රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-09-30

ආයුබෝවන් පතායා....පතායා නගරයෙන් සමුගැනීම සහ ගල් කුළකට ජීවය දුන් අරුම පුදුම බුදුරුව


මේ අපේ පතායා සංචාරයේ අවසන් ලිපියයි. 
අප ලැගුම්ගෙන සිටි  නෝවා ප්ලැටිනම් හෝටලයෙන් සවස නික්ම යෑමට නියමිතය. සංචාරක කාලසටහනට අනුව උදයවරුවේ පතායාහි සිට කිලෝමීටර් 22 ක දුම්රිය ගමනකින් පසු කොන්බ්‍රරි ප්‍රදේශයේ  පිහිටි කෝ චි චාන් නමැති අති දැවැන්ත ගල් කුලක නිර්මාණය කළ බුදුරුව නැරැඹීමට යා යුතුව ඇත.

2012-09-29

මෙන්න මෙදා ගත්ත පොත් ටික....


සාහිත්‍ය මාසය ඉවරයි. එහි මහා මංගල්‍යය හෙට පත්තල ගෙදර ගුරු විදුහලේදී පැවැත්වෙනවා. දැන් උදාවෙන්නේ කියවීමේ මාසයයි. ඔන්න මාත් කියවන්න කියල අලුත් පොත් ටිකක් ගතතා. හැබැයි bmich ප්‍රදර්ශනයෙන් නෙමෙයි මං පොත් ගත්තේ. එතන පොත් තෝරනවා තියා හැරෙන්නවත් බෑ අතුරු සිදුරු නොමැතිව සෙනග පිරිලා. මං පොත් ගත්තේ සුරිය එකෙන්. එතනට මං යනකොට වෙලාව හවස 5ට විතර ඇති. කිසි කෙනෙක් පොත් කඩේ නෑ. හිතේ හැටියට පොත් ටික තෝරලා ගත්තා. හැම පොතකටම එතැනදී 30%ක වට්ටමක් දුන්නා. ඉතින් මෙ පොත් කියවල බලල හොඳනම් ඔයාලටත් ඒ විස්තර පස්සේ කියන්නම්. දැනට කියවල ඉවර කළේ ජුනිකිරෝ ටනිසකී ගේ the  key පොත විතරයි. ඒක නම් මරේ මරු පට්ටම කතාවක් .ඒකේ විස්තර පස්සේ දාන්නම්. මෙන්න මම ගත්ත පොත් ටික. මටයි මගේ ඳග මළු දෙකටයි එක්ක තමා මේ ටික ගත්තේ. බලන්න හොඳද කියලා.

මං තාමත් ආසයි ඒ අතීතයට


මං පුංචිම කාලේ ඒ කියන්නේ මට යන්තම් මතකයට එන කාලෙ මගේ ජීවි‍තේ ගත වුණේ නුවර එළියේ. මීරිගම ඉපදුන මම යන්තම් වයස අවුරුදු දෙක පිරෙද්දි නුවර එළියට යන්න වුණා. එහේ මාව බලාගත්තේ අපේ අක්කා. අක්කා කියන්නේ අපේ ලොකු අම්මගේ දුව. එයා තමයි මට  ඒ කාලේ අම්මා වුණේ. පට්ට සීතලේ කඳපොළ මෙරිගෝල්ඩ් වතුයායේ අක්කගේ තුරුල්ලේ ගත කළ ඒ අතීතය මේ මහ රැ මතක් වුණේ ඇයි කියල මටවත් හිතාගන්න බෑ.
එහේ ගත කළ කාලය නිමා වුණේ මගේ පාසල් ගමනත් එක්කයි. කඳපොළ ඉඳල ආයිමත් මීරිගම එනකොට මට දෙමළ කතා කරන්න පුළුවන් කම තිබුණා. එත් අද මට දෙමළ අකුරක්වත් තේරෙන්නේ නෑ.
හුදකලා වුණාම මතකයට එන්නේ මහ පුදුමාකාර අදහස්.
ඒ කාලෙ මට හිටිය යාළුවො තාම මතකයි. උඩ ලයිමේ පාලායි, රාසු,බාස්කර්. මේ වයසක මිනිස්සු ටිකයි හරක් පට්ටියේ හිටිය පැටව් ටිකයි විතරයි ඒ කාලේ මගේ ලෝකෙ හිටියේ. මේ කවුරුවත් දැන් ජීවතුන් අතර නැතිව ඇති. මෙරිගෝල්ඩ් වත්තෙන් මං ආවට පස්සේ ආයිමත් කිසිම දාක මම ඒ වත්තට ගිහිල්ලා නෑ.දැන් අක්කලත් එහේ නෑ.මං කවුරු බලන්න එහේ යන්නද.
හුදකලාව ගෙවුණත් මං තාමත් ඒ අතීතයට ආදරෙයි. හිතල මීදුමෙන් පැත්තම වැහිල තියෙන වෙලාවක  උනත් වත්තේ ලෙඩ්ඩු අරගෙන එන ට්‍රැක්ටරේ සද්දෙට ගෙදර හිටිය කට්ට්යම සංවේදී වෙනවා. මට දැනුත් ඒ සද්දේ දෝංකාර දෙනවා වගේ. ආයිමත් ආයිමත් මං ඒ අතීතයට යන්න ආසයි. හුදකලාවේ ඇති වු කම්පනයෙන් ලියූ සටහනකි මෙය.

2012-09-26

යන්නෙ කොහෙ ද මල්ලෙ පොල් කතාවක්-අමරේගේ පොත් විචාර-5


 නූතන සිංහල නවකතාකාරයා යනු සිහින දකින හා නැවත එම සිහින පොත්ගෙඩි ලෙස ලියා පළ කරන බොළඳ මිනිසෙකි. මිනිසාට සිහින දැකීමේ අයිතියක් ඇත. එහෙත් එම සිහින පොත්ගෙඩි ලෙස ලියා පළ කිරීමේ අයිතියක් ඔහු ට නැත.

මන්දයත්; සාහිත්‍යය යනු සමාජ ව්‍යාපාරයක් බැවිනි. නවකතාව යනු සමාජ - සන්තාව හෙළි කරන විශ්ලේෂණාත්මක නිරූපණයක් බැවිනි. එහෙත් නූතන සිංහල නවකතාකරුවා සමාජ වගකීමක් ගැන දන්නේ නැත. ඔහු සිහින දකිමින් හා ඒවා ලියමින් බොරුකාරයකු ලෙස පවතී.

කුමාරගේ" කන්තපුර " පොත හොඳම පරිවර්තනයට හිමි සම්මානයට නිර්දේශවෙයි



කුමාර සිරිවර්ධන කියන්නේ අපේ පත්තර මිත්‍රයෙක්. මම මීට කලින් කුමාර ගැන ලියල තියනවා. ඔහු ලංකාවේ ඉන්න රාජ්‍යසම්මාන ලාභී පරිවර්තකයෙක්. ඔන්න කුමාර ගැන වැදගත් ආරංචියක් මේ දැන් ලැබුණා. ඒ තමයි මේ පාර රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ හොඳම පරිවර්තන නව කතා පොතට පිදෙන සම්මානය සඳහා නිර්දේශිත නම් තුන අතරට කුමාරගේ පරිවර්ථනයක් ඇතුළත්ව තිබීම.
ඉන්දීය ලේඛක raja rao ගේ - kanthapura (කන්තපුර) නවකතාව කුමාර පරිවර්ථනය කළේත් කන්තපුර නමින්මයි. අපේ එකෙක් මේ තරම් දුර ආ එක ගැන අපට ඇත්තේ අපරිමිත සතුටක්. ඉතින් අපේ ප්‍රාර්ථනය හොඳම පරිවර්තනයට හිමි සම්මානය කුමාරටම ලැබෙන්න කියන එකයි. මීට පෙර කුමාරගේ ජොආනා පරිවර්තනයටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.

2012-09-23

ලෝක උරුම වියට්නාමයේ හැ ලොං බොක්කේ ( Ha Long Bay) අසිරිය විඳිමු


 Ha Long Bay
‘කු චි’ ගැන විස්තර කරපු  ලිපියෙ කියපු විදිහට අපි එදා ‘කු චි’ උමං බලලා,(මුල් ලිපිය  කියවන්න මෙතැනින් යන්න)
අතරමගදි වියට්නාම් බත් වේලකත් රස බලලා හවස සයිගොන් නුවර ඇවිද්දා. පහුවදා උදේම වියට්නාමයෙ අගනුවර, හැනෝයි (Hanoi) බලා ගමන් කිරීමයි බලාපොරොත්තුව. ඒ ලිපියෙ මුලින්ම සඳහන්  කළ පරිදි අපේ වියට්නාම් ගමනේ ප්‍රධාන අරමුණවුණේ  ‘හැලොං බොක්ක’ (Ha Long Bay) නැරඹීම.

2012-09-22

ගුරු ගීතයට නව අරුතක්


සර්ලට ඔයාලත් නැටි එල්ලලා තියනව ද කියන 
හිරුගේ පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එකෙන් පස්සේ යාලු ලා බොහෝ දෙනෙක් මගෙන් ඇහුවේ ඇයි මේ කතාව පොස්ට් එකක් හැටියට දාන්නේ නැත්තේ ඇයි කියල යි.

ඉතින් මට අවුරුදු 15ක් ආපස්සට යන්න අවසර......

මේ සිද්ධිය වුණේ 1997 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. එවකට මම තරුණි පත්තරේ විල්ලුද පලස අතිරේකයේ සංස්කාරක හැටියටයි සේවය කළේ. මේ අතිරේකයට ලැබෙන ලිපි අතරින් එක් ලිපියක් දැඩි සංස්කරණයකට ලක් කොට මම පුවත් පතට අරගන තිබුණා. එය ලියා ඇත්තේ සී. සේනාධීර යන නමින්. එය පුවත් පතේ පළවී දින කීපයකින් මෙන්න මේ ලිපිය මගේ නමට ඇවිත් තිබුණා.

2012-09-18

දින 15න් උපන් දරුවා සමාජගත වෙයි

පොත් ප්‍රදර්ශනය ඇරඹුණා.....


මහා සෙනඟ කන්දරාව මැද අපිත් පුංචි පහේ වැඩක් කළා.
 ඒ අපේ ආයතනයේ පුංචිම දරුවා සමාජගත කිරීම.
 මේ දරුවා හදන්න අපි තීරණය කළේ හරියටම මීට දින 15කට කලින්. ප්‍රවීණ මාධ්‍යෙවේදී බන්දුල පද්මාර,කුමාර සිරිවර්ධන,ගාමිණි ජයලත් හා මම ඒ තීන්දුව ගත්තු සාකච්ඡාවේ හිටියා.
දින 15ක් ඇතුළත දරුවා හැදීමේ අභියෝගය කුමාර සිරිවර්ධනට භාරකළා.
 ඉතින් කවුද මේ දරුවා.


ලේක් හවුස් ප්‍රකාශනයක් ලෙස ඊයේ  එළි දුටු “දැන මුතු“ සඟරාව.
“දැන මුතු“ ඩයිජස්ට් වර්ගයේ සිංහල සඟරාවක්.
නිහඬව දරුවා කලඑළි බසිද්දී අපට අප ගැනම ආඩම්බරයක් දැනුණා. තරුණ හදවතට ඇමතූ ලේඛක චාමර මුතුනායකත් කාලෙකට පස්සේ කලඑළියට එන්නේ දැන මුතුත් එක්කයි.

තායි කැටයම් කලාවේ විශ්මය “සත්‍යයේ උයනට” පිය නගමු


බෞද්ධ කැටයමක්
අඳුරත්, වැහි බීරුමත් නිසා මුළු පතායා නගරයම ගිඟුම් දෙයි. අහස් කුසෙහි පොදිකන වැහි වළාකුළු සුළඟේ වේගයෙන් ඔබ මොබ යති. සැඩ සුළඟට කුඩා හැම අට්ටාලවල කුඩ ඉහළට පහළට ලෙල දෙයි. කුංකුම අංජන ගල්වාගත් සුරූපී ලඳුන් කඩිමුඩියේ අඳුරු කුටි අතරින් නොපෙනී යයි. වීථි දෙපස හිඳි වෙළෙන්දෝ දඩිබිඩියේ තම බඩු බාහිරාදිය එක්තැන් කොට උස් ගොඩනැගිලි ඉදිරිපිට වූ පියසි වෙත දුවති. පතායා නගරයට එතෙක් පැවැති තද හිරු රැස අඳුරු වළාකුළු ගිලගෙනය. නිමේෂයකි. අප බලා සිටියදීම මහ හෙණ හඬ දී වැසි පතිත විණි.

2012-09-16

රුපියල් 25000කින් පතායා හා බැංකොක් ගිහින් එන්න මෙන්න ක්‍රමය


පතායා හෝටලයේ පිවිසුම අසල 
සමකය වටේ මා ගිය ලිපි දැකපු බොහෝ දෙනෙක් මගෙන් අහනවා මේ ටුවර්වලට මාර වියදමක් යන්න ඇති නේද කියල. ඔව් සෑහෙන වියදමක් ගියා. ඒත් මගේ අද්දැකීම් එක්ක අඩුම වියදමකින්
 (රුපියල් 25000)තායිලන්තයේ බැංකොක් හා පතායා යන්නේ කොහොමද කියල අද මං මගේ මිතුරන්ට කියලදෙන්නම්.

මිතුරුකම වැඩිවුණාමත් මෙහෙම වෙනවා


අතීතයෙන් රස කතාවක්
අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී(නිදර්ශනයක් පමණි)
ඔහු ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව සිටියේ කලු මහත්තයා ලෙසය. මෙරට ද්‍රව්‍ය මිළදී ගෙන විකිණීම සිය ව්‍යාපාරය ලෙස කල ඔහු තම වෙළඳසැල පවත්වාගෙන ගියේ මාතර දිස්ත්‍රික්කයේ චිර ප්‍රසිද්ධියක් ගත් සති වෙළඳ පොළක් පැවති මොරවක්කෝරලයේ ගම්මානයකය.

2012-09-15

මාරයියගේ හඳහන් බලන කාර්යාලයට යන්න මට පාර කියාදෙන්න


මට ලොකු ගැටලුවක් උදව් කරපල්ලා මිතුරනේ. කේන්දරය බලාගන්න මාරයාගේ ජ්‍යෙතිෂ කාර්යාලයට යන්න පාර හොයල දෙන්ඩෝ..........


මා යායුත්තේ කොයි ඉසව්වටද
මේ දවස් ටිකේ මටත් සෙනසුරු ලබලද කොහෙද. කරන කිසිම දේක ප්‍රතිඵලයක් නෑ.සමකය වටේ යන්න තිබුණු චාන්ස් එකකුත් වෙන එකෙකුට දෙන්න වුණා. ඒ ගැන නම් දුකක් නෑ.කරන කිසිම දේකින් හොඳක් නෑ.හැමෝම කියනවා හඳහන බලවගන්න කියලා.ඉතින් හොඳ තැනක් හොය හොයා ඉන්නකොට තමයි මාරයාගේ ජොතිෂ්‍ය කාර්යාලය ගැන  දැනගත්තේ. දැන් මම කොහොම හරි ඒක හොයාගෙන යනවා.
ඉතින් මං මාරයා ගැන දැන  ගත්තේත් සයිබරයෙන්ම නිසා මාරයාගේ ජ්‍යෙතිෂ කාර්යාලය හොයාගන්න කිසි දිනක දැක නැති සයිබරයෙන්ම හඳුනනගත්තු ඔයාලගේ පිහිට පතනවා.
***************
මෙන්න උත්තරය
දෙන්නගෙන් කාගෙන් හරි අහන්න මෙහෙම
1.මාරයගේ පොට් එකට පාර ඔයාගේ සහෝදරියගෙන් ඇහුවොත් පෙන්නන්නේ කොයි පාරද
ගතයුතු පියවර - පෙන්නන පාරේ නෙමේ අනික් පාරේ යන්න
මේපැත්තට ඇවිත් ගිය අයට මගේ ප්‍රණාමය
කොමන්ට් දාපු අයට උත්තමාචාරය
**************

2012-09-14

දන්න කස්ටිය කියමු බලන්න

අද වැඩට ගියේ නැති එකේ සමකයවටේ ගිය චාරිකාව ගැන  ලියන්න ඕනා කියල හිතල පටන් ගත්තත් බාගයක් කොටන කොටයි මතක් වුණේ මගේ ලැප්එක කාර්යාලයේ දාල ආපු බව.(මේ කොටන්නේ දුවගේ ලැප් එකෙන්)ඉතින් පිංතූර හා විස්තර ඒකෙනෙ.ඔන්න මම ඒ වැඩේ අත හැරියා. ඉතින් කම්මැලිකම යන්නත් එක්ක පරණ සිද්ධියක් කොටනවා.
###########################################
සේයාරුව අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී
එක්තරා පන්සලක මගේ ප්‍රාණ සම මිත්‍ර‍යෙක් හිටියා. මිත්‍රයෙක් කිව්වට හාමුදුරු කෙනෙක්. බොහොම විනෝදකාමියි.දැන් උපාධිධාරී ගුරුවරයෙක්. දවසක් අපිදෙන්න හමුවෙලා පොඩි චැටක් දාගෙන ඉන්න වෙලාවක මේ හාමුදුරුවෝ මේ කවිය තෝරන්න කියල මට කිව්වා.

ඉතින් මිතුරනේ බලන්න ඔයාලත් උත්සාහයක් අරන් මේ මොකක් ගැනද කියන්නේ කියලා.

මෙන්න කවිය.......

අසමාන විසමාන පරිභූත            මෙත්තං 
උඹෙ ඕක මගෙ මේකෙ වැදුනාම යන්තං
පට ගාල හඬ දේවි මිහිරැති              සද්දං
උඔ ඊට බිය නැතිව හයියෙන්ම      ගහපං.....

ඔන්න මිතුරනේ දැන් කියමු බලන්න මේ මොකක් ගැනද කියල 

මෙතෙක් මා හා සිටි සැමට තුති . පිළිතුර ඝාන්ටාරය
තව එකක් ළග ළගම එනවා.

2012-09-12

සිටුවර පුවත කතා පොජ්ජ බොහීමියන් මහල්ලන්ට හොඳා! අමරෙගේ විචාර-4



එක්තරා දිනෙක; එක්තරා තැනෙක විනිශ්චය සභාවක් පැවැත් වේ. එය අරුම - පුදුම උසාවියක් ලෙස හැඳින්විය හැකි ය. එහි විනිසුරු ලෙස කටයුතු කරන පුද්ගලයා උණ ගසක් මෙන් උස ය. බිහිරි ය. තෝල්කයකු හෝ සහායකයකු හෝ නැත.

හෙතෙම කොයි තරම් උස ද? කොයි තරම් කෘෂ ද යත්; ඔහුට කෙළින් සිටගත නොහැක. එසේ වුවහොත් දෙකට - තුනට කැඩී බිම පතිත වේ. එබැවින් මේ විනිසුරුවා කිසි කලෙක තම ආසනයෙන් නැඟී සිටින්නේ නැත. ශරීරකෘත්‍යය එහිම සිදු වේ.

විනිසුරුවා ඉංගිරිසියෙන් කතා කරයි. මිටියකින් මේසයට තට්ටු කරයි.

2012-09-09

මේ කෙල්ල මගේ ජීවිතේම වෙනස් කරනවා.........


ඊයෙ(07) මම ගෙදර යනකොට වෙලාව පාන්දර 2.35යි.( සෙනසුරාදා අපට නිවාඩුනෙ) මම ඇහැරුණේ පහුවදා නමය හමාරත් පහුවෙලා. නැගිටිනකොට ඇඳේ කොනක පුංචි තෑග්ගක්.මගේ උපන්දිනේට.(ඇත්තටම මගේ උපන්නේ නොවැම්බර් මාසේ)
 කාගෙන්ද මේ තෑගි........ මගෙ පුංචි කෙල්ල කිකිණි ගෙන්.

 මෙන්න ඒ තෑගි සහ සුබ පැතුම

2012-09-07

පොත් පහ ම මල් හතයි! - අමරෙගෙ පොත් විචාර - 3


මධ්‍යම රාත්‍රිය යි. ඉසෙඩ් නගරයේ; තුන්වන හරස් වීදිය ආරම්භ වන තැන දකුණු පසට වන්නට තේක්ක ලීයෙන් තැනූ කුඩා සොල්දර ගෙදරක් තිබේ. එහි උඩුමහලේ ඇති එක ම කාමරය තුළ වයස්ගත පිරිමියෙක් නිදි වර්ජිත ව පොත් - ගොන්නක් පෙරළමින් සිටී.

අබලන් මේසය මත ඇති පුරාණ චිමිනි ලාම්පුව ද විසිරී ඇති ලිපි - ලේඛන හා හඬු ගඳැ’ති ඇඳුම් - ආයිත්තම් ද කළු පැහැති එක ම පුටුව ද මේ පුද්ගලයාගේ ගුප්ත හා මායාකාරී බව මොනවට පැහැදිලි කරයි. මේසය යටින් වරින් - වර මතුවන බෝතලය හා අපිරිසුදු කුඩා වීදුරුව; ඔහු පිළිබඳ තවත් කථාන්දරයක් නිරූපණය කරයි.

2012-09-05

පතායාහි විසල් තුරු ගොමුවේ සද්දන්ත කු‍ලේ ඇත් සෙවණ


එදා අපගේ සංචාරයේ තෙවැනි දිනයයි. උදය වරුවේදී පතායාහී බෝතල් කෞතුකාගාරයේ අරුමය දුටු අප ඉන්පසු ගමන් ඇරැඹූයේ පතායා නගරයට මඳක් එපිටින් වූ සුවිසල් හස්ති ගම්මානය (Elephant Village) නැරඹීමටයි.
ඒ සඳහා කුලී රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ කිලෝමීටර් 7ක් පමණ යෑමට සිදු වෙයි.
තායිලන්තයේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට තැනින් තැනදී මාර්ග බද්දක් ගෙවීමට සිදු වෙයි.
නමුදු එම මාර්ග පද්ධතිය සහ වාහනවලට ඔවුන් ලබාදෙන පසුකම් දෙස බලන විට එය අරුමයක් හෝ ප්‍රශ්නයක් නොවේ.
පතායා හි හස්ති ගම්මානය දක්වා කුලී ටැක්සියකින් යෑමට බාත් 80කි.

2012-09-02

අමෙරිකාව දණගැස්වූ වියට්නාමයේ ‘කු චි’ උමං


වියට්නාම් ගෙවිලියක්
 සමුද්‍රිකාගේ චාරිකා සටහන                                          
“වියට්නාම්?” ,  
 “ඇයි වියට්නාම්, මොනවද එහෙ බලන්න තියෙන්නෙ?”,  
 “ඇයි යුරෝපෙ කොහෙ හරි යන්න තිබුණනෙ, වියට්නාම් වලට සංචාරකයො යනවද?”,   
 වියට්නාම් යන්න තීරණය කරාට පස්සෙ මේ වගේ ප්‍රශ්ණ කීයකට නම් උත්තර දෙන්න වුණාද.  කොහොම උත්තර දුන්නත් හුඟක් දෙනෙක්ට තේරුම්ගන්න බැරි උනා ‘ඇයි වියට්නාම්’ කියලා, අපි ආපහු ඇවිත් පිංතූර පෙන්නනකල්ම: විස්තර කියනකල්ම. වියට්නාම් යන්න ඕනෙ කියලා හිතුණෙ, රූපවාහිනී වැඩසටහනක ‘හැලොං බොක්ක’ (Ha Long Bay) දැක්කට පස්සෙ.  අපේ අදහස දැනගත්ත, කාලයක් එහෙ පදිංචි වෙලා හිටපු යාළුවෙක් ‘කු චි උමං’(Cu Chi Tunnels) ගැනත් කිව්වා. ඊටපස්සෙ තමයි ගමන හරියටම තීරණය වුණෙ.

පතායාහි අරුම පුදුම බෝතල් කලාගාරය



පතායාහි වෙරළට ඔබ්බෙන් වු සිතිජයෙන් රත්හිරු නැඟ එයි. යාන්තම් අලුයම 6 පසුවුවා පමණි. අප නවාතැන් ගෙන සිටි පතායාහී නොහා පැල්ටිනම් හෝටලයේ (Nova platinum Hotel) පෙරදා රාත්‍රියේ පැවති මදුවිත සාදයේ රඟ කෙසේද යත් උදෑසන පිබිදුණු අපගේ ඇස් ගෙඩි දොඹ ගෙඩි සේය.

එකවර මා ආසිරිගෙන් ඇසුයේ ‘මචං අපි රෑට කෑවද?’ කියාය. මන්ද උදෑසනම වූ අසීමිත කුසගින්න නිසාවෙනි. නැත. රෑට කා නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්