයි
නවමු සිතුවිලි රැගෙන 
හෙට දිනක් උදාවෙයි

කෙමෙන් විත් අඳුරු රැය
යළිදු හොල්මන් කරයි
හද ගැහෙන හැමවරම
සිතට බිය උපදවයි


ඔහු

සැතපෙන්න කුමරියේ
නිසසලව සයනයේ 
එළිය මෙන් කළුවරද
ජීවයයි ලෝකයේ

නිදි කුමරු පැමිණේවි
ඔබව සතපාලන්න
චංචලව ඇති ඔබේ
හද මඬල සනසන්න

සඳු මෙන්ම හිරු කුමරු 
පෙම්බරය කුමරියේ
සුසුම් වැල් ඉවත ලා 
හිනැහෙමුද නැගෙණියේ

හිරු නැඟෙයි තිර ලෙසම
අපට සැනසුම රැගෙන
වෙර දරමු පියඹන්න
අපේ ලොව ජය ගන්න

සියොත් ගී හඬ මැදින්
හිරු කුමරු හිනැහේවි
පැතුම් පොදි බැඳගනිමු
වැට කඩොලු බිඳලන්න

අඳුර යළි පැමිණියද
නොහැක ඔබ රවටන්න
හද ගැහෙන හැම වරම 
දිරිය තව තව ගන්න


2012-10-11

ටැන්සානියා චාරිකාව 2වැනි කොටස ගොරොන්ගෝරෝ ආවාටය


මේ වගේ සෆාරි ජිප් හැම තැනම
සත්තු බලන්නනම් යන්න ඕනැ ටැන්සානියාවට ලිපියේ දෙවැන්න පළමු කොටස කියවන්න මෙතැනින්
**********************
මෙහි පැමිණියෙ කලින් දවසෙ රෑ නිසා පහුවදා උදේ වෙනකල් ආසාවෙන් හිටියෙ වටා පිටාව දකින්න. දෙසැම්බර් මාසය ටැන්සානියාව පිහිටා ඇති දකුණු අර්ධගෝලයට ගිම්හානය. ගොරොන්ගෝරෝ ආවාටය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 7000ක් පමණ ඉහළින් නිසා අරූෂා වලදි දැණුන රස්නය මෙහිදී දැණුනෙ නෑ. අපේ නවාතැන වගේම තවත් හෝටල් කිහිපයක්ම පිහිටා ඇත්තේ ආවාටයේ කට අද්දරමයි (rim of the crater). උදේ පාන්දර ජනේලයෙන් එළිය බලපු ගමන් දුටු දර්ශනයෙන්ම හිත පිරුණා. ඒ තරම්ම චමත්කාරජනක වටපිටාවක් . ඈතට දිවෙන තැනිතලාව (floor of the crater) කෙලවර වෙන්නෙ, තැන්න වටාම දිවෙන ඝන හරිත කඳු වළල්ලකින්.

2012-10-09

වතුර බොර වුණත් තිබහට නරක නෑ - අමරේගේ පොත් විචාර - 8

 “බොර වතුර” පොතට විචාරයක්
 මහානාම දුනුමාලගේ
බොහෝ කාලයක ට පසු යථාර්ථවා දී සිංහල නවකතාවක් කියෙව්වෙමි. ඒ මහානාම දුනුමාලගේ “බොර වතුර” නම් කෘතිය යි. මේ කතුවරයා සිංහල නවකතාවේ නූතන රැල්ලට හසු නො වී; යම් වගකීමකින් යුතු ව ප්‍රබන්ධකරණයෙහි යෙදෙන බවක් පෙනෙ යි. ඔහු ගේ නවකතා ව ඔස්සේ ප්‍රධාන වටිනාකම් දෙකක් මතු කර ගත හැකි ය. පළමුවන්න සිය ප්‍රස්තුතය සඳහා 1988 - 1991 භීෂණ සමය යොදා ගැනීම ය. නැත හොත් තෝරාගැනීම ය. දෙවන්න ආකෘතිකවාදී නො වී සිය කතාව ට හා එහි සමාජ - සංවාදවලට මුල් තැන දීමය ය.

2012-10-08

සේද මාවත දිගේ සංවාදයට එන්න - මේ 18 සවස 3.30ට


සමකය වටේ කියන බ්ලොගය අටවගෙන මම ලියන ලිපි පෙළට මූලික අත්තිවාරම දාල දුන්නේ සමන් අතාවුදහෙට්ටි මිත්‍රයා. ඔහු තමා මට ලෝකේ වටේ යන්නත් එහි රසය විඳින්නත් මාව පෙළඹෙව්වේ. අද ලංකාවේ ඉන්න හොඳම දේශාටකයන්ගෙන් කෙනෙක් තමා සමන්. මීට කලින් මම පෝස්ට් එකක් ලියලා තියනවා සමන්ගේ සොඳුරු සැරිසර - සේද මාවත දිගේ කියන පොත ගැන. එය දොරට වැඩියේ චීනයේ දී.
ඔන්න ඒ පොත ගැන සහෘද සංවාදයක් පැවැත්වෙනවා මේ මාසේ 18 වැනිදා සවස 3.30ට  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කමිටු 1 ශාලාවේ දී. ඉතින් මේ අනගි අවස්ථාවට එක් වෙන්න කියල පොත පතට ලැදි සැමටම විවෘත ඇරියුමක් කරනවා.

2012-10-07

අමරාවතියත් වැඳගෙන යමු විශාකා පටුනට

අද සමකට වටේ යන ගමන් ඔයාලව එක්ක යන්න හදන්නේ ඉන්දියාවේ විශාකා පට්නම් කියන ලස්සන පැත්තට. වෙනදා වගේ ලියැවිල්ලෙන් නෙමේ පිංතූරවලින්. විශාකා පට්නම් තියෙන්නේ චෙන්නායි වලට උතුරු පැත්තට වෙන්නයි. චෙන්නායි ඉඳල ගුවනින් ගියොත් හරියටම පැයෙන් යන්න ඇහැකි. පාරෙන් ගියොත් මුළු දවසක්ම වගේ යනවා.අපි ගොඩින් ගිහින් ගුවනින් ආවා. ඉතින් යමු එහෙනම්. මොකටද පමා වෙන්නේ.


යනකොට මෙන්න මේ වගේ මිරිස් වගාවන් දැකගන්න පුළුවන්

අක්කර දහස් ගනනක වගාවක්

2012-10-05

සම්මාන සඳහා නිර්දේශ වුණේ මෙන්න මේ පොත් ටිකයි


පොත් පත්වලට හිත ඇති කාගේත් දැනගැනීම සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටයට තේරීපත් වූ පොත් මොනවාද යන්න පෙන්වා දෙන්න හිතුවා.
දැඩි අවිවේකයකින් සිටියත් අපේ මිත්‍රයන්ට අවශ්‍ය නිසා ඉතාම කෙටියෙන් පහත දැක්වෙන්නේ එම නිර්දේශිත පොත් වර්ගීකරණ නාමාවලියයි. මේ පොත් ගැන ඔයාලගේ අදහසත් මට හරිම වටිනවා.

2012-10-04

කැත්ලීන්ගේ අත්දැකීම් ඉවරයි - අමරේ ගේ පොත් විචාර - 7



කැත්ලින් ජයවර්ධන ගේ ධවල නිම්නයට විචාරයක්
“ඇඳ මත එරමිණියා ගොතාගෙන සිටි ඔහු පසු වූයේ සිහිනය ලේඛනගත කරමිනි. සිහින විමසීමේ, ගවේෂණය කිරීමේ හා සිහිනවලට අර්ථ සම්පාදනය කළ හැකිදැ’යි විමසා බැලීමේ අභිලාෂයක් බොහෝ කලක සිට ම ඔහු තුළ පැලපදියම් වී තිබිණ.”

(ධවල නිම්නය - පූර්විකාව)

2012-10-02

සත්තු බලන්න නම් යන්න ඔනෑ ටැන්සානියාවටයි

හරිත කඳුයාය

පිංතූරෙකින්, රූපවාහිනියෙන් එහෙමත් නැත්නම් හැබැහින්ම සත්තුවත්තට ගිහින් දැක්කත් මේ හැම විදිහකටම වඩා අපූරු ආශ්වාදනීය අත්දැකීමක් ස්වභාවික පරිසරයෙ සතුන්ගෙ හැසිරීම දැකීමෙන් ලබාගන්න පුළුවන්. 
නෙත්පුරා, සිත්පුරා සතුන් දැකපු ටැන්සානියානු චාරිකාව ගැන ලියන්න හිතුනේ ඒ නිසයි. මගෙ චාරිකා ලැයිස්තුවෙ තාමත් ඉහළින්ම තියෙන්නෙ මේ චාරිකාව. 

2012-10-01

වමට සිග්නල් දමා දකුණට වඩින හාමුදුරුවෝ - අමරෙගේ පොත් විචාර-6



රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද
 “නයිගලින් උපන් පුත්‍රයෝ”  පොත පිළිබඳව 2012 -18-01 දින 
අප කරන ලද විචාරය..
***************************************

අවසන් වටයට නිර්දේශ වූ පොත් ත්‍රිත්වය
 “නයිගලින් උපන් පුත්‍රයෝ” යනු මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙළෙහි දෙවන වටය සඳහා නිර්දේශිත නව කතාවෙකි. කර්තෘ හු බටුවන්ගල රාහුල හිමියෝ වෙති.

ප්‍රබන්ධය ආරම්භ වන්නේ කුතුහලය, ආකර්ෂණය හා විස්මය සමඟ මහා ආතව්‍යානයක පෙර නිමිති පහළ කරමින් ය. සමාරම්භයෙ හි පාඨකයාට දැනෙන අර්ථ පෞරුෂය, කතා රසය හා භාෂා රිද්මය සමකාලීන නවකතාවල දක්නට නො ලැබේ.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්